යෙදුමෙන් කියවන්න

තරුණරුක‍්ඛසුත‍්තං

1. 6. 7.

1. 6. 7.

තරුණරුක‍්ඛසුත‍්තං

තරුණරුක්ඛ සූත්‍රය

57. සාවත්‍ථියං–

57. සැවැත්නුවර–

සඤ‍්ඤොජනීයෙසු භික‍්ඛවෙ, ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො තණ‍්හා පවඩ‍්ඪති. තණ‍්හාපච‍්චයා උපාදානං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, තරුණෙ රුක‍්ඛො. තස‍්ස පුරිසො කාලෙන කාලං මූලානි පලිසත්‍ථෙය්‍ය. කාලෙන කාලං පංසුං දදෙය්‍ය. කාලෙන කාලං උදකං දදෙය්‍ය. එවං හි සො භික‍්ඛවෙ තරුණො රුක‍්ඛො තදාහාරො තදුපාදානො වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍ය.

මහණෙනි, යම්සේ තරුණ රුකෙක් වේ ද, පුරුෂයෙක් කලින් කල එහි මුල් සුද්ධ කරන්නේ ද, කලින් කල පස් පොහොර දෙන්නේ ද, කලින් කල ජලය දෙන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තරුණ රුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ වැඩීමට හටගත් මුල් ඇති බවට මහත් බවට පැමිණෙන්නේ ය.

එවමෙව ඛො භික‍්ඛවෙ, සඤ‍්ඤොජනීයෙසු ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො තණ‍්හා පවඩ‍්ඪති. තණ‍්හාපච‍්චයා උපාදානං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

සඤ‍්ඤොජනීයෙසු භික‍්ඛවෙ, ධම‍්මෙසු ආදීනවානුපස‍්සිනො විහරතො තණ‍්හා නිරුජ‍්ඣති. තණ‍්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දක්නා සුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, තරුණො රුක‍්ඛො, අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය කුද‍්දාලපිටකං ආදාය. සො තං රුක‍්ඛං මූලෙ ඡින්‍දෙය්‍ය. මූලෙ ඡෙත්‍වා පලිඛණෙය්‍ය. පලිඛණිත්‍වා මූලානි උද‍්ධරෙය්‍ය අන‍්තමසො උසීරනාළමත‍්තානිපි. සො තං රුක‍්ඛං ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින්‍දෙය්‍ය. ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡෙත්‍වා ඵාලෙය්‍ය. ඵාලෙත්‍වා සකලිකං සකලිකං කරෙය්‍ය. සකලිකං සකලිකං කරිත්‍වා වාතාතපෙ විසොසෙය්‍ය, වාතාතපෙ විසොසෙත්‍වා අග‍්ගිනා ඩහෙය්‍ය. අග‍්ගිනා ඩහෙත්‍වා මසිං කරෙය්‍ය. මසිං කරිත්‍වා මහාවාතෙ වා ඔපුනෙය්‍ය. නදියා වා සීඝසොතාය පවාහෙය්‍ය. එවං හි සො භික‍්ඛවෙ තරුණො රුක‍්ඛො උච‍්ඡින‍්නමූලො අස‍්ස තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො.

මහණෙනි, යම්සේ තරුණ රුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා යටත්පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූ ද මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවු සුළඟෙහි වියලන්නේ ය. අවු සුළඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලඟෙහි හෝ පොලා හරින්නේ ය. සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ තරුණ රුක උසුන්මුල් ඇත්තේ හිස්සුන් තල්රුකක් මෙන් කරණ ලද්දේ නැවත නො වැඩෙන බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.

එවමෙව ඛො භික‍්ඛවෙ, සඤ‍්ඤොජනීයෙසු ධම‍්මෙසු ආදීනවානුපස‍්සිනො විහරතො තණ‍්හා නිරුජ‍්ඣති. තණ‍්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.

මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දක්නාසුලු ව වසන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.