යෙදුමෙන් කියවන්න

ඤාතිකසුත‍්තං

1. 5. 5.

1. 5. 5.

ඤාතිකසුත‍්තං

ඤාතික සූත්‍රය

45. එවං මෙ සුතං: එකං සමයං භගවා ඤාතිකෙ විහරති ගිඤ‍්ජකාවසථෙ.

45. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතික ගම්හි ගැඩොලින් කළ පහයෙහි වසන සේක.

අථ ඛො භගවා රහොගතො පටිසල‍්ලීනො ඉමං ධම‍්මපරියායං අභාසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එකලාව විවේකී ව වැඩහුන් සේක මේ දහම් ක්‍රමය වදාළ සේක:

චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. වෙදනාපච‍්චයා තණ‍්හා. තණ‍්හාපච‍්චයා උපාදානං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැණීම වේ.

සොතඤ‍්ච පටිච‍්ච සද‍්දෙ ච -පෙ- ඝානඤ‍්ච පටිච‍්ච ගන්‍ධෙ ච -පෙ- ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච -පෙ- කායඤ‍්ච පටිච‍්ච ඵොට‍්ඨබ‍්බෙ ච -පෙ- මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. වෙදනාපච‍්චයා තණ‍්හා. තණ‍්හාපච‍්චයා උපාදානං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නාසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක් වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ ට ගැණීම වේ.

චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. වෙදනාපච‍්චයා තණ‍්හා. තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.

සොතඤ‍්ච පටිච‍්ච සද‍්දෙ ච -පෙ- ඝානච‍්ච පටිච‍්ච ගන්‍ධෙ ච -පෙ- ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච -පෙ- කායඤ‍්ච පටිච‍්ච ඵොට‍්ඨබ‍්බෙ ච -පෙ- මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. වෙදනාපච‍්චයා තණ‍්හා. තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.

කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භව නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි (වදාළ සේක.)

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු භගවතො උපස‍්සුතිං ඨිතො හොති. අද‍්දසා ඛො භගවා තං භික‍්ඛුං උපස‍්සුතිං ඨිතං. දිස‍්වාන තං භික‍්ඛුං එතදවොච: අස‍්සොසි නො ත්‍වං භික‍්ඛු ඉමං ධම‍්මපරියායන‍්ති? එවම‍්භන‍්තෙති. උග‍්ගණ‍්හාහි ත්‍වං භික‍්ඛු ඉමං ධම‍්මපරියායං. පරියාපුණාහි ත්‍වං භික‍්ඛු ඉමං ධම‍්මපරියායං. ධාරෙහි ත්‍වං භික‍්ඛු ඉමං ධම‍්මපරියායං. අත්‍ථසංහිතොයං භික‍්ඛු ධම‍්මපරියායො, ආදිබ්‍රහ‍්මචරියකොති.

එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේගේ උපශ්‍රැතියෙහි (=දේශනාව ඇසෙන තන්හි) සිටියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ උපශ්‍රැතියෙහි සිටි ඒ මහණ දුටුසේක. දැක ඒ මහණහට මෙය වදාළ සේක: මහණ, තෙපි මේ ධර්‍මක්‍රමය ඇසුවහු ද? වහන්ස, එසේ ය. මහණ, තෙපි මේ ධර්‍මක්‍රමය උගණිවු. මහණ, තෙපි මේ ධර්‍මචක්‍රමය පිරිවහවු. මහණ තෙපි මෙ ධර්‍මක්‍රමය දරවු. මහණ, මේ ධර්‍මක්‍රමය අර්‍ත්‍ථ සහිතය, මගබඹසරට මුල් වූයේ ය.