යෙදුමෙන් කියවන්න

ලොකායතිකසුත‍්තං

1. 5. 8.

1. 5. 8.

ලොකායතිකසුත‍්තං

ලෝකායතික සූත්‍රය

48. සාවත්‍ථියං–

48. සැවැත්නුවර–

අථ ඛො ලොකායතිකො බ්‍රාහ‍්මණො යෙන භගවා [තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ඵගවතා සද‍්ධිං සම‍්මොදි.] -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ලොකායතිකො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:

ඉක්බිති ලෝකායතික බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය . ... එකත්පසෙක හුන් ලෝකායතික (විතණ්ඩවාදයෙහි පුහුණු වූ) බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:

කින‍්නු ඛො භො ගොතම, සබ‍්බමත්‍ථීති? ‘සබ‍්බමත්‍ථී’ති ඛො බ්‍රාහ‍්මණ ජෙට‍්ඨමෙතං ලොකායතං.

භවත් ගෞතමයෙනි, කිම, සියල්ල ඇත්තේ ද? බමුණ,‘සියල්ල ඇත්තේ ය’ යන මෙය පළමුවන ලෝකායත ය යි.

කිං පන භො ගොතම, සබ‍්බං නත්‍ථීති? ‘සබ‍්බං නත්‍ථී’ති ඛො බ්‍රාහ‍්මණ දුතියමෙතං ලොකායතං.

භවත් ගෞතමයෙනි, සියල්ල නැත්තේ ද? බමුණ, ‘සියල්ල නැත්තේ ය’ යන මෙය දෙවැනි ලෝකායත ය යි.

කින‍්නු ඛො භො ගොතම, සබ‍්බමෙකත‍්තන‍්ති? ‘සබ‍්බමෙකත‍්තන‍්ති’ ඛො බ්‍රාහ‍්මණ තතියමෙතං ලොකායතං.

භවත් ගෞතමයෙනි, කිම, සියල්ල ඒකස්වභාව ඇත්තේ ද? බමුණ, ‘සියල්ල ඒකස්වභාව ඇත්තේ ය’ යන මෙය තෙවැනි ලෝකායත ය යි.

කිං පන භො ගොතම, සබ‍්බං පුථුත‍්තන‍්ති? ‘සබ‍්බං පුථුත‍්තන‍්ති’ ඛො බ්‍රාහ‍්මණ චතුත්‍ථමෙතං ලොකායතං.

භවත් ගෞතමයෙනි, කිම, සියල්ල නානාස්වභාව ඇත්තේ ද? බමුණ, ‘සියල්ල නානාස්වභාව ඇත්තේ ය’ යන මෙය සිවුවැනි ලෝකායත ය යි.

එතෙ තෙ බ්‍රාහ‍්මණ උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣෙන තථාගතො ධම‍්මං දෙසෙති: “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො. සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතී”ති.

බමුණ, ඒ මේ අන්ත දෙකට නො පැමිණ, තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය”යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.

එවං වුත‍්තෙ ලොකායතිකො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම -පෙ- [උපාසකං මං භවං ගොතමො ධාරෙතු] අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි ලෝකායතික බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, ඉතා මැනව. ... මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා” යි මෙය සැළ කළේ ය.