නාමරූපසුත්තං
1. 6. 8.
1. 6. 8.
නාමරූපසුත්තං
නාමරූප සූත්රය
58. සාවත්ථියං–
58. සැවැත්නුවර–
සඤ්ඤොජනීයෙසු භික්ඛවෙ, ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො නාමරූපස්ස අවක්කන්ති හොති. නාමරූපපච්චයා සළායතනං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
මහණෙනි, සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ බැසගැණීම වේ. නාමරූපප්රත්යයයෙන් ෂඩායතන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
සෙය්යථාපි භික්ඛවෙ, මහාරුක්ඛො. තස්ස යානි චෙව මූලානි අධොගමානි, යානි ච තිරියංගමානි, සබ්බානි තානි උද්ධං ඔජං අභිහරන්ති. එවං හි සො භික්ඛවෙ මහාරුක්ඛො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජාව උඩට ගෙණ යේ. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් සිටුනේ ය.
එවමෙව ඛො භික්ඛවෙ, සඤ්ඤොජනීයෙසු ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො නාමරූපස්ස අවක්කන්ති හොති නාමරූප පච්චයා සළායතනං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
මහණෙනි, එසෙයින්ම සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ පහළ වීම වේ. නාමරූපප්රත්යයයෙන් ෂඩායතන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
සඤ්ඤොජනීයෙසු භික්ඛවෙ, ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො නාමරූපස්ස අවක්කන්ති න හොති. නාමරූපනිරොධා සළායතනනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
මහණෙනි, සංයෝජනීය ධර්මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ පහළවීම නො වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
සෙය්යථාපි භික්ඛවෙ, මහාරුක්ඛො. අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය -පෙ- ආයතිං අනුප්පාදධම්මො.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි උදැල්ලක් හා පැසක් ගෙණ පුරුෂයෙක් එන්නේ ය ... මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වේ.
එවමෙව ඛො භික්ඛවෙ, සඤ්ඤොජනීයෙසු ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො නාමරූපස්ස අවක්කන්ති න හොති. නාමරූපනිරොධා සළායතනනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්මයන්හි දෝෂය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ බැසගැණීම නො වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.