යෙදුමෙන් කියවන්න

අස‍්සුතවන‍්තුසුත‍්තං

1. 7. 1.

1. 7. 1.

අස‍්සුතවන‍්තුසුත‍්තං

අස්සුතවන්තු සූත්‍රය

61. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර -පෙ- අවොච.

61. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එහි දී ... වදාළ සේක:

අස‍්සුතවා භික‍්ඛවෙ පුථුජ‍්ජනො ඉමස‍්මිං චාතුම‍්මහාභූතිකස‍්මිං කායස‍්මිං නිබ‍්බින්‍දෙය්‍ය’පි විරජ‍්ජෙය්‍ය’පි විමුච‍්චෙය්‍ය’පි. තං කිස‍්ස හෙතු? දිස‍්සති භික‍්ඛවෙ, ඉමස‍්ස චාතුම‍්මහාභූතිකස‍්ස කායස‍්ස ආචයො’පි අපචයො’පි ආදානම‍්පි නික‍්ඛෙපනම‍්පි. තස‍්මා තත්‍රාස‍්සුතවා පුථුජ‍්ජනො නිබ‍්බින්‍දෙය්‍ය’පි විරජ‍්ජෙය්‍ය’පි විමුච‍්චෙය්‍ය’පි.

මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි. මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි ලා උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි, මිදෙනු කැමැත්තේත් වෙයි.

යං ච ඛො එතං භික‍්ඛවෙ, වුච‍්චති චිත‍්තං ඉතිපි මනො ඉතිපි විඤ‍්ඤාණං ඉතිපි, තත්‍රාස‍්සුතවා පුථුජ‍්ජනො නාලං නිබ‍්බින්‍දිතුං නාලං විරජ‍්ජිතුං නාලං විමුච‍්චිතුං. තං කිස‍්ස හෙතු? දීඝරත‍්තං හෙතං භික‍්ඛවෙ, අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස අජ‍්ඣොසිතං මමායිතං පරාමට‍්ඨං එතං මම එසොහමස‍්මි එසො මෙ අත‍්තාති. තස‍්මා තත්‍රාස‍්සුතවා පුථුජ‍්ජනො නාලං නිබ‍්බින්‍දිතුං නාලං විරජ‍්ජිතුං නාලං විමුච‍්චිතුං.

මහණෙනි, මේ යමක් සිත යයි දු මනස යයි දු විඤ්ඤාණ යයි දු කියනු ලැබේ ද, එහි ලා නූගත් පුහුදුන් තෙමේ කලකිරෙන්නට නො සමත් ය, නො ඇලෙන්නට නො සමත් ය, මිදෙන්නට නො සමත් ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, නූගත් පුහුදුන්හු විසින් බොහෝ කලක් මුළුල්ලෙහි ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය’යි (තෘෂ්ණාදියෙන්) බැස ගන්නා ලදී. මමත්‍වය කරණ ලදී. පරාමර්‍ශනය කරණ ලදී. එහෙයින් එහිලා නූගත් පුහුදුන් තෙමේ උකටලී වන්නට නො සමත් ය. නො ඇලෙන්නට නො සමත් ය. මිදෙන්නට නො සමත් ය.

වරං භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො ඉමං චාතුම‍්මහාභූතිකං කායං අත‍්තතො උපගච‍්ඡෙය්‍ය, නත්‍වෙව චිත‍්තං. තං කිස‍්ස හෙතු: දිස‍්සතායං භික‍්ඛවෙ, චාතුම‍්මහාභූතිකො කායො එකම‍්පි වස‍්සං තිට‍්ඨමානො, ද‍්වෙපි වස‍්සානි තිට‍්ඨමානො, තීණිපි වස‍්සානි තිට‍්ඨමානො, චත‍්තාරිපි වස‍්සානි තිට‍්ඨමානො, පඤ‍්චපි වස‍්සානි තිට‍්ඨමානො, දසපි වස‍්සානි තිට‍්ඨමානො, වීසතිපි වස‍්සානි තිට‍්ඨමානො, තිංසම‍්පි වස‍්සානි තිට‍්ඨමානො, චත‍්තාරීසම‍්පි වස‍්සානි තිට‍්ඨමානො, පඤ‍්ඤාසම‍්පි වස‍්සානි තිට‍්ඨමානො, වස‍්සසතම‍්පි තිට‍්ඨමානො භිය්‍යො පි තිට‍්ඨමානො. යඤ‍්ච ඛො එතං භික‍්ඛවෙ වුච‍්චති චිත‍්තං ඉතිපි මනො ඉතිපි විඤ‍්ඤාණං ඉතිපි. තං රත‍්තියා ච දිවසස‍්ස ච අඤ‍්ඤදෙව උප‍්පජ‍්ජති අඤ‍්ඤං නිරුජ‍්ඣති.

මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ සතරමහාභූතයන්ගෙන් හටගත් ශරීරය ආත්ම ය යි ගන්නේ නම් උතුම්. සිත (එලෙස ගැනීම) නො ම මැනවි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතරමහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරය එක් වසක් සිටුනේ ම, දෙවසක් සිටුනේ ම, තෙවසක් සිටුනේ ම, සිවුවසක් සිටුනේ ම, පස්වසක් සිටුනේ ම, දසවසක් සිටුනේ ම, විසිවසක් සිටුනේ ම, තිස්වසක් සිටුනේ ම, සතලිස්වසක් සිටුනේ ම, පනස් වසක් සිටුනේ ම, සියවසක් සිටුනේ ම, ඉන් වැඩියක් කල් සිටුනේ ම පැණේ. මහණෙනි, යමක් මේ සිත යයි මනස යයි විඤ්ඤාණ යයි කියනු ලැබේ ද, ඒ සිත රෑ ද දහවල් ද අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මක‍්කටො අරඤ‍්ඤෙ පවනෙ චරමානො සාඛං ගණ‍්හාති. තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං ගණ‍්හාති: තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං ගණ‍්හාති: එවමෙව ඛො භික‍්ඛවෙ යදිදං වුච‍්චති චිත‍්තං ඉතිපි මනො ඉතිපි විඤ‍්ඤාණං ඉතිපි. තං රත‍්තියා ච දිවසස‍්ස ච අඤ‍්ඤදෙව උප‍්පජ‍්ජති, අඤ‍්ඤං නිරුජ‍්ඣති.

මහණෙනි, වඳුරෙක් මහවෙනෙහි හැසිරෙණුයේ යම්සේ අත්තක් එල්බ ගනී ද, එය මුදා අනිකක් එල්බ ගනී ද, එය මුදා අනිකක් එල්බ ගනී ද, මහණෙනි, එසෙයින් ම මේ යමක් සිත යයි මනස යයි විඤ්ඤාණ යයි කියනු ලැබේ ද, ඒ (සිත) රෑ ද දහවල් ද අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ. (සිත අරමුණක් පාසා වෙනස්වන බව කියුසේ ය.)

තත්‍ර භික‍්ඛවෙ සුතවා අරියසාවකො පටිච‍්චසමුප‍්පාදං යෙව සාධුකං යොනිසො මනසි කරොති: ඉති ඉමස‍්මිං සති ඉදං හොති. ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති. ඉමස‍්මිං අසති ඉදං න හොති. ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති: යදිදං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, එහි ලා ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරේ ද, මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය වෙයි. මෙය ඇතිවීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වෙයි. මේ හේතුව නිරුද්ධ වීමෙන් මේ ඵලය නිරුද්ධ වේ. ඒ නම් අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

අවිද්‍යාව ම නිරවශේෂයෙන් නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. වෙදනායපි නිබ‍්බින්‍දති. සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති. සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති. විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති. වුසිතං බ්‍රහ‍්මචරියං. ‘කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතී’ති.

මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ දක්නේ රූපයෙහි ද කලකිරෙයි. වේදනාවෙහි ද කලකිරෙයි. සංඥාවෙහි ද කලකිරෙයි. සංස්කාරකයන්හිද කලකිරෙයි. විඥානයෙහි ද කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලේ. නො ඇලෙනුයේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ඉපදීම ක්‍ෂය වී ය. මගබඹසර වැස නිමවන ලදී. කටයුත්ත කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගනියි.