යෙදුමෙන් කියවන්න

උපාදානසුත‍්තං

1. 6. 2.

1. 6. 2.

උපාදානසුත‍්තං

උපාදාන සූත්‍රය

52. සාවත්‍ථියං–

52. සැවැත්නුවර–

උපාදානීයෙසු භික‍්ඛවෙ ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො තණ‍්හා පවඩ‍්ඪති. තණ‍්හාපච‍්චයා උපාදානං. උපාදානපච‍්චයා භවො. භවපච‍්චයා ජාති. ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, උපාදානයන්ට ප්‍රත්‍යය වූ ධර්‍මයන් විෂයෙහි ආස්වාදය අනුව බලමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වෙසෙසින් වැඩේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, දසන‍්නං වා කට‍්ඨවාහානං වීසාය වා කට‍්ඨවාහානං තිංසාය වා කට‍්ඨවාහානං චත‍්තාරීසාය වා කට‍්ඨවාහානං මහාඅග‍්ගික‍්ඛන්‍ධො ජලෙය්‍ය, තත්‍ර පුරිසො කාලෙන කාලං සුක‍්ඛානි චෙව තිණානි පක‍්ඛිපෙය්‍ය, සුක‍්ඛානි ච ගොමයානි පක‍්ඛිපෙය්‍ය, සුක‍්ඛානි ච කට‍්ඨානි පක‍්ඛිපෙය්‍ය, එවං හි සො භික‍්ඛවෙ මහාඅග‍්ගික‍්ඛන්‍ධො තදාහාරො තදුපාදානො චිරං දීඝමද‍්ධානං ජලෙය්‍ය.

මහණෙනි, යම්සේ දරගැල් දසයක හෝ දරගැල් විස්සෙක හෝ දරගැල් තිසෙක හෝ දරගැල් සාළිසෙක හෝ මහගිනිකඳෙක් යම්සේ දිලෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි වියළිතණත් බහා ලන්නේ ද, වියළි ගොමත් බහා ලන්නේ ද, වියලි දරත් බහා ලන්නේ ද, මහණෙනි, මෙසේ ඒ මහගිනිකඳ ඒ ආහාර ඇත්තේ උපාදාන ඇත්තේ ඉතා දිගු කලක් දිලෙන්නේ ය.

එවමෙව ඛො භික‍්ඛවෙ, උපාදානීයෙසු ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො තණ‍්හා පවඩ‍්ඪති. තණ‍්හාපච‍්චයා උපාදානං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

උපාදානීයෙසු භික‍්ඛවෙ, ධම‍්මෙසු ආදීනවානුපස‍්සිනො විහරතො තණ‍්හා නිරුජ‍්ඣති. තණ‍්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා -පෙ- ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

මහණෙනි, උපාදානිය ධර්‍මයන්හි දෝෂ නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් ... ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, දසන‍්නං වා කට‍්ඨවාහානං වීසාය වා කට‍්ඨවාහානං තිංසාය වා කට‍්ඨවාහානං චත‍්තාරීසාය වා කට‍්ඨවාහානං මහාඅග‍්ගික‍්ඛන්‍ධො ජලෙය්‍ය, තත්‍ර පුරිසො න කාලෙන කාලං සුක‍්ඛානි චෙව තිණානි පක‍්ඛිපෙය්‍ය. න සුක‍්ඛානි ච ගොමයානි පක‍්ඛිපෙය්‍ය, න සුක‍්ඛානි ච කට‍්ඨානි පක‍්ඛිපෙය්‍ය, එවං හි සො භික‍්ඛවෙ මහාඅග‍්ගික‍්ඛන්‍ධො පුරිමස‍්ස ච උපාදානස‍්ස පරියාදානා අඤ‍්ඤස‍්ස ච අනුපහාරා අනාහාරො නිබ‍්බායෙය්‍ය.

මහණෙනි, දරගැල් දසයක හෝ දරගැල් විස්සෙක හෝ දරගැල් තිසෙක හෝ දරගැල් සාළිසෙක හෝ මහගිනිකඳෙක් යම්සේ දිලෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල වියළි තණත් එහි නො ලන්නේ ද, වියළි ගොමත් එහි නො ලන්නේ ද, වියළි දරත් එහි නො ලන්නේ ද, මහණෙනි, මෙසේ ඒ මහගිනිකඳ පළමු දර දැවීමෙනුත් අනෙක් දර නො ගැණීමෙනුත් ප්‍රත්‍යය රහිත වූයේ නිවෙන්නේ ය.

එවමෙව ඛො භික‍්ඛවෙ, උපාදානීයෙසු ධම‍්මෙසු ආදීනවානුපස‍්සිනො විහරතො තණ‍්හා නිරුජ‍්ඣති. තණ‍්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.

මහණෙනි, එසෙයින්ම උපාදානිය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලුව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.