අඤ්ඤතර බ්රාහ්මණසුත්තං
1. 5. 6.
1. 5. 6.
අඤ්ඤතර බ්රාහ්මණසුත්තං
අඤ්ඤතරබ්‍රාහ්මණ සූත්‍රය
46. සාවත්ථියං–
46. සැවැත්නුවර–
අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
ඉක්බිති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේ ය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
කින්නු ඛො භො ගොතම සො කරොති, සො පටිසංවෙදයතීති? “සො කරොති සො පටිසංවෙදයතී”ති ඛො බ්‍රාහ්මණ, අයමෙකො අන්තො.
භවත් ගෞතමයෙනි, කිමෙක් ද, හෙ තෙමේ කෙරේ ද, හෙ තෙමේ විඳී ද? බමුණ,“හෙ තෙමේ කෙරෙයි. හෙ තෙමේ විඳී” යනු මේ එක් අන්තයෙකි. (=කෙළවරෙකි.)
කිං පන භො ගොතම අඤ්ඤො කරොති, අඤ්ඤො පටිසංවෙදයතීති? “අඤ්ඤො කරොති අඤ්ඤො පටිසංවෙදයතී”ති ඛො බ්‍රාහ්මණ, අයං දුතියො අන්තො.
භවත් ගෞතමයෙනි, කිමෙක් ද අනෙකෙක් කෙරේ ද, අනෙකෙක් විඳී ද? බමුණ, “අනෙකෙක් කෙරෙයි. අනෙකෙක් විඳී” යනු දෙවන අන්ත යයි.
එතෙ තෙ බ්‍රාහ්මණ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති: “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.
බමුණ, ඒ මේ අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේනිරෝධය වේ” යයි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
එවං වුත්තෙ සො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ වදාළ කල්හි ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි ඉතා මැනව. ... භවත් ගෞතම තෙමේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා”යි මෙය සැළ කළේ ය.