යෙදුමෙන් කියවන්න

පඤ‍්චභයවෙරභයසුත‍්තං

1. 5. 1.

1. 5. 1.

පඤ‍්චභයවෙරභයසුත‍්තං

පඤ්චභයවේර සූත්‍රය

41. සාවත්‍ථියං–

41. සැවැත්නුවර–

අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො අනාථපිණ‍්ඩිකං ගහපතිං භගවා එතදවොච:

එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

යතො ඛො ගහපති, අරියසාවකස‍්ස පඤ‍්ච භයානි වෙරානි වූපසන‍්තානි හොන‍්ති, චතූහි ච සොතාපත‍්තියඞ‍්ගෙහි සමන‍්නාගතො හොති, අරියො චස‍්ස ඤායො පඤ‍්ඤාය සුදිට‍්ඨො හොති සුප‍්පටිවිද‍්ධො, සො ආකඞ‍්ඛමානො අත‍්තනාව අත‍්තානං බ්‍යාකරෙය්‍ය: “ඛීණනිරයොම‍්හි ඛීණතිරච‍්ඡානයොනියො ඛීණපෙත‍්තිවිසයො ඛීණාපායදුග‍්ගතිවිනිපාතො, සොතාපන‍්නොහමස‍්මි අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණො”ති.

ගැහැවිය, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පස්වැදෑරුම් භය හා වෛර චේතනාවෝ සංසිඳුනාහු වෙද්ද, සිවුවැදෑරුම් සෝතාපත්ති අඞ්ගයෙන් යුක්ත වූයේ වේ ද, අර්‍ය්‍ය (නිර්දෝෂ) වූ න්‍යාය (ප්‍රතීත්‍ය සමුත්පාදය විදර්‍ශනා) ප්‍රඥායෙන් මනා ව දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමැති වන්නේ නම් “ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරච්ඡාන යෝනි ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. සෝවන් වූයෙම් විවසට පතිතවන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.

කතමානි පඤ‍්ච භයානි වෙරානි වූපසන‍්තානි හොන‍්ති?

කවර පස්වැදෑරුම් භය වෛර චේතනාවෝ සංසිඳුනාහු වෙත් ද යත්:

යං ගහපති, පාණාතිපාතී පාණාතිපාතපච‍්චයා දිට‍්ඨධම‍්මිකම‍්පි භයං වෙරං පසවති, සම‍්පරායිකම‍්පි භයං වෙරං පසවති, චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති, පාණාතිපාතා පටිවිරතස‍්ස එවං තං භයං වෙරං වූපසන‍්තං හොති.

ගැහැවිය, පරපණ නසන සුලු පුද්ගල තෙමේ පරපණ නැසීමේ ප්‍රත්‍යයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චේතසික වූත් යම් දුකක් හා දොම්නසක් විඳී ද, පණිවායින් දුරු වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.

යං ගහපති, අදින‍්නාදායී අදින‍්නාදානපච‍්චයා දිට‍්ඨධම‍්මිකම‍්පි භයං වෙරං පසවති, සම‍්පරායිකම‍්පි භයං වෙරං පසවති, චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති, අදින‍්නාදානා පටිවිරතස‍්ස එවං තං භයං වෙරං වූපසන‍්තං හොති.

ගැහැවිය, නුදුන් දෙය ගන්නාසුලු පුඟුල් තෙමේ නුදුන් දෙය ගැණීම් හේතුයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස්කෙරේ ද, චෛතසික වූත් යම් දුකක් හා දොම්නසක් විඳී ද, නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූ ඔහුට මෙසේ ඒ භය හා වෙර සංසිඳුනේ වේ.

යං ගහපති, කාමෙසු මිච‍්ඡාචාරී කාමෙසු මිච‍්ඡාචාරපච‍්චයා දිට‍්ඨධම‍්මිකම‍්පි භයං වෙරං පසවති, සම‍්පරායිකම‍්පි භයං වෙරං පසවති, චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතස‍්ස එවං තං භයං වෙරං වූපසන‍්තං හොති.

ගැහැවිය, කාමයෙහි වරදවා හැසිරෙණසුලු පුඟුල් තෙමේ කාමයෙහි වරදවා හැසිරීම් පසයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චෛතසිකවූත් යම් දුකක් දොම්නසක් වඳී ද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.

යං ගහපති, මුසාවාදී මුසාවාදපච‍්චයා දිට‍්ඨධම‍්මිකම‍්පි භයං වෙරං පසවති, සම‍්පරායිකම‍්පි භයං වෙරං පසවති, චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති, මුසාවාදා පටිවිරතස‍්ස එවං තං භයං වෙරං වූපසන‍්තං හොති.

ගැහැවිය, මුසවා බෙණෙනසුලු පුඟුල් තෙමේ මුසවා පසයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චෛතසික වූත් යම් දුකක් දොම්නසක් විඳී ද, මුසවායෙන් වෙන් වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.

යං ගහපති, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨායී සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානපච‍්චයා දිට‍්ඨධම‍්මිකම‍්පි භයං වෙරං පසවති, සම‍්පරායිකම‍්පි භයං වෙරං පසවති, චෙතසිකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතස‍්ස එවං තං භයං වෙරං වූපසන‍්තං හොති.

ගැහැවිය, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානය කරණසුලු පුඟුල් තෙමේ මදපමාවට කරුණු වූ රහමෙර පානය කිරීම් පසයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චෛතසික වූත් යම් දුකක් දොම්නසක් විඳී ද, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානයෙන් වෙන් වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.

ඉමානි පඤ‍්ච භයානි වෙරානි වූපසන‍්තානි හොන‍්ති.

මේ පස්වැදෑරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙත්.

කතමෙහි චතූහි සොතාපත‍්තියඞ‍්ගෙහි සමන‍්නාගතො හොති?

කවර සිවුවැදෑරුම් සෝවන් අඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ ද යත්:

ඉධ ගහපති, අරියසාවකො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ඉතිපි සො භගවා අරහං, සම‍්මාසම‍්බුද‍්ධො, විජ‍්ජාචරණසම‍්පන‍්නො, සුගතො, ලොකවිදූ, අනුත‍්තරො පුරිසදම‍්මසාරථි, සත්‍ථා දෙවමනුස‍්සානං, බුද‍්ධො, භගවා”ති.

ගැහැවිය, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙනුදු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූ හ, නිරුත්තරපුරිසදම්මසාරථී හ, දෙව් මිනිසුන්ට ශාස්තෘ හ, බුද්ධය හ, භාග්‍යවත් හ” යි බුදුරජානන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි.

ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො, සන්‍දිට‍්ඨිකො, අකාලිකො, එහිපස‍්සිකො, ඔපනයිකො, පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී”ති.

“භාග්‍යවතුන් වහන්සේ විසින් (දෙසූ) ධර්‍මය-ස්වාක්ඛාත ය, සන්‍දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය”යි ධර්‍මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්ත වූයේ වේ.

සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති: “සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, උජුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, ඤායපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, සාමීචිපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, යදිදං චත‍්තාරි පුරිසයුගානි අට‍්ඨ පුරිසපුග‍්ගලා එස භගවතො සාවකසඞ‍්ඝො, - ආහුනෙය්‍යො, පාහුණෙය්‍යො, දක‍්ඛිණෙය්‍යො, අඤ‍්ජලිකරණීයො, අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති.

“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුපටිපන්න, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ඤායපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සාමීචිපටිපන්න ය, යම් මේ පුරුෂයුග සතරෙක් ආර්‍ය්‍යපුද්ගලයෝ අටදෙනෙක් වෙද් ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය, පාහුණෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජලිකරණී ය, ලෝවැස්සාට නිරුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.

අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති: අඛණ‍්ඩෙහි අච‍්ඡිද‍්දෙහි අසබලෙහි අකම‍්මාසෙහි භුජිස‍්සෙහි විඤ‍්ඤුප‍්පසත්‍ථෙහි අපරාමට‍්ඨෙහි සමාධිසංවත‍්තනිකෙහි.

කඩ නොවූ සිදුරු නො වූ සබර නො වූ කල්මාෂ නො වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද තෘෂ්ණාදෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වූයේ වේ.

ඉමෙහි චතූහි සොතාපත‍්තියඞ‍්ගෙහි සමන‍්නාගතො හොති.

මේ සිවුවැදෑරුම් සෝතාපත්ති අඞ්ගයෙන් යුක්ත වූයේ වෙයි.

කතමො චස‍්ස අරියො ඤායො පඤ‍්ඤාය සුදිට‍්ඨො හොති සුප‍්පටිවිද‍්ධො?

නිර්දෝෂ වූ කවර න්‍යායයෙක් ඔහු විසින් විදර්‍ශනාප්‍රඥාවෙන් මැනැවින් දක්නා ලද්දේ අවබෝධ කරණ ලද්දේ වේ ද?

ඉධ ගහපති, අරියසාවකො පටිච‍්චසමුප‍්පාද ඤ‍්ඤෙවසාධුකං යොනිසො මනසි කරොති: “ඉති ඉමස‍්මිං සති ඉදං හොති, ඉමස‍්සුප‍්පහදා ඉදං උප‍්පජ‍්ජති, ඉමස‍්මිං අසති ඉදං න හොති, ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති. යදිදං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො, සඞ‍්ඛාර නිරොධා විඤ‍්ඤාණනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති. අයමස‍්ස අරියො ඤායො පඤ‍්ඤාය සුදිට‍්ඨො හොති සුප‍්පටිවිද‍්ධො -

ගැහැවිය, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය යන මේ යමක් ඇද් ද, මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වෙයි. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ ය”යි පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි. නිර්දෝෂ වූ මේ න්‍යාය ඔහු විසින් විදර්‍ශනාප්‍රඥාවෙන් මැනැවින් දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වෙයි.

යතො ඛො ගහපති, අරියසාවකස‍්ස ඉමානි පඤ‍්ච භයානි වෙරානි වූපසන‍්තානි හොන‍්ති, ඉමෙහි චතූහි සොතාපත‍්තියඞ‍්ගෙහි සමන‍්නාගතො හොති, අයමස‍්ස අරියො ඤායො පඤ‍්ඤාය සුදිට‍්ඨො හොති සුප‍්පටිවිද‍්ධො, සො ආකඞ‍්ඛමානො අත‍්තනාව අත‍්තානං බ්‍යාකරෙය්‍ය: ඛීණනිරයොම‍්හි ඛීණතිරච‍්ඡානයොනියො ඛීණපෙත‍්තිවිසයො ඛීණාපායදුග‍්ගතිවිනිපාතො, සොතාපන‍්නොහමස‍්මි අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණොති.

ගැහැවිය, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ පස් වැදැරුම් බිය හා වෛරයෝ සංසිඳුනාහු වෙද් ද, මේ සිවුවැදෑරුම් සෝතාපත්තිඅඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ ද, නිර්දෝෂ වූ මේ න්‍යාය ඔහු විසින් විදර්‍ශනා ප්‍රඥාවෙන් මනාව දක්නා ලද්දේ මැනවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ නම් “ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන්යෝනි ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේත විෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. සෝවන් වූයෙම් විවසව පතිතවන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.