යෙදුමෙන් කියවන්න

ජාණුස‍්සොණිසුත‍්තං

1. 5. 7.

1. 5. 7.

ජාණුස‍්සොණිසුත‍්තං

ජාණුස්සෝණි සූත්‍රය

47. සාවත්‍ථියං–

47. සැවැත්නුවර–

අථ ඛො ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:

එකල්හි ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වන්සේ සමග සතුටු වි ය ... එකත්පසෙක හුන් ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:

කින‍්නු ඛො භො ගොතම සබ‍්බමත්‍ථීති? “සබ‍්බමත්‍ථී”ති ඛො බ්‍රාහ‍්මණ අයමෙකො අන‍්තො.

භවත් ගෞතමයෙනි, කිම සියල්න ඇත්තේ ද? බමුණ, “සියල්ල ඇත්තේ ය” යනු මේ එක් අනන්තයෙකි.

කිං පන භො ගොතම සබ‍්බං නත්‍ථීති? “සබ‍්බං නත්‍ථී”ති ඛො බ්‍රාහ‍්මණ අයං දුතියො අන‍්තො.

භවත් ගෞතමයෙනි, කිම සියල්ල නැත්තේ ද? බමුණ, “සියල්ල නැත්තේ ය” යනු මේ දෙවන අන්ත ය යි.

එතෙ තෙ බ්‍රාහ‍්මණ උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣෙන තථාගතො ධම‍්මං දෙසෙති: “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො. සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතී”ති.

බමුණ, ඒ මේ (ශාශ්වත - උචේඡද) අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයේ වෙති. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය” යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.

එවං වුත‍්තෙ ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම, -පෙ- පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, ඉතා මැනව, ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා”යි මෙය සැළ කෙළේ ය.