10. නිදාන පටිච්චසමුප්පාද සුත්තවණ්ණනා අට්ඨකථා
10. නිදාන පටිච්චසමුප්පාද සුත්තවණ්ණනා
10. නිදාන පටිච්චසමුප්පාද සූත්‍ර වර්ණනාව
දසමෙ කුරූසු විහරතීති කුරූති එවං බහුවචනවසෙන ලද්ධවොහාරෙ ජනපදෙ විහරති. කම්මාසධම්මං නාම කුරූනං නිගමොති එවංනාමකො කුරූනං නිගමො, තං ගොචරගාමං කත්වාති අත්ථො. ආයස්මාති පියවචනමෙතං ගරුවචනමෙතං. ආනන්දොති තස්ස ථෙරස්ස නාමං. එකමන්තං නිසීදීති ඡ නිසජ්ජදොසෙ විවජ්ජෙන්තො දක්ඛිණජාණුමණ්ඩලස්ස අභිමුඛට්ඨානෙ ඡබ්බණ්ණානං බුද්ධරස්මීනං අන්තො පවිසිත්වා පසන්නලාඛාරසං විගාහන්තො විය සුවණ්ණපටං පාරුපන්තො විය රත්තකම්බලවිතානමජ්ඣං පවිසන්තො විය ධම්මභණ්ඩාගාරිකො ආයස්මා ආනන්දො නිසීදි. තෙන වුත්තං “එකමන්තං නිසීදී”ති.
දසවන සූත්‍රයේ “කුරුසු විහරති” යනු “කුරු” යන මෙසේ බහුවචන වශයෙන් ලබන ලද ව්‍යවහාර ඇති ජනපදයේ වාසය කරයි. “කම්මාස්සදම්මං නාම කුරුනං නිගමො” යනු කම්මාසදම්ම නම් වූ කුරු දේශයේ නියම්ගමකි. “එය ගොදුරුගම කරගෙන” යන අර්ථයි. “ආයස්මා” යන මෙය ප්‍රිය වදනකි. ගරු වදනකි. “ආනන්දෝ” යනු ඒ ආනන්ද තෙරුන්ගේ නාමයයි. “එකමන්තං නිසීදි” යනු සයක් වූ හිඳීම්-හිඳගැනීම් දෝෂයන්ගෙන් තොරව, දකුණු දණමඩලට (බුදුරදුන්ගේ) අභිමුඛ වූ තැන්හි, සවණක් ඝන බුද්ධරශ්මීන්ගේ ඇතුලට පිවිස, ප්‍රසන්න වූ ලාක්ෂා රසයකට බැසගන්නාක් මෙන් ද රන්පැහැ වස්ත්‍රයක් පොරවා ගන්නාක් මෙන් ද රතු උපුල් වියනක් මැදට පිවිසෙන්නාක් මෙන් ද ධර්ම භාණ්ඩාගාරික ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ හිඳගත්හ. එනිසා “එකත්පසෙක සිටියේය”යි කියන ලදී.
කාය පන වෙලාය කෙන කාරණෙන අයමායස්මා භගවන්තං උපසඞ්කමන්තොති? සායන්හවෙලාය පච්චයාකාරපඤ්හං පුච්ඡනකාරණෙන. තං දිවසං කිර අයමායස්මා කුලසඞ්ගහත්ථාය ඝරද්වාරෙ ඝරද්වාරෙ සහස්සභණ්ඩිකං නික්ඛිපන්තො විය කම්මාසධම්මං පිණ්ඩාය චරිත්වා පිණ්ඩපාතපටික්කන්තො සත්ථු වත්තං දස්සෙත්වා සත්ථරි ගන්ධකුටිං පවිට්ඨෙ සත්ථාරං වන්දිත්වා අත්තනො දිවාට්ඨානං ගන්ත්වා අන්තෙවාසිකෙසු වත්තං දස්සෙත්වා පටික්කන්තෙසු දිවාට්ඨානං පටිසම්මජ්ජිත්වා චම්මක්ඛණ්ඩං පඤ්ඤපෙත්වා උදකතුම්බතො උදකෙන හත්ථපාදෙ සීතලං කත්වා පල්ලඞ්කං ආභුජිත්වා නිසින්නො සොතාපත්තිඵලසමාපත්තිං සමාපජ්ජිත්වා. අථ පරිච්ඡින්නකාලවසෙන සමාපත්තිතො වුට්ඨාය පච්චයාකාරෙ ඤාණං ඔතාරෙසි. සො “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”තිආදිතො පට්ඨාය අන්තං, අන්තතො පට්ඨාය ආදිං, උභයන්තතො පට්ඨාය මජ්ඣං, මජ්ඣතො පට්ඨාය උභො අන්තෙ පාපෙන්තො තික්ඛත්තුං ද්වාදසපදං පච්චයාකාරං සම්මසි. තස්සෙවං සම්මසන්තස්ස පච්චයාකාරො විභූතො හුත්වා උත්තානකුත්තානකො විය උපට්ඨාසි. තතො චින්තෙසි – “අයං පච්චයාකාරො සබ්බබුද්ධෙහි ගම්භීරො චෙව ගම්භීරාවභාසො චාති කථිතො, මය්හං ඛො පන පදෙසඤාණෙ ඨිතස්ස සාවකස්ස සතො උත්තානො විය විභූතො පාකටො හුත්වා උපට්ඨාති, මය්හංයෙව නු ඛො එස උත්තානකො විය උපට්ඨාති, උදාහු අඤ්ඤෙසම්පීති අත්තනො උපට්ඨානකාරණං සත්ථු ආරොචෙස්සාමී”ති නිසින්නට්ඨානතො උට්ඨාය චම්මක්ඛණ්ඩං පප්ඵොටෙත්වා ආදාය සායන්හසමයෙ භගවන්තං උපසඞ්කමි. තෙන වුත්තං – “සායන්හවෙලායං පච්චයාකාරපඤ්හං පුච්ඡනකාරණෙන උපසඞ්කමන්තො”ති.
කුමන වේලාවක කවර කරුණකින් මේ තෙරුන් වහන්සේ, භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ වෙත එළඹි සේක්ද? සවස් වේලාවෙහි ප්‍රත්‍යයන්ගේ ආකාර දැක්වෙන ප්‍රශ්නයක් විමසීම සඳහායි. එදින අනඳ තෙරණුවෝ කුල සංග්‍රහය පිණිස, ගෙදරක් ගෙදරක් පාසා දහසක් බඩු පොදි බහා තබන්නාක් මෙන් කම්මාස්සදම්ම නියම්ගමෙහි ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිර, සවස් යාමයේ පිණ්ඩපාතයෙන් වැළකුණු සේක. ශාස්තෘන් වහන්සේට වත් දක්වා, ශාස්තෘන් වහන්සේ ගඳකිළියට වැඩම කළ කල්හි උන්වහන්සේට වැඳ, තමා දහවල ගතකරන තැනට ගොස් අන්තේවාසිකයන්ට වත් දක්වා, නික්මුණු කල්හි දවල් වසන තැන හැමද සම්කඩ පනවා දියබඳුනින් දියගෙන, අත්පා සීතල කරගෙන පලඟකට නැගී හුන් සේක. එසේ හිඳිමින් සෝවාන් ඵල සමවතට සමවැද අනතුරුව පිරිසිඳ දැක්වූ කාල වශයෙන් සමවතින් නැගිට, ප්‍රතීත්‍ය සමුපපාදයෙහි සිත පිහිට වූ සේක. උන්වහන්සේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර ඇතිවේ යනාදී ලෙස මුල සිට අගටත්, අග සිට මුලටත් උභයාන්තයේ සිට මැදටත්, මැදසිට අන්ත දෙකටත් වශයෙන් තෙවරක් ම දොළොස් පදයක් ඇති ප්‍රතීත්‍ය සමුප්පාදය සිහිපත් කළ සේක. මෙසේ සිහිපත් කරන උන්වහන්සේට ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය මැනවින් ප්‍රකටවූ සේක. උඩුකුරු කළ කුන්තායුධයක් මෙනි. ඉක්බිති උන්වහන්සේට මෙසේ වැටහුනි. “මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය සියලු බුදුවරුන් විසින් “ඉතා ගැඹුරුය. අවබෝධ කරගැනීම අපහසුය. දුරවබෝධය”යැයි වදාරන ලදහ. අල්ප වූ දැනීම් ඇති ශ්‍රාවකයකු වූ මාහට මෙය උඩුකුරු වී අතිශය ප්රකටව වැටහුනේය. මෙසේ උඩුකුරුව මැනවින් වැටහෙනුයේ මාහට පමණක්ද? අන්‍යයන්ට නොවැටහේද?”යි සිතා තමාට වැටහුණු මෙම කාරණය ශාස්තෘන් වහන්සේට දන්වන්නෙමි යි හුනස්නින් නැගිට, සම්කඩ ගසාදමා, එයත් රැගෙන සවස් වේලෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි සේක. එනිසා කියන ලදී. “සවස් වේලෙහි ප්‍රතීත්‍ය සමුත්පාදය පිළිබඳව ප්‍රශ්නයක් විමසා දැනගැනීමට බුදුරදුන්ගේ සමීපයට වැඩි සේක” යනුවෙන්.
යාව ගම්භීරොති එත්ථ යාවසද්දො පමාණාතික්කමෙ. අතික්කම්ම පමාණං ගම්භීරො, අතිගම්භීරොති අත්ථො. ගම්භීරාවභාසොති ගම්භීරොව හුත්වා අවභාසති, දිස්සතීති අත්ථො. එකඤ්හි උත්තානමෙව ගම්භීරාවභාසං හොති පූතිපණ්ණරසවසෙන කාළවණ්ණං පුරාණඋදකං විය. තඤ්හි ජාණුප්පමාණම්පි සතපොරිසං විය දිස්සති. එකං ගම්භීරං උත්තානාවභාසං හොති මණිභාසං විප්පසන්නඋදකං විය. තඤ්හි සතපොරිසම්පි ජාණුප්පමාණං විය ඛායති. එකං උත්තානං උත්තානාවභාසං හොති පාතිආදීසු උදකං විය. එකං ගම්භීරං ගම්භීරාවභාසං හොති සිනෙරුපාදකමහාසමුද්දෙ උදකං විය. එවං උදකමෙව චත්තාරි නාමානි ලභති. පටිච්චසමුප්පාදෙ පනෙතං නත්ථි. අයඤ්හි ගම්භීරො ච ගම්භීරාවභාසො චාති එකමෙව නාමං ලභති. එවරූපො සමානොපි අථ ච පන මෙ උත්තානකුත්තානකො විය ඛායති, තදිදං අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙති එවං අත්තනො විම්හයං පකාසෙන්තො පඤ්හං පුච්ඡිත්වා තුණ්හීභූතො නිසීදි.
“යාව ගම්හීරෝ” යනු “යාව” ශබ්දය ප්‍රමාණය අතික්‍රමණය කරයි. ඉක්මවා සිටියි. ප්‍රමාණය ඉක්ම වූ ගැඹුරු - අතිශය ගැඹුරු යන අර්ථයි. “ගම්භීරාවභාසො” යනු ගැඹුරුවූයේ ම බබලයි. දක්නට ලැබෙයි යන අර්ථයි. එය වනාහී ප්‍රකට වූයේ නමුත් ගැඹුරු ආකාරයෙන් වැටහේ. මේ එක් ක්රමයකි. කුණු වූ කොළවල රස, කසට ආදියෙන් කළුපාට වූ පල් වූ වතුරක් මෙන් දණක් පමණ උස ඇත්තේ වුවත් එම වතුරට එබී බැලූවහුට මිනිසුන් සීයකගේ පමණ උස ඇති (ගැඹුරු වූ) ජලාශයක් මෙන් වැටහේ.1 තව ක්‍රමයක් මැණික් මෙන් ආලෝකවත් වූ ඉතා ප්‍රසන්න ජලාශයක දිය මෙන් ගැඹුරු වූයේ නමුත් ප්‍රකට වූ බැබලීම් ඇත. එම ජලාශය වනාහී මිනිසුන් සීයකගේ පමණට ගැඹුරු වුවත්, දණහිස පොවන දියකඩක් මෙන් වැටහේ. තවත් ජලයේ ක්‍රමයක් නම් ප්‍රකට වූයේ අතිශය ප්‍රකට වූයේම වේ. භාජනයකට දැමූ දිය මෙනි. තව ජලයේ ක්‍රමයක් නම් ගැඹුරු වූයේ අතිශය ගැඹුරුව දක්නට ලැබේ. වැටහේ. මහමෙර පාමුල ඇති මහා සමුද්‍රයේ දිය මෙනි. මෙසේ එකම ජලයම සතර වැදෑරුම්ව දක්නට ලැබෙයි. මෙවැන්නක් ප්‍රතීත්‍ය සමුත්පාදයේ නම් නැත. එය වනාහී ගැඹුරුවූයේ ම අතිශය ගැඹුරුවූයේ ම දක්නට ලැබේ. එනිසා එකම නමක් ලබයි. මෙසේ සමාන වුවත් “අථ ච පන මෙ උත්තාන කුන්තානකො විය ඛායති” මට ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ. එය මෙහි “අච්ඡරියං භන්තෙ! අබ්භූතං භන්තෙ!” යනුවෙන් තම විස්මය - පුදුමය ප්‍රකාශ කරන සේක්, තමන්ගේ ප්රශ්නය විමසා නිහඬ වූහ.
භගවා තස්ස වචනං සුත්වා “ආනන්දො භවග්ගගහණාය හත්ථං පසාරෙන්තො විය සිනෙරුං භින්දිත්වා මිඤ්ජං නීහරිතුං වායමමානො විය විනා නාවාය මහාසමුද්දං තරිතුකාමො විය පථවිං පරිවත්තෙත්වා පථවොජං ගහෙතුං වායමමානො විය බුද්ධවිසයං පඤ්හං අත්තනො උත්තානුත්තානන්ති වදති, හන්දස්ස ගම්භීරභාවං ආචික්ඛාමී”ති චින්තෙත්වා මා හෙවන්තිආදිමාහ.
භාග්‍යවතුන් වහන්සේ අනඳ හිමියන්ගේ වදන් අසා ‘ආනන්ද, අකනිටා බඹලොව අල්ලාගැනීමට අතදිගු කරන්නාක් මෙන් ද මහමෙර බිඳ දමා එහි මදය බැහැර කරගැනීමට උත්සාහ කරන්නාක් මෙන් ද නැවක් නොමැතිව මහමුහුද තරණය කිරීමට සිතන්නාක් මෙන් ද පොළව පෙරළා පෘථිවි රසය ගැනීමට වෑයම් කරන්නාක් මෙන් ද බුදුවරුන්ට ම විෂය වූ ප්‍රශ්නයක් “තමාට මැනවින් ප්‍රකට වී”යැයි පවසයි. මොහුට මෙහි ගැඹුරු බව පෙන්වා දෙමි”යි සිතා, “ආනන්දය, එසේ නොකියන්න”යනාදිය දෙසූහ.
තත්ථ මා හෙවන්ති හ-කාරො නිපාතමත්තං, එවං මා භණීති අත්ථො. “මා හෙව”න්ති ච ඉදං වචනං භගවා ආයස්මන්තං ආනන්දං උස්සාදෙන්තොපි භණති අපසාදෙන්තොපි. තත්ථ උස්සාදෙන්තොපීති, ආනන්ද, ත්වං මහාපඤ්ඤො විසදඤාණො, තෙන තෙ ගම්භීරොපි පටිච්චසමුප්පාදො උත්තානකො විය ඛායති, අඤ්ඤෙසං පනෙස උත්තානකොති න සල්ලක්ඛෙතබ්බො, ගම්භීරොයෙව ච සො ගම්භීරාවභාසො ච.
එහි “මාහෙවං” යන තැන්හි “හ” කාරය නිපාතයකි. “මෙසේ නොපවසන්න” යන අර්ථයයි. මෙහි භාග්‍යවතුන් වහන්සේ, “එසේ නොකියන්න” යනුවෙන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් උත්සාහවත් කරමින් ද නින්දා කරමින් ද වදාරන සේක. මෙම සූත්‍රයේ දී වදාරන ලද්දේ තෙරුන් උත්සාහවත් කිරීම සඳහායි. “ආනන්දය, නුඹ මහා පඬිවරයෙකි. විෂද වූ ඤාණ ඇත්තෙකි. එනිසා නුඹට ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාදය ඉතා ප්රකටව වැටහේ. අන්‍යයන්ට ද එසේ ප්රකටව වැටහෙන්නේ යැයි නො සැළකිය යුතුයි. එය ගැඹුරුය. අතිශය ගැඹුරු වූ දැකීම් ඇත්තකි.
තත්ථ චතස්සො උපමා වදන්ති – ඡ මාසෙ සුභොජනරසපුට්ඨස්ස කිර කතයොගස්ස මහාමල්ලස්ස සමජ්ජසමයෙ කතමල්ලපාසාණපරිචයස්ස යුද්ධභූමිං ගච්ඡන්තස්ස අන්තරා මල්ලපාසාණං දස්සෙසුං. සො “කිං එත”න්ති ආහ. මල්ලපාසාණොති. ආහරථ නන්ති. “උක්ඛිපිතුං න සක්කොමා”ති වුත්තෙ සයං ගන්ත්වා “කුහිං ඉමස්ස භාරියට්ඨාන”න්ති වත්වා ද්වීහි හත්ථෙහි ද්වෙ පාසාණෙ උක්ඛිපිත්වා කීළාගුළෙ විය ඛිපිත්වා අගමාසි. තත්ථ මල්ලස්ස මල්ලපාසාණො ලහුකොති න අඤ්ඤෙසම්පි ලහුකොති වත්තබ්බො. ඡ මාසෙ සුභොජනරසපුට්ඨො මල්ලො විය හි කප්පසතසහස්සං අභිනීහාරසම්පන්නො ආයස්මා ආනන්දො. යථා මල්ලස්ස මහාබලතාය මල්ලපාසාණො ලහුකො, එවං ථෙරස්ස මහාපඤ්ඤතාය පටිච්චසමුප්පාදො උත්තානොති වත්තබ්බො, සො අඤ්ඤෙසං උත්තානොති න වත්තබ්බො.
ඒ සඳහා මේ උපමා සතර කියනු ලැබේ. සමසක් ඉතා රජ බොජුන් වළඳා පෝෂිත ශරීරයක් ඇති, කරන ලද නිසි පුහුණුවීම් ඇති මහාමල්ලවපොරකාරයකු උත්සව සමයේ දී කරන ලද මල්ලවපොර බැඳීමකට යුධබිමට යන්නේ, අතරමගදී තවත් එවැනිම මල්ලව පොරකාරයකු දැමු ගලක් දකින්නේය. ඔහු “මේ කුමක්ද?”යි ඇසූවිට අවට සිටි මිනිස්සු “මල්ලවයකු දැමු ගලකි”යි පවසති. ඔහු “එය ඉවත් කරවු”යි සෙස්සන්ට කී කල්හි, “එය එසවීමට නොහැක”යි ඔවුහු පවසති. එවිට මල්ලවයා තමාම ගොස් “මේ ගලේ බරක් කොයින්ද?”යි දෙඅතින් එය ඔසවා ක්‍රීඩා බෝලයක් මෙන් කරකවා ඈතට විසිකර යන්නේය. එහිදී මල්ලවයාට මල්ලව පාෂාණය සැහැල්ලු දෙයක් විය. එනමුත් සෙසු මිනිසුන්ට එය “සැහැල්ලු දෙයකි” යි නොකිව යුතුයි. සමසක් ඉතා පෝෂ්‍යදායී රස අහරින් පෝෂිත වූ මල්ලවයා මෙන්, කල්ප සියදහස් ගණනක් පාරමීදම් පුරා සම්පූර්ණ කරගත් ප්‍රාර්ථනා ඇති මේ ආනන්ද තෙරුන් දතයුතුයි. ඒ තෙරුන් වහන්සේගේ මහා ප්‍රඥාවන්ත බව නිසා ප්‍රතීත්‍ය සමුත්පාදය මැනවින් ප්‍රකට වූයේ මල්ලවයාගේ මහා බලය නිසා මල්ලව පාෂාණය සැහැල්ලු වූවාක් මෙනි. වෙනත් අයෙකුට ප්‍රතීත්‍ය සමුත්පාදය වහා ප්‍රකට වේයැයි නොකිව යුතුයි.
මහාසමුද්දෙ ච තිමි නාම මහාමච්ඡො ද්වියොජනසතිකො, තිමිඞ්ගලො තියොජනසතිකො, තිමිරපිඞ්ගලො පඤ්චයොජනසතිකො, ආනන්දො තිමිනන්දො අජ්ඣාරොහො මහාතිමීති ඉමෙ චත්තාරො යොජනසහස්සිකා. තත්ථ තිමිරපිඞ්ගලෙනෙව දීපෙන්ති. තස්ස කිර දක්ඛිණකණ්ණං චාලෙන්තස්ස පඤ්චයොජනසතෙ පදෙසෙ උදකං චලති, තථා වාමකණ්ණං, තථා නඞ්ගුට්ඨං, තථා සීසං. ද්වෙ පන කණ්ණෙ චාලෙත්වා නඞ්ගුට්ඨෙන පහරිත්වා සීසං අපරාපරං කත්වා කීළිතුං ආරද්ධස්ස සත්තට්ඨයොජනසතෙ ඨානෙ භාජනෙ පක්ඛිපිත්වා උද්ධනෙ ආරොපිතං විය උදකං පක්කුථති. යොජනසතමත්තෙ පදෙසෙ උදකං පිට්ඨිං ඡාදෙතුං න සක්කොති. සො එවං වදෙය්ය – “අයං මහාසමුද්දො ගම්භීරොති වදන්ති, කුතස්ස ගම්භීරතා, මයං පිට්ඨිමත්තච්ඡාදනම්පි උදකං න ලභාමා”ති. තත්ථ කායූපපන්නස්ස තිමිරපිඞ්ගලස්ස මහාසමුද්දො උත්තානොති අඤ්ඤෙසඤ්ච ඛුද්දකමච්ඡානං උත්තානොති න වත්තබ්බො, එවමෙව ඤාණූපපන්නස්ස ථෙරස්ස පටිච්චසමුප්පාදො උත්තානොති අඤ්ඤෙසම්පි උත්තානොති න වත්තබ්බො. සුපණ්ණරාජා ච දියඩ්ඪයොජනසතිකො හොති. තස්ස දක්ඛිණපක්ඛො පඤ්ඤාසයොජනිකො හොති, තථා වාමපක්ඛො, පිඤ්ඡවට්ටි ච සට්ඨියොජනිකා, ගීවා තිංසයොජනිකා, මුඛං නවයොජනං, පාදා ද්වාදසයොජනිකා, තස්මිං සුපණ්ණවාතං දස්සෙතුං ආරද්ධෙ සත්තට්ඨයොජනසතං ඨානං නප්පහොති. සො එවං වදෙය්ය – “අයං ආකාසො අනන්තොති වදන්ති, කුතස්ස අනන්තතා, මයං පක්ඛවාතප්පත්ථරණොකාසම්පි න ලභාමා”ති. තත්ථ කායූපපන්නස්ස සුපණ්ණරඤ්ඤො ආකාසො පරිත්තොති අඤ්ඤෙසඤ්ච ඛුද්දකපක්ඛීනං පරිත්තොති න වත්තබ්බො, එවමෙව ඤාණූපපන්නස්ස ථෙරස්ස පටිච්චසමුප්පාදො උත්තානොති අඤ්ඤෙසම්පි උත්තානොති න වත්තබ්බො.
මහ මුහුදෙහි මහා මත්ස්‍යයෝ සද්දෙනෙක් වෙති. තිමිර නැමැති මහා මත්ස්‍යයා යොදුන් දෙසීයක් විශාලය. තිමිංගල මත්ස්‍යයා යොදුන් තුන්සීයක් විශාලය. තිමිර පිංගල නම් මහා මත්ස්‍යයාගේ විශාලත්වය යොදුන් පන්සීයකි. ආනන්ද, තිමින්ද, අජ්ඣාරෝහ සහ මහාතිමි යන මේ සිවු මත්ස්‍යයන්ගේ විශාලත්වය යොදුන් දහසකි. මෙහි තිමිර පිංගල මත්ස්යයාම (ඔහු පමණක්ම) සළකා බලනු ලැබේ. එම මත්ස්‍යයාගේ දකුණු කණ සෙල වූ විට යොදුන් පන්සීයක් පමණ ප්‍රදේශයේ දිය සෙලවේ. වම්කණ සෙල වූ විටද එසේමය. වලිගය ද හිස ද සෙල වූ විට එපරිද්දෙන් ම යොදුන් පන්සීයක් පමණ ප්‍රදේශයේ දිය සෙලවේ. දෙකන් සොළවා වලිගය දෙපසට වනා පහර දී, හිස දෙපැත්තට වනා ක්‍රීඩා කිරීමට ඇරඹූ කල්හි යොදුන් හත-අටක් පමණ තැන්හි ජලය, භාජනයක දමා ලිපේ තැබූ වතුරක් මෙන් කැකෑරේ. පැසෙයි. යොදුන් සීයක් පමණ ශරීරයේ තැන් ජලයෙන් නොවැසී පවතියි. එනිසා මේ මහා මත්ස්‍යයා මෙලෙස කියයි. “මේ මහමුහුද ගැඹුරුය. අතිශය ගැඹුරු යැයි පවසති. කවර ගැඹුරක්ද? මාගේ පිට තෙමාගැනීමට තරම් වූ දියක්වත් මෙහි නැත” යනුවෙනි. මහමුහුදේ මහා කයකින් යුක්ත වූ තිමිර පිංගලයාට මහමුහුද නොගැඹුරු, ඉතා ප්‍රකට වූවක් වුවත් අන්‍ය කුඩා මත්ස්‍යයන්ට එය නොගැඹුරු වන්නේයැයි නොකිව යුතුයි. මෙලෙසින් ම මහා ඤාණයෙන් යුක්ත වූ තෙරුන් වහන්සේට ප්‍රතීත්‍ය සමුත්පාදය මැනවින් ප්‍රකට වුවත්, අන්‍යයන්ට ද එසේ ප්‍රකට වන්නේ යැයි නොකිව යුතුයි. ගුරු රජා යොදුන් එකසිය පනහක් පමණ විශාලය. උගේ දකුණු පියාපත යොදුන් පනහක් පමණ විශාල වේ. වම් පියාපත ද එලෙසමය. පිල් කළඹ සැට යොදුනක් පමණ දිගුවේ. බෙල්ල යොදුන් තුනක් විශාලය. මුඛය යොදුන් නවයක් විශාලය. පාදයන්ගේ විශාලත්වය යොදුන් දොළසකි. ගුරුළු සුළඟ (සුවණ්ණ වාතං), ක්‍රීඩාව දැක්වීමට ඇරඹූ කල්හි ගුරුලාට යොදුන් හත්අට සීයක් පමණ වූ අහස ප්‍රමාණවත් නොවේ. එවිට ඔහු මෙසේ කියයි. “මේ අහස අනන්තය. අප්‍රමාණයැයි ඇතැම්හු කියති. අනන්ත බවක් කොහිද? මගේ පියාපත් හොඳින් දිගහැර නිදහසේ ඉගිලයෑම් පමණ වූ අවසරයක් වත් නොලබමි”යි යනුවෙනි. මෙහිදී මහා කයකින් යුතු වූ බැවින් ගුරුළු රජුට ආකාශය කුඩා වීයැයි ද එනිසා ම සෙසු කුඩා පක්ෂීන්ට ද අහස ඉතා කුඩා වූවකැයි නො පැවසිය යුතුයි. මේ ආකාරයෙන් ම මහා ප්‍රඥාවෙන් යුක්ත ව ආනන්ද තෙරුන් වහන්සේට ප්‍රතීත්‍ය සමුත්පාදය ප්රකටව වැටහුනත් අන්‍යයන්ට ප්රකටව වැටහෙන්නේ යැයි නොකිව යුතුයි.
රාහු අසුරින්දො පන පාදන්තතො යාව කෙසන්තා යොජනානං චත්තාරි සහස්සානි අට්ඨ ච සතානි හොන්ති. තස්ස ද්වින්නං බාහානං අන්තරෙ ද්වාදසයොජනසතිකං, බහලත්තෙන ඡයොජනසතිකං, හත්ථපාදතලානි තියොජනසතිකානි, තථා මුඛං, එකඞ්ගුලිපබ්බං පඤ්ඤාසයොජනං, තථා භමුකන්තරං, නලාටං තියොජනසතිකං, සීසං නවයොජනසතිකං. තස්ස මහාසමුද්දං ඔතිණ්ණස්ස ගම්භීරං උදකං ජාණුප්පමාණං හොති. සො එවං වදෙය්ය – “අයං මහාසමුද්දො ගම්භීරොති වදන්ති. කුතස්ස ගම්භීරතා? මයං ජාණුප්පටිච්ඡාදනමත්තම්පි උදකං න ලභාමා”ති. තත්ථ කායූපපන්නස්ස රාහුනො මහාසමුද්දො උත්තානොති අඤ්ඤෙසඤ්ච උත්තානොති න වත්තබ්බො. එවමෙව ඤාණූපපන්නස්ස ථෙරස්ස පටිච්චසමුප්පාදො උත්තානොති අඤ්ඤෙසම්පි උත්තානොති න වත්තබ්බො. එතමත්ථං සන්ධාය භගවා මා හෙවං, ආනන්ද, මා හෙවං, ආනන්දාති ආහ.
රාහු අසුරේන්ද්‍රයාගේ පයේ පටන් හිසකෙස් අග දක්වා යොදුන් හාරදහස් අටසීයක් විශාල වේ. ඔහුගේ බාහු දෙක අතර දිග යොදුන් එක්දහස් දෙසීයකි. මහත යොදුන් හයසීයකි. අත්-පා පතුල් තුන්සිය යොදුනක් පමණ විශාලය. මුඛයත් එසේමය. එක් ඇඟිලි සන්ධියක දිග යොදුන් පනහකි. බැම දෙක අතර දිග ද එසේමය. නළලෙහි ප්‍රමාණය යොදුන් තුන්සීයකි. හිස යොදුන් නවසීයකි. ඔහු මහමුහුදට බැසගත්විට එහි ගැඹුරු ජලය දණහිස දක්වා පමණක් සිටී. එවිට ඔහු මෙසේ කියයි. “මේ මහමුහුද ගැඹුරුය. අතිශය ගැඹුරු යැයි ඇතැම්හු පවසති. ගැඹුරු බවක් එහි කොයින්ද? මගේ දණමඩලවත් වසා ගැනීමට ප්‍රමාණවත් දිය එහි නැත”යි යනුවේ. ඒ මහා කයකින් යුක්ත වූ බැවින් රාහු අසුරේන්ද්රයාට මහා සමුද්‍රය නොගැඹුරු වුවත් අන්‍යයන්ට නොගැඹුරු යැයි නොකිව යුතුයි. එලෙසින්ම ඥාණයෙන් යුක්ත වූ ආනන්ද තෙරුන්ට ප්‍රතීත්‍ය සමුත්පාදය ප්‍රකට වුවත් අන්‍යයන්ටත් එසේම වහා වැටහෙන්නේ යැයි නොකිව යුතුයි. මේ අර්ථය ප්‍රකාශ කිරීම සඳහා භාග්‍යවතුන් වහන්සේ “ආනන්ද! එසේ නො කියන්න. එසේ නොකියන්න” යි වදාළහ.
ථෙරස්ස හි චතූහි කාරණෙහි ගම්භීරො පටිච්චසමුප්පාදො උත්තානොති උපට්ඨාසි. කතමෙහි චතූහි? පුබ්බූපනිස්සයසම්පත්තියා තිත්ථවාසෙන සොතාපන්නතාය බහුස්සුතභාවෙනාති.
අනඳ තෙරුන්ට සතර කරුණකින් ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාදය නො ගැඹුරු යැයි වැටහුනේය. කවර සතරකින්ද? පූර්ව උපනිශ්‍රය සම්පත්තියෙන්, තීර්ථ වාසයෙන්, සෝවාන් ඵලයට පත් වූ බැවින් හා බහුශ්‍රැත භාවයෙන්. (යන කරුණු සතරෙනි.)
ඉතො කිර සතසහස්සිමෙ කප්පෙ පදුමුත්තරො නාම සත්ථා ලොකෙ උප්පජ්ජි. තස්ස හංසවතී නාම නගරං අහොසි, ආනන්දො නාම රාජා පිතා, සුමෙධා නාම දෙවී මාතා, බොධිසත්තො උත්තරකුමාරො නාම අහොසි. සො පුත්තස්ස ජාතදිවසෙ මහාභිනික්ඛමනං නික්ඛම්ම පබ්බජිත්වා පධානමනුයුත්තො අනුක්කමෙන සබ්බඤ්ඤුතං පත්වා, “අනෙකජාතිසංසාර”න්ති උදානං උදානෙත්වා සත්තාහං බොධිපල්ලඞ්කෙ වීතිනාමෙත්වා “පථවියං පාදං ඨපෙස්සාමී”ති පාදං අභිනීහරි. අථ පථවිං භින්දිත්වා මහන්තං පදුමං උට්ඨාසි. තස්ස ධුරපත්තානි නවුතිහත්ථානි, කෙසරං තිංසහත්ථං, කණ්ණිකා ද්වාදසහත්ථා, නවඝටප්පමාණා රෙණු අහොසි.
මෙයින් කල්ප සියදහස් ගණනකට පෙර පදුමුත්තර නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ ඉපදුණු නුවර හංසවතී නම් විය. පිය රජු ආනන්ද නම් වීය. මව් බිසව වූයේ සුමේධා දේවියයි. බෝසතාණන් වහන්සේ ‘උත්තර’ නම් තම පුතු ඉපදුණු දිනම මහභිනික්මන් කොට, පැවිදිව ප්රධන්වීර්යය වඩන සේක් අනුක්රමයෙන් සර්වඥතා ඥානය ලැබ, “අන්නේකජාති සංසාරං.......” යනාදී ප්‍රීතිවාක්‍ය වදාළහ. සත්දිනක් බෝමැඩ මුල පලඟින් කල්යැවූ උන්වහන්සේ “දැන් පොළවේ පය තබමි”යි පා දෙක දිගුකළ සේක. එවිටම පොළව පැලී මහපියුමක් නැගී සිටියේ. එහි ප්‍රධාන පෙති රියන් අනූවකි. රේණු තිස් රියනකි. කර්ණිකාව දොළොස් රියනකි. කළ නවයක් පමණ රේණුවලින් පිරුණි.
සත්ථා පන උබ්බෙධතො අට්ඨපඤ්ඤාසහත්ථො අහොසි, තස්ස උභින්නං බාහානමන්තරං අට්ඨාරසහත්ථං, නලාටං පඤ්චහත්ථං, හත්ථපාදා එකාදසහත්ථා. තස්ස එකාදසහත්ථෙන පාදෙන ද්වාදසහත්ථාය කණ්ණිකාය අක්කන්තමත්තාය නවඝටප්පමාණා රෙණු උට්ඨාය අට්ඨපඤ්ඤාසහත්ථං පදෙසං උග්ගන්ත්වා ඔකිණ්ණමනොසිලාචුණ්ණං විය පච්චොකිණ්ණං. තදුපාදාය භගවා “පදුමුත්තරො”ත්වෙව පඤ්ඤායිත්ථ. තස්ස දෙවිලො ච සුජාතො ච ද්වෙ අග්ගසාවකා අහෙසුං, අමිතා ච අසමා ච ද්වෙ අග්ගසාවිකා, සුමනො නාම උපට්ඨාකො. පදුමුත්තරො භගවා පිතුසඞ්ගහං කුරුමානො භික්ඛුසතසහස්සපරිවාරො හංසවතියා රාජධානියා වසති.
ශාස්තෘන් වහන්සේ වනාහී උසින් රියන් පනස් අටක් විය. උන්වහන්සේන්ගේ බාහු දෙක අතර දිග දහඅට රියනකි. නළලත රියන් පහකි. අත්පා රියන් එකළොසක් දිගය. උන්වහන්ගේ රියන් එකළොසක් දිග පාදයෙන් දොළොස් රියන් වූ කර්ණිකාව පෑගීම සඳහා දිගු කළවිට, කළ නවයක් පමණ වූ රේණු පනස්අට රියන් ප්‍රදේශය පුරා පැතිර සිටියේ, විසිරුණු රත් සිරියල් කුඩු මෙනි. මෙනිසා භාග්‍යවතුන් වහන්සේට පදුමුත්තර යන නම භාවිත විය. උන්වහසේගේ අගසවු වූවෝ දේවල හා සුජාත යන දෙනමයි. අමිතා හා අසමා යන දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝ වූහ. උපස්ථායක වූයේ සුමන තෙරුන්ය. පදුමුත්තර බුදුපියාණන් වහන්සේ පියාට හිතවැඩ පිණිස භික්ෂූන් වහන්සේ සියදහස් ගණනක් පිරිවරාගෙන හංසවතී නුවර විසූ සේක.
කනිට්ඨභාතා පනස්ස සුමනකුමාරො නාම. තස්ස රාජා හංසවතිතො වීසයොජනසතෙ භොගං අදාසි. සො කදාචි ආගන්ත්වා පිතරඤ්ච සත්ථාරඤ්ච පස්සති. අථෙකදිවසං පච්චන්තො කුපිතො. සුමනො රඤ්ඤො සාසනං පෙසෙසි. රාජා “ත්වං මයා, තාත, කස්මා ඨපිතො”ති පටිපෙසෙසි. සො චොරෙ වූපසමෙත්වා “උපසන්තො, දෙව, ජනපදො”ති රඤ්ඤො පෙසෙසි. රාජා තුට්ඨො “සීඝං මම පුත්තො ආගච්ඡතූ”ති ආහ. තස්ස සහස්සමත්තා අමච්චා හොන්ති. සො තෙහි සද්ධිං අන්තරාමග්ගෙ මන්තෙසි – “මය්හං පිතා තුට්ඨො සචෙ මෙ වරං දෙති, කිං ගණ්හාමී”ති? අථ නං එකච්චෙ “හත්ථිං ගණ්හථ, අස්සං ගණ්හථ, ජනපදං ගණ්හථ, සත්තරතනානි ගණ්හථා”ති ආහංසු. අපරෙ “තුම්හෙ පථවිස්සරස්ස පුත්තා, න තුම්හාකං ධනං දුල්ලභං, ලද්ධම්පි චෙතං සබ්බං පහාය ගමනීයං, පුඤ්ඤමෙව එකං ආදාය ගමනීයං, තස්මා දෙවෙ වරං දදමානෙ තෙමාසං පදුමුත්තරං භගවන්තං උපට්ඨාතුං වරං ගණ්හථා”ති. සො “තුම්හෙ මය්හං කල්යාණමිත්තා නාම, මමෙතං චිත්තං නත්ථි, තුම්හෙහි පන උප්පාදිතං, එවං කරිස්සාමී”ති, ගන්ත්වා පිතරං වන්දිත්වා පිතරා ආලිඞ්ගෙත්වා, මත්ථකෙ චුම්බිත්වා “වරං තෙ, පුත්ත, දෙමී”ති වුත්තෙ “ඉච්ඡාමහං, මහාරාජ, භගවන්තං තෙමාසං චතූහි පච්චයෙහි උපට්ඨහන්තො ජීවිතං අවඤ්ඣං කාතුං, ඉදං මෙ වරං දෙහී”ති ආහ. න සක්කා, තාත, අඤ්ඤං වරෙහීති. දෙව, ඛත්තියානං නාම ද්වෙකථා නත්ථි, එතමෙව මෙ දෙහි, න මමඤ්ඤෙන අත්ථොති. තාත, බුද්ධානං නාම චිත්තං දුජ්ජානං, සචෙ භගවා න ඉච්ඡිස්සති, මයා දින්නම්පි කිං භවිස්සතීති? “සාධු, දෙව, අහං භගවතො චිත්තං ජානිස්සාමී”ති විහාරං ගතො.
උන්වහන්සේගේ බාල සොහොයුරා “සුමන” නම් විය. ඔහුට රජතුමා හංසවතී නුවරින් විසියොදුනක් පමණ වූ ඈත ප්‍රදේශයක් පාලනය සඳහා පවරා දුන්නේය. ඔහු වරින්වර අවුත් පියරජතුමා ද බුදුපියාණන් ද බැහැදකියි. එක්දිනක් ප්‍රත්‍යන්තයක ජනයා කුපිතව කැරලි ගැසීය. සුමන කුමරු රජුට මෙවන් පණිවුඩයක් එවීය. “රජතුමනි! ඔබවහන්සේ මා වැනි දරුවකු සිටියදී කුමට යුද්ධයට එන්නේ ද? ඒ සොරුන් සන්සිඳුවා ජනපදය සාමයෙහි පවත්වා ඔබ හමුවට එමි” යනුවෙනි. ඒ හසුන කියවා සතුටු වූ රජු, “මගේ පුතා! කැරලි නිමවා වහා එත්වා”යි පණිවිඩ යැවීය. ඒ කුමරුට ඇමතියෝ දාහකි. කැරල්ල නිමවා රජු හමුවට යන අතරමගදී තම ඇමතියන් ඇමතූ රජකුමරු, “මගේ පියා සතුටුව ඉදින් වරයක් දෙන්නේ නම් කුමක් ඉල්ලම්ද?” යනුවෙන් ඇසීය. ඔවුන’තරින් එක් ඇමතියෙක් නැගිට “ඇතෙක් ඉල්ලන්න”යිද තවකෙක් “කුමරුනි, අශ්වයෙක් ඉල්ලන්න”යිද තවකෙක් “ජනපදයක් ඉල්ලන්න”යිද තව ඇමතියෙක් “සප්ත රත්නයන් ඉල්ලන්න” යනාදී වශයෙන් එක් එක් ඇමතිවරු ඉල්ලන දෑ පැවසූහ. මෙවිට නැගීසිටි එක් බුද්ධිමත් ඇමතියකු “නුඹවහන්සේ රජතුමාගේ පුතුය. එනිසා ඔබට වස්තුව-ධනය දුර්ලභ නොවේ. එම සම්පත් සියල්ල ලැබූවත් මැරෙන මොහොතේ මේ සියල්ල හැරදා යායුතුයි. අපට පරලොව ගෙන යා හැක්කේ “පින” පමණි. එනිසා රජතුමා වරයක් දුනහොත්, “පදුමුත්තර බුදුරදුන්ට තෙමසක් උපස්ථාන කිරීමට අවසර දෙන්න”යි ඉල්ලන්න”යි පැවසීය. එය ඇසූ රජකුමරු, “නුඹ මගේ කලණ මිතුරෙකි. මට මෙබඳු සිතක් නොවීය. නුඹ විසින් එම කුසල් සිත උපදවන ලදී. මම එලෙසම කරමි”යි පවසා සහපිරිවරින් ගොස් පියරජු බැහැදැක්කේය. රජු ඔහු වැළඳගෙන සිප සනහා නළල සිඹ “පුතේ! නුඹට කැමති වරයක් ඉල්ලව. එය දෙමි”යි පැවසූ විට “පියරජතුමනි! මම භාග්‍යවතුන් වහන්සේට තෙමසක් උපස්ථාන කිරීමෙන් ජීවිතය වද නො වූවක් කරගනු කැමැත්තෙමි. මේ වරය මට දෙන්න”යි කුමරු පැවසීය. රජු - “පුතේ! එය නම් දිය නොහැක. අනික් ඕනෑම දෙයක් ඉල්ලව”යි කීවේය. එවිට පුත්කුමරු “රජතුමනි! ක්ෂත්රියයන්ගේ ලඟ කථා දෙකක් නම් නැත. මේ වරය පමණක් ම දෙන්න. වෙනත් වරයකින් මට වැඩෙක් නැත”යි පැවසීය. එවිට රජතුමා, “පුතේ! බුදුවරුන්ගේ සිත නම් අවබෝධ කරගැනීම අපහසුය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ නොකැමති නම් මම වරය දුන්නත් වැඩක් වේද?”යි ඇසීය. එවිට එකුමරු “යහපති රජතුමනි! මම භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනගෙන එමි”යි පවසා විහාරයට ගියේය.
තෙන ච සමයෙන භත්තකිච්චං නිට්ඨාපෙත්වා භගවා ගන්ධකුටිං පවිට්ඨො හොති. සො මණ්ඩලමාළෙ සන්නිසින්නානං භික්ඛූනං සන්තිකං අගමාසි. තෙ නං ආහංසු – “රාජපුත්ත කස්මා ආගතොසී”ති? භගවන්තං දස්සනාය, දස්සෙථ මෙ භගවන්තන්ති. “න මයං, රාජපුත්ත, ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ සත්ථාරං දට්ඨුං ලභාමා”ති. කො පන, භන්තෙ, ලභතීති? සුමනත්ථෙරො නාම රාජපුත්තාති. සො “කුහිං භන්තෙ ථෙරො”ති? ථෙරස්ස නිසින්නට්ඨානං පුච්ඡිත්වා ගන්ත්වා වන්දිත්වා – “ඉච්ඡාමහං, භන්තෙ, භගවන්තං පස්සිතුං, දස්සෙථ මෙ භගවන්ත”න්ති ආහ. ථෙරො “එහි, රාජපුත්තා”ති තං ගහෙත්වා ගන්ධකුටිපරිවෙණෙ ඨපෙත්වා ගන්ධකුටිං ආරුහි. අථ නං භගවා “සුමන, කස්මා ආගතොසී”ති ආහ. රාජපුත්තො, භන්තෙ, භගවන්තං දස්සනාය ආගතොති. තෙන හි භික්ඛු ආසනං පඤ්ඤපෙහීති. ථෙරො ආසනං පඤ්ඤපෙසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. රාජපුත්තො භගවන්තං වන්දිත්වා පටිසන්ථාරං අකාසි, “කදා ආගතොසි රාජපුත්තා”ති? භන්තෙ, තුම්හෙසු ගන්ධකුටිං පවිට්ඨෙසු, භික්ඛූ පන “න මයං ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ භගවන්තං දට්ඨුං ලභාමා”ති මං ථෙරස්ස සන්තිකං පාහෙසුං, ථෙරො පන එකවචනෙනෙව දස්සෙසි, ථෙරො, භන්තෙ, තුම්හාකං සාසනෙ වල්ලභො මඤ්ඤෙති. ආම, රාජකුමාර, වල්ලභො එස භික්ඛු මය්හං සාසනෙති. භන්තෙ, බුද්ධානං සාසනෙ කිං කත්වා වල්ලභො හොතීති? දානං දත්වා සීලං සමාදියිත්වා උපොසථකම්මං කත්වා, කුමාරාති. භගවා අහම්පි ථෙරො විය බුද්ධසාසනෙ වල්ලභො හොතුකාමො, තෙමාසං මෙ වස්සාවාසං අධිවාසෙථාති. භගවා, “අත්ථි නු ඛො ගතෙන අත්ථො”ති ඔලොකෙත්වා “අත්ථී”ති දිස්වා “සුඤ්ඤාගාරෙ ඛො, රාජකුමාර, තථාගතා අභිරමන්තී”ති ආහ. කුමාරො “අඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතා”ති වත්වා – “අහං, භන්තෙ, පුරිමතරං ගන්ත්වා විහාරං කාරෙමි, මයා පෙසිතෙ භික්ඛුසතසහස්සෙන සද්ධිං ආගච්ඡථා”ති පටිඤ්ඤං ගහෙත්වා පිතු සන්තිකං ගන්ත්වා, “දින්නා මෙ, දෙව, භගවතා පටිඤ්ඤා, මයා පහිතෙ තුම්හෙ භගවන්තං පෙසෙය්යාථා”ති පිතරං වන්දිත්වා නික්ඛමිත්වා යොජනෙ යොජනෙ විහාරං කාරෙත්වා වීසයොජනසතං අද්ධානං ගතො. ගන්ත්වා අත්තනො නගරෙ විහාරට්ඨානං විචිනන්තො සොභනස්ස නාම කුටුම්බිකස්ස උය්යානං දිස්වා සතසහස්සෙන කිණිත්වා සතසහස්සං විස්සජ්ජෙත්වා විහාරං කාරෙසි. තත්ථ භගවතො ගන්ධකුටිං, සෙසභික්ඛූනඤ්ච රත්තිට්ඨානදිවාට්ඨානත්ථාය කුටිලෙණමණ්ඩපෙ කාරාපෙත්වා පාකාරපරික්ඛෙපං ද්වාරකොට්ඨකඤ්ච නිට්ඨාපෙත්වා පිතු සන්තිකං පෙසෙසි “නිට්ඨිතං මය්හං කිච්චං, සත්ථාරං පහිණථා”ති.
මෙවිටම භාග්‍යවතුන් වහන්සේ බත් කිස නිමවා ගඳකිළියට පිවිසියේ වේ. ඔහු මණ්ඩලමාලයේ හුන්නා වූ භික්ෂූන් වහන්සේලාගේ සමීපයට ගියේය. එවිට උන්වහන්සේලා ඔහුගෙන් “රාජපුත්‍රය. කුමක් නිසා මෙහි පැමිණියේද?යි ඇසූහ. එවිට කුමරු “මම බුදුරදුන් දැකීම පිණිස පැමිණියෙමි”යි කීවේ. “මට උන්වහන්සේ දක්වන්න”යි ඉල්ලීය. එවිට භික්ෂූහු “රාජපුත්‍රය! අපිනම් කැමති කැමති වේලාවට භාග්‍යවතුන් වහන්සේ දැකීමට අවසර නොලබමු”යි පැවසූහ. එවිට රජකුමරු “එසේනම් ස්වාමීනි! කවරෙකු අවසර ලබයිද?”යි විමසීය. භික්ෂූන් වහන්සේ “රාජපුත්‍රය! සුමන තෙරුන් ඒ අවසරය ලබා ඇත”යි පැවසූහ. කුමරු “උන්වහන්සේ කොහි වෙසේද?”යි අසා දැනගෙන එම කුටියට ගොස් උන්වහන්සේට වැඳ, “ස්වමීනි! මම භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තෙමි. මට උන්වහන්සේ දක්වන සේක්වා”යි ඉල්ලා සිටියේය. තෙරුන් වහන්සේ “රාජපුත්‍රය! එන්න”යි කියා කුමරු කැඳවාගෙන ගොස් ඔහු ගඳකිළි පිරිවෙණෙහි තබාගඳකිළියට වැඩියහ. එවිට භාග්‍යවතුන් වහන්සේ “සුමන! කුමක් නිසා පැමිණියේද?”යි ඇසූ සේක. තෙරණුවෝ “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ දැකීමට රාජපුත්‍රයා පැමිණියේය”යි පිළිතුරු දුන්හ.” එසේනම් අසුනක් පනවන්න”යි බුදුහු වදාළහ. තෙරුන් වහන්සේ අසුනක් පැනවූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ පැන වූ අසුනෙහි වැඩහිඳි කල්හි, රජපුතු උන්වහන්සේට වැඳ නමස්කාර කර, පිළිසඳර කථාව කොට නිමියේය. “රාජපුත්‍රය, නුඹ කුමන වේලාවෙහි පැමිණියේද?යි බුදුහු විමසූහ. කුමරු “ස්වාමීනි! නුඹවහන්සේ ගඳකිළියට පිවිසි වේලාවෙහිම පැමිණි මාහට, “අපි භාග්‍යවතුන් වහන්සේ කැමති කැමති වේලාවට දැකීමට අවසර නොලබමු. සුමන තෙරුන්ට පමණක් එම අවසරය ඇතැ”යි පවසා, භික්ෂුන් වහන්සේලා මා සුමන තෙරුන් වෙත යොමු කළහ. උන්වහන්සේ වනාහී එක වචනයකින් ම මාහට බුදුපියාණන් දැක්වූහ. ස්වාමීනි! මේ තෙරුන් වහන්සේ, නුඹවහන්සේගේ සසුනෙහි ඉතා ප්‍රියයෙක් වේයැයි සිතමි”යි පැවසුවේය. එවිට බුදුපියාණන් වහන්සේ මෙසේ වදාළහ. “එසේය රජකුමරුනි! මුන්වහන්සේ මගේ සසුනෙහි ඉතා ප්‍රිය භික්ෂුවකි” යනුවෙනි. මෙය ඇසූ රජකුමරු, “ස්වාමීනි! බුදුවරුන්ගේ ශාසනයන්හි ඉතා ප්‍රිය භාවයට යෑම සඳහා කුමක් කළයුතුද?”යි ඇසීය. එම පැනයට පිළිතුරු දෙන බුදුපියාණන් වහන්සේ, “කුමරුනි! දන්දී, සිල්සමාදන්ව, පොහෝ කර්ම කර ප්‍රියභාවයට පත්විය හැකියැ”යි වදාළ සේක. එවිට රජකුමරු, “භාග්‍යවතුන් වහන්ස! මම ද මේ තෙරුන් මෙන් බුදුසසුනක ප්‍රියයෙක් වීමට කැමැත්තෙමි. තෙමසක් වූ වස්කාලය තුල මාගේ උපස්ථානය ඉවසන සේක්වා!”යි ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ “මේ ගමනින් යහපතක් වේද?”යි විමසා බලා, යහපතක් වන බව දැන, “රාජපුත්‍රය! ශුන්යගාරයන්හි වාසයට බුදුවරු කැමතිවෙති”යි වදාළහ. කුමරු “බුදුරජාණන් වහන්සේ මගේ ඇරයුම පිළිගත්හ. අනුදත්හ” යි දැන “ස්වාමීනි! මම පළමුව ගොස් විහාරයක් කරවමි. මා පණිවුඩයක් එවූ කල්හි භික්ෂූන් වහන්සේ සිය-දහස් ගණනක් පිරිවරාගෙන වඩිනු මැනව”යි පොරොන්දු ගෙන පියරජු සමීපයට ගොස්, “රජතුමනි! භාග්‍යවතුන් වහන්සේ මට අවසර දුන් සේක. මා පණිවුඩයක් එවූ කල්හි භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කරවුව මැනව”යි කියා පියාට වැඳ, තම නුවරට යන්නේ සතරමග යොදුනක්-යොදුනක් පාසා විහාරාරාම කරවමින් විසියොදුන් මග ගෙවා සිය නුවරට පැමිණියේය. තම නුවරට ගොස් විහාරයකට සුදුසු තැනක් සොයනුයේ “සෝභන” නම් සිටුපුතුගේ උයන දැක ලක්ෂයකට එය මිලදීගෙන, තවත් ලක්ෂයක් වියදම් කර මහාවිහාරයක් කරවූයේ ය. එහි භාග්‍යවතුන් වහන්සේගේ ගඳකිළිය හා සෙසු භික්ෂූන් වහන්සේගේ දවල් වසන තැන්, රාත්‍රී වසන තැන්, කුටි-ලෙන්-මණ්ඩප කරවා, පවුරකින් වටකරවා; පිවිසෙන ද්වාර නාන තොටු ආදිය ද පිළියෙල කරවා, අනතුරුව තම පියාණන් වෙත, “මගේ කටයුතු නිමකරන ලදී. භාග්‍යවතුන් වහන්සේ වැඩමවන සේක්වා!”යි හසුන්පත් යැවීය.
රාජා භගවන්තං භොජෙත්වා “භගවා සුමනස්ස කිච්චං නිට්ඨිතං, තුම්හාකං ආගමනං පච්චාසීසතී”ති. භගවා සතසහස්සභික්ඛුපරිවාරො යොජනෙ යොජනෙ විහාරෙසු වසමානො අගමාසි.
පියරජු භාග්‍යවතුන් වහන්සේට වළඳවා, “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! සුමනගේ කටයුතු නිම කරන ලදී. ඔහු නුඹවහන්සේ ගේ පැමිණීම බලාපොරොත්තුව සිටියි” යනුවෙන් පැවසීය. බුදුපියාණන් වහන්සේ ලක්ෂ ගණනක් භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන, යොදුනෙන් යොදුන විහාරවල වාසය කරන සේක් පිළිවෙලින් එනුවරට වැඩම කළ සේක.
කුමාරො “සත්ථා ආගච්ඡතී”ති සුත්වා යොජනං පච්චුග්ගන්ත්වා ගන්ධමාලාදීහි පූජයමානො විහාරං පවෙසෙත්වා –
කුමරා ශාස්තෘන් වහන්සේ පැමිණෙන පුවත අසා සතුටුව, යොදුනක් පෙර ගමන් කර, සුවඳ මල් ආදියෙන් පූජා පවත්වමින් විහාරයට වැඩම කරවාගෙන අවුත්,
“සතසහස්සෙන මෙ කීතං, සතසහස්සෙන මාපිතං; සොභනං නාම උය්යානං පටිග්ගණ්හ, මහාමුනී”ති. –
“ලක්ෂ ගණනක් මිලදී ගත්, ලක්ෂ ගණනක් වියදම් කර සාදවන ලද මේ සෝභන නම් වූ උයන, මුනීන්ද්රයන් වහන්සේ මා හට අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!”යි (70 පිටුවේ පළමු ගාථාවේ අර්ථය)
විහාරං නිය්යාතෙසි. සො වස්සූපනායිකදිවසෙ දානං දත්වා අත්තනො පුත්තදාරෙ ච අමච්චෙ ච පක්කොසාපෙත්වා ආහ –“සත්ථා අම්හාකං සන්තිකං දූරතො ආගතො, බුද්ධා ච නාම ධම්මගරුනොව, නාමිසගරුකා. තස්මා අහං ඉමං තෙමාසං ද්වෙ සාටකෙ නිවාසෙත්වා දස සීලානි සමාදියිත්වා ඉධෙව වසිස්සාමි, තුම්හෙ ඛීණාසවසතසහස්සස්ස ඉමිනාව නීහාරෙන තෙමාසං දානං දදෙය්යාථා”ති.
පවසා විහාරය බුද්ධප්‍රමුඛ මහා සංඝයාට පූජා කළේය. ඔහු වස් එළඹෙන දින මහදන් පවත්වා, තම අඹුදරුවන්ද ඇමතියන්ද කැඳවා මෙසේ කීය. “ශාස්තෘන් වහන්සේ අපගේ සමීපයට වැඩියේ බොහෝ දුර සිටයි. බුදුවරු නම් ධර්ම ගරුකරන්නෝ මිස ආමිස ගරු කරන්නෝ නොවෙති. එනිසා මේ තෙමස ම මම සලු දෙකක් පමණක් හැඳගෙන, දසසිල් සමාදන්ව මෙහිම වෙසෙමි. නුඹලා සියලුම රහතන් වහන්සේලාට ම මේ අයුරින්ම තෙමස පුරා දන් දෙවු”යි යනුවෙනි.
සො සුමනත්ථෙරස්ස වසනට්ඨානසභාගෙයෙව ඨානෙ වසන්තො යං ථෙරො භගවතො වත්තං කරොති, තං සබ්බං දිස්වා, “ඉමස්මිං ඨානෙ එකන්තවල්ලභො එස ථෙරො, එතස්සෙව ඨානන්තරං පත්ථෙතුං වට්ටතී”ති චින්තෙත්වා, උපකට්ඨාය පවාරණාය ගාමං පවිසිත්වා සත්තාහං මහාදානං දත්වා සත්තමෙ දිවසෙ භික්ඛූසතසහස්සස්ස පාදමූලෙ තිචීවරං ඨපෙත්වා භගවන්තං වන්දිත්වා, “භන්තෙ, යදෙතං මයා මග්ගෙ යොජනන්තරිකවිහාරකාරාපනතො පට්ඨාය පුඤ්ඤං කතං, තං නෙව සක්කසම්පත්තිං, න මාරබ්රහ්මසම්පත්තිං පත්ථයන්තෙන, බුද්ධස්ස පන උපට්ඨාකභාවං පත්ථෙන්තෙන කතං. තස්මා අහම්පි භගවා අනාගතෙ සුමනත්ථෙරො විය එකස්ස බුද්ධස්ස උපට්ඨාකො හොමී”ති පඤ්චපතිට්ඨිතෙන පතිත්වා වන්දිත්වා නිපන්නො.
ඔහු සුමන තෙරුන් වැඩවෙසෙන තැනට සමීපවූ තැනක වෙසෙමින්, තෙරුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේට කරනු ලබන සියලු වත් පිළිවෙත් දැක, “මේ සස්නෙහි ඒකාන්තයෙන්ම ඉතා ප්‍රිය වූයේ මේ තෙරුන්මය. මෙම තනතුර පැතීම ඉතා අගනේය”යි සිතා වස් පවරාණය ළංවූ විට ගමට පිවිස සත්දිනක් මහදන් දී, සත්වැනි දින ලක්ෂ ගණනක් භික්ෂූන්ගේ පාමුල තුන් සිවුරු තබා, භාග්‍යවතුන් වහන්සේට වැඳ, “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, ඉදින් මවිසින් අතරමග යොදුනක් පාසා විහාර කරවීමේ පටන් කරන ලද සියලු පින්කම්වලින් ශක්‍ර සම්පත්, මාර, බ්‍රහ්ම සම්පත් ආදියක් නොපතමි. හුදෙක් ලොවුතුරා බුදුවරයෙකු හමුවේ උපස්ථායක තනතුර දැරීමට ම ප්‍රාර්ථනා කරමි. එනිසා ස්වාමීනි! මේ සුමන තෙරුන් මෙන් මමද බුදුවරයන් වහන්සේ කෙනෙකු හමුවේ අග්‍ර උපස්ථායකයකු වේවා!”යි පතමින් පසඟ පිහිටුවා වැඳගෙන සිටියේය.
භගවා “මහන්තං කුලපුත්තස්ස චිත්තං, ඉජ්ඣිස්සති නු ඛො, නො”ති ඔලොකෙන්තො, “අනාගතෙ ඉතො සතසහස්සිමෙ කප්පෙ ගොතමො නාම බුද්ධො උප්පජ්ජිස්සති, තස්සෙව උපට්ඨාකො භවිස්සතී”ති ඤත්වා –
භාග්‍යවතුන් වහන්සේ මේ මහත් වූ කුල පුතුගේ ප්‍රාර්ථනාව ඉටුවන්නේද? නොවන්නේ ද?යි විමසා බලන සේක් “අනාගතයේ දී - මින් කල්ප සියදහසක් ගත වූ කල්හි ගෞතම නම් බුදුරජාණන් වහන්සේ පහළවන සේක. මෙකුමරු උන්වහන්සේන්ගේ අග්‍ර උපස්ථායක වන්නේය”යි දැන
“ඉච්ඡිතං පත්ථිතං තුය්හං, සබ්බමෙව සමිජ්ඣතු; සබ්බෙ පූරෙන්තු සඞ්කප්පා, චන්දො පන්නරසො යථා”ති. –
ඉච්ඡිතං පච්ඡිතං තුයිහං ඛිප්පමේව සමිජ්ඣතු සබ්බා පූරෙන්තු සංකප්පා චන්දො පණ්ණ රසො යථා
“ඔබ සිතූ-පැතු සියල්ලම වහා සමෘද්ධිමත් වේවා! පසළොස්වක සඳ මෙන් ඔබගේ සියලු සංකල්පනාවෝ සම්පූර්ණ වෙත්වා!”යි වදාළ සේක.
ආහ. කුමාරො සුත්වා “බුද්ධා නාම අද්වෙජ්ඣකථා හොන්තී”ති දුතියදිවසෙයෙව තස්ස භගවතො පත්තචීවරං ගහෙත්වා පිට්ඨිතො පිට්ඨිතො ගච්ඡන්තො විය අහොසි.
මෙය ඇසූ සුමන කුමරු “බුදුවරු නම් දෙයාකාර වූ කථාවක් නොදෙසනෝමය”යි සිතා දෙවැනි දින පටන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගෙන පිටුපසින් අනුව යන්නාක් මෙන් හැඟුනේය. එසේ සිතමින් ප්‍රීති විය.
සො තස්මිං බුද්ධුප්පාදෙ වස්සසතසහස්සං දානං දත්වා සග්ගෙ නිබ්බත්තිත්වා කස්සපබුද්ධකාලෙපි පිණ්ඩාය චරතො ථෙරස්ස පත්තග්ගහණත්ථං උත්තරිසාටකං දත්වා පූජං අකාසි.
ඔහු ඒ බුද්ධෝත්පාද කාලයේ වර්ෂ සියදහස් ගණනක් මහදන් දී දිව්‍යලෝකයේ ඉපිද කසුප් බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයෙහි පිඬු පිණිස හැසිරෙන භික්ෂුවකට සිය පාත්‍රය තබාගෙන යෑම සඳහා සුදුසු වූ උතුරු සලුවක් පූජා කළේය.
පුන සග්ගෙ නිබ්බත්තිත්වා තතො චුතො බාරාණසිරාජා හුත්වා අට්ඨන්නං පච්චෙකබුද්ධානං පණ්ණසාලායො කාරෙත්වා මණිආධාරකෙ උපට්ඨපෙත්වා චතූහි පච්චයෙහි දසවස්සසහස්සානි උපට්ඨානං අකාසි. එතානි පාකටට්ඨානානි.
නැවත දෙව්ලොව ඉපිද, ඉන් චුතව බරණැස් මහරජුව ඉපිද, පසේ බුදුවරු අටනමක් සඳහා පන්සල් කරවා, මැණික් පුටු පූජා කරවා සිවු පසයෙන් ඇප උපස්ථාන කරමින් වර්ෂ දසදහසක් ගත කළේය. මෙතැන් සිට ඇති තොරතුරු ඉතා ප්රකටය.
කප්පසතසහස්සං පන දානං දදමානොව අම්හාකං බොධිසත්තෙන සද්ධිං තුසිතපුරෙ නිබ්බත්තිත්වා තතො චුතො අමිතොදනසක්කස්ස ගෙහෙ පටිසන්ධිං ගහෙත්වා අනුපුබ්බෙන කතාභිනික්ඛමනො සම්මාසම්බොධිං පත්වා පඨමගමනෙන කපිලවත්ථුං ආගන්ත්වා තතො නික්ඛමන්තෙ භගවති භගවතො පරිවාරත්ථං රාජකුමාරෙසු පබ්බජන්තෙසු භද්දියාදීහි සද්ධිං නික්ඛමිත්වා භගවතො සන්තිකෙ පබ්බජිත්වා නචිරස්සෙව ආයස්මතො පුණ්ණස්ස මන්තාණිපුත්තස්ස සන්තිකෙ ධම්මකථං සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨහි. එවමෙස ආයස්මා පුබ්බූපනිස්සයසම්පන්නො, තස්සිමාය පුබ්බූපනිස්සයසම්පත්තියා ගම්භීරොපි පටිච්චසමුප්පාදො උත්තානකො විය උපට්ඨාසි.
කල්ප සියදහස් ගණනක් දන් දෙමින් ම අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ සමග ම තුසිත පුරයෙහි ඉපිද, ඉන් සැව අමිතෝදන ශාක්‍යයාගේ භාර්යා කුස පිළිසිඳගෙන, පිළිවෙලින් කරන ලද අභිනික්මන් ඇති අප සිදුහත් තාපසතුමා සම්මා සම්බුද්ධත්වයට පැමිණ පළමුවර කපිලවත්ථුවට වැඩි අවස්ථාවේ දී ශාක්‍ය රජවරු ගත් තීරණයට අනුව කපිලවත්ථුවෙන් නික්මුණු බුදුපියාණන් වහන්සේ පිරිවරා ගැනීමට ශාක්‍ය කුලයෙන් පැවිදිවන භද්දියාදී කුමාරවරු සමග ගිහිගෙයින් නික්මුණු ආනන්ද කුමරු, භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූයේය. නොබෝ දිනකින් ම ආයුෂ්මත් පුණ්ණ මන්තානි පුත්ත මහතෙරුන්ගේ ධර්ම කථාවක් අසා සෝවාන් ඵලයෙහි පිහිටි ආනන්ද තෙරණුවන්ගේ පූර්ව උපනිශ්‍රය සම්පත්තීන් මෙපරිද්දෙන් දතයුතුයි. ඒ පූර්ව උපනිශ්‍රය සම්පත් හේතුවෙන් ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය වඩාත් ප්රකටව වැටහුණු බව දතයුතුයි.
තිත්ථවාසොති පන ගරූනං සන්තිකෙ උග්ගහණසවනපරිපුච්ඡනධාරණානි වුච්චන්ති. සො ථෙරස්ස අතිවිය පරිසුද්ධො. තෙනාපිස්සායං ගම්භීරොපි උත්තානකො විය උපට්ඨාසි.
තීර්ථ වාසය (තිත්ථවාස) යනු ගුරුවරු සමීපයේ සිට ධර්ම කරුණු ඉගෙනීම, ශ්‍රවණය, විචාරීම, ධාරණය කරගැනීමාදී ක්රියාවන්ය. මෙකරුණු ආනන්ද තෙරුන් පිළිබඳව විමසා බැලීමේදී අතිශයින් පිරිසිදුය. එනිසා මෙම ගැඹුරු ධර්මය මැනවින් වටහාගත හැකි වූ බව දතයුතුයි.
සොතාපන්නානඤ්ච නාම පච්චයාකාරො උත්තානකො හුත්වා උපට්ඨාති, අයඤ්ච ආයස්මා සොතාපන්නො. බහුස්සුතානං චතුහත්ථෙ ඔවරකෙ පදීපෙ ජලමානෙ මඤ්චපීඨං විය නාමරූපපරිච්ඡෙදො පාකටො හොති, අයඤ්ච ආයස්මා බහුස්සුතානං අග්ගො.
සෝවාන් වූවන්ටද මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය උඩුකුරු වී මෙන් මැනවින් ප්රකටව අවබෝධ වේ. ආනන්ද තෙරුන් ද සෝවාන්ව සිටි බැවින් මෙම සත්‍යය ධර්මය මැනවින් වැටහෙන්නට ඇති බව දතයුතුයි. බහුශ්‍රැතයන්ට වනාහී; සිවුරියන් කාමරයක පහන් දල්වන කල්හි ඇඳපුටු ආදිය මැනවින් ප්රකටව පෙනෙන්නාක් මෙන් නාමරූපයන්ගේ බෙදා දැක්වීම් මනාව ප්රකටව වැටහේ. මේ ආනන්ද තෙරුන් වහන්සේද බහුශ්‍රැතයන්ට අග්රවූයේමය.
ඉති බාහුසච්චභාවෙනපිස්ස ගම්භීරොපි පච්චයාකාරො උත්තානකො විය උපට්ඨාසි.
මෙලෙස බහුශ්‍රැත බවින් අග්‍ර හෙයින් උන්වහන්සේට ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය උඩුකුරු වූවක් මෙන් මනාව වැටහුනේය.
පටිච්චසමුප්පාදො චතූහි ගම්භීරතාහි ගම්භීරො. සා පනස්ස ගම්භීරතා විසුද්ධිමග්ගෙ විත්ථාරිතාව. සා සබ්බාපි ථෙරස්ස උත්තානකා විය උපට්ඨාසි. තෙන භගවා ආයස්මන්තං ආනන්දං උස්සාදෙන්තො මා හෙවන්තිආදිමාහ.
ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයේ ගැඹුරු බව සතරාකාරව දතයුතුයි. ඒ ගාම්භීරතාවයන් විශුද්ධිමාර්ගයේ විස්තර කරන ලදී. එම සියලු ගාම්භීරතාවයන් ආනන්ද තෙරුන්ට වඩා අවබෝධ විය. එනිසා භාග්‍යවතුන් වහසේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් උත්සාහවත් කරවන සේක්, “ආනන්ද එසේ නොකියන්න” යනාදිය වදාළ සේක.
අයඤ්හෙත්ථ අධිප්පායො – ආනන්ද, ත්වං මහාපඤ්ඤො විසදඤාණො, තෙන තෙ ගම්භීරොපි පටිච්චසමුප්පාදො උත්තානකො විය ඛායති. තස්මා “මය්හමෙව නු ඛො එස උත්තානකො විය හුත්වා උපට්ඨාති, උදාහු අඤ්ඤෙසම්පී”ති මා එවං අවච.
මේ එහි අදහසයි.- “ආනන්දය! නුඹ මහා ප්‍රාඥයෙක. ප්‍රකට වූ ඤාණ ඇත්තෙක. එනසා නුඹට අතිශය ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාදයද උඩුකුරු වූවක් මෙන් වැටහුනේය. එනිසා මාහටම මෙය උඩුකුරු වූවක් මෙන් වැටහුණිද? නැතිනම් සෙස්සන්ටත් මෙය වැටහේද? යනාදී වදන් නොපවසන්න” යනුවෙනි.
යං පන වුත්තං “අපසාදෙන්තො”ති, තත්ථායමධිප්පායො – ආනන්ද, “අථ ච පන මෙ උත්තානකුත්තානකො විය ඛායතී”ති මා හෙවං අවච. යදි හි තෙ එස උත්තානකුත්තානකො විය ඛායති, කස්මා ත්වං අත්තනො ධම්මතාය සොතාපන්නො නාහොසි, මයා දින්නනයෙ ඨත්වා සොතාපත්තිමග්ගං පටිවිජ්ඣි? ආනන්ද, ඉදං නිබ්බානමෙව ගම්භීරං, පච්චයාකාරො පන උත්තානකො ජාතො, අථ කස්මා ඔළාරිකං කාමරාගසංයොජනං පටිඝසංයොජනං ඔළාරිකං කාමරාගානුසයං පටිඝානුසයන්ති ඉමෙ චත්තාරො කිලෙසෙ සමුග්ඝාතෙත්වා සකදාගාමිඵලං න සච්ඡිකරොසි, තෙයෙව අණුසහගතෙ චත්තාරො කිලෙසෙ සමුග්ඝාතෙත්වා අනාගාමිඵලං න සච්ඡිකරොසි, රූපරාගාදීනි පඤ්ච සංයොජනානි, මානානුසයං භවරාගානුසයං අවිජ්ජානුසයන්ති ඉමෙ අට්ඨ කිලෙසෙ සමුග්ඝාතෙත්වා අරහත්තං න සච්ඡිකරොසි? කස්මා වා සතසහස්සකප්පාධිකං එකං අසඞ්ඛ්යෙය්යං පූරිතපාරමිනො සාරිපුත්තමොග්ගල්ලානා විය සාවකපාරමීඤාණං න පටිවිජ්ඣසි, සතසහස්සකප්පාධිකානි ද්වෙ අසඞ්ඛ්යෙය්යානි පූරිතපාරමිනො පච්චෙකබුද්ධා විය ච පච්චෙකබොධිඤාණං න පටිවිජ්ඣසි? යදි වා තෙ සබ්බථාව එස උත්තානකො හුත්වා උපට්ඨාසි. අථ කස්මා සතසහස්සකප්පාධිකානි චත්තාරි අට්ඨ සොළස වා අසඞ්ඛ්යෙය්යානි පූරිතපාරමිනො බුද්ධා විය සබ්බඤ්ඤුතඤ්ඤාණං න සච්ඡිකරොසි? කිං අනත්ථිකොසි එතෙහි විසෙසාධිගමෙහි? පස්ස යාව ච තෙ අපරද්ධං, ත්වං නාම සාවකපදෙසඤාණෙ ඨිතො අතිගම්භීරං පච්චයාකාරං “උත්තානකො විය මෙ උපට්ඨාතී”ති වදසි. තස්ස තෙ ඉදං වචනං බුද්ධානං කථාය පච්චනීකං හොති. තාදිසෙන නාම භික්ඛුනා බුද්ධානං කථාය පච්චනීකං කථෙතබ්බන්ති න යුත්තමෙතං. නනු මය්හං, ආනන්ද, ඉමං පච්චයාකාරං පටිවිජ්ඣිතුං වායමන්තස්සෙව කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි අතික්කන්තානි. පච්චයාකාරපටිවිජ්ඣනත්ථාය ච පන මෙ අදින්නදානං නාම නත්ථි, අපූරිතපාරමී නාම නත්ථි. “අජ්ජ පච්චයාකාරං පටිවිජ්ඣිස්සාමී”ති පන මෙ නිරුස්සාහං විය මාරබලං විධමන්තස්ස අයං මහාපථවී ද්වඞ්ගුලමත්තම්පි නාකම්පි, තථා පඨමයාමෙ පුබ්බෙනිවාසං, මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං සම්පාදෙන්තස්ස. පච්ඡිමයාමෙ පන මෙ බලවපච්චූසසමයෙ, “අවිජ්ජා සඞ්ඛාරානං නවහි ආකාරෙහි පච්චයො හොතී”ති දිට්ඨමත්තෙයෙව දසසහස්සිලොකධාතු අයදණ්ඩෙන ආකොටිතකංසථාලො විය විරවසතං විරවසහස්සං මුඤ්චමානා වාතාහතෙ පදුමිනිපණ්ණෙ උදකබින්දු විය පකම්පිත්ථ. එවං ගම්භීරො චායං, ආනන්ද, පටිච්චසමුප්පාදො ගම්භීරාවභාසො ච, එතස්ස, ආනන්ද, ධම්මස්ස අනනුබොධා…පෙ… නාතිවත්තතීති.
නින්දා කරමින් යමක් කියන ලදද එහි මේ අදහස ඇත. “ආනන්දය! තවත් “මට උඩුකුරුව-ඉතා ප්රකටව වැටහේ” යැයි නොපවසන්න. ඉදින් නුඹට ඉතා ප්රකටව ප්‍රතීත්‍ය සමුත්පාදය වැටහේ නම් කුමක් නිසා නුඹ තම ධර්මතා වශයෙන් සෝවාන් ඵලයට පත් නොවූයෙහිද? මවිසින් දේශිත නය අනුව නුඹ සෝවාන් ඵලයට පත් වූයෙහිය. ආනන්දය! මේ නිවන් මග ඉතා ගැඹුරුය. ප්‍රතීත්‍ය-සමුත්පාදය වනාහී ප්‍රකට වූයේ - මැනවින් වැටහෙනුයේ නම් කුමක් නිසා නුඹ ඕලාරික වූ කාමරාග සංයෝජනය, ප්‍රතිඝ (තරහ) සංයෝජනය හා කාමරාගානුසය හා ප්රතිසානුසය යන මේ සිවුවැදෑරුම් ක්ලේශ ධර්ම උපුටා දමා සකෘදාගාමී ඵලය සාක්ෂාත් කර නොගන්නෙහි ද? කිම ඒ අත්‍යල්ප වූ සතරවිධ ක්ලේශ ධර්ම සම්පූර්ණයෙන් ම නසා අනාගාමී ඵලය සාක්ෂාත් නොකරන්නේ ද? රූපරාගාදී පස්විධ සංයෝජනයන් ද මාන-භව-අවිද්‍යාදී අප්‍රකට ක්ලේශ ධර්ම අට ද සම්පූර්ණයෙන් ම නසා රහත්ඵල සාක්ෂාත් කරණය නොකර සිටිනුයේ මන්ද? සිය දාහක් කල්පයන්හි ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමී ධර්ම ඇති, සැරියුත්-මුගලන් මහතෙරවරු මෙන් ශ්‍රාවක පාරමී ඤාණය අවබෝධ නොකළේ කුමක් නිසා ද? කල්ප අසංඛෙය්‍ය කල්ප ලක්ෂ දෙකක් පුරා පිරූ පාරමී දම් ඇති පසේ බුදුවරු මෙන් පසේ බුදු ඤාණය අවබෝධ නොකළේ ඇයිද? ඉදින් නුඹට සියලුම ආකාරයෙන් මේ ධර්මය ඉතා ප්රකටව වැටහෙන්නෙහි නම්, අසංඛ්‍යය කල්ප ලක්ෂ හතරක්, අටක් හෝ දාසයක් පුරා පුරන ලද පාරමිතා ධර්ම ඇති ලොවුතුරා බුදුවරයෙකු මෙන් සර්වඥතා ඥානය කුමක් නිසා සාක්ෂාත් කර නොගන්නෙහි ද? මේ සුවිශේෂී වූ අධිගමයන්ගෙන් අනර්ථයක් හෝ අවැඩක් වන්නෙහිද? බලන්න! නුඹගේ අපරාධ වූ ප්‍රකාශයේ තරම. නුඹ ශ්‍රාවක ඥාණයෙහි පිහිටියේ ඉතා ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය උඩුකුරු වූවක් මෙන් වැටහෙන්නේ යැයි පවසන්නෙහිය. මේ නුඹගේ ප්‍රකාශය ලොවුතුරු බුදුවරුන්ගේ දේශනාවට විරුද්ධ වූයේ වෙයි. නුඹ වැනි භික්ෂූන් විසින් බුදුවරුන්ගේ දේශනාවට පටහැනි වූවක් පැවසීම නුසුදුසුම ක්‍රියාවකි. ආනන්දය! මාහට මෙම ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය අවබෝධ කරගැනීම සඳහා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්ම නොගියේද? මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය අවබෝධ කරගැනීම සඳහා මවිසින් නොදුන් දානයක් නම් නැත. නොපිරූ පාරමිතාවක් නම් නැත. “අද ප්‍රතීත්‍ය -සමුත්පාදය අවබෝධ කරනෙමි”යි මාර බලය පරදා කළ ඒ උත්සාහය ඵලරහිතය. ඔබ මේ ප්‍රකාශය කරන කල්හි මහපොළව දෑගිල්ලක් තරම්වත් කම්පා නොවිණි. එනමුත් බුදුවනදා ප්‍රථමයාමයේ දී පුබේනිවාසානුස්සති ඥානය ද මධ්‍යම යාමයේ දී දිබ්බචක්ඛු ඥානය ද උපදවාගෙන පශ්චිම යාමයේදී ඉතා අලුයම් වේලාවෙහි අවිද්‍යා, සංස්කාරාදිය නවාකාරයකින් ප්රත්යවන්නේ යැයි දුටු පමණින් ම දස දහසක් සක්වල යකඩ දණ්ඩකින් තලන ලද ලෝහ තලියක් මෙන් රාවප්රතිරාව සීයක්, රාවප්රතිරාව දාහක් මුදමින්, සුලඟින් සොලවන ලද නෙලුම් පත්‍රයේ ඇති දියබිඳු මෙන් කම්පා විය. මෙලෙස “ආනන්දය! මේ ප්‍රතීත්‍ය සමුත්පාදය ඉතා ගැඹුරුය. ගැඹුරු වූයේ ම ගැඹුරුව පෙනේ. ආනන්දය! මේ දහම නොදැනීම නිසා, අවබෝධ නොකිරීම නිසා -පෙ- සසර නො ඉක්මවත්.”
එතස්ස ධම්මස්සාති එතස්ස පච්චයධම්මස්ස. අනනුබොධාති ඤාතපරිඤ්ඤාවසෙන අනනුබුජ්ඣනා. අප්පටිවෙධාති තීරණප්පහානපරිඤ්ඤාවසෙන අප්පටිවිජ්ඣනා. තන්තාකුලකජාතාති තන්තං විය ආකුලජාතා. යථා නාම දුන්නික්ඛිත්තං මූසිකච්ඡින්නං පෙසකාරානං තන්තං තහිං තහිං ආකුලං හොති, “ඉදං අග්ගං, ඉදං මූල”න්ති අග්ගෙන වා අග්ගං, මූලෙන වා මූලං සමානෙතුං දුක්කරං හොති. එවමෙව සත්තා ඉමස්මිං පච්චයාකාරෙ ඛලිතා ආකුලා බ්යාකුලා හොන්ති, න සක්කොන්ති පච්චයාකාරං උජුං කාතුං. තත්ථ තන්තං පච්චත්තපුරිසකාරෙ ඨත්වා සක්කාපි භවෙය්ය උජුං කාතුං, ඨපෙත්වා පන ද්වෙ බොධිසත්තෙ අඤ්ඤො සත්තො අත්තනො ධම්මතාය පච්චයාකාරං උජුං කාතුං සමත්ථො නාම නත්ථි. යථා පන ආකුලං තන්තං කඤ්ජියං දත්වා කොච්ඡෙන පහටං තත්ථ තත්ථ ගුළකජාතං හොති ගණ්ඨිබද්ධං, එවමිමෙ සත්තා පච්චයෙසු පක්ඛලිත්වා පච්චයෙ උජුං කාතුං අසක්කොන්තා ද්වාසට්ඨිදිට්ඨිගතවසෙන ගුළකජාතා හොන්ති ගණ්ඨිබද්ධා. යෙ හි කෙචි දිට්ඨියො සන්නිස්සිතා, සබ්බෙ තෙ පච්චයං උජුං කාතුං අසක්කොන්තායෙව.
“එතස්ස ධම්මස්ස” යනු මේ ප්‍රත්‍යය ධර්මයාගේය. “අනනුබොධා” යනු දන්නා ලද, සම්පූර්ණයෙන් දැනගත් ආදී ලෙස අවබෝධ කර නොගැනීමෙනි. “අප්පටිවෙධා” යනු තීරණ, ප්‍රහාණ හා පිරිසිඳ දැනීම් වශයෙන් අනවබෝධ වූ යනුයි. “තන්තාකුලක ජාතා” යනු නූලක් මෙන් අවුල් වූ යනුයි. යම්සේ වැරදි ලෙස දමනු ලැබූ, මීයන් විසින් කනලද පේෂකාරයන්ගේ නූලක් ඒ ඒ තැන අවුල්වේද, මේ අගය, මේ මුලය ගත නොහැකි ද, අගින් අග හෝ මුලින් මුල හෝ ගැලවීම අපහසු වේද ඒ ආකාරයෙන්ම සත්ත්වයෝ මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයෙහි පැකිලී, අවුල්ව - ව්‍යාකුලව ගියාහු වෙති. ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය ඍජු කරගැනීමට නො හැකි වේ. එහි අවුල් වූ නූල ප්රත්යක්ෂයෙන් දත් පුරුෂයෙකු ලවා ම දිගහැර ගැනීමට හැකිවන නමුත් මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය තමාගේම ධර්මතාවක් වශයෙන් වටහා ගැනීම සඳහා බෝසත්වරු දෙදෙනෙක් ලඟ තබාගෙනවත් නොහැකි වන්නේමය. එවැනි හැකියාවක් නැත්තේමය. යම්සේ අවුල් වූ නූල කැඳෙහි දමා මුස්නකින් ගසනවිට ඒ ඒ තැන ගුළාවක් මෙන් ගැට-බැඳීම් ඇතිවන්නේ ද එසේ ම මේ සත්ත්වයෝ ප්‍රත්‍ය ධර්මයන්හි පැකිලී, ප්‍රත්‍ය ධර්මය සෘජුව වටහා ගැනීමට නොහැකිව දෙසැට මිසදිටුවලට යෑම් වශයෙන් ගුළාවක් මෙන් වේ. ගැට බැඳීම් ඇති වේ. යම් කිසිවෙකු දෘෂ්ටි ඇසුරු කළෝ නම් ඔවුහු සියල්ලෝම ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය ඍජුව වටහා ගැනීමට නොහැකිවූවෝ වෙති.
කුලාගණ්ඨිකජාතාති කුලාගණ්ඨිකං වුච්චති පෙසකාරකඤ්ජියසුත්තං. කුලා නාම සකුණිකා, තස්සා කුලාවකොතිපි එකෙ. යථා හි තදුභයම්පි ආකුලං අග්ගෙන වා අග්ගං, මූලෙන වා මූලං සමානෙතුං දුක්කරන්ති පුරිමනයෙනෙව යොජෙතබ්බං.
“ගුළාගුණ්ඩික ජාතා” යනු අවුල් වූ නූල් ගුළාවකි. ජේෂකාරයන්ගේ කැඳෙහි දැමූ නූලකි. ඇතැම්හු (අභයගිරිකාදී) මෙසේ කියති. “ගුළා” යනු පක්ෂි වර්ගයකි. ඒ පක්ෂීන්ගේ කුඩු මෙන් අවුල් වූ යන අර්ථයයි. මේ අර්ථ දෙකම ආකූල වූ, අගින් අග හෝ මුලින් මුල ගැලපීමට දුෂ්කර වූ යන මුලින් කී අර්ථ දෙකම ආකූල වූ, අගින් අග හෝ මුලින් මුල ගැලපීමට දුෂ්කර වූ යන මුලින් කී අර්ථයට ම යෙදිය යුතුයි.
මුඤ්ජපබ්බජභූතාති මුඤ්ජතිණං විය පබ්බජතිණං විය ච භූතා තාදිසා ජාතා. යථා හි තානි තිණානි කොට්ටෙත්වා කතරජ්ජු ජිණ්ණකාලෙ කත්ථචි පතිතං ගහෙත්වා තෙසං තිණානං “ඉදං අග්ගං, ඉදං මූල”න්ති අග්ගෙන වා අග්ගං, මූලෙන වා මූලං සමානෙතුං දුක්කරං, තම්පි පච්චත්තපුරිසකාරෙ ඨත්වා සක්කා භවෙය්ය උජුං කාතුං, ඨපෙත්වා පන ද්වෙ බොධිසත්තෙ අඤ්ඤො සත්තො අත්තනො ධම්මතාය පච්චයාකාරං උජුං කාතුං සමත්ථො නාම නත්ථි, එවමයං පජා පච්චයං උජුං කාතුං අසක්කොන්තී දිට්ඨිගතවසෙන ගණ්ඨිකජාතා හුත්වා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති.
“මුඤ්ජබබ්බජභූතා” යනු මුදුතණ මෙන්, සවැන්න තණමෙන් වූ, එලෙස හටගත් යනුයි. යම්සේ ඒ තණ අඹරා කරන ලද රැහැන කැඩුණු විට කිසිවෙක් වැටුණු කැබැල්ලක් ගෙන, ඒ තණවල ‘මේ අගයි. මේ මුලයි’ යනුවෙන් අගින් අග හෝ මුලින් මුල හෝ ගැලපීමට දුෂ්කර වේ. එයද ප්රත්යක්ෂයෙන් දත් පුරුෂයකු ලවා ම ඍජුකර ගැනීමට හැකිවන්නකි. එනමුත් බෝසත්වරු දෙදෙනෙක් දෙපස තබාගෙනවත් තමාම ධර්මතා වශයෙන් ප්‍රතීත්‍ය සමුත්පාදය ඍජුව වටහා ගන්නෙක් නම් නැත. මෙසේ මේ සාමාන්‍ය ජනයා ප්‍රත්‍ය ධර්ම ඍජුව වටහා ගැනීමට නොහැකි වනුයේ දෘෂ්ටිගත වශයෙන් ගැට හටගතෝ වී “අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති” සැපෙන් පහවී නපුරු ගති ඇති නරකයෙහි වැටී සසර නො ඉක්මවයි.
තත්ථ අපායොති නිරයතිරච්ඡානයොනිපෙත්තිවිසයඅසුරකායා. සබ්බෙපි හි තෙ වඩ්ඪිසඞ්ඛාතස්ස අයස්ස අභාවතො “අපායො”ති වුච්චති, තථා දුක්ඛස්ස ගතිභාවතො දුග්ගති, සුඛසමුස්සයතො විනිපතිතත්තා විනිපාතො. ඉතරො පන –
මෙහි “අපාය” යනු නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය හා අසුර ලෝකයයි. ඒ සියල්ලෝම “වර්ධනය වීම” නම් වූ “අයවීමෙන් දුරුවූයේ-නොවැඩෙන්නේ “අපාය” නම් වේ. එසේම දුකට යෑම් වශයෙන් “දුගති” නම් වේ. සැප කයින් වැටුණු බැවින් “විනිපාත” නම් වේ. සෙසු පදයන්හි අර්ථ -
“ඛන්ධානඤ්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ්භොච්ඡින්නං වත්තමානා, සංසාරොති පවුච්චති”.
“ඛන්ධානං පටිපාටී ච ධාතු ආයතනානිච අම්බොච්ඡින්නං වත්තමානං සංසාරොති පවුච්චතී”
“ස්කන්ධයන්ගේ පිළිවෙල හා ධාතු-ආයතනාදිය නොසිඳී -අඛණ්ඩව එකට බැඳී පවතිනුයේ ද “ඒ සංසාරය” යැයි කියනු ලැබේ.
තං සබ්බම්පි නාතිවත්තති නාතික්කමති, අථ ඛො චුතිතො පටිසන්ධිං, පටිසන්ධිතො චුතින්ති එවං පුනප්පුනං චුතිපටිසන්ධියො ගණ්හමානා තීසු භවෙසු චතූසු යොනීසු පඤ්චසු ගතීසු සත්තසු විඤ්ඤාණට්ඨිතීසු නවසු සත්තාවාසෙසු මහාසමුද්දෙ වාතක්ඛිත්තා නාවා විය යන්තෙ යුත්තගොණො විය ච පරිබ්භමතියෙව. ඉති සබ්බමෙතං භගවා ආයස්මන්තං ආනන්දං අපසාදෙන්තො ආහ. සෙසමෙත්ථ වුත්තනයමෙවාති.
ඒ සියල්ල ද නො ඉක්මවයි. අතික්‍රමණය නොකරයි. අනතුරුව චුතියෙන් ප්රතිසන්ධිය ද ප්රතිසන්ධියෙන් චුතිය ද ලැබීම් වශයෙන් මෙලෙස නැවත නැවත චුති-ප්රතිසන්ධි ලබන සත්වයෝ ත්‍රිවිධ භවයන්හිද නව සත්තාවාසයන්හි ද ඉපිද මැරෙමින්; මහමුහුදේ ඒ මේ අත ගසාගෙන යන නැවක් මෙන් ද යන්ත්‍රයේ යොදන ලද ගොනෙකු මෙන් ද පරිභ්‍රමණය කරත්මය. මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින්, ආයුෂ්මත් ආනන්ද හිමියන්ට නින්දා කරමින් දේශනා කළහයි දතයුතුයි. මෙම සූත්‍රයේ ඉතිරි පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය.
දසමං.
දසවන සූත්‍රයයි.
දුක්ඛවග්ගො ඡට්ඨො.
සයවන දුක්ඛ වර්ගය නිමියේය.