පඨම අරියසාවකසුත‍්තං
1. 5. 9.
1. 5. 9.
පඨම අරියසාවකසුත‍්තං
පඨම අරියසාවක සූත්‍රය
49. සාවත්‍ථියං–
49. සැවැත්නුවර–
න භික‍්ඛවෙ සුතවතො අරියසාවකස‍්ස එවං හොති: “කින‍්නු ඛො කිස‍්මිං සති කිං හොති, කිස‍්සුප‍්පාදා කිං උප‍්පජ‍්ජති, [කිස‍්මිං සති සඞ‍්ඛාරා හොන‍්ති, කිස‍්මිං සති විඤ‍්ඤාණං හොති, කිස‍්මිං සති නාමරූපං හොති, කිස‍්මිං සති සළායතනං හොති,] කිස‍්මිං සති ඵස‍්සො හොති, කිස‍්මිං සති වෙදනා හොති, කිස‍්මිං සති තණ‍්හා හොති, කිස‍්මිං සති උපාදානං හොති, කිස‍්මිං සති භවො හොති, කිස‍්මිං සති ජාති හොති, කිස‍්මිං සති ජරාමරණං හොතී”ති?
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් ඇති කල්හි කිමෙක් වේ ද, කුමක් ඉපදීමෙන් කිමෙක් උපදී ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් ඇති කල්හි විඥානය වේ ද, කුමක් ඇති කල්හි නාමරූප වේ ද, කුමක් ඇති කල්හි ෂඩායතන වේ ද, කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද, කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කුමක් ඇති කල්හි උපාදාන වේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
අථ ඛො භික‍්ඛවෙ සුතවතො අරියසාවකස‍්ස අපරප‍්පච‍්චයා ඤාණමෙවෙත්‍ථ හොති: “ඉමස‍්මිං සති ඉදං හොති. ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති. [අවිජ‍්ජාය සති සඞ‍්ඛාරා හොන‍්ති. සඞ‍්ඛාරෙසු සති විඤ‍්ඤාණං හොති.] විඤ‍්ඤාණෙ සති නාමරූපං හොති. -පෙ- ජාතියා සති ජරාමරණං හොතී”ති. සො එවං පජානාති “එවං අයං ලොකො සමුදයතී”ති.
වැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය ඇති කල්හි මේ වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. සංස්කාර ඇති කල්හි විඥානය වේ. විඥානය ඇති කල්හි නාමරූප වේ. ... ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි” යන මෙහි ලා පරප්‍රත්‍යය රහිත (අනුන්ගේ පිහිටක් නැතිව) ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් උපදී” ය යි මෙසේ දැනගනී.
න භික‍්ඛවෙ, සුතවතො අරියසාවකස‍්ස එවං හොති: “කිං නු ඛො කිස‍්මිං අසති කිං න හොති, කිස‍්ස නිරොධා කිං නිරුජ‍්ඣති, කිස‍්මිං අසති සඞ‍්ඛාරා න හොන‍්ති, කිස‍්මිං අසති විඤ‍්ඤාණං න හොති, කිස‍්මිං අසති නාමරූපං න හොති, කිස‍්මිං අසති සළායතනං න හොති, කිස‍්මිං අසති ඵස‍්සො න හොති, කිස‍්මිං අසති වෙදනා න හොති, කිස‍්මිං අසති තණ‍්හා න හොති, කිස‍්මිං අසති උපාදානං න හොති, කිස‍්මිං අසති භවො න හොති, කිස‍්මිං අසති ජාති න හොති, කිස‍්මිං අසති ජරාමරණං න හොතී”ති.
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් නැති කල්හි කිමෙක් නො වේ ද, කුමක් නිරුද්ධවීමෙන් කිමෙක් නිරුද්ධ වේ ද, කුමක් නැති කල්හි සංස්කාරයෝ නො වෙද් ද, කුමක් නැති කල්හි විඥානය නො වේ ද, කුමක් නැති කල්හි නාමරූප නො වේ ද, කුමක් නැති කල්හි ෂඩායතන නො වේ ද, කුමක් නැති කල්හි ස්පර්‍ශය නො වේ ද, කුමක් නැති කල්හි වේදනාව නො වේ ද, කුමක් නැති කල්හි තෘෂ්ණාව නො වේ ද, කුමක් නැති කල්හි උපාදාන නො වේ ද, කුමක් නැති කල්හි භවය නො වේ ද, කුමක් නැති කල්හි ජාතිය නො වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ” යි මෙබඳු සිතෙක් නො වෙයි.
අථ ඛො භික‍්ඛවෙ, සුතවතො අරියසාවකස‍්ස අපරප‍්පච‍්චයා ඤාණමෙවෙත්‍ථ හොති: “ඉමස‍්මිං අසති ඉදං න හොති. ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති. අවිජ‍්ජාය අසති සඞ‍්ඛාරා න හොන‍්ති. සඞ‍්ඛාරෙසු අසති විඤ‍්ඤාණං න හොති. විඤ‍්ඤාණෙ අසති නාමරූපං න හොති. නාමරූපෙ අසති සළායතනං න හොති -පෙ- ඵස‍්සො න හොති -පෙ- වෙදනා න හොති -පෙ- තණ‍්හා න හොති -පෙ- උපාදානං න හොති -පෙ- භවො න හොති -පෙ- ජාති න හොති. ජාතියා අසති ජරාමරණං න හොතී”ති. සො එවං පජානාති “එවං අයං ලොකො නිරුජ‍්ඣතී”ති.
වැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය නැති කල්හි මෙය නො වෙයි. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙති. සංස්කාර නැති කල්හි විඥානය නො වේ. විඥානය නැති කල්හි නාමරූප නොවේ. නාමරූප නැති කල්හි ෂඩායතන නො වේ ... ස්පර්‍ශය නො වේ. ... වේදනාව නො වේ. ... තෘෂ්ණාව නො වේ. ... උපාදාන නො වේ. ... භවය නො වේ ... ජාතිය නො වේ. ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ” යි යන මෙහි ලා පරප්‍රත්‍යය රහිතව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙසේ නිරුද්ධ වේ ය”යි මෙසේ දැන ගණී.
යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකො එවං ලොකස‍්ස සමුදයං ච අත්‍ථඞ‍්ගමං ච යථාභූතං පජානාති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො දිට‍්ඨිසම‍්පන‍්නො ඉතිපි -පෙ- අමතද‍්වාරං ආහච‍්ච තිට‍්ඨති ඉතිපීති.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ලෝකයේ හටගැණීමත් නැතිවීමත් තතුසේ දැනගනී ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිට්ඨිසම්පන්න යයි ද, .. අමාදොරට හැපී සිටී යයි ද කියනු ලැබේ.