යෙදුමෙන් කියවන්න

පරිවීමංසනසුත‍්තං

1. 6. 1.

1. 6. 1.

පරිවීමංසනසුත‍්තං

පරිවීමංසන සූත්‍රය

51. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

51. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

කිත‍්තාවතා නු ඛො භික‍්ඛවෙ භික‍්ඛූ පරිවීමංසමානො පරිවීමංසෙය්‍ය සබ‍්බසො සම‍්මා දුක‍්ඛක‍්ඛයායාති? “භගවං මූලකා නො භන‍්තෙ, ධම‍්මා. භගවං නෙත‍්තිකා, භගවං පටිසරණා. සාධු වත භන‍්තෙ භගවන‍්තං එව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො. භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තී”ති.

මහණෙනි, මහණ තෙමේ හැම අයුරින් මැනැවින් දුක් දුරු කිරීම පිණිස පිරික්සන්නේ කෙතෙකින් පිරික්සාද? “වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්ස, මැනැවි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ” යි. ඇත්තාහ භාග්‍යවතුන් වහන්ස,

තෙන හි භික‍්ඛවෙ, සුණාථ. සාධුකං මනසි කරොථ. භාසිස‍්සාමීති.

“මහණෙනි, එසේ නම් අසවු. මැනැවින් මෙනෙහි කරවු. කියන්නෙමි” යි.

එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

“වහන්ස, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

ඉමං භික‍්ඛවෙ, භික‍්ඛු පරිවීමංසමානො පරිවීමංසති: “යං ඛො ඉදං අනෙකවිධං. නානප‍්පකාරකං දුක‍්ඛං ලොකෙ උප‍්පජ‍්ජති ජරාමරණං. ඉදං නු ඛො දුක‍්ඛං කින‍්නිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං. කිස‍්මිං සති ජරාමරණං හොති. කිස‍්මිං අසති ජරාමරණං න හොතී”ති.

මහණෙනි, මෙහි මහණ තෙමේ පිරික්සන්නේ “නන් වැදෑරුම් නන් අයුරු දුක් වූ යම් මේ ජරාමරණ ලෝකයෙහි උපදී ද, මේ දුක කිමෙක් නිදාන කොට ඇත්තේද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කිමෙක් ජාති කොට ඇත්තේ ද, කුමක් පභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ” යි පිරික්සයි.

සො පරිවීමංසමානො එවං පජානාති: “යං ඛො ඉදං අනෙකවිධං නානප‍්පකාරකං දුක‍්ඛං ලොකෙ උප‍්පජ‍්ජති ජරාමරණං, ඉදං ඛො දුක‍්ඛං ජාතිනිදානං ජාතිසමුදයං ජාතිජාතිකං ජාතිප‍්පභවං. ජාතියා සති ජරාමරණං හොති. ජාතියා අසති ජරාමරණං න හොතී”ති.

හෙතෙමේ පිරික්සන්නේ “නන්වැදෑරුම් නන් අයුරු වූ දුක් වූ යම් මේ ජරාමරණ ලෙව්හි උපදී ද, මේ දුක ජාතිය නිදාන කොට ඇත්තේය. ජාතිය ජාති කොට ඇත්තේ ය. ජාතිය පභව කොට ඇත්තේය. ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ” යයි මෙසේ දැන ගණී.

සො ජරාමරණඤ‍්ච පජානාති. ජරාමරණසමුදයඤ‍්ච පජානාති. ජරාමරණනිරොධඤ‍්ච පජානාති. යා ච ජරාමරණනිරොධසාරුප‍්පගාමිනී පටිපදා තං ච පජානාති. තථා පටිපන‍්නො ච හොති අනුධම‍්මචාරී.

හෙතෙමේ ජරාමරණත් දැන ගණී. ජරාමරණ සමුදයයත් දැන ගණී. ජරාමරණ නිරෝධයත් දැන ගණී. ජරාමරණනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එය ද දැන ගණී. එසේ පිළිපන්නේ නිවණට අනුකූල වූ පිළිවෙතෙහි හැසිරෙන්නේ ද වෙයි.

අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු සබ‍්බසො සම‍්මා දුක‍්ඛක‍්ඛයාය පටිපන‍්නො හොති ජරාමරණනිරොධාය.

මහණෙනි, මේ මහණ තෙමේ හැම අයුරින් මැනවින් දුක් ක්‍ෂය කිරීම පිණිස ජරාමරණ නිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.

අථාපරං පරිවීමංසමානො පරිවීමංසති: “ජාතිපනායං කින‍්නිදානා, කිංසමුදයා, කිංජාතිකා, කිංපභවා, කිස‍්මිං සති ජාති හොති, කිස‍්මිං අසති ජාති න හොතී”ති.

යලි මතු ද පිරික්සන්නේ “මේ ජාතිය කුමක් නිදාන කොට ඇත්තේ ද, කිමෙක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් පභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් නැති කල්හි ජාතිය නො වේ දැ යි” පිරික්සයි.

සො පරිවීමංසමානො එවං පජානාති: “ජාති භවනිදානා, භවසමුදයා, භවජාතිකා, භවප‍්පභවා. භවෙ සති ජාති හොති. භවෙ අසති ජාති න හොතී”ති.

හෙතෙම පිරික්සන්නේ “ජාතිය භවය නිදාන කොට ඇත්තේය. භවය සමුදය කොට ඇත්තේ ය. භවය ජාති කොට ඇත්තේ ය. භවය පභව කොට ඇත්තේ ය. භවය ඇති කල්හි ජාතිය වේ. භවය නැති කල්හි ජාතිය නො වේ” ය යි මෙසේ දැන ගණී.

සො ජාතිං ච පජානාති. ජාතිසමුදයං ච පජානාති. ජාතිනිරොධං ච පජානාති. යා ච ජාතිනිරොධසාරුප‍්පගාමිනී පටිපදා, තං ච පජානාති. තථා පටිපන‍්නො ච හොති අනුධම‍්මචාරී.

හෙතෙමේ ජාතියත් දැන ගණී. ජාතිසමුදයත් දැන ගණී. ජාතිනිරෝධයත් දැන ගණී. ජාතිනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගණී. එසේ පිළිපන්නේ නිවනට අනුකූල පිළිවෙතෙහි හැසිරෙන්නේ ද වේ.

අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු සබ‍්බසො දුක‍්ඛක‍්ඛයාය පටිපන‍්නො හොති ජාතිනිරොධාය.

මහණෙනි, මේ මහණ තෙමේ හැම අයුරින් මැනවින් දුක් ගෙවීම පිණිස ජාතිනිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.

අථාපරං පරිවීමංසමානො පරිවීමංසති: “භවො පනායං කින‍්නිදානො, කිංසමුදයො, කිඤ‍්ජාතිකො, කිම‍්පභවො, කිස‍්මිං සති භවො හොති, කිස‍්මිං අසති භවො න හොතී”ති.

යලි මතු ද පිරික්සන්නේ “මේ භවය වනාහි කිමෙක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කිමෙක් ජාති කොට ඇත්තේ ද, කුමක් පභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් නැති කල්හි භවය නො වේ දැ යි” පිරික්සයි.

සො පරිවීමංසමානො එවං පජානාති: භවො උපාදානනිදානො. උපාදානසමුදයො, උපාදානජාතිකො, උපාදානපභවො. උපාදානෙ සති භවො හොති. උපාදානෙ අසති භවො න හොතීති.

හෙතෙම පිරික්සන්නේ “භවය උපාදාන නිදාන කොට ඇත්තේ ය. උපාදාන සමුදය කොට ඇත්තේ ය. උපාදාන ජාති කොට ඇත්තේ ය. උපාදාන පභව කොට ඇත්තේ ය. උපාදාන ඇති කල්හි භවය වේ. උපාදාන නැති කල්හි භවය නො වේ” ය යි මෙසේ දැන ගණී.

සො භවං ච පජානාති. භවසමුදයං ච පජානාති. භවනිරොධං ච පජානාති. යා ච භවනිරොධසාරුප‍්පගාමිනී පටිපදා, තං ච පජානාති. තථා පටිපන‍්නො ච හොති අනුධම‍්මචාරී.

හෙතෙමේ භවයත් දැන ගණී. භවසමුදයත් දැන ගණී. භවනිරෝධයත් දැන ගණී. භවනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගණී. එසේ පිළිපන්නේ නිවනට අනුකූල පිළිවෙතෙහි පිළිපන්නේ ද වේ.

අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු සබ‍්බසො දුක‍්ඛක‍්ඛයාය පටිපන‍්නො හොති භවනිරොධාය.

මහණෙනි, මේ මහණ තෙමේ හැම අයුරින් මැනවින් දුක් ක්‍ෂය කිරීම පිණිස භවනිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.

අථාපරං පරිවීමංසමානො පරිවීමංසති: උපාදානං පනිදං කින‍්නිදානං -පෙ- තණ‍්හා පනායං කින‍්නිදානා -පෙ- වෙදනා පනායං කින‍්නිදානා -පෙ- ඵස‍්සො පනායං කින‍්නිදානො -පෙ- සළායතනං පනිදං කිංනිදානං -පෙ- නාමරූපං පනිදං කින‍්නිදානං -පෙ- විඤ‍්ඤාණං පනිදං කින‍්නිදානං -පෙ- සඞ‍්ඛාරා පනිමෙ කින‍්නිදානා, කිංසමුදයා, කිඤ‍්ජාතිකා, කිම‍්පභවා, කිස‍්මිං සති සඞ‍්ඛාරා හොන‍්ති, කිස‍්මිං අසති සඞ‍්ඛාරා න හොන‍්තී”ති. සො පරිවීමංසමානො එවං පජානාති: “සඞ‍්ඛාරා අවිජ‍්ජා නිදානා, අවිජ‍්ජාසමුදයා, අවිජ‍්ජාජාතිකා, අවිජ‍්ජාපභවා. අවිජ‍්ජාය සති සඞ‍්ඛාරා හොන‍්ති. අවිජ‍්ජාය අසති සඞ‍්ඛාරා න හොන‍්තීති. සො සඞ‍්ඛාරෙ ච පජානාති. සඞ‍්ඛාරසමුදයංච පජානාති. සඞ‍්ඛාර නිරොධං ච පජානාති. යා ච සඞ‍්ඛාරනිරොධසාරුප‍්පගාමිනී පටිපදා, තං ච පජානාති. තථා පටිපන‍්නො ච හොති අනුධම‍්මචාරී.

යලි මතු ද පිරික්සන්නේ “මේ උපාදාන කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ වේදනාව කුමක් නිදාන කොට ඇත්තේ ද … මේ ස්පර්‍ශය කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ ෂඩායතන කුමක් නිදාන කොට ඇත්තේ ද … මේ නාමරූප කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ විඥානය කුමක් නිදාන කොට ඇත්තේ ද … මේ සංස්කාරයෝ කිමෙක් නිදාන කොට ඇත්තාහු ද, කුමක් සමුදය කොට ඇත්තාහු ද, කිමෙක් ජාති කොට ඇත්තාහු ද, කුමක් පභව කොට ඇත්තාහු ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් නැති කල්හි සංස්කාරයෝ නො වෙද්දැ” යි පිරික්සයි. හෙතෙමේ පිරික්සන්නේ සංස්කාරයෝ අවිද්‍යාව නිදාන කොට ඇතියහ. අවිද්‍යාව සමුදය කොට ඇතියහ. අවිද්‍යාව ජාති කොට ඇතියහ. අවිද්‍යාව පභව කොට ඇතියහ. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙත්. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙ ති” යි මෙසේ දැන ගණී. හෙතෙමේ සංස්කාරයනුත් දැන ගණී. සංස්කාරසමුදයත් දැන ගණී. සංස්කාරනිරොධයත් දැන ගණී. සංස්කාරනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගණී. එසේ පිළිපන්නේ නිවනට අනුකූල පිළිවෙතෙහි හැසිරෙන්නේ ද වේ.

අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු සබ‍්බසො සම‍්මා දුක‍්ඛක‍්ඛයාය පටිපන‍්නො සඞ‍්ඛාරනිරොධාය.

මහණෙනි, මේ මහණ තෙමේ හැම ලෙසින් මැනවින් දුක් ගෙවීම පිණිස සඞ්ඛාරනිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.

අවිජ‍්ජාගතොයං භික‍්ඛවෙ, පුරිසපුග‍්ගලො පුඤ‍්ඤං චෙ සඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, පුඤ‍්ඤොපගං හොති විඤ‍්ඤාණං. අපුඤ‍්ඤං චෙ සඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, අපුඤ‍්ඤොපගං හොති විඤ‍්ඤාණං. ආනෙඤ‍්ජං චෙ සඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, ආනෙඤ‍්ජූපගං හොති විඤ‍්ඤාණං.

මහණෙනි, අවිද්‍යාවෙන් යුක්ත මේ පුද්ගල තෙමේ ඉදින් කුශලසංස්කාර රැස් කෙරේ නම් (කර්‍ම) විඥානය කුශලසහගත වේ. ඉදින් අකුශලසංස්කාර රැස් කෙරේ නම් (කර්‍ම) විඥානය අකුශලසහගත වේ. ඉදින් අරූපාවචරකුශලසංස්කාර රැස් කෙරේ නම් විඥානය අරූපාවචරකුශලසහගත වේ.

යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අවිජ‍්ජා පහීණා හොති විජ‍්ජා උප‍්පන‍්නා, සො අවිජ‍්ජාවිරාගා විජ‍්ජුප‍්පාදා නෙව පුඤ‍්ඤාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. න අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. න ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. අනභිසඞ‍්ඛරොන‍්තො අනභිසඤ‍්චෙතයන‍්තො න කිඤ‍්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස‍්සති. අපරිතස‍්සං පච‍්චත‍්තං යෙව පරිනිබ‍්බායති. ‘ඛීණා ජාති. වුසිතං බ්‍රහ‍්මචරියං. කතං කරණීයං. නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාති.

මහණෙනි, යම් කලෙක පටන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණවූවා වේ ද, (එකල අර්‍හන්මාර්‍ග) විද්‍යාව උපන්නී වෙයි. හෙතෙමේ අවිද්‍යාව තොරවීමෙන් මාර්‍ගඥානසංඛ්‍යාත විද්‍යාව ඉපදීමෙන් කුශලසංස්කාර නො ම රැස් කෙරෙයි. අකුශලසංස්කාර නො ම රැස් කෙරෙයි. අරූපාවචරකුශලසංස්කාර නො ම රැස් කෙරෙයි. කර්‍ම් රැස් නො කරන්නේ සිත නො මෙහෙයවන්නේ ලෝකයෙහි කිසිවක් (තෘෂ්ණාදියෙන්) උපාදානය නො කරයි. උපාදාන නො කරන්නේ (තණ්හාපරිතස්සනා භයපරිතස්සනා වසයෙන්) නො තැති ගණී. නො තැති ගන්නේ තෙමේ ම පිරිනිවේ. ‘ජාතිය ක්‍ෂය වූවා ය. ඹබසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත් බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගණී.

සො සුඛං චෙ වෙදනං වෙදියති, සා අනිච‍්චාති පජානාති. අනජ‍්ඣොසිතාති පජානාති. අනභිනන්‍දිතාති පජානාති. දුක‍්ඛං චෙ වෙදනං වෙදියති, සා අනිච‍්චාති පජානාති. අනජ‍්ඣොසිතාති පජානාති. අනභිනන්‍දිතාති පජානාති. අදුක‍්ඛමසුඛං චෙ වෙදනං වෙදියති, සා අනිච‍්චාති පජානාති. අනජ‍්ඣොසිතාති පජානාති. අනභිනන්‍දිතාති පජානාති.

හෙතෙමේ ඉදින් සුඛවේදනාවක් විඳී නම් එය අනිත්‍ය ය යි දැන ගණී. (තෘෂ්ණාවෙන්) නො බැසගන්නා ලදැ යි දැන ගණී. (අභිනන්‍දන විසින්) නො පිළිගන්නා ලදැ යි දැන ගණී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් එය අනිත්‍ය ය යි දැන ගණී. (තෘෂ්ණාවෙන්) නො බැස ගන්නා ලදැ යි දැන ගණී. නො පිළිගන්නා ලදැ යි දැන ගණී. ඉදින් නො දුක් නො සුව වේදනාවක් විඳී නම් එය අනිත්‍ය ය යි දැන ගණී. නො බැස ගන්නා ලදැ යි දැන ගණී. නො පිළිගන්නා ලදැ යි දැන ගණී.

සො සුඛං චෙ වෙදනං වෙදියති, විසඤ‍්ඤුත‍්තො නං වෙදනං වෙදියති. දුක‍්ඛං චෙ වෙදනං වෙදියති, විසඤ‍්ඤුත‍්තො නං වෙදනං වෙදියති. අදුක‍්ඛමසුඛං චෙ වෙදනං වෙදියති, විසඤ‍්ඤුත‍්තො නං වෙදනං වෙදියති.

හෙතෙමේ ඉදින් සුඛ වේදනාවක් විඳී නම් නො බැඳුනේ ඒ වේදනාව විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් නො බැඳුනේ ඒ වේදනාව විඳී. ඉදින් මැදහත් වේදනාවක් විඳී නම් නො බැඳුනේ ඒ වේදනාව විඳී.

සො කායපරියන‍්තිකං වෙදනං වෙදයමානො කායපරියන‍්තිකං වෙදනං වෙදයාමීති පජානාති. ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදයමානො ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදයාමීති පජානාති. කායස‍්ස භෙදා උද‍්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ‍්බවෙදයිතානි අනභිනන්‍දිතානි සීතී භවිස‍්සන‍්ති. සරීරානි අවසිස‍්සන‍්තීති පජානාති.

හෙතෙමේ කය හිම් කොට ඇති (පඤ්චද්වාරික) වේදනාව විඳින්නේ කය හිම් කොට ඇති වේදනාව විඳිමි යි දැන ගණී. දිවි හිම් කොට ඇති (මනෝද්වාරික) වේදනාව විඳින්නේ දිවිහිමි කොට ඇති වේදනාව විඳිමි යි දැන ගණී. කය බිඳීමෙන් දිවි කෙළවර වන්නට පෙරාතුව මෙලෙව්හි දී ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු සිහිල් වන්නාහු (නොපවත්නා ස්වභාව ඇත්තාහු) ය. ධාතුශරීරයෝ ශේෂ වන්නාහ යි දැන ගණී.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො කුම‍්භකාරපාකා උණ‍්හං කුම‍්භං උද‍්ධරිත්‍වා සමෙ භූමිභාගෙ පතිවිසෙය්‍ය, තත්‍ර යායං උස‍්මා සා තත්‍ථෙව වූපසමෙය්‍ය. කපල‍්ලානි අවසිස‍්සෙය්‍යුං. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු කායපරියන‍්තිකං වෙදනං වෙදියමානො [කායපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති.] ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස‍්ස භෙදා උද‍්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ‍්බවෙදයිතානි අනභිනන්‍දිතානි සීතී භවිස‍්සන‍්ති, සරීරානි අවසිස‍්සන‍්තීති පජානාති.

මහණෙනි, යම්සේ පුරුෂයෙක් උණුසුම් කළයක් කුඹල් උදුනෙන් නගා සමබිමෙක තබා ද, එහි යම් ඒ උණුසුමෙක් වේ ද, එය එහි ම සංසිඳෙන්නේ ය. කබල ශේෂ වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙමේ කය හිම් කොට ඇති වේදනාව විඳින්නේ කය හිම් කොට ඇති වේදනාව විඳිමි යි, දිවි හිම් කොට ඇති වේදනාව විඳින්නේ දිවි හිම් කොට ඇති වේදනාව විඳිමි යි දැන ගණී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමට පෙරාතුව මෙලෙව්හි දී ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු සිහිල් වන්නාහ. ධාතු ශරීරයෝ ශේෂ වන්නාහ යි දැන ගණී.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු ඛො ඛීණාසවො භික‍්ඛු පුඤ‍්ඤාභිසඞ‍්ඛාරං වා අභිසඞ‍්ඛරෙය්‍ය, අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරං වා අභිසඞ‍්ඛරෙය්‍ය, ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරං වා අභිසඞ‍්ඛරෙය්‍යාති?

මහණෙනි, එ කුමැ යි හඟිහු ද? රහත් මහණ තෙමේ කුශලසංස්කාර හෝ රැස් කරන්නේ ද? අකුශලසංස්කාර හෝ රැස් කරන්නේ ද? අරූපාවචරසංස්කාර හෝ රැස් කරන්නේ ද?

‘නො හෙතං භන‍්තෙ.’

‘වහන්ස, මෙය නො වේ ම ය.’

සබ‍්බසො වා පන සඞ‍්ඛාරෙසු අසති සඞ‍්ඛාරනිරොධා අපි නු ඛො විඤ‍්ඤාණං පඤ‍්ඤායෙථාති?

හැම අයුරින් සංස්කාර නැති කල්හි සඞ්ඛාරනිරෝධයෙන් විඥානයෙක් පැණේ ද?

‘නො හෙතං භන‍්තෙ.’

‘වහන්ස, මෙය නො වේ ම ය.’

සබ‍්බසො වා පන විඤ‍්ඤාණෙ අසති විඤ‍්ඤාණනිරොධා අපි නු ඛො නාමරූපං පඤ‍්ඤායෙථාති?

සර්‍වප්‍රකාරයෙන් විඥානය නැති කල්හි විඥානනිරෝධයෙන් නාමරූප පැණේ ද?

‘නො හෙතං භන‍්තෙ.’

‘වහන්ස, මෙය නො වේ ම ය.’

සබ‍්බසො වා පන නාමරූපෙ අසති නාමරූපනිරොධා අපි නු ඛො සළායතනං පඤ‍්ඤායෙථාති?

සර්‍වප්‍රකාරයෙන් නාමරූප නැති කල්හි නාමරූපනිරෝධයෙන් ෂඩායතන පැණේ ද?

‘නො හෙතං භන‍්තෙ.’

‘වහන්ස, මෙය නො වේ ම ය.’

‘සබ‍්බසො වා පන සළායතනෙ අසති සළායතනනිරොධා අපි නු ඛො ඵස‍්සො පඤ‍්ඤායෙථාති?

නිරවශේෂයෙන් ෂඩායතන නැති කල්හි ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශය පැණේ ද?

‘නො හෙතං භන‍්තෙ.’

‘වහන්ස, මෙය නො වේ ම ය.’

සබ‍්බසො වා පන ඵස‍්සෙ අසති ඵස‍්සනිරොධා අපි නු ඛො වෙදනා පඤ‍්ඤායෙථාති?

නිරවශේෂයෙන් ම ස්පර්‍ශය නැති කල්හි ස්පර්‍ශනිරෝධයෙන් වේදනාව පැණේ ද?

‘නො හෙතං භන‍්තෙ.’

‘වහන්ස, මෙය නො වේ ම ය.’

සබ‍්බසො වා පන වෙදනාය අසති වෙදනානිරොධා අපි නු ඛො තණ‍්හා පඤ‍්ඤායෙථාති?

නිරවශේෂයෙන් ම වේදනාව නැති කල්හි වේදනානිරෝධයෙන් තණ්හාව පැණේ ද?

‘නො හෙතං භන‍්තෙ’.

‘වහන්ස, මෙය නො වේ ම ය.’

සබ‍්බසො වා පන තණ‍්හාය අසති තණ‍්හානිරොධා අපි නු ඛො උපාදානං පඤ‍්ඤායෙථාති?

නිරවශේෂයෙන් ම තෘෂ්ණාව නැති කල්හි තෘෂ්ණානිරෝධයෙන් උපාදාන පැණේ ද?

‘නො හෙතං භන‍්තෙ.’

‘වහන්ස, මෙය නො වේ ම ය.’

සබ‍්බසො වා පන උපාදානෙ අසති උපාදානනිරොධා අපි නු ඛො භවො පඤ‍්ඤායෙථාති?

නිරවශේෂයෙන් ම උපාදාන නැති කල්හි උපාදානනිරෝධයෙන් භවය පැණේ ද?

‘නො හෙතං භන‍්තෙ’.

‘වහන්ස, මෙය නො වේ ම ය.’

සබ‍්බසො වා පන භවෙ අසති භවනිරොධා අපි නු ඛො ජාති පඤ‍්ඤායෙථාති?

නිරවශේෂයෙන් ම භවය නැති කල්හි භවනිරෝධයෙන් ජාතිය පැණේ ද?

‘නො හෙතං භන‍්තෙ.’

‘වහන්ස, මෙය නො වේ ම ය.’

සබ‍්බසො වා පන ජාතියා අසති ජාතිනිරොධා අපි නු ඛො ජරාමරණං පඤ‍්ඤායෙථාති?

නිරවශේෂයෙන් ම ජාතිය නැති කල්හි ජාතිනිරෝධයෙන් ජරාමරණ පැණේ ද?

‘නො හෙතං භන‍්තෙ’.

‘වහන්ස, මෙය නො වේ ම ය.’

සාධු සාධු ඛො භික‍්ඛවෙ, එවමෙවෙතං භික‍්ඛවෙ, නෙතං අඤ‍්ඤථා සද‍්දහථ එවමෙවෙතං භික‍්ඛවෙ, අධිමුච‍්චථ. නික‍්කඞ‍්ඛා එත්‍ථ හොථ නිබ‍්බිචිකිච‍්ඡා. එසෙවන‍්තො දුක‍්ඛස‍්සාති.

මහණෙනි, මැනැවි, මැනැවි. මහණෙනි, මෙය මෙසේ ම ය. මෙය අන් අයුරකින් නො වේ. මහණෙනි, මෙය මෙසේ ම යයි අදහවු නිශ්චයට පැමිණෙවු. මෙහි සැක නැත්තෝ පහ වූ විචිකිච්ඡා ඇත්තෝ වවු. මෙය ම දුක් කෙළවර (නිවන) වේ.