යෙදුමෙන් කියවන්න

නිදාන පටිච‍්චසමුප‍්පාද සුත‍්තං

1. 6. 10.

1. 6. 10.

නිදාන [පටිච‍්චසමුප‍්පාද] සුත‍්තං

නිදාන [පටිච්චසමුප්පාද] සූත්‍රය

60. එකං සමයං භගවා කුරූසු විහරති කම‍්මාස‍්සදම‍්මං නාම කුරූනං නිගමො. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, යාව ගම‍්භීරො චායං භන‍්තෙ, පටිච‍්චසමුප‍්පාදො ගම‍්භීරාවභාසො ච, අථ ච පන මෙ උත‍්තානකුත‍්තානකො විය ඛායතීති.

60. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මාස්සදම්ම නම් කුරූන්ගේ නියම්ගම්හි වැඩවෙසෙන සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු ය. ගැඹුරු වූයේ ම දකිනු ද ලැබේ. එහෙත් මට ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ ය” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

මා හෙවං ආනන්‍ද, මා හෙවං ආනන්‍ද, ගම‍්භීරො චායං ආනන්‍ද, පටිච‍්චසමුප‍්පාදො ගම‍්භීරාවභාසො ච. එතස‍්ස ආනන්‍ද, ධම‍්මස‍්ස අඤ‍්ඤාණා අනනුබොධා අප‍්පටිවෙධා එවමයං පජා තන‍්තාකුලකජාතා ගුළාගුණ‍්ඨිකජාතා මුඤ‍්ජබබ‍්බජභූතා අපායං දුග‍්ගතිං විනිපාතං සංසාරං නාතිවත‍්තති.

ආනන්‍ද, එසේ නොකිය, ආනන්‍ද එසේ නො කිය. ආනන්‍ද, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු ය. ගැඹුරු වූයේ ම ගැඹුරුව පෙණේ. ආනන්‍ද, මේ දහම නො දැනීමෙන් අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මෙසේ මේ සත්ත්‍වයෝ අවුල් වූ නූල් පන්දක් මෙන් වූවාහු, පෙහෙරුන්ගේ කැඳෙහි නූල් ගුලාවක් හෝ කුරුළුකැදැල්ලක් මෙන් ව්‍යාකූල වූවාහු, මුදුතණ බබුස්තණ මෙන් අවුල් වූවාහු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන සසර නො ඉක්මවත්.

උපාදානීයෙසු ආනන්‍ද, ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො තණ‍්හා පවඩ‍්ඪති. තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

ආනන්‍ද, උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.

සෙය්‍යථාපි ආනන්‍ද, මහාරුක‍්ඛො. තස‍්ස යානි චෙව මූලානි අධොගමානි, යානි ච තිරියංගමානි. සබ‍්බානි තානි උද‍්ධං ඔජං අභිහරන‍්ති. එවං හි සො ආනන්‍ද, මහාරුක‍්ඛො තදාහාරො තදුපාදානො චිරං දීඝමද‍්ධානං තිට‍්ඨෙය්‍ය.

ආනන්‍ද, යම්සේ මහරුකෙක් වේද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට ගමන් ගත් යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජස උඩට ගෙණ යේ. ආනන්‍ද, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ ඉතා දිගුකලක් සිටුනේ ය.

එවමෙව ඛො ආනන්‍ද, උපාදානීයෙසු ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො තණ‍්හා පවඩ‍්ඪති. තණ‍්හාපච‍්චයා උපාදානං. උපාදානපච‍්චයා භවො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

ආනන්‍ද, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.

උපාදානීයෙසු ආනන්‍ද, ධම‍්මෙසු ආදීනවානුපස‍්සිනො විහරතො තණ‍්හා නිරුජ‍්ඣති. තණ‍්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

ආනන්‍ද, උපාදානිය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.

සෙය්‍යථාපි ආනන්‍ද, මහාරුක‍්ඛො, අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය කුද‍්දාලපිටකං ආදාය. සො තං රුක‍්ඛං මූලෙ ඡින්‍දෙය්‍ය’ මූලෙ ඡෙත්‍වා පලිඛණෙය්‍ය. පලිඛණිත්‍වා මූලානි උද‍්ධරෙය්‍ය. අන‍්තමසො උසීරනාළමත‍්තානිපි. සො තං රුක‍්ඛං ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින්‍දෙය්‍ය, ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡෙත්‍වා ඵාලෙය්‍ය ඵාලෙත්‍වා සකලිකං සකලිකං කරෙය්‍ය. සකලිකං සකලිකං කරිත්‍වා වාතාතපෙ විසොසෙය්‍ය. වාතාතපෙ විසොසෙත්‍වා අග‍්ගිනා ඩහෙය්‍ය. අග‍්ගිනා ඩහෙත්‍වා මසිං කරෙය්‍ය. මසිං කරිත්‍වා මහාවාතෙ වා ඔපුනෙය්‍ය. නදියා වා සීඝසොතාය පවාහෙය්‍ය. එවං හි සො ආනන්‍ද මහාරුක‍්ඛො උච‍්ඡින‍්නමූලො අස‍්ස තාලාවත්‍ථුකතො අනවභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො.

ආනන්‍ද, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එහි එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස කනින්නේ ය. හාත්පස කැන යටත් පිරිසෙයින් සුවඳහොට මුල් පමණවූ ද මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවුසුළඟෙහි වියලන්නේ ය. අවුසුළඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලඟෙහි හෝ පොලා හරින්නේ ය. සැඬ පහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. ආනන්‍ද, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ හිස්සුන් තලක් මෙන් කරණ ලද්දේ නැවත නො හටන්නා බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.

එවමෙව ඛො ආනන්‍ද, උපාදානීයෙසු ධම‍්මෙසු ආදීනවානුපස‍්සිනො විහරතො තණ‍්හා නිරුජ‍්ඣති. තණ‍්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා ජාතිනිරොධො. ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.

ආනන්‍ද, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.

දුක‍්ඛවග‍්ගො ඡට‍්ඨො.

දුක්ඛවර්‍ගය සවැනි යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

පරිවීමංසනුපාදානං ද‍්වෙ ච සඤ‍්ඤොජනානි ච මහාරුක‍්ඛෙන ද‍්වෙ වුත‍්තා තරුණෙන ච සත‍්තමං නාමරූපඤ‍්ච විඤ‍්ඤාණං නිදානෙන ච තෙ දසාති.

පරිවීමංසන උපාදාන සූත දෙකය, සංයෝජන සූත දෙක ය, මහාරුක්ඛ සූත දෙක ය, සත්වන තරුණ රුක්ඛ සූත්‍රය, නාමරූප, විඤ්ඤාණ, නිදාන සූත්‍රය යි සූත්‍ර දශයෙකි.