දුතිය අරියසාවකසුත‍්තං
1. 5. 10.
1. 5. 10.
දුතිය අරියසාවකසුත‍්තං.
දෙවැනි අරියසාවක සූත්‍රය
50. සාවත්‍ථියං–
50. සැවැත්නුවර–
න භික‍්ඛවෙ, සුතවතො අරියසාවකස‍්ස එවං හොති: “කින‍්නු ඛො කිස‍්මිං සති කිං හොති, කිස‍්සුප‍්පාදා කිං උප‍්පජ‍්ජති, කිස‍්මිං සති සඞ‍්ඛාරා හොන‍්ති, කිස‍්මිං සති විඤ‍්ඤාණං හොති, කිස‍්මිං සති නාමරූපං හොති, කිස‍්මිං සති සළායතනං හොති, කිස‍්මිං සති ඵස‍්සො හොති, කිස‍්මිං සති වෙදනා හොති, කිස‍්මිං සති තණ‍්හා හොති, කිස‍්මිං සති උපාදානං හොති, කිස‍්මිං සති භවො හොති, කිස‍්මිං සති ජාති හොති, කිස‍්මිං සති ජරාමරණං හොතී”ති?
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් ඇති කල්හි කිමෙක් වේ ද, කුමක් ඉපදීමෙන් කිමෙක් උපදී ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් ඇති කල්හි විඥානය වේ ද, කුමක් ඇති කල්හි නාමරූප වේ ද, කුමක් ඇති කල්හි ෂඩායතන වේ ද, කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද, කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කුමක් ඇති කල්හි උපාදාන වේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
අථ ඛො භික‍්ඛවෙ, සුතවතො අරියසාවකස‍්ස අපරප‍්පච‍්චයා ඤාණමෙවෙත්‍ථ හොති: “ඉමස‍්මිං සති ඉදං හොති. ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති. අවිජ‍්ජාය සති සඞ‍්ඛාරා හොන‍්ති. සඞ‍්ඛාරෙසු සති විඤ‍්ඤාණං හොති. විඤ‍්ඤාණෙ සති නාමරූපං හොති. නාමරූපෙ සති සළායතනං හොති. සළායතනෙ සති ඵස‍්සො හොති. ඵස‍්සෙ සති වෙදනා හොති. වෙදනාය සති තණ‍්හා හොති. තණ‍්හාය සති උපාදානං හොති. උපාදානෙ සති භවො හොති. භවෙ සති ජාති හොති. ජාතියා සති ජරාමරණං හොතී”ති. සො එවං පජානාති: “එවමයං ලොකො සමුදයතී”ති.
වැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. සංස්කාර ඇති කල්හි විඥානය වේ. විඥානය ඇති කල්හි නාමරූප වේ. නාමරූප ඇති කල්හි ෂඩායතන වේ. ෂඩායතන ඇති කල්හි ස්පර්‍ශය වේ. ස්පර්‍ශය ඇති කල්හි වේදනාව වේ. වේදනාව ඇති කල්හි තෘෂ්ණාව වේ. තෘෂ්ණාව ඇති කල්හි උපාදාන වේ. උපාදාන ඇති කල්හි භවය වේ. භවය ඇති කල්හි ජාතිය වේ. ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි” යන මෙහි ලා පරප්‍රත්‍යය රහිත ව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් හටගණී ය”යි මෙසේ දැන ගණී.
න භික‍්ඛවෙ, සුතවතො අරියසාවකස‍්ස එවං හොති: “කින‍්නු ඛො කිස‍්මිං අසති කිං න හොති, කිස‍්ස නිරොධා කිං නිරුජ‍්ඣති, කිස‍්මිං අසති සංඛාරා න හොන‍්ති, කිස‍්මිං අසති විඤ‍්ඤාණං න හොන‍්ති -පෙ- කිස‍්මිං අසති ජරාමරණං න හොතී”ති.
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිමෙක් ද, කුමක් නැති කල්හි කිමෙක් නො වේ ද, කුමක් නිරුද්ධවීමෙන් කිමෙක් නිරුද්ධ වේ ද, කුමක් නැති කල්හි සංස්කාරයෝ නො වෙත් ද, කුමක් නැති කල්හි විඥානය නො වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
අථ ඛො භික‍්ඛවෙ, සුතවතො අරියසාවකස‍්ස අපරප‍්පච‍්චයා ඤාණමෙවෙත්‍ථ හොති: “ඉමස‍්මිං අසති ඉදං න හොති. ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති. අවිජ‍්ජාය අසති සඞ‍්ඛාරා න හොන‍්ති. සඞ‍්ඛාරෙසු අසති විඤ‍්ඤාණං න හොති. විඤ‍්ඤාණෙ අසති නාමරූපං න හොති. -පෙ- ජාතියා අසති ජරාමරණං න හොතී”ති. සො එවං පජානාති: “එවමයං ලොකො නිරුජ‍්ඣතී”ති.
මහණෙනි, වැලිදු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙත්. සංස්කාර නැති කල්හි විඥානය නො වේ. විඥානය නැති කල්හි නාමරූප නො වේ ... ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ”යි යන මෙහි ලා පරප්‍රත්‍යය රහිත ව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් නිරුද්ධ වේ ය” යි මෙසේ දැන ගණී.
යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකො එවං ලොකස‍්ස සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච යථාභූතං පජානාති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො දිට‍්ඨිසම‍්පන‍්නො ඉතිපි, දස‍්සනසම‍්පන‍්නො ඉතිපි, ආගතො ඉමං සද‍්ධම‍්මං ඉතිපි, පස‍්සති ඉමං සද‍්ධම‍්මං ඉතිපි, සෙඛෙන ඤාණෙන සමන‍්නාගතො ඉතිපි, සෙඛාය විජ‍්ජාය සමන‍්නාගතො ඉතිපි, ධම‍්මසොතං සමාපන‍්නො ඉතිපි, අරියො නිබ‍්බෙධිකපඤ‍්ඤො ඉතිපි, අමතද‍්වාරං ආහච‍්ච තිට‍්ඨති ඉතිපීති.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ලෝකයේ හටගැණීමත් නැතිවීමත් තතු සේ දැන ගණී ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දෘෂ්ටිසම්පන්නයයි ද, දර්‍ශනසම්පන්න යයි ද, මේ සද්ධර්‍මයට පැමිණියේ යයි ද, මේ සද්ධර්‍මය දකී යයි ද, ශෛක්‍ෂඥානයෙන් සමන්‍වාගත යයි ද, ශෛක්‍ෂවිද්‍යාවෙන් සමන්‍වාගත ය යි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ය යි ද, ආර්‍ය්‍ය වු නිර්වේධකප්‍රඥා ඇත්තේ ය යි ද, අමාදොරට හැපී සිටී ය යි ද කියනු ලැබේ.
ගහපතිවග‍්ගො පඤ‍්චමො.
ගහපති වර්‍ගය පස්වැනි යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
ද‍්වෙ පඤ‍්චවෙරභයා වුත‍්තා දුක‍්ඛං ලොකො ච ඤාතිකං අඤ‍්ඤතරං ජාණුස‍්සොණි ච ලොකායතිකෙන අට‍්ඨමං ද‍්වෙ අරියසාවකා වුත‍්තා වග‍්ගො තෙන පවුච‍්චතීති.
පඤ්චවේරභය සූත්‍ර දෙකක් කියන ලදී. දුක්ඛ, ලෝක, ඤාතික, අඤ්ඤතර, ජානුස්සෝණි සූත්‍ර ද, අටවැනි ලෝකායතික සූත්‍රය ද, අරියසාවක සූත්‍ර දෙක ද කියන ලදහ. එයින් වර්‍ග ය කියනු ලැබේ.