1. අස්සුතවන්තුසුත්තවණ්ණනා අට්ඨකථා
1. අස්සුතවන්තුසුත්තවණ්ණනා
1. අස්සුතවන්තු සූත්‍ර වර්ණනාව
මහාවග්ගස්ස පඨමෙ අස්සුතවාති ඛන්ධධාතුආයතනපච්චයාකාරසතිපට්ඨානාදීසු උග්ගහපරිපුච්ඡාවිනිච්ඡයරහිතො. පුථුජ්ජනොති පුථූනං නානප්පකාරානං කිලෙසාදීනං ජනනාදිකාරණෙහි පුථුජ්ජනො. වුත්තඤ්හෙතං – “පුථු කිලෙසෙ ජනෙන්තීති පුථුජ්ජනා”ති සබ්බං විත්ථාරෙතබ්බං. අපිච පුථූනං ගණනපථමතීතානං අරියධම්මපරම්මුඛානං නීචධම්මසමාචාරානං ජනානං අන්තොගධත්තාපි පුථුජ්ජනො, පුථු වා අයං විසුංයෙව සඞ්ඛං ගතො, විසංසට්ඨො සීලසුතාදිගුණයුත්තෙහි අරියෙහි ජනොති පුථුජ්ජනො. එවමෙතෙහි “අස්සුතවා පුථුජ්ජනො”ති ද්වීහිපි පදෙහි යෙ තෙ –
මහාවර්ගයේ පළමු සූත්‍රයේ “අස්සුතවා” යනු ස්කන්ධ, ධාතු, ආයතන, ප්‍රත්‍යාකාර, සතිපට්ඨානාදියෙහි ඉගෙනීම්, ප්‍රශ්න කිරීම්, විනිශ්චය කිරීම් ආදිය රහිත වූ පුද්ගලයාය. “පුථුජ්ජනො” යනු පැතිර සිටි (පුථු) නානාප්‍රකාර වූ ක්ලේශාදීන්ට ඉපදීම සඳහා උපකාර වූ හෙයින් “පුථුජ්ජන” නම් වූ. එනිසා කියන ලදී. “ව්‍යාප්ත වූ” (පුථු) “ක්ලේශයන් උපදවයි” (ජනන) යන අරුතින් “පුථුජ්ජන” නම් වේ. මෙලෙස සෑම තැනකදීම විස්තර කළ යුතුයි. තවද - පැතිර යාමෙන් ගණන් කිරීමේ සීමාව ඉක්මගිය, ආර්ය ධර්මයන්ට විරුද්ධ වූ, නීච ධර්මයන්ට සම වූ හැසිරීම් ඇති ජනයාගේ එකතුව “පුථුජ්ජන” නම් වේ. වෙන් වෙන් වූ හෝ මෙය වෙන්වූ ම සංඛ්‍යාවට ගියේ සීල, තාදී ගුණයන්ගෙන් යුක්ත ආර්ය ජනයන්ගෙන් වෙන් වූයේ - ඔවුන් හා සම්බන්ධ නොවූයේ “පුථුජ්ජන” නම් වේ. මෙසේ මේ සූත්‍රයේදී “අශ්‍රැතවත් පෘථජ්ජනයා” යන දෙපදයෙන් අදහස් කළ පුද්ගලයා වනාහී
“දුවෙ පුථුජ්ජනා වුත්තා, බුද්ධෙනාදිච්චබන්ධුනා; අන්ධො පුථුජ්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ්ජනො”ති. (මහානි· 94); –
දුවේ පුථුජ්ජනා වුත්තා - බුද්ධෙනාදිච්ච බන්ධුනා අන්ධො පුථුජ්ජනො එකො - කල්‍යාණෙකො පුථුජ්ජනා
“සූර්යවංශික වූ බුදුරජාණන් වහන්සේ විසින් පුහුදුන් පුද්ගලයෝ දෙකොටසක් දැක්වූහ. එක් අයෙක් අන්ධ පුහුදුන් පුද්ගලයායි. දෙවැන්නා කල්‍යාණ පුහුදුන් පුද්ගලයායි.”
ද්වෙ පුථුජ්ජනා වුත්තා, තෙසු අන්ධපුථුජ්ජනො ගහිතො. ඉමස්මින්ති පච්චුප්පන්නපච්චක්ඛකායං දස්සෙති. චාතුමහාභූතිකස්මින්ති චතුමහාභූතකායෙ චතුමහාභූතෙහි නිබ්බත්තෙ චතුමහාභූතමයෙති අත්ථො. නිබ්බින්දෙය්යාති උක්කණ්ඨෙය්ය. විරජ්ජෙය්යාති න රජ්ජෙය්ය. විමුච්චෙය්‍යාති මුච්චිතුකාමො භවෙය්ය. ආචයොති වුඩ්ඪි. අපචයොති පරිහානි. ආදානන්ති නිබ්බත්ති. නික්ඛෙපනන්ති භෙදො.
මෙලෙස පුහුදුන් පුද්ගලයෝ දෙදෙනෙක් පිළිබඳව පැවසේ. ඔවුන් අතුරින් මුලින් පැවසූ අන්ධ පුහුදුන් පුද්ගලයාම මෙම සූත්‍රයේ දී අදහස් කරන ලදී. “ඉමස්මිං” යනු වර්තමාන ප්රත්යක්ෂ වූ කය දක්වයි. “චාතුම්මහා භූතිකෙ” යනු සිවුමහා භූත ධර්මයන්ගෙන් උපන්, සිවුමහා භූතමය වූ යන අර්ථය. “නිබ්බින්දෙය්ය” යනු කළකිරෙන්නේය යනුයි. “විරජ්ජෙය්ය” යනු නොරඳන්නේ ය. “විමුච්චෙය්ය” යනු මුදනු කැමති වන්නේය. “ආචයො” යනු අභිවෘද්ධියයි. “අපචයො” යනු පිරිහීමයි. “ආදානං” යනු උපතයි. “නික්ඛෙපං” යනු බිඳීයෑමයි.
තස්මාති යස්මා ඉමෙ චත්තාරො වුඩ්ඪිහානිනිබ්බත්තිභෙදා පඤ්ඤායන්ති, තස්මා තංකාරණාති අත්ථො.
“තස්මා” යනු යම්හෙයකින් මේ සිවූ වැදෑරුම් වූ අභිවෘද්ධි, පරිහානි, උප්පත්ති හා බිඳීයෑම් යනාදිය ප්‍රකට වෙද්ද එහෙයින්. ඒ හේතුවෙන් යන අර්ථයි.
ඉති භගවා චාතුමහාභූතිකෙ කායෙ රූපං පරිග්ගහෙතුං අයුත්තරූපං කත්වා අරූපං පරිග්ගහෙතුං යුත්තරූපං කරොති. කස්මා? තෙසඤ්හි භික්ඛූනං රූපස්මිං ගාහො බලවා අධිමත්තො, තෙන තෙසං රූපෙ ගාහස්ස පරිග්ගහෙතබ්බරූපතං දස්සෙත්වා නික්කඩ්ඪන්තො අරූපෙ පතිට්ඨාපනත්ථං එවමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සිවුමහා භූතමය වූ කයෙහි රූපය අල්වා ගැනීමට අයුතු රූපයක් (නුසුදුසු වූවක්) කර, අරූපය අල්වා ගැනීමට (සුදුසු සේ) යුතු රූපයක් කරන සේක. කුමක් නිසාද? ඒ භික්ෂූන්ගේ රූපයෙහි ඇලුණු සිත ඉතා බලවත් ය. අධික ය. එනිසා ඒ රූපයේ දැඩිව ඇලුණු පුද්ගලයන්ට අල්වාගත යුතු රූපයක් දක්වා නෙරපන සේක්, අරූපයෙහි පිහිටුවීම සඳහා මෙසේ වදාළහ.
චිත්තන්තිආදි සබ්බං මනායතනස්සෙව නාමං. තඤ්හි චිත්තවත්ථුතාය චිත්තගොචරතාය සම්පයුත්තධම්මචිත්තතාය ච චිත්තං, මනනට්ඨෙන මනො, විජානනට්ඨෙන විඤ්ඤාණන්ති වුච්චති. නාලන්ති න සමත්ථො. අජ්ඣොසිතන්ති තණ්හාය ගිලිත්වා පරිනිට්ඨපෙත්වා ගහිතං. මමායිතන්ති තණ්හාමමත්තෙන මම ඉදන්ති ගහිතං. පරාමට්ඨන්ති දිට්ඨියා පරාමසිත්වා ගහිතං. එතං මමාති තණ්හාගාහො, තෙන අට්ඨසතතණ්හාවිචරිතං ගහිතං හොති. එසොහමස්මීති මානගාහො, තෙන නව මානා ගහිතා හොන්ති. එසො මෙ අත්තාති දිට්ඨිගාහො, තෙන ද්වාසට්ඨි දිට්ඨියො ගහිතා හොන්ති. තස්මාති යස්මා එවං දීඝරත්තං ගහිතං, තස්මා නිබ්බින්දිතුං න සමත්ථො.
“චිත්තං” යනාදී සියල්ල “මන” ආයතනයට ම භාවිත පද වේ. විසිතුරු වස්තුවක් වූ බැවින් ද විසිතුරු ලෙස ගෝචර වන බැවින් ද එක්ව යෙදුණු ධර්මයන්ගේ විසිතුරු බැවින් ද “චිත්ත” නම් වේ. සිතීම් (මනන) අර්ථයෙන් “මනෝ” නම් වේ. දැනීම් (විජානන) අර්ථයෙන් “විඤ්ඤාණං” නම් වේ. “නාලං” යනු අසමත්. සමත් නොවේ යනුයි. “අජෙඣාසිතං” යනු තණ්හාවෙහි ගිලී අවසන් කරගන්නා ලද. බැසගන්නා ලද යනුයි. “ම මායිතං” යනු තණ්හාවෙන් “මම”, මගේ මෙය මගේ යැයි මමායනය කරගත්, “පරාමට්ඨං” යනු දෘෂ්ටියෙන් පිරිමැද ගන්නා ලද. “එතං මම”යනු තණ්හාවෙන් ගැනීමකි. එයින් එකසිය අටක් වූ තණ්හාව අදහස් කරන ලදී. “එසොහමස්මි” යනු “මේ මම වෙමි”යි මානයක් ගැනීමයි. එයින් මාන නවය අදහස් කරන ලදී. “තස්මා”යනු මෙසේ බොහෝ කාලයක් තුල පිළිගන්නා ලද වැරදි පිළිගැනීම් ඇති නිසා නිවීමට (ඒවා අත්හැරීමට) අසමත් වනුයේ යනුයි.
වරං, භික්ඛවෙති ඉදං කස්මා ආහ? පඨමඤ්හි තෙන රූපං පරිග්ගහෙතුං අයුත්තරූපං කතං, අරූපං යුත්තරූපං, අථ “තෙසං භික්ඛූනං රූපතො ගාහො නික්ඛමිත්වා අරූපං ගතො”ති ඤත්වා තං නික්කඩ්ඪිතුං ඉමං දෙසනං ආරභි.
“පරං භික්ඛවෙ” මෙය කුමක් නිසා කියන ලද්දේ ද? බුදුපියාණන් වහන්සේ පළමුව ශ්‍රාවක භික්ෂූන් විමසීම සඳහා රූපය නුසුදුසු වූවක් ලෙස ද අරූපය සුදුසු වූවක් ලෙස ද දේශනා කරන ලද සේක. ඉක්බිති ඒ භික්ෂූන්ගේ සිත, රූපය දැඩිව ගැනීමෙන් ඉවත් වී, අරූපය දැඩිව ගත් බවට පත් වූ බව දැන ඉන් මිදවීම සඳහා මේ දේශනාව ඇරඹූසේක.
තත්ථ අත්තතො උපගච්ඡෙය්යාති අත්තාති ගණ්හෙය්ය. භිය්යොපීති වස්සසතතො උද්ධම්පි. කස්මා පන භගවා එවමාහ? කිං අතිරෙකවස්සසතං තිට්ඨමානං රූපං නාම අත්ථි? නනු පඨමවයෙ පවත්තං රූපං මජ්ඣිමවයං න පාපුණාති, මජ්ඣිමවයෙ පවත්තං පච්ඡිමවයං, පුරෙභත්තෙ පවත්තං පච්ඡාභත්තං, පච්ඡාභත්තෙ පවත්තං පඨමයාමං, පඨමයාමෙ පවත්තං මජ්ඣිමයාමං, මජ්ඣිමයාමෙ පවත්තං පච්ඡිමයාමං න පාපුණාති? තථා ගමනෙ පවත්තං ඨානං, ඨානෙ පවත්තං නිසජ්ජං, නිසජ්ජාය පවත්තං සයනං න පාපුණාති. එකඉරියාපථෙපි පාදස්ස උද්ධරණෙ පවත්තං අතිහරණං, අතිහරණෙ පවත්තං වීතිහරණං, වීතිහරණෙ පවත්තං වොස්සජ්ජනං, වොස්සජ්ජනෙ පවත්තං සන්නික්ඛෙපනං, සන්නික්ඛෙපනෙ පවත්තං සන්නිරුජ්ඣනං න පාපුණාති, තත්ථ තත්ථෙව ඔධි ඔධි පබ්බං පබ්බං හුත්වා තත්තකපාලෙ පක්ඛිත්තතිලා විය පටපටායන්තා සඞ්ඛාරා භිජ්ජන්තීති? සච්චමෙතං. යථා පන පදීපස්ස ජලතො ජාතා තං තං වට්ටිප්පදෙසං අනතික්කමිත්වා තත්ථ තත්ථෙව භිජ්ජති, අථ ච පන පවෙණිසම්බන්ධවසෙන සබ්බරත්තිං ජලිතො පදීපොති වුච්චති, එවමිධාපි පවෙණිවසෙන අයම්පි කායො එවං චිරට්ඨිතිකො විය කත්වා දස්සිතො.
එහිදී “අත්තතො උපගච්ඡෙය්ය” යනු ආත්ම වශයෙන් ගන්නේය යනුයි. “භියොපි” යනු වසර සීයකට ද මත්තෙහිය. කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක් ද? කිම “තවත් වසර සීයක් සිටීම” මෙහිදී අදහස් වේද? පළමු වයසේ පැවති රූපය, මැදි වයසට නො පැමිණේ. මැදි වයසේ පවතින රූපය පශ්චිම වයසට නොපැමිණේ. පෙරබත් කල පැවති රූපය පසුබත් කල නැතිවේ. පසුබත් කල පැවති රූපය රෑ ප්‍රථම යාමයේ දී නැතිවේ. ප්‍රථම යාමයේ පැවති රූපය මැදියමේදී නැතිවේ. රෑ මැදියමේ පවතින රූපය, රෑ පශ්චිම යාමයේදී නැතිවේ. එලෙසින්ම ගමන් කිරීමෙහිදී පවතින රූපය සිටගෙන සිටිවිට ද, සිටගෙන සිටින විට ඇති රූපය හිඳගත් විටද, හිඳගත් විට ඇතිවන රූපය සයනය කරන විටද නැතිවේ. එකම ඉරියව්වේ සිටියත් රූපය වෙනස් වේ. ගමනාරම්භයේ පැවති රූපය ගමන් කිරීමේදී නැත. පළමු පියවර තැබූ විට ඇති රූපය දෙවන පියවර තබනවිට නැත. ගමන් කිරීමේදී පවතින රූපය ගමන නැවැත්වූ විට නැත. ගමන නැවැත්වීමේදී ඇති රූපය නැවත නික්මෙනවිට නැත. නැවත නික්මෙනවිට ඇති රූපය ගමන නැවැත්වූ විට නැත. ඒ ඒ තැන ම වෙන් වෙන් වශයෙන් පුරුක්-පුරුක් වශයෙන් වී රත් වූ කබලෙහි දමන ලද තල මෙන් තට,තට හඬදෙමින් සංස්කාරයෝ බිඳෙත් ද, වෙනස් වෙත් ද යන මෙය සත්‍යයකි. යම්සේ පහනෙහි දල්වන ලද දැල්ල ඒ ඒ වැටියේ ප්‍රදේශය නො ඉක්මවමින් ඒ ඒ තැනම බිඳෙත් ද එමෙන්ම ප්රවේණි වශයෙන් සම්බන්ධ වී “පහන මුළු රෑ පුරාම දැල්වුණි” යැයි කියත්ද එලෙසින් ම මෙහිදී ප්රවේණි වශයෙන් මේ කයද ස්ථිර වූවක් මෙන් දැකිය හැකි වේ. එනිසා මෙතැනදී මේ කයද බොහෝ කලක් පවතින්නාක් මෙන් දක්වන ලදී.
රත්තියා ච දිවසස්ස චාති රත්තිම්හි ච දිවසෙ ච. භුම්මත්ථෙ හෙතං සාමිවචනං. අඤ්ඤදෙව උප්පජ්ජති, අඤ්ඤං නිරුජ්ඣතීති යං රත්තිං උප්පජ්ජති ච නිරුජ්ඣති ච, තතො අඤ්ඤදෙව දිවා උප්පජ්ජති ච නිරුජ්ඣති චාති අත්ථො. අඤ්ඤං උප්පජ්ජති, අනුප්පන්නමෙව අඤ්ඤං නිරුජ්ඣතීති එවං පන අත්ථො න ගහෙතබ්බො. “රත්තියා ච දිවසස්ස චා”ති ඉදං පුරිමපවෙණිතො පරිත්තකං පවෙණිං ගහෙත්වා පවෙණිවසෙනෙව වුත්තං, එකරත්තිං පන එකදිවසං වා එකමෙව චිත්තං ඨාතුං සමත්ථං නාම නත්ථි. එකස්මිඤ්හි අච්ඡරාක්ඛණෙ අනෙකානි චිත්තකොටිසතසහස්සානි උප්පජ්ජන්ති.
“රත්තියා ච දිවසස්ස ච” යනු රාත්‍රියේ ද දාවල ද යනුයි. මෙය සත්තමී අර්ථයේ (කාලාර්ථ) ඡට්ඨි විභක්ති වචනයකි. “අඤ්ඤදේව උප්පජ්ජති, අඤ්ඤං නිරුජ්ඣති” යනු “යමක් රෑ උපදියිද එය දැන් නිරුද්ධ විය. දාවල අනිකක් ම උපදියි. එසැනින් ම එය නිරුද්ධ වේ.” යනුවෙන් මෙහි අර්ථ නොගත යුතුයි. රෑද දාවල්ද යනුවෙන් පළමු ප්‍රවේණියෙන් කුඩා ප්රවේණියක් ගෙන ප්රවේණි වශයෙන් කියන ලදී. එක් රැයක් හෝ එක් දවසක් තුල එකම සිතක් පැවතීමට හැකියාවක් නැත. එක් අසුරු සැණෙකදී නොයෙක් සිත් කෙළ ලක්ෂ ගණනක් උපදිත්.
වුත්තම්පි චෙතං මිලින්දපඤ්හෙ –
මෙකරුණු මිළින්ද ප්රශ්නයේ විමසන ලද්දේ නොවේද? -
“වාහසතං ඛො, මහාරාජ, වීහීනං, අඩ්ඪචූළඤ්ච වාහා, වීහිසත්තම්බණානි, ද්වෙ ච තුම්බා, එකච්ඡරාක්ඛණෙ පවත්තස්ස චිත්තස්ස එත්තකා වීහී ලක්ඛං ඨපීයමානා පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්යු”න්ති.
“මහරජ! වාහන සීයක්, කුඩා වාහන පනහක්, කුරුණි සතක හා ලාහ දෙකක දැමූ වී ප්‍රමාණයට, එක් අසුරු සැණෙක දී උපදින සිත් සංඛ්‍යාව සමාන කල නොහැක. ඒ සිත් සංඛ්‍යාවෙන් දහසයෙන් කොටසකට හෝ ඉන් භාගයකටවත් සමාන නොවේ.”
පවනෙති මහාවනෙ. තං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හාති, තං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හාතීති ඉමිනා න සො ගණ්හිතබ්බසාඛං අලභිත්වා භූමිං ඔතරති. අථ ඛො තස්මිං මහාවනෙ විචරන්තො තං තං සාඛං ගණ්හන්තොයෙව චරතීති අයමත්ථො දස්සිතො.
“පවනෙ” යනු මහාවනයෙහිය. “තං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හාති, තං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හාති” යනු මෙසේ ඔහු ගතයුතු අත්තක් නොලැබූ විට බිමට බසියි යනුයි. ඉක්බිති “ඒ මහාවනයේ හැසිරෙමින් ඒ ඒ අතු අල්ලා ගනිමින් ම හැසිරේ”යැයි අර්ථ දක්වන ලදී.
එවමෙව ඛොති එත්ථ ඉදං ඔපම්මසංසන්දනං – අරඤ්ඤමහාවනං විය හි ආරම්මණවනං වෙදිතබ්බං. තස්මිං වනෙ විචරණමක්කටො විය ආරම්මණවනෙ උප්පජ්ජනකචිත්තං. සාඛාගහණං විය ආරම්මණෙ ලුබ්භනං. යථා සො අරඤ්ඤෙ විචරන්තො මක්කටො තං තං සාඛං පහාය තං තං සාඛං ගණ්හාති, එවමිදං ආරම්මණවනෙ විචරන්තං චිත්තම්පි කදාචි රූපාරම්මණං ගහෙත්වා උප්පජ්ජති, කදාචි සද්දාදීසු අඤ්ඤතරං, කදාචි අතීතං, කදාචි අනාගතං වා පච්චුප්පන්නං වා, තථා කදාචි අජ්ඣත්තං, කදාචි බාහිරං. යථා ච සො අරඤ්ඤෙ විචරන්තො මක්කටො සාඛං අලභිත්වා ඔරුය්හ භූමියං නිසින්නොති න වත්තබ්බො, එකං පන පණ්ණසාඛං ගහෙත්වාව නිසීදති, එවමෙව ආරම්මණවනෙ විචරන්තං චිත්තම්පි එකං ඔලුබ්භාරම්මණං අලභිත්වා උප්පන්නන්ති න වත්තබ්බං, එකජාතියං පන ආරම්මණං ගහෙත්වාව උප්පජ්ජතීති වෙදිතබ්බං. එත්තාවතා ච පන භගවතා රූපතො නීහරිත්වා අරූපෙ ගාහො පතිට්ඨාපිතො, අරූපතො නීහරිත්වා රූපෙ.
“ඒවමේව ඛො” යනු මේ දැක්වූ උපමාව සන්සන්දනය කිරීමයි. ආරණ්‍ය මහා වනය අරමුණු වනයක් මෙන් දතයුතුයි. ඒ කැළයේ හැසිරෙන වඳුරා යනු අරමුණු වනයෙහි හටගන්නා සිතයි. වඳුරා අතු අල්ලා ගැනීම මෙන් සිත අරමුණුවල එල්බෙයි. යම්සේ ඒ කැළයේ හැසිරෙන වඳුරා ඒ ඒ අතු අත්හැර, වෙන වෙන අතු අල්ලා ගනියි ද මෙසේ මේ අරමුණු නමැති වනයේ හැසිරෙන සිත ද කිසිවිටෙක රූපාරම්මණය ගෙන උපදියි. කිසිකලෙක ශබ්දාදී වෙනත් අරමුණු ගෙන උපදියි. කිසිවිටෙක අතීත වූත්, අනාගත වූත්, ප්‍රත්‍යුත්පන්න වූත් අරමුණු ගෙන උපදියි. එසේම කිසිවිටෙක ආධ්‍යාත්මක වූත්, කිසිවිටෙක බාහිර වූත් අරමුණු ගෙන උපදියි. යම්සේ “ඒ කැළයේ හැසිරෙන වඳුරා අත්තක් නොලැබ බිමට බැස සිටින්නේය”යි කිවනොහැක. එක් අතක් අල්ලාගෙන ම සිටින්නේය. මේ අයුරින් ම අරමුණු වනයෙහි හැසිරෙන සිත ද “එක් එලඹිය යුතු අරමුණක් නොලැබ උපන්නේයැ”යි කිව නොහැක. පසිඳුරන්ගෙන් කිසියම්ම හෝ එක් අරමුණක් ලබාගෙනම සිත උපදින්නේ යැයි දතයුතුයි. මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ රූපයෙන් බැහැර කර අරූපයෙහි සිත පිහිටුවන ලද සේක. අරූපයෙන් බැහැර කර, රූපයෙහි සිත පිහිටුවන ලද සේක.
ඉදානි තං උභයතො නික්කඩ්ඪිතුකාමො තත්ර, භික්ඛවෙ, සුතවා අරියසාවකොති දෙසනං ආරභි. අයං පනත්ථො ආසීවිසදට්ඨූපමාය දීපෙතබ්බො –
දැන් මේ දෙකින්ම බැහැර කරනු කැමතිසේක්, “තත්ර භික්ඛවේ! සුතවා අරියසාවකො”යි දේශනාව ඇරඹි සේක. මෙහි අර්ථ විස්තරය සර්පදෂ්ඨ උපමාවෙන් දතයුතුයි -
එකො කිර පුරිසො ආසීවිසෙන දට්ඨො, අථස්ස විසං හරිස්සාමීති ඡෙකො භිසක්කො ආගන්ත්වා වමනං කාරෙත්වා හෙට්ඨා ගරුළො, උපරි නාගොති මන්තං පරිවත්තෙත්වා විසං උපරි ආරොපෙසි. සො යාව අක්ඛිප්පදෙසා ආරුළ්හභාවං ඤත්වා “ඉතො පරං අභිරුහිතුං න දස්සාමි, දට්ඨට්ඨානෙයෙව ඨපෙස්සාමී”ති උපරි ගරුළො, හෙට්ඨා නාගොති මන්තං පරිවත්තෙත්වා කණ්ණෙ ධුමෙත්වා දණ්ඩකෙන පහරිත්වා විසං ඔතාරෙත්වා දට්ඨට්ඨානෙයෙව ඨපෙසි. තත්රස්ස ඨිතභාවං ඤත්වා අගදලෙපෙන විසං නිම්මථෙත්වා න්හාපෙත්වා “සුඛී හොහී”ති වත්වා යෙනකාමං පක්කාමි.
එක් පුරුෂයෙක් සර්පයකු විසින් දෂ්ඨ කරන ලදී. ඉක්බිති “ඔහුගේ විෂ ඉවත් කරනෙමි”යි කියා එක් වෛද්‍යවරයෙක් අවුත්, වමනයක් කරවා “යට ගුරුළාය. මත්තෙහි නාගයායැ”යි මන්ත්‍ර පිරිවහා විෂ මතුපිටට ගෙනාවේය. ඔහු ඒ විෂ රෝගියාගේ ඇස් ප්‍රදේශය දක්වා පැමිණි බව දැන, “මින් උඩ නැංවීමට ඉඩ නොදෙන්නෙමි. දෂ්ඨකල තැනටම විෂ ගෙනයමි” යි කියා එසේ කරයි. නැවත “ මත්තෙහි ගුරුළාය. යට නාගයායැ”යි මන්ත්‍ර පිරිවහා කණෙහි දුම් දී දණ්ඩකින් ගසා විෂ බැහැර කරවා, නැවත දෂ්ඨ කළ තැනම තැබීය. ඔහුගේ තුවාලයේම එය සිටි බව දැන බෙහෙත් ආලේපයකින් විෂ මැඩපවත්වා, නහවා “සුවපත් වේවා!”යි කියා තමා කැමති තැනකට ගියේය.
තත්ථ ආසීවිසෙන දට්ඨස්ස කායෙ විසපතිට්ඨානං විය ඉමෙසං භික්ඛූනං රූපෙ අධිමත්තගාහකාලො, ඡෙකො භිසක්කො විය තථාගතො, මන්තං පරිවත්තෙත්වා උපරි විසස්ස ආරොපිතකාලො විය තථාගතෙන තෙසං භික්ඛූනං රූපතො ගාහං නීහරිත්වා අරූපෙ පතිට්ඨාපිතකාලො, යාව අක්ඛිප්පදෙසා ආරුළ්හවිසස්ස උපරි අභිරුහිතුං අදත්වා පුන මන්තබලෙන ඔතාරෙත්වා දට්ඨට්ඨානෙයෙව ඨපනං විය සත්ථාරා තෙසං භික්ඛූනං අරූපතො ගාහං නීහරිත්වා රූපෙ පතිට්ඨාපිතකාලො. දට්ඨට්ඨානෙ ඨිතස්ස විසස්ස අගදලෙපෙන නිම්මථනං විය උභයතො ගාහං නීහරණත්ථාය ඉමිස්සා දෙසනාය ආරද්ධකාලො වෙදිතබ්බො. තත්ථ නිබ්බින්දං විරජ්ජතීති ඉමිනා මග්ගො කථිතො, විරාගා විමුච්චතීති ඵලං, විමුත්තස්මින්තිආදිනා පච්චවෙක්ඛණා.
එහි සර්පයා විසින් දෂ්ඨ කළ රෝගියාගේ කයෙහි විෂ පිහිටි තැන මෙන්, මේ භික්ෂූන්ගේ රූපයේ අධිකව අල්ලාගැනීම දතයුතුයි. දක්ෂ වෙදා මෙන් තථාගතයන් වහන්සේගේ පහළවීම දතයුතුයි. මන්ත්‍ර පිරිවහා උඩට විෂ රැගෙන ගිය අවස්ථාව මෙන් ඒ භික්ෂූන් වහන්සේලාගේ රූපමය ග්රහණයෙන් බැහැර කරවා අරූපයෙහි පිහිටවූ අවස්ථාව දතයුතුයි. ඇස් ප්‍රදේශය දක්වා නංවන ලද විෂ ඉන් උඩට යානොදී, නැවත මන්ත්‍ර බලයෙන් දෂ්ඨ කළ තැනට ගෙනවුත් තැබුවාක් මෙන් ශාස්තෘන් වහන්සේ, ඒ භික්ෂූන් වහන්සේලාගේ සිත අරූපග්රහණයෙන් මුදවා රූපයෙහි පිහිට වූ අවස්ථාව දතයුතුයි. දෂ්ඨ කළ තැන සිටි විෂ, බෙහෙත් ආලේපයකින් මැඩ පැවැත් වූවාක් මෙන් රූප-අරූප ග්‍රහණ දෙකින්ම මුදනු කැමතිසේක් මේ දේශනාව ආරම්භ කළ අවස්ථාව දතයුතුයි. එහි “නිබ්බිණ්දං විරජ්ජති” යනුවෙන් මේ මාර්ගය පවසන ලදී. “විරාගා විමච්චති” යනු ඵලයයි. විපාකයයි. “විමුත්තස්මිං” ආදී වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂණාව පවසන ලදී.
පඨමං.
පළමු සූත්‍රයයි
2. දුතිය අස්සුතවන්තුසුත්තවණ්ණනා
2. දුතිය අස්සුතවන්තු සූත්‍ර වර්ණනාව
දුතියෙ සුඛවෙදනියන්ති සුඛවෙදනාය පච්චයං. ඵස්සන්ති චක්ඛුසම්ඵස්සාදිං. නනු ච චක්ඛුසම්ඵස්සො සුඛවෙදනාය පච්චයො න හොතීති? සහජාතපච්චයෙන න හොති, උපනිස්සයපච්චයෙන පන ජවනවෙදනාය හොති, තං සන්ධායෙතං වුත්තං. සොතසම්ඵස්සාදීසුපි එසෙව නයො. තජ්ජන්ති තජ්ජාතිකං තස්සාරුප්පං, තස්ස ඵස්සස්ස අනුරූපන්ති අත්ථො. දුක්ඛවෙදනියන්තිආදි වුත්තනයෙනෙව වෙදිතබ්බං. සඞ්ඝට්ටනසමොධානාති සඞ්ඝට්ටනෙන චෙව සමොධානෙන ච, සඞ්ඝට්ටනසම්පිණ්ඩනෙනාති අත්ථො. උස්මාති උණ්හාකාරො. තෙජො අභිනිබ්බත්තතීති අග්ගිචුණ්ණො නික්ඛමතීති න ගහෙතබ්බං, උස්මාකාරස්සෙව පන එතං වෙවචනං. තත්ථ ද්වින්නං කට්ඨානන්ති ද්වින්නං අරණීනං. තත්ථ අධොඅරණී විය වත්ථු, උත්තරාරණී විය ආරම්මණං, සඞ්ඝට්ටනං විය ඵස්සො, උස්මාධාතු විය වෙදනා.
දෙවැනි සූත්‍රයේ “සුඛවේදනීයං” යනු සැප වේදනාවේ ප්‍රත්‍යයයි. හේතුවයි. “ඵස්සං” යනු චක්ෂු ස්පර්ශාදියයි. චක්ෂු ස්පර්ශය, සැප වේදනාවට ප්‍රත්‍යයක් නොවන්නේද? සහජාත ප්‍රත්‍යයෙන් නොවේ. උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් වනාහී ජවන වේදනාව ඇතිවේ. ඒ සඳහා මෙය කියන ලදී.සෝත ස්පර්ශාදියෙහි ද මේ ක්‍රමයමයි. “තජ්ජං” යනු එයින් හටගත් ඒ රූපයයි. ඒ ස්පර්ශයේ අනුරූපයකි යන අර්ථයි. “දුක්ඛ වේදනීයං” යනාදිය ඉහත පැවසූ පරිදිම දත යුතුයි. “සංඝට්ට සමෝධානා” යනු ගැටීමෙන් හා එක්වීමෙන් ද, ගැටී එකට සම්පිණ්ඩනය වූ යන අර්ථයි. “උස්මා” යනු උණුසුමයි. උෂ්ණාකාරයයි. “තේජෝ අභිනිබ්බත්තති” යනු ගිනිසිළු පිටවේයැයි නොගත යුතුයි. උණුසුම් ආකාරයට ම යෙදුණු තවත් වදනකි මෙය. එහි “ද්වින්නං කට්ඨානං” යනු ගිනි උපදවන දඬුදෙකින්. එහි - යට දණ්ඩ වස්තුව, (ඉන්ද්රිය) මෙනි. උඩ දණ්ඩ අරමුණ මෙනි. ඒ දෙක ගැටීම නම් ස්පර්ශයයි. එහි ප්‍රතිඵලය වන උණුසුම යනු වේදනාවයි.
දුතියං.
දෙවැනි සූත්‍රයයි.