5. ගහපතිවග්ගො අට්ඨකථා
5. ගහපති වර්ගය
1. පඤ්චභයවෙරභයසුත්තවණ්ණනා
1. පඤ්චභයවෙර සූත්‍ර වර්ණනාව
ගහපතිවග්ගස්ස පඨමෙ යතොති යදා. භයානි වෙරානීති භයවෙරචෙතනායො. සොතාපත්තියඞ්ගෙහීති දුවිධං සොතාපත්තියා අඞ්ගං, (සොතාපත්තියා ච අඞ්ගං,) යං පුබ්බභාගෙ සොතාපත්තිපටිලාභාය සංවත්තති, “සප්පුරිසසංසෙවො සද්ධම්මස්සවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මප්පටිපත්තී”ති (දී· නි· 3.311) එවං ආගතං, පටිලද්ධගුණස්ස ච සොතාපත්තිං පත්වා ඨිතස්ස අඞ්ගං, යං සොතාපන්නස්ස අඞ්ගන්තිපි වුච්චති, බුද්ධෙ අවෙච්චප්පසාදාදීනං එතං අධිවචනං. ඉදමිධ අධිප්පෙතං. අරියොති නිද්දොසො නිරුපාරම්භො. ඤායොති පටිච්චසමුප්පන්නං ඤත්වා ඨිතඤාණම්පි පටිච්චසමුප්පාදොපි. යථාහ – “ඤායො වුච්චති පටිච්චසමුප්පාදො, අරියොපි අට්ඨඞ්ගිකො මග්ගො ඤායො”ති. පඤ්ඤායාති අපරාපරං උප්පන්නාය විපස්සනාපඤ්ඤාය. සුදිට්ඨො හොතීති අපරාපරං උප්පජ්ජිත්වා දස්සනවසෙන සුට්ඨු දිට්ඨො.
ගහපති වර්ගයේ පළමු සූත්‍රයෙහි “යතො” යනු යම් කලෙකයි. “භයානි වෙරානි” යනු භය, වෛර, චේතනාදියයි. “සොතාපත්තියංගෙහි” යනු දෙවැදෑරුම් සෝවාන් අංගයන්ය. යමක් පූර්වභාග සෝවාන්ඵල ප්‍රතිලාභය පිණිස පවතියි. ඒවා සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම, ධර්මානුධර්ම ප්රතිපත්තියම”යැයි පැමිණියේය. ලබන ලද ගුණ ඇතිව සෝවාන් ඵලයට පැමිණ සිටියහුගේ යම් අංගයක් වේනම් එය ද ‘සෝතාපන්නයාගේ අංගය’ යැයි කියයි. බුදුරදුන් කෙරෙහි අචල ප්‍රසාදයක් ඇත්තවුන්ට මේ තවත් වචනයකි. මෙය මෙම සූත්‍රයේ දී අදහස් කරන ලදී. “අරියො” යනු දෝෂ නොමැති බවයි. දෝෂාරෝපණ නොමැති බවයි. “ඤායො” යනු හේතුවකින් හටගත් බව දැන යනුයි. ඨිති ඤාණය ද පටිච්ච සමුප්පාදය ද දැනගත් යනුයි. එහෙයින් කියන ලදී. “ඤායො” යනු පටිච්චසමුප්පාදයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ද “ඤායො” යැයි කියයි. “පඤ්ඤාය” යනු භවයෙන් භවයට උපන් විදර්ශනා ප්‍රඥාවෙනි. “සුදිට්ඨො හොති” යන භවයෙන් භවයට ඉපිද දැකීම් වශයෙන් මැනවින් දක්නා ලදි යනුයි.
ඛීණනිරයොතිආදීසු ආයතිං තත්ථ අනුප්පජ්ජනතාය ඛීණො නිරයො මය්හන්ති සො අහං ඛීණනිරයො. එස නයො සබ්බත්ථ. සොතාපන්නොති මග්ගසොතං ආපන්නො. අවිනිපාතධම්මොති න විනිපාතසභාවො. නියතොති පඨමමග්ගසඞ්ඛාතෙන සම්මත්තනියාමෙන නියතො. සම්බොධිපරායනොති උත්තරිමග්ගත්තයසඞ්ඛාතො සම්බොධි පරං අයනං මය්හන්ති සොහං සම්බොධිපරායනො, තං සම්බොධිං අවස්සං අභිසම්බුජ්ඣනකොති අත්ථො.
“ඛීණ නිරයො” යනු යනාදියෙහි මතු එහි නූපදින බැවින් “මගේ නිරය ක්ෂය විය” “ඒ මම ක්ෂීණ වූ නිරය ඇත්තෙක්මි.” යනුවෙන් දැනීමයි. මේ ක්‍රමය සෑමතැන ම දතයුතුයි. “සොතාපන්නො” යනු නිවණට යන මාර්ග ශ්‍රෝතසට (දියපහරට) පැමිණියේ යනුයි. “අවිනිපාත ධම්මො” යනු දුක් ඇති තැනට නොවැටෙන ස්වභාව ඇති. “නියතො” යනු පළමු මාර්ගය නම් වූ යහපත් නියමිත පිළිවෙලින් නියත වූ යනුයි. “සම්බෝධි පරායණො” යනු ‘මතු මාර්ගත්රය’ නමැති සම්බෝධියයි. “මට පරම වූ උතුම් මාර්ගය ඇත. ඒ මම උතුම් සම්බෝධිය පිහිටකොට ඇත්තෙම් වෙමි” ඒ සම්බෝධිය ඒකාන්තයෙන් විශිෂ්ටාවබෝධය ඇත්තකැයි යන අර්ථයි.
පාණාතිපාතපච්චයාති පාණාතිපාතකම්මකාරණා. භයං වෙරන්ති අත්ථතො එකං. වෙරඤ්ච නාමෙතං දුවිධං හොති බාහිරං අජ්ඣත්තිකන්ති. එකෙන හි එකස්ස පිතා මාරිතො හොති, සො චින්තෙසි “එතෙන කිර මෙ පිතා මාරිතො, අහම්පි තංයෙව මාරෙස්සාමී”ති නිසිතං සත්ථං ආදාය චරති. යා තස්ස අබ්භන්තරෙ උප්පන්නවෙරචෙතනා, ඉදං බාහිරං වෙරං නාම. යා පන ඉතරස්ස “අයං කිර මං මාරෙස්සාමීති චරති, අහමෙව නං පඨමතරං මාරෙස්සාමී”ති චෙතනා උප්පජ්ජති, ඉදං අජ්ඣත්තිකං වෙරං නාම. ඉදං තාව උභයම්පි දිට්ඨධම්මිකමෙව. යා පන තං නිරයෙ උප්පන්නං දිස්වා “එතං පහරිස්සාමී”ති ජලිතං අයමුග්ගරං ගණ්හතො නිරයපාලස්ස චෙතනා උප්පජ්ජති, ඉදමස්ස සම්පරායිකං බාහිරවෙරං. යා චස්ස “අයං නිද්දොසං මං පහරිස්සාමීති ආගච්ඡති, අහමෙව නං පඨමතරං පහරිස්සාමී”ති චෙතනා උප්පජ්ජති, ඉදමස්ස සම්පරායිකං අජ්ඣත්තවෙරං. යං පනෙතං බාහිරවෙරං, තං අට්ඨකථායං “පුග්ගලවෙර”න්ති වුත්තං. දුක්ඛං දොමනස්සන්ති අත්ථතො එකමෙව. යථා චෙත්ථ, එවං සෙසපදෙසුපි “ඉමිනා මම භණ්ඩං හටං, මය්හං දාරෙසු චාරිත්තං ආපන්නං, මුසා වත්වා අත්ථො භග්ගො, සුරාමදමත්තෙන ඉදං නාම කත”න්තිආදිනා නයෙන වෙරුප්පත්ති වෙදිතබ්බා. අවෙච්චප්පසාදෙනාති අධිගතෙන අචලප්පසාදෙන. අරියකන්තෙහීති පඤ්චහි සීලෙහි. තානි හි අරියානං කන්තානි පියානි. භවන්තරගතාපි අරියා තානි න විජහන්ති, තස්මා “අරියකන්තානී”ති වුච්චන්ති. සෙසමෙත්ථ යං වත්තබ්බං සියා, තං සබ්බං විසුද්ධිමග්ගෙ අනුස්සතිනිද්දෙසෙ වුත්තමෙව.
“පාණාතිපාත පච්චයා” යනු ප්‍රාණඝාතාදී කර්ම හේතුවෙනි. “භයං වෙරං” යනු අර්ථ වශයෙන් එකකි. මේ වෛරය දෙපරිද්දකින් වේ. බාහිර හා අධ්‍යාත්මික වශයෙනි. එක් අයෙකු විසින් තව කෙනෙකුගේ පියා මරණ ලදී. ඔහු මෙසේ සිතයි. “මොහු විසින් මගේ පියා මරණ ලදී. මම ද මොහුව මරනෙමි”යි තියුණු ආයුධයක් ගෙන හැසිරෙයි. ඔහුගේ අභ්‍යන්තරයේ උපන් මේ වෛර චේතනාව, “බාහිර වෛරය” නම් වේ. යමෙකු වනාහී වෙනත් අයෙකු පිළිබඳව “මොහු මා මැරීමට හැසිරේ. මමම පළමුව මොහුව මරමි”යි චේතනාවක් ඉපිද ක්‍රියා කරයි. මෙය ‘ආධ්‍යාත්මික වෛරය’ නම් වේ. මේ වෛර දෙකම මෙලොව දීම ඇතිවේ. යම් ඒ නිරයේ උපන් සත්ත්වයකු දැක “මොහුට ගසමි”යි දැල්වුණු ගිනි අඟුරක් ගත් නිරයපාලයාගේ සිතුවිල්ල “සම්රායික බාහිර වෛර නම් වේ. යම් ඒ නිරයේ උපන් සත්වයාට “මොහු නිර්දෝෂ වූ මාහට ගැසීමට පැමිණේ. මම මොහුට පළමුව පහරදෙමි”යි සිතීම “සම්පරායික අධ්‍යාත්මික වෛර” නම් වේ. මෙහිදී යම් බාහිර වෛරයක් විස්තර කරන ලද්දේද එය, අට්ඨකථාවෙහි (හෙළටුවායෙහි) පුද්ගල වෛරයකැයි කියන ලදී. “දුක්ඛ දොමනස්සං” යනු දුක්දොම්නස්ය. මේ දෙකම අර්ථ වශයෙන් සමාන ය. යම්සේ ඉහත පැවසුයේ ද ඒ අයුරින් ම මෙම සෙසු පදයහි අර්ථද ගත යුතුය. “මොහු විසින් මගේ බඩු පැහැරගන්නා ලදී.” “රහමෙරින් මත් වී මෙනම් දෙය කළේය.” ආදී වශයෙන් වෛරයේ උපත දතයුතුයි. “අවෙච්චප්සාදෙන” යනු නො නැසුණු, නො සෙල්වෙන ශ්‍රද්ධාවෙන්-ප්‍රසාදයෙන් යුක්ත වූ යැයි. “අරියකන්තෙහි” යනු ඒ පංචශීලයෙනි. ආර්යයන්ට කැමති වූ ප්‍රිය වූ ශීලයයි. අන්‍ය භවයකට ගිය ආර්යයෝ පවා මේ ශීලය අත් නොහරිති. එනිසා ‘ආර්යයන්ට ප්‍රිය වූ යනුවෙන් කියති. මෙහි එන සෙසු පදයන් පිළිබඳ යම් විස්තරාර්ථ දැනගනු කැමති නම්, ඒ සියල්ල විශුද්ධි මාර්ගයේ අනුස්සති නිර්දේශය බලා දතයුතුය.
පඨමං.
පළමු සූත්‍රයයි.
2. දුතිය පඤ්චභයවෙරසුත්තවණ්ණනා
2. දෙවැනි පඤ්චභයවෙර සූත්‍ර වර්ණනාව
දුතියෙ භික්ඛූනං කථිතභාවමත්තමෙව විසෙසො.
දෙවන සූත්‍රයේ - පළමු සූත්‍රය මෙනි. මෙහි ඇති විශේෂත්වය නම්, මෙම සූත්‍රය භික්ෂූන් වහන්සේ අරමුණු කරගෙන දේශනා කිරීමයි. (පළමු සූත්‍රය අනේපිඬු සිටුහුට දේශිතය.)
දුතියං.
දෙවන සූත්‍රයයි.
3. දුක්ඛසුත්තවණ්ණනා
3. දුක්ඛ සූත්‍ර වර්ණනාව
තතියෙ දුක්ඛස්සාති වට්ටදුක්ඛස්ස. සමුදයන්ති ද්වෙ සමුදයා ඛණිකසමුදයො ච පච්චයසමුදයො ච. පච්චයසමුදයං පස්සන්තොපි භික්ඛු ඛණිකසමුදයං පස්සති, ඛණිකසමුදයං පස්සන්තොපි පච්චයසමුදයං පස්සති. අත්ථඞ්ගමොපි අච්චන්තත්ථඞ්ගමො භෙදත්ථඞ්ගමොති දුවිධො. අච්චන්තත්ථඞ්ගමං පස්සන්තොපි භෙදත්ථඞ්ගමං පස්සති, භෙදත්ථඞ්ගමං පස්සන්තොපි අච්චන්තත්ථඞ්ගමං පස්සති. දෙසෙස්සාමීති ඉදං වට්ටදුක්ඛස්ස සමුදයඅත්ථඞ්ගමං නිබ්බත්තිභෙදං නාම දෙසෙස්සාමි, තං සුණාථාති අත්ථො. පටිච්චාති නිස්සයවසෙන චෙව ආරම්මණවසෙන ච පච්චයං කත්වා. තිණ්ණං සඞ්ගති ඵස්සොති තිණ්ණං සඞ්ගතියා ඵස්සො. අයං ඛො, භික්ඛවෙ, දුක්ඛස්ස සමුදයොති අයං වට්ටදුක්ඛස්ස නිබ්බත්ති නාම. අත්ථඞ්ගමොති භෙදො. එවඤ්හි වට්ටදුක්ඛං භින්නං හොති අප්පටිසන්ධියං.
තෙවන සූත්‍රයේ “දුක්ඛස්ස” යනු සසර පැවැතීම් දුකෙහිය. “සමුදයං” යනු ඛණික සමුදය හා ප්‍රත්‍ය සමුදය යන දෙවැදෑරුම් සමුදයන්ය. ප්‍රත්‍ය සමුදය දකින්නා වූ භික්ෂුව ඛණික සමුදය (ක්ෂණික හටගැනීම) දකියි. ඛණික සමුදය දකින භික්ෂුව ද ප්‍රත්‍ය සමුදය (ප්‍රත්‍ය හටගැනීම) දකියි. අස්තංගම හෙවත් නැතිවීම ද දෙකොටසකි. අත්‍යන්ත අස්තංගමය හා රෝධ අස්තංගමය යනුවෙනි. අත්‍යන්ත අස්තංගමය දකින්නා රෝධ අස්තංගමය දකියි. රෝධ අස්තංගමය දකිනා අත්‍යන්ත අස්තංගමය දකියි. “දෙසෙස්සාමි” යනු “මේ සසර පැවතුම් දුකෙහි ඇතිවීම-නැතිවීම-ඉපදීම යනාදී භේද දේශනා කරනෙමි. එය අසවු.” යන අර්ථයයි. “පටිච්ච” යනු නිශ්‍රය වශයෙන් මෙන්ම ආරම්මණ වශයෙන් ද හේතුවීමෙන් “තිණ්ණං සංගති ඵස්සො” යන තුනෙහි එකතුවීමෙන් ස්පර්ශය ඇතිවේ. “අයං දුක්ඛ සමුදයො” යනු මේ සසර පැවතීම් දුකේ ඉපදීමයි. “අත්ථංගමො” යනු නැතිවීමයි, බිඳීයෑමයි. මෙසේ සසර පැවතීම් දුක බිඳීගියේය. නැතිවිය. නැවත පිළිසිඳ ගැනීමක් නැත.
තතියං.
තෙවන සූත්‍රයයි.
4. ලොකසුත්තවණ්ණනා
4. ලෝක සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ ලොකස්සාති සඞ්ඛාරලොකස්ස. අයමෙත්ථ විසෙසො.
සිවුවන සූත්‍රයේ “ලෝකස්ස” යනු සංස්කාර ලෝකයේ. මෙම සූත්‍රයේ ඇති විශේෂත්වය ලෝකයේ ඇතිවීම හා නැතිවීම කථා කිරීමයි.
චතුත්ථං.
5. ඤාතිකසුත්තවණ්ණනා
5. ඤාතික සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ ඤාතිකෙති ද්වින්නං ඤාතකානං ගාමෙ. ගිඤ්ජකාවසථෙති ඉට්ඨකාහි කතෙ මහාපාසාදෙ. ධම්මපරියායන්ති ධම්මකාරණං. උපස්සුතීති උපස්සුතිට්ඨානං, යං ඨානං උපගතෙන සක්කා හොති භගවතො සද්දං සොතුං, තත්ථ ඨිතොති අත්ථො. සො කිර ගන්ධකුටිපරිවෙණසම්මජ්ජනත්ථං ආගතො අත්තනො කම්මං පහාය භගවතො ධම්මඝොසං සුණන්තො අට්ඨාසි. අද්දසාති තදා කිර භගවතො ආදිතොව පච්චයාකාරං මනසිකරොන්තස්ස “ඉදං ඉමිනා පච්චයෙන හොති, ඉදං ඉමිනා”ති ආවජ්ජතො යාව භවග්ගා එකඞ්ගණං අහොසි, සත්ථා මනසිකාරං පහාය වචසා සජ්ඣායං කරොන්තො යථානුසන්ධිනා දෙසනං නිට්ඨපෙත්වා, “අපි නු ඛො ඉමං ධම්මපරියායං කොචි අස්සොසී”ති ආවජ්ජෙන්තො තං භික්ඛුමද්දස. තෙන වුත්තං “අද්දසා ඛො භගවා”ති.
පස්වන සූත්‍රයේ “ඤාතිකෙ” යනු පරපුරු දෙකෙහි නෑයන්ගේ ගමෙහි යනුයි. “ගිජ්ඣකාවසථෙ” යනු ගඩොල්වලින් කරන ලද මහා ප්රාසාදයේය. “ධම්මපරියායං” යනු ධර්ම පර්යායකි. (දහම් කරුණකි) “උපස්සුති” යනු දේශනාව ඇසෙන තැනකය. “යම් තැනකට පැමිණීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ කටහඬ ඇසීමට හැකිවේද, එතැන සිටියේ” යන අර්ථයයි. ඒ භික්ෂුව වනාහී ගඳකිළිය හෙවත් ගඳකිළි පිරිවෙණ ඇමදීමට පැමිණ, තම ක්‍රියාව අතරමග නවතා, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන හඬ අසමින් සිටියේය. “අද්දසා” යනු එකල්හි වනාහී භාග්‍යවතුන් වහන්සේ මුලදීම ප්රත්යකාරය සිහිකරන සේක්, “මේ ප්‍රත්‍යය හේතුවෙන් මෙය වේ. මේ ප්‍රත්‍යයෙන් මෙය ඇතිවේ” යැයි ආවර්ජනය කරන සේක්, අකනිටා බඹලොව දක්වා ප්‍රදේශය එක මිදුලක් මෙන් විය. ශාස්තෘන් වහන්සේ සිහිකිරීම අත්හැර වචනයෙන් සජඣායනා කරන සේක්, ගැලපීම් කරන ලද පරිදිම දේශනාව නිමවූ සේක. අනතුරුව “මේ ධර්ම පර්යාය කිසිවකු විසින් හෝ ඇසුවේද?”යි සිහිපත් කර බලන සේක්, ඒ භික්ෂුව දුටු සේක. එනිසා “භාග්‍යවතුන් වහන්සේ විසින් දකින ලදී”යි කියැවිණි.
අස්සොසි නොති අස්සොසි නු. අථ වා අස්සොසි නොති අම්හාකං භාසන්තානං අස්සොසීති. උග්ගණ්හාහීතිආදීසු සුත්වා තුණ්හීභූතොව පගුණං කරොන්තො උග්ගණ්හාති නාම. පදානුපදං ඝටෙත්වා වාචාය පරිචිතං කරොන්තො පරියාපුණාති නාම. උභයථාපි පගුණං ආධාරප්පත්තං කරොන්තො ධාරෙති නාම. අත්ථසංහිතොති කාරණනිස්සිතො. ආදිබ්රහ්මචරියකොති මග්ගබ්රහ්මචරියස්ස ආදි පතිට්ඨානභූතො. ඉති තීසුපි ඉමෙසු සුත්තෙසු වට්ටවිවට්ටමෙව කථිතං.
“අස්සොසිනො” යනු “ඇසුවෙහි ද?” නැතිනම් “අස්සොසි නො” ලෙස ගෙන “අපගේ දෙසුම ඇසුවේද?” යන අරුතයි. “උග්ගණ්හාහී” යනාදියෙහි මේ සූත්‍රය අසා, නිශ්ශබ්දව හිඳ ප්‍රගුණ කිරිම ‘උගනියි’ (උග්ගණ්ගාති) නම් වේ. පදයෙන් පදය අර්ථ ගලපා වචනයෙන් වචනය පුරුදු කරනුයේ “පිරිවහයි” (පරියාපුණාති) නම් වේ. මේ දෙකම ප්‍රගුණ කිරීමට ආධාරවනුයේ “දරයි” (ධාරෙති) නම් වේ. “අත්ථ සඤ්හිතො” යනු හේතු-කාරණා සහිතය. (අර්ථ සහිතය.) “ආදිබ්රහ්මචරියකො” යනු මාර්ග බ්‍රහ්ම චර්යාවට මුල්වී පිහිටන සුලු යනුයි. මෙලෙස මෙම සූත්‍ර තුනෙහිම සසර පැවැත්ම හා සසර නැවැත්ම ම (වට්ට විවට්ටමෙව) විස්තර කරන ලදැයි දත යුතුයි.
පඤ්චමං.
පස්වන සූත්‍රයයි.
6. අඤ්ඤතර බ්රාහ්මණසුත්තවණ්ණනා
6. අඤ්ඤතරබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අඤ්ඤතරොති නාමවසෙන අපාකටො අඤ්ඤතරො බ්රාහ්මණො.
සයවන සූත්‍රයේ “අඤ්ඤතරො” යනු නමින් අප්‍රකට වූ එක්තරා බමුණෙක් අදහස් කරන ලදී.
ඡට්ඨං.
සයවන සූත්‍රයයි.
7. ජාණුස්සොණිසුත්තවණ්ණනා
7. ජාණුස්සොණි සූත්‍ර වර්ණනාව
සත්තමෙ ජාණුස්සොණීති ඨානන්තරවසෙන එවංලද්ධනාමො අසීතිකොටිවිභවො මහාපුරොහිතො.
සත්වන සූත්‍රයේ “ජාණුස්සොණි” යනු තනතුරු වශයෙන් මෙලෙස තබන ලද නම් ඇත්තෙකි. අසූකෙළක් පමණ ධනය ඇති මහා පුරෝහිතයෙකි.
සත්තමං.
සත්වන සූත්‍රයයි.
8. ලොකායතිකසුත්තවණ්ණනා
8. ලෝකායතික සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ ලොකායතිකොති විතණ්ඩසත්ථෙ ලොකායතෙ කතපරිචයො. ජෙට්ඨමෙතං ලොකායතන්ති පඨමං ලොකායතං. ලොකායතන්ති ච ලොකස්සෙව ආයතං, බාලපුථුජ්ජනලොකස්ස ආයතං, මහන්තං ගම්භීරන්ති උපධාරිතබ්බං පරිත්තං භාවං දිට්ඨිගතං. එකත්තන්ති එකසභාවං, නිච්චසභාවමෙවාති පුච්ඡති. පුථුත්තන්ති පුරිමසභාවෙන නානාසභාවං, දෙවමනුස්සාදිභාවෙන පඨමං හුත්වා පච්ඡා න හොතීති උච්ඡෙදං සන්ධාය පුච්ඡති. එවමෙත්ථ “සබ්බමත්ථි, සබ්බමෙකත්ත”න්ති ඉමා ද්වෙපි සස්සතදිට්ඨියො, “සබ්බං නත්ථි, සබ්බං පුථුත්ත”න්ති ඉමා ද්වෙ උච්ඡෙදදිට්ඨියොති වෙදිතබ්බා.
අටවන සූත්‍රයේ “ලෝකායතිකො” යනු විතණ්ඩවාදයෙහි පරලොවක් නැතැයි පිළිගත් (භෞතිකවාදී) ඉගැන්වීමෙහි කරන ලද පුහුණුවීම් ඇත්තෙකි. “ජෙටඨමෙතං ලෝකායතං” යනු පළමු ලෝකායත වාදයයි. “ලෝකායත” යනු ලෝකයේම දිගයි. (ලොකස්ස+ආයතං=ලොකායතං) බාල පුහුදුන් ලෝකයේ දික්වූ මහත් වූ ගැඹුරු වූ ළං වූ අල්ප වූ ආශ්‍රව සහිත වූ දෘෂ්ටි ගැනීමයි. “එකන්තං” යනු එකම ස්වභාවයයි. නිත්‍ය වූ ස්වභාවයම යැයි කියයි. “පුථුත්තං” යනු පළමු ස්වභාවයෙන් විවිධ ස්වභාවයන්ට පැමිණිමයි. වෙනස්වීම. “දේව මනුෂ්‍යාදී වශයෙන් පළමුව ඉපිද පසුව එම තත්ත්ව නොලබයි” යන උච්ඡේදවාදය පිළිගත් නිසා විමසයි. මෙපරිද්දෙන් මේ සූත්‍රයේ එන “සබ්බමත්ථි සබ්බ මෙකත්තං” යන පළමු ප්‍රශ්න දෙක ශාස්වතවාද දෘෂ්ටිය යැයි ගතයුතුය. “සබ්බං නත්ථි සබ්බං පුථුත්තං” යන අවසන් ප්‍රශ්න දෙක උච්ඡේදවාද දෘෂ්ටිය යැයි දතයුතුයි.
අට්ඨමං.
අටවන සූත්‍රය යි.
9. පඨම අරියසාවකසුත්තවණ්ණනා
9. පඨම අරියසාවක සූත්‍ර වර්ණනාව
නවමෙ කිං නු ඛොති සංසයුප්පත්තිආකාරදස්සනං. සමුදයතීති උප්පජ්ජති.
නවවන සූත්‍රයේ “කිං නු ඛො” යනු සැකසහිත බවේ උපත, ආකාරය දැක්වීමකි. “සමුදයති” යනු උපදියි (හටගනියි) යනුයි.
නවමං.
නවවන සූත්‍රය යි.
10. දුතිය අරියසාවකසුත්තවණ්ණනා
10. දෙවැනි අරියසාවක සූත්‍ර වර්ණනාව
දසමෙ ද්වෙපි නයා එකතො වුත්තා. ඉදමෙව පුරිමෙන නානත්තං, සෙසං තාදිසමෙවාති. දසමං.
දසවන සූත්‍රයේ - නය හෙවත් ක්‍රම දෙකකින් එකම කරුණක් කියන ලදී. මෙය මුල් සූත්රයේම නානා බවකි. විවිධත්වයකි. සෙසු පද අර්ථාදිය මුල් සූත්‍රයේ මෙන් දතයුතුයි.
ගහපතිවග්ගො පඤ්චමො.
පස්වන ගහපති වර්ගය නිමියේය.