යෙදුමෙන් කියවන්න

විඤ‍්ඤාණසුත‍්තං

1. 6. 9.

1. 6. 9.

විඤ‍්ඤාණසුත‍්තං

විඤ්ඤාණ සූත්‍රය

59. සාවත්‍ථියං–

59. සැවැත්නුවර–

සඤ‍්ඤොජනීයෙසු භික‍්ඛවෙ, ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො විඤ‍්ඤාණස‍්ස අවක‍්කන‍්ති හොති. විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ බැසගැණීම වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාරුක‍්ඛො. තස‍්ස යානි චෙව මූලානි [අධොගමානි] -පෙ- [දීඝමද‍්ධානං තිට‍්ඨෙය්‍ය.]

මහණෙනි, යම්සේ මහ රුකෙක් වේ ද, එහි යට බස්නා යම් මුලුත් වේ ද, ... [බොහෝ දිගුකලක් සිටුනේ ය].

එවමෙව ඛො භික‍්ඛවෙ, සඤ‍්ඤොජනීයෙසු ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො විඤ‍්ඤාණස‍්ස අවක‍්කන‍්ති හොති. විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ පහළවීම වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.

සඤ‍්ඤොජනීයෙසු භික‍්ඛවෙ, ධම‍්මෙසු ආදීනවානුපස‍්සිනො විහරතො විඤ‍්ඤාණස‍්ස අවක‍්කන‍්ති න හොති. විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ බැසගැණීම නො වේ. විඤ්ඤාණයාගේ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාරුක‍්ඛො. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය -පෙ- ආයතිං අනුප‍්පාදධම‍්මො.

මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් එන්නේ ය ... මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වේ.

එවමෙව ඛො භික‍්ඛවෙ, සඤ‍්ඤොජනීයෙසු ධම‍්මෙසු ආදීනවානුපස‍්සිනො විහරතො විඤ‍්ඤාණස‍්ස අවක‍්කන‍්ති න හොති. විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.

මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ පහළවීම නො වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.