යෙදුමෙන් කියවන්න

තතියචෙතනාසුත‍්තං

1. 4. 10.

1. 4. 10.

තතියචෙතනාසුත‍්තං

තෙවැනි චේතනා සූත්‍රය

40. සාවත්‍ථියං–

40. සැවැත්නුවර–

යඤ‍්ච භික‍්ඛවෙ, චෙතෙති, යඤ‍්ච පකප‍්පෙති, යඤ‍්ච අනුසෙති, ආරම‍්මණමෙතං හොති විඤ‍්ඤාණස‍්ස ඨිතියා. ආරම‍්මණෙ සති පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස හොති. තස‍්මිං පතිට‍්ඨිතෙ විඤ‍්ඤාණෙ විරූළ‍්හෙ නති හොති. නතියා සති ආගතිගති හොති. ආගතිගතියා සති චුතූපපාතො හොති. චුතූපපාතෙ සති ආයතිං ජාතිජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, යමකුත් සිතා ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි තෘෂ්ණාව වේ. තෘෂ්ණාව ඇති කල්හි කර්‍මාදී අරමුණෙහි විඥානය පැවැත්ම වේ. අරමුණෙහි විඥානය පැවැත්ම ඇති කල්හි ච්‍යුතිය හා උපපත්තිය වේ. ච්‍යුතිඋපපත්ති ඇති කල්හි මත්තෙහි ජාතිජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්සඋපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැන්ම වේ.

නො චෙ භික‍්ඛවෙ, චෙතෙති, නො චෙ පකප‍්පෙති, අථ චෙ අනුසෙති ආරම‍්මණමෙතං හොති විඤ‍්ඤාණස‍්ස ඨිතියා. ආරම‍්මණෙ සති පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස හොති. තස‍්මිං පතිට‍්ඨිතෙ විඤ‍්ඤාණෙ විරූළ‍්හෙ නති හොති. නතියා සති ආගතිගති හොති. ආගතිගතියා සති චුතූපපාතො හොති. චුතූපපාතෙ සති ආයතිං ජාතිජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නොකෙරේ ද, එහෙත් අනුසයනය කෙරේ ද, මෙය විඥානයාගේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි තෘෂ්ණා නතිය වේ. තෘෂ්ණාව ඇති කල්හි (කර්‍මාදි අරමුණුවල විඥානයේ පැවැත්ම) ආගතිය, (කර්‍ම හෝ කර්‍මනිමිති හො ගතිනිමිති එළඹ සිටි කාල ගතිය (ප්‍රතිසන්‍ධි වශයෙන් විඥානයාගේ ගමන) වේ ආගතිගති ඇති කල්හි චුතිය හා උපපත්තිය වේ. චුතිය උපපත්ති ඇති කල්හි මතු ජාතිජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්සඋපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.

යතො ච ඛො භික‍්ඛවෙ, නො චෙව චෙතෙති, නො ච පකප‍්පෙති, නො ච අනුසෙති, ආරම‍්මණමෙතං න හොති විඤ‍්ඤාණස‍්ස ඨිතියා. ආරම‍්මණෙ අසති පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස න හොති. තදප‍්පතිට‍්ඨිතෙ විඤ‍්ඤාණෙ අවිරූළ‍්හෙ නති න හොති. නතියා අසති ආගතිගති න හොති. ආගතිගතියා අසති චුතූපපාතො න හොති. චුතූපපාතෙ අසති ආයතිං ජාති ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.

මහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නොසිටි කල්හි නො වැඩුනු කල්හි තෘෂ්ණාව නො වේ. තෘෂ්ණාව නැති කල්හි කර්‍මාදි ආගතිගති නො වේ. ආගතිගති නැති කල්හි ච්‍යුතිය හා උපපත්තිය නො වේ. ච්‍යුති උපපත්ති නැති කල්හි මතු ජාතිජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වෙයි.

කළාරඛත‍්තියවග‍්ගො චතුත්‍ථො.

කාළාරඛත්තිය වර්‍ගය සිවුවැනි යී.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

භූතමිදං කළාරඤ‍්ච දුවෙ ච ඤාණවත්‍ථූනි, අවිජ‍්ජාපච‍්චයා ච ද‍්වෙ නතුම‍්හා චෙතනා තයොති.

භූත සූත්‍ර ය, කළාරඛත්තිය සූත්‍ර ය, ඤාණවත්‍ථු සූත්‍ර දෙක ය, අවිජ්ජාපච්චය සූත්‍ර දෙක ය, නතුම්හ සූත්‍ර ය, චේතනා සූත්‍ර තුණය යි සූත්‍ර දශයෙකි.