2. උපාදානසුත්තවණ්ණනා අට්ඨකථා
2. උපාදානසුත්තවණ්ණනා
2. උපාදාන සූත්‍ර වර්ණනාව
දුතියෙ උපාදානියෙසූති චතුන්නං උපාදානානං පච්චයෙසු තෙභූමකධම්මෙසු. අස්සාදානුපස්සිනොති අස්සාදං අනුපස්සන්තස්ස. තත්රාති තස්මිං අග්ගික්ඛන්ධෙ. තදාහාරොති තංපච්චයො. තදුපාදානොති තස්සෙව වෙවචනං. එවමෙව ඛොති එත්ථ අග්ගික්ඛන්ධො විය හි තයො භවා, තෙභූමකවට්ටන්තිපි එතදෙව, අග්ගිජග්ගකපුරිසො විය වට්ටනිස්සිතො බාලපුථුජ්ජනො, සුක්ඛතිණගොමයාදිපක්ඛිපනං විය අස්සාදානුපස්සිනො පුථුජ්ජනස්ස තණ්හාදිවසෙන ඡහි ද්වාරෙහි කුසලාකුසලකම්මකරණං. තිණගොමයාදීසු ඛීණෙසු පුනප්පුනං තෙසං පක්ඛිපනෙන අග්ගික්ඛන්ධස්ස වඩ්ඪනං විය බාලපුථුජ්ජනස්ස උට්ඨාය සමුට්ඨාය යථාවුත්තකම්මායූහනෙන අපරාපරං වට්ටදුක්ඛනිබ්බත්තනං.
දෙවන සූත්‍රයේ “උපාදානීයෙසු” යනු ත්‍රෛභූමික ධර්ම වූ ප්‍රත්‍යයන් කෙරෙහි පවතින උපාදාන සතරෙහිය. “අස්සාදානුපස්සිනො” යනු ආශ්වාදය අනුව බලන්නාටයි. “තත්ර” යනු ඒ ගිනිකඳෙහිය. “තදාහාරො” යනු ඊට ප්‍රත්‍ය වේ. හේතුවේ යනුයි. “තදාපාදානො” යනු පෙර පදයට ම සමාන පදයකි. “එවමෙව ඛො” යන මෙහි ගිනිකඳ මෙන් ත්‍රිවිධ භවයන් දතයුතුය. ත්‍රෛභූමික සසර පැවැත්ම (ඊට සමානය. ගිනිදල්වන පුරුෂයා මෙන් සසර පැවැත්ම ඇසුරු කරගත් බාල පුහුදුන් පුද්ගලයා දතයුතුයි. ආශ්වාදය අනුව බලමින් පුහුදුන් පුද්ගලයා තන්හාදී ක්ලේශ ධර්ම ඉන්ද්රිය සයෙන්ම රැස්කිරිම, ගින්නට වේළුණු තණ-ගොම ආදිය දැමීම මෙනි. තණ-ගොම ආදිය ක්ෂය වූ කල්හි නැවත නැවත ඒවා දැමීමෙන් ගිනිකඳ වැඩෙන්නාක් මෙන් බාල පුහුදුන් පුද්ගලයාගේ කර්ම රැස්කිරීම නිසා ඉපිද-මැරෙමින් භවයෙන් භවයට පවතින සංසාරික වූ දුක ඇතිවේ. හටගනියි.
න කාලෙන කාලං සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්යාති තඤ්හි කොචි අත්ථකාමො එවං වදෙය්ය – “භො කස්මා උට්ඨාය සමුට්ඨාය කලාපෙ බන්ධිත්වා සුක්ඛතිණකට්ඨානං පච්ඡියඤ්ච පූරෙත්වා සුක්ඛගොමයානි පක්ඛිපන්තො එතං අග්ගිං ජාලෙසි? අපි නු තෙ අත්ථි ඉතොනිදානං කාචි වඩ්ඪීති? වංසාගතමෙතං භො අම්හාකං, ඉතොනිදානං පන මෙ අවඩ්ඪියෙව, කුතො වඩ්ඪි? අහඤ්හි ඉමං අග්ගිං ජග්ගන්තො නෙව න්හායිතුං න භුඤ්ජිතුං න නිපජ්ජිතුං ලභාමීති. තෙන හි භො කිං තෙ ඉමිනා නිරත්ථකෙන අග්ගිජාලනෙන? එහි ත්වං එතානි ආභතානි තිණාදීනි එත්ථ නික්ඛිප, තානි සයමෙව ඣායිස්සන්ති, ත්වං පන අසුකස්මිං ඨානෙ සීතොදකා පොක්ඛරණී අත්ථි, තත්ථ න්හත්වා, මාලාගන්ධවිලෙපනෙහි අත්තානං මණ්ඩෙත්වා සුනිවත්ථො සුපාරුතොව පාදුකාහි නගරං පවිසිත්වා පාසාදවරමාරුය්හ වාතපානං විවරිත්වා මහාවීථියං විරොචමානො නිසීද එකග්ගො සුඛසමප්පිතො හුත්වා, තත්ථ තෙ නිසින්නස්ස තිණාදීනං ඛයෙන සයමෙව අයං අග්ගි අප්පණ්ණත්තිභාවං ගමිස්සතී”ති. සො තථා කරෙය්ය. තථෙව ච තත්ථ නිසින්නස්ස සො අග්ගි උපාදානක්ඛයෙන අප්පණ්ණත්තිභාවං ගච්ඡෙය්ය. ඉදං සන්ධායෙතං “න කාලෙන කාල”න්තිආදි වුත්තං.
“න කාලෙන කාලං සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්ය” යන මෙහි කිසියම් යහපත කැමති අයෙක් මෙසේ කියයි. “පින්වතුනි! නැගිට-සොයමින් වියළි තණ -දර ආදිය මිටි වශයෙන් බැඳ,වියළි ගොම ආදිය ද කූඩවලට පුරවාගෙන, මෙසේ ගිනි දල්වනුයේ කුමටද? මෙනිසා නුඹට ඇතිවන යහපතක් තිබේද? මින් ප්‍රයෝජනයක් තිබේද?” “පින්වත! එවැන්නක් නැත. මෙය අපගේ පරපුරින් පැමිණියකි. මෙයින් මට සිදුවනුයේ අවැඩක්ම ය. කවර යහපතක් ලැබේද? මම මේ ගිනිදැල්වීමෙහිම යෙදී සිටීම නිසා නෑමට, කෑමට, නිදාගැනීමට අවසරයක් නොලබමි”යි ගිනිදල්වන්නා පවසයි. එවිට යහපත කැමැත්තා “පින්වත! එසේනම්, නුඹ මේ නිරර්ථක වූ ගිනිදැල්වීම කුමකට කරනේන්ද? එන්න. නුඹ මේ රැස්කර ගෙනා තණ ආදිය මෙහිම දැමූ විට ඒවා ඉබේම දැවෙන්නේය. නුඹ මේ ගිනි ඇවිලීම අත්හැර, අසුවල් තැන ඇති සිසිල් දිය පොකුණින් නා, මල් ගඳ විළවුන් දරාගෙන, සැරසී මැනවින් හැඳ පොරවාගෙන, අගනා පාවහන් යුවලක් දමාගෙන නගරයට පිවිස, උතුම් පහයකට නැගී, වා කවුළු හැරදමා මහපාර දෙස සන්සුන්ව, සැපයෙන් යුක්තව විමසා බලමින් හිඳින්න. නුඹ එසේ සැපෙන් සිටි කල්හි මේ ගින්නට දැමූ තණ ආදී සියලු ද්‍රව්‍ය තමාම දැවී අප්රඤ්ප්ති බවට පත්වන්නේය. ක්ෂය වී යන්නේය.” ගිනි දල්වන්නා මේ අවවාදය අනුව කටයුතු කරයි නම්, පහයේ හුන් ඔහුට ගින්න උපාදාන වශයෙන් නොගැනීම නිසා අනියම් බවට (අප්රඥප්ති) පත්වන්ය. මේ කාරණය දැක්වීම සඳහා “න කාලෙන කාලං” යනාදිය පැවසූ ස්ක.
එවමෙව ඛොති එත්ථ පන ඉදං ඔපම්මසංසන්දනං – චත්තාලීසාය කට්ඨවාහානං ජලමානො මහාඅග්ගික්ඛන්ධො විය හි තෙභූමකවට්ටං දට්ඨබ්බං, අග්ගිජග්ගනකපුරිසො විය වට්ටසන්නිස්සිතකො යොගාවචරො, අත්ථකාමො පුරිසො විය සම්මාසම්බුද්ධො, තෙන පුරිසෙන තස්ස දින්නඔවාදො විය තථාගතෙන “එහි ත්වං, භික්ඛු, තෙභූමකධම්මෙසු නිබ්බින්ද, එවං වට්ටදුක්ඛා මුච්චිස්සසී”ති තස්ස තෙභූමකධම්මෙසු කම්මට්ඨානස්ස කථිතකාලො, තස්ස පුරිසස්ස යථානුසිට්ඨං පටිපජ්ජිත්වා පාසාදෙ නිසින්නකාලො විය යොගිනො සුගතොවාදං සම්පටිච්ඡිත්වා සුඤ්ඤාගාරං පවිට්ඨස්ස තෙභූමකධම්මෙසු විපස්සනං පට්ඨපෙත්වා අනුක්කමෙන යථානුරූපං ආහාරසප්පායාදිං ලභිත්වා, එකාසනෙ නිසින්නස්ස අග්ගඵලෙ පතිට්ඨිතකාලො, තස්ස න්හානවිලෙපනාදීහි සුධොතමණ්ඩිතකායත්තා තස්මිං නිසින්නස්ස එකග්ගසුඛසමප්පිතකාලො විය යොගිනො අරියමග්ගපොක්ඛරණියං මග්ගඤාණොදකෙන සුන්හාතසුධොතකිලෙසමලස්ස හිරොත්තප්පසාටකෙ නිවාසෙත්වා සීලවිලෙපනානුලිත්තස්ස අරහත්තමණ්ඩනෙන අත්තභාවං මණ්ඩෙත්වා විමුත්තිපුප්ඵදාමං පිළන්ධිත්වා ඉද්ධිපාදපාදුකා ආරුය්හ නිබ්බානනගරං පවිසිත්වා ධම්මපාසාදං ආරුය්හ සතිපට්ඨානමහාවීථියං විරොචමානස්ස නිබ්බානාරම්මණං ඵලසමාපත්තිං අප්පෙත්වා නිසින්නකාලො. තස්ස පන පුරිසස්ස තස්මිං නිසින්නස්ස තිණාදීනං ඛයෙන අග්ගික්ඛන්ධස්ස අප්පණ්ණත්තිගමනකාලො විය ඛීණාසවස්ස යාවතායුකං ඨත්වා උපාදිණ්ණකක්ඛන්ධභෙදෙන අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතස්ස මහාවට්ටවූපසමො දට්ඨබ්බො.
“එවමෙව ඛො” යනු මෙම සූත්‍රයේ උපමා සන්සන්දනයයි. සතළිසක් පමණ දර ආදියෙන් දැල්වෙන මහ ගිනිකඳ මෙන්, ත්‍රෛභූමික වූ සසර පැවැත්ම දැකිය යුතුය. ගිනිදල්වන පුරුෂයා මෙන්, සසර පැවැත්ම ආශ්‍රය කරගත් යෝගාවචරයා ද යහපත කැමති පුරුෂයා මෙන් සම්මා සම්බුදු රජාණන් වහන්සේද, ඒ පුරුෂයා විසින් දුන් අවවාද මෙන් තථාගතයන් වහන්සේ විසින් “මහණ මෙහි එව! ත්‍රෛභූමික ධර්මයන්හි කළකිරෙව! මේ අයුරින් ක්‍රියාකොට සසර දුකින් මිදෙව!”යි ඔහුට ත්‍රෛභූමික ධර්මයන්හි කළකිරවන කමටහන් දෙසූ අවස්ථාව ද දතයුතුයි. ඒ ගිනි පිදූ පුරුෂයා එම අවවාද අනුවම ක්‍රියාකර පහයේ සුවසේ සිටි අවස්ථාව මෙන් යෝගාවචරයා සුගතයන් වහන්සේන්ගේ අවවාද පිළිගෙන ශුන්‍යාගාරයට පිවිස, ත්‍රෛභූමික ධර්මයන්හි විදසුන් වඩා අනුක්රමයෙන් සුදුසු වූ ආහාර-පානාදිය ලැබ, එක අසුනකම හිඳ ලැබූ රහස්ඵලය ඇති අවස්ථාව දතයුතුය. ඒ ගිනිපිදූ පුරුෂයා -නා-සුවඳ විලවුන් දරාගෙන පිරිසිදු-අලංකාර වූ කයින්, ඒ පහයේ සිටි අවස්ථාව මෙන් - යෝගාවචරයා, ආර්යමාර්ග නම් පොකුණෙහි මාර්ග ඤාණ නම් දියෙන් මැනවින් නා පිරිසිදු වී කෙලෙස් දූවිලි සෝදාහැර, ලැජ්ජා-බිය නමැති සළුව පොරවාගෙන, ශීලය නම් සුවඳවිළවුන් තවරාගෙන, රහත්බව නම් ආභරණයන්ගෙන් ආත්මභාවය අලංකාර කරගෙන, විමුක්තිය නම් මල්දම පැළඳගෙන, ඍද්ධිපාද නම් පාවහන්වලට නැගී නිවන නම් පුරයට පිවිස, පහයට නැගී සතිපට්ඨාන නම් බබළන මහා වීථිය දෙස බලාගෙන, නිර්වාණ අරමුණෙහි ඵල සමාපත්තියට පැමිණ සිටි කාලය හෙවත් අවස්ථාව දතයුතුයි. එහි හුන් පුරුෂයාට තෘෂ්ණාදිය ක්ෂය වී යෑමෙන් “ගිනිකඳ නැත” යන ප්රඥප්තියට පැමිණි අවස්ථාව මෙන්, රහතන් වහන්සේ තම ආයුෂ අවසන් වන තෙක් සිට තමන්ගේ යැයි ගත් ස්කන්ධයන්ගේ බිඳීයෑමෙන්-අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි උතුමහුගේ සසර පැවැත්ම නම් වූ මහා චක්‍රය සන්සිඳුනේය යැයි දතයුතුයි.
දුතියං.
දෙවන සුත්‍රයයි.
3. සඤ්ඤොජනසුත්තවණ්ණනා
3. සංයොජන සූත්‍ර වර්ණනාව
තතියෙ සංයොජනියෙසූති දසන්නං සංයොජනානං පච්චයෙසු. ඣායෙය්යාති ජලෙය්ය. තෙලං ආසිඤ්චෙය්ය වට්ටිං උපසංහරෙය්යාති දීපපටිජග්ගනත්ථං තෙලභාජනඤ්ච මහන්තඤ්ච වට්ටිකපාලං ගහෙත්වා සමීපෙ නිච්චං ඨිතොව තෙලෙ ඛීණෙ තෙලං ආසිඤ්චෙය්ය, වට්ටියා ඛීණාය වට්ටිං උපසංහරෙය්ය.
තෙවැනි සූත්‍රයේ “යොසංජනියෙසු” යනු දස සංයෝජන ධර්මයන්හිය. “ඣායෙයිය්යාති” යනු දල්වන්නේය යනුයි. “තෙලං ආසිඤ්චෙය්ය වට්ටිං’ උපහරෙය්ය” යනු පහන ආරක්ෂා කරගැනීමට තෙල් බඳුනක් ද මහත් වූ පහන්තිර ද ගෙන සමීපයේ නිතර හිඳ තෙල් සිඳෙනවිට තෙල් දමයි. වැටිය ගෙවීයන විට තව වැටියක් දමයි යනුයි.
සෙසමෙත්ථ සද්ධිං ඔපම්මසංසන්දනෙන පුරිමනයෙනෙව වෙදිතබ්බං.
සෙසු පදයන්ගේ අර්ථ සමග උපමා සන්සන්දනය මුලින් පැවසූ සූත්‍රය සමග ගලපා දතයුතුය.
තතියං.
තෙවන සූත්‍රයයි.
4. දුතිය සඤ්ඤොජනසුත්තවණ්ණනා
4. දුතිය සංයොජන සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ උපමං පඨමං කත්වා පච්ඡා අත්ථො වුත්තො. සෙසං තාදිසමෙව.
සිවුවන සූත්‍රයේ - පළමුව උපමාව පවසා, පසුව අර්ථය දක්වන ලදී. ඉතිරි පද අර්ථ පළමු සූත්‍රයේ මෙනි.
චතුත්ථං.
සිවුවන සූත්‍රයයි.
5. මහාරුක්ඛසුත්තවණ්ණනා
5. මහාරුක්ඛ සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ උද්ධං ඔජං අභිහරන්තීති පථවීරසඤ්ච ආපොරසඤ්ච උපරි ආරොපෙන්ති. ඔජාය ආරොපිතත්තා හත්ථසතුබ්බෙධස්ස රුක්ඛස්ස අඞ්කුරග්ගෙසු බින්දුබින්දූනි විය හුත්වා සිනෙහො තිට්ඨති. ඉදං පනෙත්ථ ඔපම්මසංසන්දනං – මහාරුක්ඛො විය හි තෙභූමකවට්ටං, මූලානි විය ආයතනානි, මූලෙහි ඔජාය ආරොහනං විය ඡහි ද්වාරෙහි කම්මාරොහනං, ඔජාය අභිරුළ්හත්තා මහාරුක්ඛස්ස යාවකප්පට්ඨානං විය වට්ටනිස්සිතබාලපුථුජ්ජනස්ස ඡහි ද්වාරෙහි කම්මං ආයූහන්තස්ස අපරාපරං වට්ටස්ස වඩ්ඪනවසෙන දීඝරත්තං ඨානං.
පස්වන සූත්‍රයේ “උද්ධං ඔජං අභිහරන්ති” යනු පඨවි රසය ද ආපෝ රසය ද උඩට ගෙනයයි. ඕජාවෙන් (සාරයෙන්) නැගුණු බැවින් රියන් සතක් උසැති ගසේ අංකුර අග් හි බින්දු බින්දු මෙන් වී සාරය පිහිටයි. මෙහි උපමා සන්සන්දනය මෙසේය. මහගස මෙන් ත්‍රෛභූමික සංසාරික පැවැත්ම දතයුතුයි. ගසේ මුල් මෙන් සවැදෑරුම් ආයතන දතයුතුයි. මුල්වලින් සාරය උඩට නැගීමෙන්, සදොරින් ක්‍රියාවන් නැගීමත්, ඕජාවෙන් මනාව වැඩුණු මහගසෙහි පැවතීම මෙන් සත්ත්වයාගේ සංසාරික පැවැත්ම ආශ්රිත වූ පුහුදුන් පුද්ගලයා සදොරින් කර්ම රැස්කිරීම නිසා භවයෙන් භවයට යමින් දීර්ඝ සංසාරයේ සැරිසැරීමත් දතයුතුයි.
කුද්දාලපිටකන්ති කුද්දාලඤ්චෙව පච්ඡිභාජනඤ්ච. ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්යාති ඛුද්දකමහන්තානි ඛණ්ඩාඛණ්ඩානි කරොන්තො ඡින්දෙය්ය. ඉදං පනෙත්ථ ඔපම්මසංසන්දනං –
“කුද්දාල පිටකං” යනු උදැල්ලක් ද කූඩයක් ද යනුයි. “ඛණ්ඩා ඛණ්ඩිකං ජිනෙදය්ය” යනු කුඩා-මහත් වශයෙන් කඩ කරමින් සිඳින්නේය යනුයි. මේ දැක් කෙරුණේ උපමා සන්සන්දනය මෙසේ දතයුතුයි.
ඉධාපි හි මහාරුක්ඛො විය තෙභූමකවට්ටං, රුක්ඛං නාසෙතුකාමො පුරිසො විය යොගාවචරො, කුද්දාලො විය ඤාණං, පච්ඡි විය සමාධි, රුක්ඛච්ඡෙදනඵරසු විය ඤාණං, රුක්ඛස්ස මූලෙ ඡින්නකාලො විය යොගිනො ආචරියසන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා මනසිකරොන්තස්ස පඤ්ඤා, ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දනකාලො විය සඞ්ඛෙපතො චතුන්නං මහාභූතානං මනසිකාරො, ඵාලනං විය ද්වෙචත්තාලීසාය කොට්ඨාසෙසු විත්ථාරමනසිකාරො, සකලිකං සකලිකං කරණකාලො විය උපාදාරූපස්ස චෙව රූපක්ඛන්ධාරම්මණස්ස විඤ්ඤාණස්ස චාති ඉමෙසං වසෙන නාමරූපපරිග්ගහො, මූලානං උපච්ඡෙදනං විය තස්සෙව නාමරූපස්ස පච්චයපරියෙසනං, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහනකාලො විය අනුපුබ්බෙන විපස්සනං වඩ්ඪෙත්වා අඤ්ඤතරං සප්පායං ලභිත්වා කම්මට්ඨානෙ විභූතෙ උපට්ඨහමානෙ එකපල්ලඞ්කෙ නිසින්නස්ස සමණධම්මං කරොන්තස්ස අග්ගඵලප්පත්ති, මසිකරණං විය අරහත්තප්පත්තදිවසෙයෙව අපරිනිබ්බායන්තස්ස යාවතායුකං ඨිත කාලො, මහාවාතෙ ඔපුනනං නදියා පවාහනං විය ච උපාදිණ්ණකක්ඛන්ධභෙදෙන අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතස්ස වට්ටවූපසමො වෙදිතබ්බො.
මෙහි මහා වෘක්ෂය මෙන් සත්ත්වයාගේ සංසාරික වූ ත්‍රෛභූමික පැවැත්ම දතයුතුයි. ගස සිඳීමට කැමති පුරුෂයා මෙන් යෝගාවචරයා ද උදැල්ල මෙන් ප්‍රඥාව ද කූඩය මෙන් සමාධිය ද ගස සිඳීමට උපකාර වන පොරව මෙන් සිහිනුවණ ද දතයුතුයි. ගසේ මුල සිඳි අවස්ථාව මෙන් යෝගාවචරයා ආර්යයන් වෙතින් කමටහන් ගෙන සිහිකරන අවස්ථාවේ ඇතිවන ප්‍රඥාව දතයුතුයි. කඩකඩව සිඳින කාලය (අවස්ථාව) මෙන් සංක්ෂිප්ත වශයෙන් සිවුමහාභූත සිහිකිරීමේ අවස්ථාව දතයුතුයි. ගස පැලීම මෙන් සතලිස් දෙකක් වූ කොට්ඨාශයන්හි පැතිරවූ මෙනෙහි කිරීම දතයුතුයි. රුක කැබලි කැබලි බවට පත්කරන අවස්ථාව මෙන් උපාදාය රූපයේ මෙන් ම රූපස්කන්ධ ආරම්මණයේ ද විඤඤාණයේ ද යන ලෙස නාමරූප ධර්ම විමසීම දතයුතුයි. මුල් සිඳ දැමීම මෙන් ඒ නාමරූපයන්ගේ ප්‍රත්‍ය පරික්ෂා කිරීම දතයුතුයි. මුල් සිඳ අව්වේ හා සුළගේ දමා වේලා, ගින්නේ දවන අවස්ථාව මෙන් අනුපිළිවෙලින් විදසුන් වඩා එක් සුදුසු කමටහනක් ලැබ, එය ප්රකටව එළඹ සිටි කල්හි, එක් අසුනක හිඳ ශ්‍රමණ ධර්ම කරන්නාගේ රහත් ඵලයට පත්වීමේ අවස්ථාව දතයුතුයි. හළු කිරීම මෙන් රහත්බවට පත්වූ දිනයේ සිට පිරිනිවන් නොපා සිටින රහතන් වහන්සේන්ගේ ජීවිතාවසානය දක්වා සිටින අවස්ථාව දතයුතුයි. මහ සුළඟෙහි එම හළු පොළා හැරීම, ගඟෙහි පාකර හැරීම මෙන් තමාගේ යැයි උපාදාන කරත් ස්කන්ධ බිඳීයෑමෙන් අනුපදිශේෂ වූ නිර්වාණ ධාතුවෙන් පිරිනිවුණු රහතන් වහන්සේගේ, සංසාරික පැවැත්ම-සංසඳීම, නැතිව යෑම දැනගත යුතුය.
පඤ්චමං.
පස්වන සූත්‍රය යි.
6. දුතිය මහාරුක්ඛසුත්තවණ්ණනා
6. දුතිය මහාරුක්ඛ සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙපි උපමං පඨමං වත්වා පච්ඡා අත්ථො වුත්තො, ඉදමෙව නානත්තං.
සයවන සූත්‍රයේ ද පළමුව උපමාව පවසා, පසුව දහම් කරුණ පවසන ලදී. ඉහත සූත්‍රයට වඩා මෙම සූත්‍රයේ ඇති වෙනස වනුයේ එය පමණි.
ඡට්ඨං.
සයවන සූත්‍රයයි.
7. තරුණරුක්ඛසුත්තවණ්ණනා
7. තරුණරුක්ඛ සූත්‍ර වර්ණනාව
සත්තමෙ තරුණොති අජාතඵලො. පලිමජ්ජෙය්යාති සොධෙය්ය. පංසුං දදෙය්යාති ථද්ධඵරුසපංසුං හරිත්වා මුදුගොමයචුණ්ණමිස්සං මධුරපංසුං පක්ඛිපෙය්ය. වුද්ධින්ති වුද්ධිං ආපජ්ජිත්වා පුප්ඵූපගො පුප්ඵං, ඵලූපගො ඵලං ගණ්හෙය්ය. ඉදං පනෙත්ථ ඔපම්මසංසන්දනං – තරුණරුක්ඛො විය හි තෙභූමකවට්ටං, රුක්ඛජග්ගකො පුරිසො විය වට්ටනිස්සිතො පුථුජ්ජනො, මූලඵලසන්තානාදීනි විය තීහි ද්වාරෙහි කුසලාකුසලකම්මායූහනං, රුක්ඛස්ස වුඩ්ඪිආපජ්ජනං විය පුථුජ්ජනස්ස තීහි ද්වාරෙහි කම්මං ආයූහතො අපරාපරං වට්ටප්පවත්ති. විවට්ටං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
සත්වන සූත්‍රයේ “තරුණො” යනු මල් හා ඵල හටනොගත් යනුයි. “පලිසන්ථය්ය” යනු සෝදාහරින්නේය. “පංසුං දදෙය්ය” යනු තද -රළු පස් ඉවත්කර මුදු ගොම කුඩු මිශ්‍ර වූ සිනිඳු පස් දමන්ය. “වුද්ධිං” අභිවෘද්ධියට පැමිණ. ඵලහටගන්නා ගස්වල ඵල ද මල් හටගන්නා ගස්වල මල් ද හටගනේය. මෙහි එන උපමා සන්සන්දනය මෙසේය. තරුණ ගස මෙන් ත්‍රෛභූමික වූ සංසාරික පැවැත්ම දතයුතුයි. ගසට සත්කාර කරන පුරුෂයා මෙන් සංසාරික පැවැත්මෙහි නියැලී සිටින පුහුදුන් පුද්ගලයා දතයුතුයි. මුල් ශුද්ධකිරීම් ආදිය මෙන් තිදොරින් කුසලාකුසල කර්ම රැස්කිරිම දතයුතුයි. ගසේ වර්ධනය මෙම හේතුන් නිසා සිදුවීම මෙන් පුහුදුන් පුද්ගලයා භවයෙන් භවයට යමින් සසර සැරිසැරීම දතයුතුයි. සසර නැවැත්ම, එම ගසේ විනාශය මෙන් දතයුතුයි.
සත්තමං.
සත්වන සූත්‍රයයි.
8-9. නාමරූපසුත්තාදිවණ්ණනා
8-9. නාමරූප ආදි සූත්‍ර වර්ණනා
අට්ඨමනවමානි උත්තානත්ථානෙව.
අටවන හා නවවන සූත්‍ර දෙකෙහි අර්ථ ඉතා ප්රකටය.