දුතිය අස‍්සුතවන‍්තුසුත‍්තං
1. 7. 2.
1. 7. 2.
දුතිය අස‍්සුතවන‍්තුසුත‍්තං
දුතිය අස්සුතවන්තු සූත්‍රය
62. සාවත්‍ථියං–
62. සැවැත්නුවර–
අස‍්සුතවා භික‍්ඛවෙ, පුථුජ‍්ජනො ඉමස‍්මිං චාතුම‍්මහාභූතිකස‍්මිං කායස‍්මිං නිබ‍්බින්‍දෙය්‍යපි විරජ‍්ජෙය්‍යපි විමුච‍්චෙය්‍යපි. තං කිස‍්ස හෙතු: දිස‍්සති භික‍්ඛවෙ ඉමස‍්ස චාතුම‍්මහාභූතිකස‍්ස කායස‍්ස ආචයොපි අපචයොපි ආදානම‍්පි නික‍්ඛෙපනම‍්පි. තස‍්මා තත්‍රාස‍්සුතවා පුථුජ‍්ජනො නිබ‍්බින්‍දෙය්‍යපි විරජ‍්ජෙය්‍යපි විමුච‍්චෙය්‍යපි.
මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි කළකිරෙන්නේත් නො ඇලෙන්නේත් මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි කළකිරෙන්නේ නො ඇලෙන්නේත් මිදෙනු කැමැත්තේත් වෙයි.
යඤ‍්ච ඛො එතං භික‍්ඛවෙ වුච‍්චති චිත‍්තං ඉතිපි මනො ඉතිපි විඤ‍්ඤාණං ඉතිපි. තත්‍රාස‍්සුතවා පුථුජ‍්ජනො නාලං නිබ‍්බින්‍දිතුං නාලං විරජ‍්ජිතුං නාලං විමුච‍්චිතුං. තං කිස‍්ස හෙතු: දීඝරත‍්තං හෙතං භික‍්ඛවෙ, අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස අජ‍්ඣොසිතං මමායිතං පරාමට‍්ඨං “එතං මම එසොහමස‍්මි එසො මෙ අත‍්තා”ති. තස‍්මා තත්‍රාස‍්සුතවා පුථුජ‍්ජනො නාලං නිබ‍්බින්‍දිතුං නාලං විරජ‍්ජිතුං නාලං විමුච‍්චිතුං.
මහණෙනි, මේ යමක් සිත යයි දු මනස යයි දු විඥාන යයි දු කියනු ලැබේ ද, එහි ලා නූගත් පුහුදුන් තෙමේ කලකිරෙන්නට නො සමත් ය, නො ඇලෙන්නට නො සමත් ය, මිදෙනු කැමැති වන්නට නො සමත් ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, නූගත් පුහුදුන්හු විසින් දිගුකලක් මුළුල්ලෙහි (මේ සිත) ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය’යි (තෘෂ්ණාවෙන්) බැස ගන්නා ලද්දේය. මමත්‍වය කරණ ලද්දේය. දෘෂ්ටියෙන් පරාමර්‍ශනය කරණ ලද්දේය. එහෙයින් එහි පුහුදුන් තෙමේ කලකිරෙන්නට නො සමත් ය. නො ඇලෙන්නට නො සමත් ය. මිදෙනු කැමැති වන්නට නො සමත් ය.
වරං භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො ඉමං චාතුම‍්මහාභූතිකං කායං අත‍්තතො උපගච‍්ඡෙය්‍ය, න ත්‍වෙව චිත‍්තං. තං කිස‍්ස හෙතු: දිස‍්සතායං භික‍්ඛවෙ, චාතුම‍්මහාභූතිකො කායො එකම‍්පි වස‍්සං තිට‍්ඨමානො ද‍්වෙපි වස‍්සානි තිට‍්ඨමානො, තීණිපි -පෙ- චත‍්තාරිපි -පෙ- පඤ‍්චපි -පෙ- දසපි -පෙ- වීසතිපි -පෙ- තිංසම‍්පි -පෙ- චත‍්තාරීසම‍්පි -පෙ- පඤ‍්ඤාසම‍්පි -පෙ- වස‍්සසතම‍්පි තිට‍්ඨමානො. භීය්‍යොපි තිට‍්ඨමානො, යඤ‍්ච ඛො එතං භික‍්ඛවෙ වුච‍්චති චිත‍්තං ඉතිපි මනො ඉතිපි විඤ‍්ඤාණං ඉතිපි, තං රත‍්තියා ච දිවසස‍්ස ච අඤ‍්ඤදෙව උප‍්පජ‍්ජති. අඤ‍්ඤං නිරුජ‍්ඣති.
මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ කය ආත්ම වශයෙන් ගන්නේ නම් මැනවි. සිත (ආත්ම වශයෙන් ගන්නේ නම්) නො ම මැනවි. ඒ කවර හෙයින යත්: මහණෙනි, චාතුම්මහාභූතික මේ කය එක්වසකුත් සිටුනේ දෙවසකුත් සිටුනේ තෙවසකුත් ... සිවුවසකුත් ... පස්වසකුත් ... දසවසකුත් ... විසිවසකුත් ... තිස්වසකුත් ... සාළිස්වසකුත් ... පනස්වසකුත් ... සියවසකුත් සිටුනේ වැඩියකුත් සිටුනේ දක්නා ලැබේ. මහණෙනි, මේ යමක් සිත යයි දු, මනස යයි දු, විඥාන යයි දු, කියනු ලැබේ නම් එය රැයෙහි දු දහවල්හි දු, අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ.
තත්‍ර භික‍්ඛවෙ, සුතවා අරියසාවකො පටිච‍්චසමුප‍්පාදං යෙව සාධුකං යොනිසො මනසි කරොති: ඉති ඉමස‍්මිං සති ඉදං හොති: ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති, ඉමස‍්මිං අසති ඉදං න හොති, ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣතිං. සුඛවෙදනියං භික‍්ඛවෙ, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛා වෙදනා. තස‍්සෙව සුඛවෙදනීයස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං සුඛවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා සුඛා වෙදනා සා නිරුජ‍්ඣති. සා වූපසම‍්මති. දුක‍්ඛවෙදනීයං භික‍්ඛවෙ, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති දුක‍්ඛා වෙදනා, තස‍්සෙව දුක‍්ඛවෙදනීයස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං දුක‍්ඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා දුක‍්ඛා වෙදනා, සා නිරුජ‍්ඣති. සා වූපසම‍්මති. අදුක‍්ඛමසුඛවෙදනීයං භික‍්ඛවෙ, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛා වෙදනා, තස‍්සෙව අදුක‍්ඛමසුඛවෙදනීයස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං අදුක‍්ඛමසුඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා අදුක‍්ඛමසුඛවෙදනා සා නිරුජ‍්ඣති. සා වූපසම‍්මති.
මහණෙනි, එහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය හටගැනීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වේ” ය යි මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි. මහණෙනි, සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා සුඛවේදනාව උපදී. සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් සුඛ වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ සුඛ වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ. මහණෙනි, දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා දුක් වේදනාව උපදී. දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ දුක් වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ. මහණෙනි, මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ මැදහත් වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, ද‍්වින‍්නං කට‍්ඨානං සඞ‍්ඝට‍්ටසමොධානා උස‍්මා ජායති, තෙජො අභිනිබ‍්බත‍්තති. තෙසං යෙව ද‍්වින‍්නං කට‍්ඨානං නානාභාවා විනික‍්ඛෙපා යා තජ‍්ජා උස‍්මා සා නිරුජ‍්ඣති. සා වූපසම‍්මති. එවමෙව ඛො භික‍්ඛවෙ, සුඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛා වෙදනා, තස‍්සෙව සුඛවෙදනීයස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං සුඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා සුඛා වෙදනා, සා නිරුජ‍්ඣති. සා වූපසම‍්මති. දුක‍්ඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච -පෙ- අදුක‍්ඛමසුඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නා අදුක‍්ඛමසුඛා වෙදනා, සා නිරුජ‍්ඣති. සා වූපසම‍්මති.
මහණෙනි, යම්සේ දඬු දෙකක් ගැටුම හා එක්වීමෙන් උණුසුම උපදී ද, උණුසුම හටගනී ද, ඒ දඬු දෙක ම වෙන්වීමෙන් බැහැර ලීමෙන් එයින් හටගත් යම් උණුසුමක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්සිඳේ. මහණෙනි, එසෙයින් ම සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා සුඛ වේදනාව උපදී. සුඛවේදනාවට ප්‍රත්‍ය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් එයට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ සුඛවේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ. දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා ... මහණෙනි, මැදහත් වේදනාවට ස්පර්‍ශය නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ දුක් වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ.
එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො ඵස‍්සෙපි නිබ‍්බින්‍දති. වෙදනායපි නිබ‍්බින්‍දති. සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති. සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති. විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති. වුසිතං බ්‍රහ‍්මචරියං. කතං කරණීයං. නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාති.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ස්පර්‍ශයෙහි ද කලකිරෙයි. වේදනාවෙහි ද කලකිරෙයි. සංඥාවෙහි ද කලකිරෙයි. සංස්කාරයන්හි ද කලකිරෙයි. විඥානයෙහි ද කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ‘ජාතිය ක්‍ෂය වූවාය. බඹසර වැස නිමවන නිමවන ලදී. කටයුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගනී.