යෙදුමෙන් කියවන්න

3. පුත‍්තමංසසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

3. පුත‍්තමංසසුත‍්තවණ‍්ණනා

3. පුත්තමංස සූත්‍ර වර්ණනාව

තතියෙ චත‍්තාරොමෙ, භික‍්ඛවෙ, ආහාරාතිආදි වුත‍්තනයමෙව. යස‍්මා පනස‍්ස අට‍්ඨුප‍්පත‍්තිකො නික‍්ඛෙපො, තස‍්මා තං දස‍්සෙත්‍වාවෙත්‍ථ අනුපුබ‍්බපදවණ‍්ණනං කරිස‍්සාමි. කතරාය පන ඉදං අට‍්ඨුප‍්පත‍්තියා නික‍්ඛිත‍්තන‍්ති? ලාභසක‍්කාරෙන. භගවතො කිර මහාලාභසක‍්කාරො උප‍්පජ‍්ජි, යථා තං චත‍්තාරො අසඞ‍්ඛ්‍යෙය්‍යෙ පූරිතදානපාරමීසඤ‍්චයස‍්ස. සබ‍්බදිසාසු හිස‍්ස යමකමහාමෙඝො වුට‍්ඨහිත්‍වා මහොඝං විය සබ‍්බපාරමියො “එකස‍්මිං අත‍්තභාවෙ විපාකං දස‍්සාමා”ති සම‍්පිණ‍්ඩිතා විය ලාභසක‍්කාරමහොඝං නිබ‍්බත‍්තයිංසු. තතො තතො අන‍්නපානයානවත්‍ථමාලාගන්‍ධවිලෙපනාදිහත්‍ථා ඛත‍්තියබ්‍රාහ‍්මණාදයො ආගන‍්ත්‍වා, “කහං බුද‍්ධො, කහං භගවා, කහං දෙවදෙවො නරාසභො පුරිසසීහො”ති? භගවන‍්තං පරියෙසන‍්ති. සකටසතෙහිපි පච‍්චයෙ ආහරිත්‍වා ඔකාසං අලභමානා සමන‍්තා ගාවුතප‍්පමාණම‍්පි සකටධුරෙන සකටධුරං ආහච‍්ච තිට‍්ඨන‍්ති චෙව අනුප‍්පවත‍්තන‍්ති ච අන්‍ධකවින්‍දබ්‍රාහ‍්මණාදයො විය. සබ‍්බං ඛන්‍ධකෙ තෙසු තෙසු සුත‍්තෙසු ච ආගතනයෙන වෙදිතබ‍්බං.

තෙවැනි සූත්‍රයේ - “චත්තාරො මෙ භිකඛවෙ! ආහාරා” යනාදිය පෙර කියන ලද පරිදිමය. මේ සූත්‍රයේ අර්ථොත්පත්තිය බහා තැබිය යුතු හෙයින් එය දක්වා, මෙහි පෙර විස්තර නොකළ පදයන්ගේ විවරණ පමණක් දක්වමු. කුමක් අරභයා මේ සූත්‍රය දේශනා කළේ ද? ලාභසත්කාර අරභයායි. භාග්‍යවතුන් වහන්සේට වනාහී මහත් ලාභසත්කාර ඇතිවිය. යම්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පුරන ලද දානපාරමිතා රාශියේ ප්‍රතිඵල වශයෙනි. සෑම දිසාවකින් ම මහවැසි දෙක බැගින් පැන නැගී මහා සැඩ පහරක් ඇතිවූවාක් මෙන් සියලු පාරමිතාවෝ, “එකම ආත්ම භාවයක විපාක දෙන්නෙමු”යි එක්රැස් වී ලාභසත්කාර නමැති මහසැඩ පහරක් හටගත්තේ ය. ඒ ඒ දෙසින් ආහාරපාන, යාන, වස්ත්‍ර, මල් ගඳවිලවුන් ආදිය ගත් අත් ඇතිව ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදීහු අවුත් “බුදුරජාණන් වහන්සේ කොතැනද?” “භාග්‍යවතුන් වහන්සේ කොතැනද?” “දෙවියන්ට දෙවි වූ උතුමා කොතැනද?” “අති උතුම් මිනිසා කොතැනද?” “පුරුෂ ශ්‍රේෂ්ඨයා කොතැනද?”යි භාග්‍යවතුන් වහන්සේ ම සොයා යති. කරත්ත සිය ගණනින් ප්‍රත්‍ය පුරවාගෙන අවුත්, දෙව්රමෙහි අවසරයක් නොලැබ හාත්පස ගවුවක් පමණ ප්‍රදේශයේ කරත්ත වියගසෙන් වියගස ගැටෙන සේ තබා අන්ධක වින්ද බ්‍රාහ්මණාදීහු මෙන් ලුහුබැඳ සිටිත්. මේ විස්තර සියලු ඛන්ධකයන්හිද ඒ ඒ සූත්‍රයන්හිද පැමිණි අයුරින් දතයුතුයි.

යථා භගවතො, එවං භික‍්ඛුසඞ‍්ඝස‍්සාපි. වුත‍්තඤ‍්චෙතං –

භාග්‍යවතුන් වහන්සේට මෙන් ම භික්ෂු මහා සංඝයාට ද මෙම ලාභසත්කාර ඇතිවිය. එනිසා මෙය කියන ලදී.

“තෙන ඛො පන සමයෙන භගවා සක‍්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවර-පිණ‍්ඩපාත-සෙනාසන-ගිලාන-පච‍්චය-භෙසජ‍්ජ-පරික‍්ඛාරානං. භික‍්ඛුසඞ‍්ඝොපි ඛො සක‍්කතො හොති…පෙ… පරික‍්ඛාරාන”න‍්ති (උදා· 14; සං· නි· 2.70).

“එසමයේ භාග්‍යවතුන් වහන්සේට සත්කාර කරන ලද්දේ,ගරුකරන ලද්දේ, පුදන ලද්දේ, පූජාකරන ලද්දේ, අපචායනය කරන ලද්දේ, සිවුරු-පිණ්ඩපාත-සේනාසන-ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය ලබන සුළු වූයේ වේ. භික්ෂු සංඝයාටද සත්කාර කරන ලද්දේ, ගරු කරන ලද්දේ -පෙ- වේ.”

තථා “යාවතා ඛො, චුන්‍ද, එතරහි සඞ‍්ඝො වා ගණො වා ලොකෙ උප‍්පන‍්නො, නාහං, චුන්‍ද, අඤ‍්ඤං එකසඞ‍්ඝම‍්පි සමනුපස‍්සාමි එවං ලාභග‍්ගයසග‍්ගපත‍්තං යථරිවායං, චුන්‍ද, භික‍්ඛුසඞ‍්ඝො”ති (දී· නි· 3.176).

එසේම “චුන්දය! යම්සේ දැන් මේ ලෝකයේ පහළ වූ යම් සමූහයක්, ගණයක් වේනම්, චුන්දය! භික්ෂු සංඝයා මෙන් ලබන ලද ලාභ, කීර්ති ප්‍රශංසාදියෙන් යුක්ත වූ අන්‍ය සමූහයක් හෝ ගණයක් මම නොදකිමි.”

ස‍්වායං භගවතො ච සඞ‍්ඝස‍්ස ච උප‍්පන‍්නො ලාභසක‍්කාරො එකතො හුත්‍වා ද‍්වින‍්නං මහානදීනං උදකං විය අප‍්පමෙය්‍යො අහොසි.

මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු මහා සංඝරත්නයට ද උපන් (මහා සැඩපහර දෙකක් බඳු) ලාභ සත්කාර දෙක එක්වී, මහා නදී දෙකක ජලපාර මෙන් අප්‍රමාණ විය.

අථ සත්‍ථා රහොගතො චින‍්තෙසි – “මහාලාභසක‍්කාරො අතීතබුද‍්ධානම‍්පි එවරූපො අහොසි, අනාගතානම‍්පි එවරූපො භවිස‍්සති. කිං නු ඛො භික‍්ඛූ ආහාරපරිග‍්ගාහකෙන සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතා මජ‍්ඣත‍්තා නිච‍්ඡන්‍දරාගා හුත්‍වා ආහාරං පරිභුඤ‍්ජිතුං සක‍්කොන‍්ති, න සක‍්කොන‍්තී”ති?

ඉක්බිති ශාස්තෘන් වහන්සේ තනිව හුදකලා වූ සේක් මෙසේ සිතූ සේක. “අතීත බුදුවරුන්ට ද ලාභසත්කාර ලැබීම් මේ අයුරින් ම සිදුවිය. අනාගත බුදුවරුන්ට ද මෙසේම සිදුවේ. කිම භික්ෂූන් වහන්සේලා රසවත් ආහාරපාන ලැබ, සිහිකල්පනා ඇතිව රාගාදිය දුරුකරමින් සිවුපසය පරිභෝජනය කිරීමට සමත්වේද? අසමත්වේද?”යි යනුවෙනි.

සො අද‍්දස එකච‍්චෙ අධුනා පබ‍්බජිතෙ කුලපුත‍්තෙ අපච‍්චවෙක‍්ඛිත්‍වා ආහාරං පරිභුඤ‍්ජමානෙ. දිස‍්වානස‍්ස එතදහොසි – “මයා කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි පාරමියො පූරෙන‍්තෙන න චීවරාදිහෙතු පූරිතා, උත‍්තමඵලස‍්ස පන අරහත‍්තස‍්සත්‍ථාය පූරිතා. ඉමෙපි භික‍්ඛූ මම සන‍්තිකෙ පබ‍්බජන‍්තා න චීවරාදිහෙතු පබ‍්බජිතා, අරහත‍්තස‍්සෙව පන අත්‍ථාය පබ‍්බජිතා. තෙ ඉදානි අසාරමෙව සාරං අනත්‍ථමෙව ච අත්‍ථං කරොන‍්තී”ති එවමස‍්ස ධම‍්මසංවෙගො උදපාදි. තතො චින‍්තෙසි – “සචෙ පඤ‍්චමං පාරාජිකං පඤ‍්ඤපෙතුං සක‍්කා අභවිස‍්ස, අපච‍්චවෙක‍්ඛිතාහාරපරිභොගො පඤ‍්චමං පාරාජිකං කත්‍වා පඤ‍්ඤපෙතබ‍්බො භවෙය්‍ය. න පන සක‍්කා එවං කාතුං, ධුවපටිසෙවනට‍්ඨානඤ‍්හෙතං සත‍්තානං. යථා පන කථිතෙ පඤ‍්චමං පාරාජිකං විය නං පස‍්සිස‍්සන‍්ති. එවං ධම‍්මාදාසං සංවරං මරියාදං ඨපෙස‍්සාමි, යං ආවජ‍්ජිත්‍වා ආවජ‍්ජිත්‍වා අනාගතෙ භික‍්ඛූ චත‍්තාරො පච‍්චයෙ පච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජිස‍්සන‍්තී”ති. ඉමාය අට‍්ඨුප‍්පත‍්තියා ඉමං පුත‍්තමංසූපමසුත‍්තන‍්තං නික‍්ඛිපි.

මෙසේ විමසා බැලූ බුදුපියාණන් වහන්සේ දැන් අලුත පැවිදි වූ ඇතැම් කුලපුත්‍රයෝ ප්‍රත්‍යවේක්ෂා නොකර ආහාරපානාදිය පරිභෝජනය කරනු දුටුසේක. එය දැකීමෙන් පසු බුදුපියාණන් වහන්සේට මේ අදහස පහළවිය. “මවිසින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පාරමීදම් පිරූයේ හුදෙක් චීවරාදී ප්‍රත්‍ය ලැබීමට නම් නොවේ. උතුම් ඵලය වූ අරහත් බව පිණිසම පුරන ලද්දේය. මේ භික්ෂූහු මා ළඟ පැවිදි වූවෝ චීවරාදී ප්‍රත්‍ය ලබාගැනීමට ම නොවෙති. අර්හත් ඵලය සාක්ෂාත් කරගැනීමට ම පැවිදි වූහ. දැන් ඔවුහු මා දැක්වූ අසාර දෙය සාර ලෙසත් සාර දෙය අසාර ලෙසත් ගනිති”යි බුදුරදුන්ට ධර්මසංවේග පහළ වූ සේක. අනතුරුව මෙසේ සිතූසේක. “ඉදින් මට පස්වන පාරාජිකාවක් පැණවිය නොහැක. ප්‍රත්‍යවේක්ෂා නොකර ආහාර ගැනීම පස්වන පචිති ඇවතක් ලෙස සමාන වුවත්, මේ ආහාර ගැනීම් ආදිය පුහුදුන් සත්වයන්ගේ නිත්‍ය අවශ්‍යතාවක් වන බැවින් එසේ පැණවිය නොහැක. මෙය පස්වැනි පාරාජිකාව මෙන් දේශනා කළ කල්හි, අනාගතයේ එය සිහිපත් කරන භික්ෂූන් වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරමින් සිවුපසය වළඳනෝ ම ය. උන්වහන්සේලා මෙසේ ධර්මයේ දාසයන්ව, සංවරයෙන් යුක්තව, තම සීමාව මැනවින් දැනගනිති. මේ අර්ථෝත්පත්තිය සඳහාම මෙම පුත්තමංස උපමා සූත්‍රය දේශනා කළ සේක.

තත්‍ථ චත‍්තාරොමෙ, භික‍්ඛවෙ, ආහාරාතිආදි හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව.

එහි “චත්තාරො මෙ භික්ඛවේ! ආහාරා” යනාදිය ඉහත පැවසූ පරිදිම අර්ථ දැනගත යුතුය.

චත‍්තාරො පන ආහාරෙ විත්‍ථාරෙත්‍වා ඉදානි තෙසු ආදීනවං දස‍්සෙතුං කථඤ‍්ච, භික‍්ඛවෙ, කබළීකාරො ආහාරො දට‍්ඨබ‍්බොතිආදිමාහ?

සතර ආහාරයන් දක්වා දැන් ඒවායේ ආදීනව දැක්වීමට “කථඤ්ඤච භික්ඛවේ! කබලිංකාරෝ ආහාරො දට්ඨබ්බො” යනාදිය දේශනා කළ සේක.

තත්‍ථ ජායම‍්පතිකාති ජායා චෙව පති ච. පරිත‍්තං සම‍්බලන‍්ති පුටභත‍්තසත‍්තුමොදකාදීනං අඤ‍්ඤතරං අප‍්පමත‍්තකං පාථෙය්‍යං. කන‍්තාරමග‍්ගන‍්ති කන‍්තාරභූතං මග‍්ගං, කන‍්තාරෙ වා මග‍්ගං. කන‍්තාරන‍්ති චොරකන‍්තාරං වාළකන‍්තාරං අමනුස‍්සකන‍්තාරං නිරුදකකන‍්තාරං අප‍්පභක‍්ඛකන‍්තාරන‍්ති පඤ‍්චවිධං. තෙසු යත්‍ථ චොරභයං අත්‍ථි, තං චොරකන‍්තාරං. යත්‍ථ සීහබ්‍යග‍්ඝාදයො වාළා අත්‍ථි, තං වාළකන‍්තාරං. යත්‍ථ බලවාමුඛයක‍්ඛිනිආදීනං අමනුස‍්සානං වසෙන භයං අත්‍ථි, තං අමනුස‍්සකන‍්තාරං. යත්‍ථ පාතුං වා න‍්හායිතුං වා උදකං නත්‍ථි, තං නිරුදකකන‍්තාරං. යත්‍ථ ඛාදිතබ‍්බං වා භුඤ‍්ජිතබ‍්බං වා අන‍්තමසො කන්‍දමූලාදිමත‍්තම‍්පි නත්‍ථි, තං අප‍්පභක‍්ඛකන‍්තාරං නාම. යත්‍ථ පනෙතං පඤ‍්චවිධම‍්පි භයං අත්‍ථි, තං කන‍්තාරමෙව. තං පනෙතං එකාහද‍්වීහතීහාදිවසෙන නිත්‍ථරිතබ‍්බම‍්පි අත්‍ථි, න තං ඉධ අධිප‍්පෙතං. ඉධ පන නිරුදකං අප‍්පභක‍්ඛං යොජනසතිකකන‍්තාරං අධිප‍්පෙතං. එවරූපෙ කන‍්තාරෙ මග‍්ගං. පටිපජ‍්ජෙය්‍යුන‍්ති ඡාතකභයෙන චෙව රොගභයෙන ච රාජභයෙන ච උපද‍්දුතා පටිපජ‍්ජෙය්‍යුං “එතං කන‍්තාරං නිත්‍ථරිත්‍වා ධම‍්මිකස‍්ස රඤ‍්ඤො නිරුපද‍්දවෙ රට‍්ඨෙ සුඛං වසිස‍්සාමා”ති මඤ‍්ඤමානා.

එහි - “ජයම්පතිකා” යනු අඹුව හා සැමියාය. “පරිත්තං සම්බලං” යනු බත් මුලක්, අත්සුණු, අග්ගලා යනාදී අනිකුත් අල්ප මාර්ගෝප-කරණයන්ය. “කන්තාර මග්ගං” යනු කාන්තාරය මැදින් වූ මාර්ගයට. කාන්තාරයේ වූ මාර්ගය. කාන්තාර පහකි. චෝර කාන්තාරය, වාළ කාන්තාරය, අමනුෂ්‍ය කාන්තාරය, නිරුදක කාන්තාරය හා අල්ප භක්‍ෂ කාන්තාරය යනුවෙනි. යම් කාන්තාරයක සොරබිය ඇත්නම් ඒ චෝර කාන්තාරයකි. යම් කාන්තාරයක සිංහ, ව්‍යාඝ්‍රාදී නපුරු-දරුණු සත්තු සිටිත් නම් ඒ වාළ කාන්තාරයයි. යම් කාන්තාරයක වළවාමුඛ යක්ෂණිය වැනි අමනුෂ්‍යයන්ගේ වශයෙන් භයක් වේනම් ඒ අමනුෂ්‍ය කාන්තාරය නම් වේ. බීමට හෝ නෑමට දිය පොදක් නොමැති කාන්තාරය, “නිරුදක” නම් වේ. යම් කාන්තාරයක යෑයුතු හෝ බුදියයුතු දෙයක්වත්, යටත් පිරිසෙයින් කඳ - මුල් ආදියක්වත් නොමැත්තේද ඒ අල්ප භක්ෂ කාන්තාරය නම් වේ. යම් තැනක වනාහී මේ පස්වැදෑරුම් බිය ඇතිවන්නේ ද එය කාන්තාරයක්මය. මෙබඳු වූ යම් ප්‍රදේශයක් දින දෙකතුනකින් ඉක්මවිය හැකිනම් එබඳු ප්‍රදේශය මෙහිදී අදහස් නොවේ. මේ සූත්‍රයේදී නිරුදක වූත් අල්පභක්ෂ වූත් යොදුන් සීයක් පුරා පැතිර සිටි මහා කාන්තාරයක් අදහස් කරන ලදී. එබඳු වූ කාන්තාර මාර්ගයක් “පටිපජ්ජෙය්‍යුං” යනු සාගිනි බියෙන් ද රෝග බියෙන් ද එසේම රාජ බියෙන් ද යන උපද්‍රවයන්ගෙන් මිදීමට මගට බැස - “මේ කාන්තාරය තරණය කර, වෙනත් රටක ධාර්මික වූ රජෙකු යටතේ නිරුපද්‍රිතව සුවසේ වෙසෙමු”යි සිතමින්

එකපුත‍්තකොති උක‍්ඛිපිත්‍වා ගහිතො අනුකම‍්පිතබ‍්බයුත‍්තො අථිරසරීරො එකපුත‍්තකො. වල‍්ලූරඤ‍්ච සොණ‍්ඩිකඤ‍්චාති ඝනඝනට‍්ඨානතො ගහෙත්‍වා වල‍්ලූරං, අට‍්ඨිනිස‍්සිතසිරානිස‍්සිතට‍්ඨානානි ගහෙත්‍වා සූලමංසඤ‍්චාති අත්‍ථො. පටිපිසෙය්‍යුන‍්ති පහරෙය්‍යුං. කහං එකපුත‍්තකාති අයං තෙසං පරිදෙවනාකාරො.

“එකපුත්තකො” යනු ඔසවා ගත් අනුකම්පා කළයුතු, අස්ථිර වූ ශරීරයක් ඇති (ඉතා ළදරු වූ) එක් පුතෙකු “වල්ලූරඤ්ච සොණ්ඩිකඛඤ්ච” ඝන වූ තද වූ අර්ථයෙන් ගෙන වියලි මස්, ඇට-නහර ආශ්‍රිත වූ ඇටමස් යන අර්ථයි. “පතිපිංසෙය්‍යුං” යනු පහර දෙන්නාහුය. “කහං එකපුත්තකා”යන මෙය ඒ මවුපිය දෙදෙන වැළපෙන ආකාරයයි.

අයං පනෙත්‍ථ භූතමත්‍ථං කත්‍වා ආදිතො පට‍්ඨාය සඞ‍්ඛෙපතො අත්‍ථවණ‍්ණනා – ද‍්වෙ කිර ජායම‍්පතිකා පුත‍්තං ගහෙත්‍වා පරිත‍්තෙන පාථෙය්‍යෙන යොජනසතිකං කන‍්තාරමග‍්ගං පටිපජ‍්ජිංසු. තෙසං පඤ‍්ඤාසයොජනානි ගන‍්ත්‍වා පාථෙය්‍යං නිට‍්ඨාසි, තෙ ඛුප‍්පිපාසාතුරා විරළච‍්ඡායායං නිසීදිංසු. තතො පුරිසො භරියං ආහ – “භද‍්දෙ ඉතො සමන‍්තා පඤ‍්ඤාසයොජනානි ගාමො වා නිගමො වා නත්‍ථි. තස‍්මා යං තං පුරිසෙන කාතබ‍්බං බහුම‍්පි කසිගොරක‍්ඛාදිකම‍්මං, න දානි සක‍්කා තං මයා කාතුං, එහි මං මාරෙත්‍වා උපඩ‍්ඪමංසං ඛාදිත්‍වා උපඩ‍්ඪං පාථෙය්‍යං කත්‍වා පුත‍්තෙන සද‍්ධිං කන‍්තාරං නිත්‍ථරාහී”ති. පුන සාපි තං ආහ – “සාමි මයා දානි යං තං ඉත්‍ථියා කාතබ‍්බං බහුම‍්පි සුත‍්තකන‍්තනාදිකම‍්මං, තං කාතුං න සක‍්කා, එහි මං මාරෙත්‍වා උපඩ‍්ඪමංසං ඛාදිත්‍වා උපඩ‍්ඪං පාථෙය්‍යං කත්‍වා පුත‍්තෙන සද‍්ධිං කන‍්තාරං නිත්‍ථරාහී”ති. පුන සොපි තං ආහ – “භද‍්දෙ මාතුගාමමරණෙන ද‍්වින‍්නං මරණං පඤ‍්ඤායති. න හි මන්‍දො කුමාරො මාතරා විනා ජීවිතුං සක‍්කොති. යදි පන මයං ජීවාම. පුන දාරකං ලභෙය්‍යාම. හන්‍ද දානි පුත‍්තකං මාරෙත්‍වා, මංසං ගහෙත්‍වා කන‍්තාරං නිත්‍ථරාමා”ති. තතො මාතා පුත‍්තමාහ – “තාත, පිතුසන‍්තිකං ගච‍්ඡා”ති, සො අගමාසි. අථස‍්ස පිතා, “මයා ‘පුත‍්තකං පොසෙස‍්සාමී’ති කසිගොරක‍්ඛාදීහි අනප‍්පකං දුක‍්ඛමනුභූතං, න සක‍්කොමි අහං පුත‍්තං මාරෙතුං, ත්‍වංයෙව තව පුත‍්තං මාරෙහී”ති වත්‍වා, “තාත මාතුසන‍්තිකං ගච‍්ඡා”ති ආහ. සො අගමාසි. අථස‍්ස මාතාපි, “මයා පුත‍්තං පත්‍ථෙන‍්තියා ගොවතකුක‍්කුරවතදෙවතායාචනාදීහිපි තාව අනප‍්පකං දුක‍්ඛමනුභූතං, කො පන වාදො කුච‍්ඡිනා පරිහරන‍්තියා? න සක‍්කොමි අහං පුත‍්තං මාරෙතු”න‍්ති වත්‍වා “තාත, පිතුසන‍්තිකමෙව ගච‍්ඡා”ති ආහ. එවං සො ද‍්වින‍්නමන‍්තරා ගච‍්ඡන‍්තොයෙව මතො. තෙ තං දිස‍්වා පරිදෙවිත්‍වා වුත‍්තනයෙන මංසානි ගහෙත්‍වා ඛාදන‍්තා පක‍්කමිංසු.

මේ දැක්වූයේ සිදුවූ පුවතෙහි පැමිණි සුත්‍රාගත වචනවල සංක්‍ෂිප්ත අර්ථ වර්ණනාවයි. දැන් කථාව සංක්ෂිප්තව දක්වමු. අඹු සැමි දෙදෙන තම පුතා ද රැගෙන අල්පවූ මාර්ගෝපකරණ සහිතව යොදුන් සීයක් වූ කාන්තාර මාර්ගයට පැමිණියහ. ඔවුන් ගෙනා මාර්ගෝපකරණ යොදුන් පනහක් ගිය තැන නිමාවට පත්විය. ඔවුහු සා පිපාසා දෙකින් පීඩිතව දුර්ලභ ගස් සෙවනක හිඳගත්හ. පුරුෂයා භාර්යාවට මෙසේ කීවේය. “සොඳුර! මේ හාත්පස පනස් යොදුනක් යනතෙක් ගමක් හෝ නියම්ගමක් හෝ නැත. එනිසා පුරුෂයකු විසින් කළයුතු සීසෑම්-ගවරක්‍ෂණාදියක් මාහට දැන් කළ නොහැක. එන්න. මා මරා මගේ ශරීරයෙන් භාගයක් කා, ඉතිරි භාගය මාගෝපකරණ ලෙස ගෙන පුතා සමග කාන්තාරය තරණය කරන්න”යි පැවසූ වදන් ඇසූ බිරිඳ “ස්වාමීනි! මවිසින්ද දැන් ස්ත්‍රියක විසින් කළයුතු වූ නූල්කැටීම් ආදී ජීවනෝපායක් කළ නොහැක. එන්න. මා මරා ශරීරයෙන් අඩක් කා, ඉතිරි අඩ මාර්ගෝපකරණ ලෙස ගෙන පුතා සමග සුවසේ කාන්තාරයෙන් එතරවන්න”යි කීවාය. එය ඇසූ සැමියා නැවත බිරිඳට මෙසේ කීවේය. “සොඳුර! ස්ත්‍රියගේ මරණය සිදුවුවහොත් දෙදෙනෙක් මරණයට පත්වේ. මේ ළදරු කුමරා මව නොමැතිව ජීවත්වීමට අසමත් වේ. ඉදින් අපි දෙදෙනම ජීවත්වෙමු නම් නැවත දරුවකු ලබාගන්නෙමු. එනිසා අපි පුතා මරා මස් කා කාන්තාරය තරණය කරමු” යනුවෙනි. එවිට මව තම පුතුට මෙලෙස කීවාය. “පුතේ! පියා ලඟට යන්න” දරුවා පියා ලඟට ගියවිට, පියා “මවිසින් මේ පුතණුවන් නොයෙක් ගොවිතැන් ගවරක්ෂණාදී කර්මාන්තවල යෙදීමෙන් අනල්ප වූ දුක් විඳිමින් පෝෂණය කළෙමි. මම පුතා මැරීමට අසමත් වෙමි. නුඹම නුඹේ පුතා මරව”යි කියා දරුවාට “පුතේ! අම්මා වෙතයන්න”යි කීව්වේය. දරුවා නැවත මවු ලගට ගියේය. එවිට මවු ද “මවිසින් පුතෙකු ප්‍රාර්ථනා කරමින් ගෝවෘත, සුනඛවෘත, දෙවියන්ට කන්නලවු කිරීමාදියෙන් අනල්පවූ දුක් නුඹ ලබාගැනීමට වින්දෙමි. නුඹ කුසදරණ කාලයේ විඳි දුක් ගැන කියනු කිම? මේ පුතු මැරිමට මම අසමත් වෙමි”යි කීවාය. මෙලෙස මේ මවු-පිය දෙදෙන වෙත යමින් ම දරුවා මැරී වැටුණි. ඔවුහු එය දැක හඬා වැලපී සූත්‍රයේ දැක්වෙන අයුරින් මස් ගෙන කමින් පිටත්ව ගියහ.

තෙසං සො පුත‍්තමංසාහාරො නවහි කාරණෙහි පටිකූලත‍්තා නෙව දවාය හොති, න මදාය, න මණ‍්ඩනාය, න විභූසනාය, කෙවලං කන‍්තාරනිත්‍ථරණත්‍ථායෙව හොති. කතමෙහි නවහි කාරණෙහි පටිකූලොති චෙ? සජාතිමංසතාය ඤාතිමංසතාය පුත‍්තමංසතාය පියපුත‍්තමංසතාය තරුණමංසතාය ආමකමංසතාය අභොගමංසතාය අලොණතාය අධූපිතතායාති. එවඤ‍්හි තෙ නවහි කාරණෙහි පටිකූලං තං පුත‍්තමංසං ඛාදන‍්තා න සාරත‍්තා ගිද‍්ධමානසා හුත්‍වා ඛාදිංසු, මජ‍්ඣත‍්තභාවෙයෙව පන නිච‍්ඡන්‍දරාගපරිභොගෙ ඨිතා ඛාදිංසු. න අට‍්ඨින‍්හාරුචම‍්මනිස‍්සිතට‍්ඨානානි අපනෙත්‍වා ථූලථූලං වරමංසමෙව ඛාදිංසු, හත්‍ථසම‍්පත‍්තං මංසමෙව පන ඛාදිංසු. න යාවදත්‍ථං කණ‍්ඨප‍්පමාණං කත්‍වා ඛාදිංසු, ථොකං ථොකං පන එකදිවසං යාපනමත‍්තමෙව ඛාදිංසු. න අඤ‍්ඤමඤ‍්ඤං මච‍්ඡරායන‍්තා ඛාදිංසු, විගතමච‍්ඡෙරමලෙන පන පරිසුද‍්ධෙනෙව චෙතසා ඛාදිංසු. න අඤ‍්ඤං කිඤ‍්චි මිගමංසං වා මොරමංසාදීනං වා අඤ‍්ඤතරං ඛාදාමාති සම‍්මූළ‍්හා ඛාදිංසු, පියපුත‍්තමංසභාවං පන ජානන‍්තාව ඛාදිංසු. න “අහො වත මයං පුනපි එවරූපං පුත‍්තමංසං ඛාදෙය්‍යාමා”ති පත්‍ථනං කත්‍වා ඛාදිංසු, පත්‍ථනං පන වීතිවත‍්තාව හුත්‍වා ඛාදිංසු. න “එත‍්තකං කන‍්තාරෙ ඛාදිත්‍වා අවසිට‍්ඨං කන‍්තාරං අතික‍්කම‍්ම ලොණම‍්බිලාදීහි යොජෙත්‍වා ඛාදිස‍්සාමා”ති සන‍්නිධිං අකංසු, කන‍්තාරපරියොසානෙ පන “පුරෙ මහාජනො පස‍්සතී”ති භූමියං වා නිඛණිංසු, අග‍්ගිනා වා ඣාපයිංසු. න “කොචි අඤ‍්ඤො අම‍්හෙ විය එවරූපං පුත‍්තමංසං ඛාදිතුං න ලභතී”ති මානං වා දප‍්පං වා අකංසු, නිහතමානා පන නිහතදප‍්පා හුත්‍වා ඛාදිංසු. “කිං ඉමිනා අලොණෙන අනම‍්බිලෙන අධූපිතෙන දුග‍්ගන්‍ධෙනා”ති න හීළෙත්‍වා ඛාදිංසු, හීළනං පන වීතිවත‍්තා හුත්‍වා ඛාදිංසු. න “තුය‍්හං භාගො මය‍්හං භාගො තව පුත‍්තො මම පුත‍්තො”ති අඤ‍්ඤමඤ‍්ඤං අතිමඤ‍්ඤිංසු. සමග‍්ගා පන සම‍්මොදමානා හුත්‍වා ඛාදිංසු. ඉමං නෙසං එවරූපං නිච‍්ඡන්‍දරාගාදිපරිභොගං සම‍්පස‍්සමානො සත්‍ථා භික‍්ඛුසඞ‍්ඝම‍්පි තං කාරණං අනුජානාපෙන‍්තො තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, අපි නු තෙ දවාය වා ආහාරං ආහාරෙය්‍යුන‍්තිආදිමාහ.

ඔවුන්ගේ ඒ පුත්‍ර මාංශය කාරණා නවයකින් පිළිකුල් සහගත වේ. ක්‍රීඩා පිණිස හෝ මදය පිණිස හෝ අලංකාරය පිණිස හෝ සැරසීම පිණිස හෝ නොව හුදෙක් කාන්තාරයෙන් එතෙරවීම සඳහා ම ඔවුහු එය අනුභව කරති. කවර කාරණා නවයකින් එම ආහාරය පිළිකුල් කටයුතු වේද? තම වර්ගයේම අයෙකුගේ මස් බැවින්, සිය ඥාතියකුගේ මස් බැවින්, තම එකම පුතුගේ මස් බැවින්, ප්‍රිය වූම පුතුගේ මස් බැවින්, ළදරු මස් බැවින්, අමු මසක් බැවින්, නොකෑ යුතු මසක් බැවින්, ලුණු නැති මසක් බැවින්, නොපිසූ මසක් බැවින් යන කරුණු නවයෙනි. මෙසේ ආකාර නවයකින් පිළිකුල් වූ ඒ මස් ඔවුහු දෙදෙන ඇලී ගිජුව ගෙන නොම අනුභව කළහ. මධ්‍යස්ථ වූම නොකැමති විරාගී පරිභෝජන සිතින් යුක්තවම අනුභව කළහ. ඔවුහු දරුවාගේ සිරුරේ ඇට, නහර, සම් ආදිය ආශ්‍රිත වූ අපද්‍රව්‍ය බැහැර කර, තර වූ දැඩිවූ හොඳ මස්ම තෝරාගෙන අනුභව නොකළහ. අතට පැමිණි මසක්ම ගෙන අනුභව කළහ. මදින්මද ඒ ඒ දිනට යැපීම් පමණට ම මස් අනුභව කළහ. ඔවුනොවුන් කෙරෙහි මසුරු-ලෝභ සිතින් නොම අනුභව කළහ. දුරුවූ මසුරුමල ඇති, පිරිසිදු වූ සිතින්ම එය අනුභව කළහ. “අනික් කිසියම් මුව මසක් හෝ මොණර මසක් හෝ එවැනි අනික් මසක් කමු”යි නොමුලාව ම අනුභව කළහ. මෙය මා ප්‍රිය පුතුගේ ම මාංශය යැයි දැන දැනම අනුභව කළහ. එපමණක් නොව, “අනේ අපිට මෙබඳු වූ තවත් පුතෙකුගේ මාංශයක් කෑමට ලැබේවා!”යි ප්‍රාර්ථනා නොකර ම මේ මස් අනුභව කළහ. කිසිදු පැතුමක් නොමැතිවම ආහාරය අනුභව කළහ. “මේ කොටස කාන්තාරයේදී අනුභව කර, ඉතිරි කොටස කාන්තාරය නිමවූ පසුව ගමට ගොස් ලුණු-ඇඹුල් යොදා රසකර කන්නෙමු” යි මස් ඉතිරි කරගෙන අනුභව නොකළහ. කාන්තාරය අවසන් වූ කෙණෙහිම “නුවර මහජනයා දකී”යැයි ඉතිරි මස් වළ දැමූහ. නැතිනම් ගින්නට දැමූහ. “වෙන අන් කිසිවෙක් අප මෙන් තම. පුතුගේ මස් කෑමට නොලැබුවෝයැ”යි තමා ගැන මානයක් හෝ ආඩම්බරයක් නොදැක්වූහ. නිහතමානීව, නිරහංකාරව ම එය අනුභව කළහ. “මේ ලුණු නැති, ඇඹුල් නැති, නොපිසූ, දුගඳ හමන ආහාරයෙන් කවර වැඩක් ද?”යි පිළිකුල් කරමින් අනුභව නොකළහ. “පිළිකුල” දුරින්ම දුරුකර අනුභව කළහ. “මේ නුඹේ භාගයයි.” “මේ මගේ භාගයයි.” “නුඹේ පුතා” “මගේ පුතා” යනුවෙන් ඔවුනොවුන්ට අවමන් කරමින් අනුභව නොකළහ. සමගි සමාදානයෙන් යුක්තව ම එම මස් අනුභව කළහ. ඔවුන්ගේ මේ “නිච්ඡන්ධවිරාගී පරිභෝජනය” සළකා බලන ශාස්තෘන් වහන්සේ භික්ෂු සංඝයාට ද ඒ කාරණය ම අනුදැන වදාරන සේක්, “තං කිං මඤ්ඤථ භික්ඛවේ! අපිනු තෙ දවාය වා ආහාරං ආහාරෙය්‍යුං” යනාදිය දෙසූහ.

තත්‍ථ දවාය වාතිආදීනි විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.18) විත්‍ථාරිතානෙව. කන‍්තාරස‍්සාති නිත‍්තිණ‍්ණාවසෙසස‍්ස කන‍්තාරස‍්ස.

එහි “දවාය වා” ආදී පදයන්ගේ විස්තර විශුද්ධි මාර්ගයේ විස්තර කළ පරිදිම දතයුතුයි. “කන්තා රස්සා” යනු පසුකොට ගොස් ඉතිරි වූ කාන්තාරයේ

එවමෙව ඛොති නවන‍්නං පාටිකුල්‍යානං වසෙන පියපුත‍්තමංසසදිසො කත්‍වා දට‍්ඨබ‍්බොති අත්‍ථො. කතමෙසං නවන‍්නං?

“එවමෙව ඛො” යනු “පිළිකුල් කටයුතු නවාකාර වශයෙන් ම ප්‍රියවූ පුත්‍ර මාංශය හා සමාන කර දැකිය යුතුයි” යන අර්ථයයි. ඒ කවර නවයක්ද?

ගමනපාටිකුල්‍යතාදීනං. ගමනපාටිකුල්‍යතං පච‍්චවෙක‍්ඛන‍්තොපි කබළීකාරාහාරං පරිග‍්ගණ‍්හාති, පරියෙසනපාටිකුල්‍යතං පච‍්චවෙක‍්ඛන‍්තොපි, පරිභොගනිධානආසයපරිපක‍්කාපරිපක‍්කසම‍්මක‍්ඛණනිස‍්සන්‍දපාටිකුල්‍යතං පච‍්චවෙක‍්ඛන‍්තොපි, තානි පනෙතානි ගමනපාටිකුල්‍යතාදීනි විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.294) ආහාරපාටිකුල්‍යතානිද‍්දෙසෙ විත්‍ථාරිතානෙව.

ගමනාගමන වශයෙන්, ගෙයක් පාසා සෙවීම් වශයෙන්, පරිභෝග වශයෙන්, පිත්තාදීන්ට ආශ්‍රයවීම් වශයෙන්, තැන්පත් වන ස්ථාන වශයෙන්, නොපැසීම් වශයෙන්, පැසීම් වශයෙන්, ගලායෑම් වශයෙන් හා ගැල්වීම් වශයෙනි. මෙසේ පිළිකුල් වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරමින් ම කබලිංකාර ආහාරය පිළිගනියි. මෙම ගමනාගමනාදී වශයෙන් එන පිළිකුල් බව පිළිබඳ දීර්ඝ විස්තර විශුද්ධිමාර්ගයේ ආහාර ප්‍රතිකූල සංඥා නිර්දේශයේ විස්තර කරන ලද්දේමය.

ඉති ඉමෙසං නවන‍්නං පාටිකුල්‍යානං වසෙන පුත‍්තමංසූපමං කත්‍වා ආහාරො පරිභුඤ‍්ජිතබ‍්බො.

මෙසේ මේ නවාකාර ප්‍රතිකූලයන්ගේ වශයෙන් පුත්‍ර මාංශය උපමා කරගෙන ආහාර අනුභව කළයුතුයි.

යථා තෙ ජායම‍්පතිකා පාටිකුල්‍යං පියපුත‍්තමංසං ඛාදන‍්තා න සාරත‍්තා ගිද‍්ධමානසා හුත්‍වා ඛාදිංසු, මජ‍්ඣත‍්තභාවෙයෙව නිච‍්ඡන්‍දරාගපරිභොගෙ ඨිතා ඛාදිංසු, එවං නිච‍්ඡන්‍දරාගපරිභොගං කත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බො. යථා ච තෙ න අට‍්ඨින‍්හාරුචම‍්මනිස‍්සිතං අපනෙත්‍වා ථූලථූලං වරමංසමෙව ඛාදිංසු, හත්‍ථසම‍්පත‍්තමෙව පන ඛාදිංසු, එවං සුක‍්ඛභත‍්තමන්‍දබ්‍යඤ‍්ජනාදීනි පිට‍්ඨිහත්‍ථෙන අපටික‍්ඛිපිත්‍වා වට‍්ටකෙන විය කුක‍්කුටෙන විය ච ඔධිං අදස‍්සෙත්‍වා තතො තතො සප‍්පිමංසාදිසංසට‍්ඨවරභොජනංයෙව විචිනිත්‍වා අභුඤ‍්ජන‍්තෙන සීහෙන විය සපදානං පරිභුඤ‍්ජිතබ‍්බො.

යම්සේ අඹුසැමි යුවල පිළිකුල් වූ පුතුගේ මාංශයම අනුභව කරන ලද්දේ එහි ඇලී-ගිජු සිතින් නොවේ. මධ්‍යස්ථ භාවයෙන් හා දුරුකළ ඡන්ද -රාග ඇතිවම එය අනුභව කළාක් මෙන් භික්ෂුව ද සිවුපස පරිභෝජනය කිරීමේදී “ඡන්ද-රාග දුරුකළ මැදහත් සිත” පවත්වාගත යුතු වේ. එම දෙමාපිය දෙදෙන ඇට, සම්, නහර මිශ්‍රිත වූ මස් කොටස් බැහැරලා, තද -දැඩි වූ හොඳ හොඳ මස්ම අනුභව නොකර, අතට පැමිණි මසක්ම අනුභව කිරීම මෙන් භික්ෂුව ද නීරස බත් ව්‍යඤ්ජනාදිය පිටි අලෙන් බැහැර කර, වටුමස්-කුකුල්මස් ආදිය සීමාවක් නොදැන පිළිගෙන ඒ ගිතෙල් මස් ආදියෙන් යුතු රසවත් ආහාරම සොයා අනුභව නොකර, සිංහයකු මෙන් පිළිවෙලක් සහිතව අනුභව කළ යුතුය.

යථා ච තෙ න යාවදත්‍ථං කණ‍්ඨප‍්පමාණං ඛාදිංසු, ථොකං ථොකං පන එකෙකදිවසං යාපනමත‍්තමෙව ඛාදිංසු, එවමෙව ආහරහත්‍ථකාදිබ්‍රාහ‍්මණානං අඤ‍්ඤතරෙන විය යාවදත්‍ථං උදරාවදෙහකං අභුඤ‍්ජන‍්තෙන චතුන‍්නං පඤ‍්චන‍්නං වා ආලොපානං ඔකාසං ඨපෙත්‍වාව ධම‍්මසෙනාපතිනා විය පරිභුඤ‍්ජිතබ‍්බො.

යම්සේ ඒ දෙමාපිය දෙදෙන ගෙල ලඟට ම ආහාර නොගෙන එක් එක් දිනට යැපෙන පමණට මදින් මද ආහාර අනුභව කළේ ද එලෙසින්ම භික්ෂූන් වහන්සේ ද ආහාරහත්ථකාදී බමුණන් මෙන් කුස පිරීයන තරම් ආහාර නොගෙන, සතර පස් පිඩකට ඉඩ තබා ධර්මසේනාපති සැරියුත් මහතෙරුන් මෙන් වැළඳිය යුතුයි.

සො කිර පඤ‍්චචත‍්තාලීස වස‍්සානි තිට‍්ඨමානො “පච‍්ඡාභත‍්තෙ අම‍්බිලුග‍්ගාරසමුට‍්ඨාපකං කත්‍වා එකදිවසම‍්පි ආහාරං න ආහාරෙසි”න‍්ති වත්‍වා සීහනාදං නදන‍්තො ඉමං ගාථමාහ –

තෙරුන්වහන්සේ වනාහී අවුරුදු හතලිස් පහක් වැඩ වසමින් පසු බත් කල, ඇඹුල්රස උගුරට එන පරිදි කිසිදිනෙකවත් ආහාර නොගත් බව සිංහනාද කරමින් පවසන සේක් මේ ගාථාව වදාළහ.

“චත‍්තාරො පඤ‍්ච ආලොපෙ, අභුත්‍වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො”ති. (ථෙරගා· 983);

චත්තාරො පඤ්ච ආලොපෙ අභුත්වා උදකං පිවෙ අලං ඵාසු විහාරාය - පහිතත්තස්ස භික්ඛුනො

“කුසේ සතර-පස් පිඩකට ඉඩ තිබියදී ආහාර අනුභව නොකර ජලය පානය කළෙමි. නිවන පිණිස මෙහෙයූ-වීර්ය වඩන්නා වූ සිත් ඇති භික්ෂුවගේ පහසු විහරණයට මෙනිසා හැකියාව ලැබේ.”

යථා ච තෙ න අඤ‍්ඤමඤ‍්ඤං මච‍්ඡරායන‍්තා ඛාදිංසු, විගතමලමච‍්ඡෙරෙන පන පරිසුද‍්ධෙනෙව චෙතසා ඛාදිංසු, එවමෙව පිණ‍්ඩපාතං ලභිත්‍වා අමච‍්ඡරායිත්‍වා “ඉමං සබ‍්බං ගණ‍්හන‍්තස‍්ස සබ‍්බං දස‍්සාමි, උපඩ‍්ඪං ගණ‍්හන‍්තස‍්ස උපඩ‍්ඪං, සචෙ ගහිතාවසෙසො භවිස‍්සති, අත‍්තනා පරිභුඤ‍්ජිස‍්සාමී”ති සාරණීයධම‍්මෙ ඨිතෙනෙව පරිභුඤ‍්ජිතබ‍්බො.

ඒ අඹුසැමියෝ දෙදෙන ඔවුනොවුන්ට මසුරුසිත් නූපදවා, දුරුකල මසුරු සිත් ඇතිව, පිරිසිදු සිතින් ම පුත්‍ර මාංශය අනුභව කළාහුද එපරිද්දෙන්ම පිණ්ඩපාතය ලැබ ඒ පිළිබඳ මසුරුසිත් නොමැතිව; “මේ සියල්ල ගන්නහුට මේ සියල්ලම දෙමි. මින් අඩක් ගන්නහුට ඒ අඩ දෙමි. ඉදින් අන්‍යයන් රැගෙන ඉතිරි වූ දෙයක් වේ නම් එය තමා විසින් අනුභව කරන්නේය” යන සාරාණීය (සිහිකටයුතු) ධර්මයේ පිහිටියහු විසින් ම ආහාර අනුභව කළයුතු වන්නේය.

යථා ච තෙ න “අඤ‍්ඤං කිඤ‍්චි මයං මිගමංසං වා මොරමංසාදීනං වා අඤ‍්ඤතරං ඛාදාමා”ති සම‍්මූළ‍්හා ඛාදිංසු, පියපුත‍්තමංසභාවං පන ජානන‍්තාව ඛාදිංසු, එවමෙව පිණ‍්ඩපාතං ලභිත්‍වා “අහං ඛාදාමි භුඤ‍්ජාමී”ති අත‍්තූපලද‍්ධිසම‍්මොහං අනුප‍්පාදෙත්‍වා “කබළීකාරාහාරො න ජානාති ‘චාතුමහාභූතිකකායං වඩ‍්ඪෙමී’ති, කායොපි න ජානාති ‘කබළීකාරාහාරො මං වඩ‍්ඪෙතී’”ති, එවං සම‍්මොහං පහාය පරිභුඤ‍්ජිතබ‍්බො. සතිසම‍්පජඤ‍්ඤවසෙනාපි චෙස අසම‍්මූළ‍්හෙනෙව හුත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බො.

ඒ අඹු සැමි දෙදෙන “අනික් කිසියම් මුව-මොණර ආදී රසවත් මාංශයකි”යි මුළාවට පත්නොවී, “මේ පුත්‍ර මාංශය මයැ”යි දැන දැනම අනුභව කළාක් මෙන් පිණ්ඩපාතය ලැබ; “මම ආහාර ගනිමි. අනුභව කරමි” යැයි ආත්ම දර්ශනයේ පිහිටා මුලාවීමට අවසර නොදී, “මේ කබලිංකාහාරය, සිවුමහාභූතමය වූ මේ කය තමා විසින්ම පෝෂණය කරන්නේ ය”යි නොදනී. මේ සිවුමහා භූතමය කය ද කබලිංකාර ආහාරයෙන් මා වර්ධනය වන්නේ යැයි නොදනී. යනුවෙන් මෙසේ නොමුලාව අනුභව කළ යුතුයි. සති සම්ප්‍රප්ඥ වශයෙන් හෝ නොමුලා වී වැළඳිය යුතුයි.

යථා ච තෙ න “අහො වත මයං පුනපි එවරූපං පුත‍්තමංසං ඛාදෙය්‍යාමා”ති පත්‍ථනං කත්‍වා ඛාදිංසු, පත්‍ථනං පන වීතිවත‍්තාව හුත්‍වා ඛාදිංසු, එවමෙව පණීතභොජනං ලද‍්ධා ‘අහො වතාහං ස‍්වෙපි පුනදිවසෙපි එවරූපං ලභෙය්‍යං’, ලූඛං වා පන ලද‍්ධා “හිය්‍යො විය මෙ අජ‍්ජ පණීතභොජනං න ලද‍්ධ”න‍්ති පත්‍ථනං වා අනුසොචනං වා අකත්‍වා නිත‍්තණ‍්හෙන –

එසේම දෙමාපිය දෙදෙන - “අනේ අපට නැවතත් මෙබඳු පුත්‍ර මාංශයක් කෑමට ලැබේවා!”යි ප්‍රාර්ථනා නොකොට, මෙබඳු පැතුමක් නොමැතිවම අනුභව කළේද, ඒ අයුරින්ම භික්ෂුව ප්‍රණීත භෝජනයක් ලැබ, “අනේ හෙටත්, ඉන් පසුවත් මෙබඳු ම ආහාර ලැබේවා!”යි යනුවෙන් ද, නීරස ආහාරයක් ලැබ “අනේ ඊයේ මෙන් අද රස භෝජනයක් නොලැබුණේයැ”යි යනුවෙන්ද ප්‍රාර්ථනා කිරීම හා ශෝක කිරීම යන දෙකම තණ්හා දුරුකළ භික්ෂූන්ට නුසුදුසුය.

“අතීතං නානුසොචාමි, නප‍්පජප‍්පාමිනාගතං; පච‍්චුප‍්පන‍්නෙන යාපෙමි, තෙන වණ‍්ණො පසීදතී”ති. (ජා· 2.22.90) –

“අතීතං නානු සොචාමි නප්ප ජප්පාන මනාගතං පච්චුප්පන්නෙන න යාපෙමි- තෙන වණ්ණො පසීදති”

“අතීතය පිළිබඳව ශෝක නොකරමි. අනාගතය පිළිබඳ කල්පනා ඇතිකර නොගන්නෙමි. වර්තමානයේ ම යැපෙමි. ජීවත් වෙමි. එයින් සිරුර පැහැපත් වේ.

ඉමං ඔවාදං අනුස‍්සරන‍්තෙන “පච‍්චුප‍්පන‍්නෙනෙව යාපෙස‍්සාමී”ති පරිභුඤ‍්ජිතබ‍්බො.

මෙසේ අවවාද සිහිකරන්නහු විසින් “වර්තමානයේ ම යැපෙමි”යි ආහාර වැළඳිය යුතුයි.

යථා ච තෙ න “එත‍්තකං කන‍්තාරෙ ඛාදිත්‍වා අවසිට‍්ඨං කන‍්තාරං අතික‍්කම‍්ම ලොණම‍්බිලාදීහි යොජෙත්‍වා ඛාදිස‍්සාමා”ති සන‍්නිධිං අකංසු, කන‍්තාරපරියොසානෙ පන “පුරෙ මහාජනො පස‍්සතී”ති භූමියං වා නිඛණිංසු, අග‍්ගිනා වා ඣාපයිංසු, එවමෙව –

මවුපිය දෙදෙන, “මේ මස් කොටස කාන්තාරයේදී අනුභව කර, ඉතිරි කොටස ගමකට පැමිණ ලුණු-ඇඹුල් යොදා රසට කමු”යි තැන්පත් නොකළහ. කාන්තාරය නිම වූ වහා “නුවර ජනයා දකීවි”යැයි බියෙන් ඉතිරි වූ මාංශ පොළවෙහි සැඟවූහ. ගින්නට හෝ දැමූහ. මේ අයුරින් ම

“අන‍්නානමථො පානානං, ඛාදනීයානං අථොපි වත්‍ථානං; ලද‍්ධා න සන‍්නිධිං කයිරා, න ච පරිත‍්තසෙ තානි අලභමානො”ති. (සු· නි· 930); –

අන්නානමථො පාණානං ඛාදනීයානං අථොපි වත්ථානං ලද්ධන සන්නිධිං කයිරා නච පරිතස්සෙ තානි අලභමනො

“ආහාර පානයන් ද කෑයුතු-බුදිය යුතු දේ ද වස්ත්‍රාදිය ද ලැබ ඒවා රැස්කිරීම නොකල යුතුයි. ඒවා නොලැබුණු විට ශෝක කිරීම ද නොකළ යුතුයි.”

ඉමං ඔවාදං අනුස‍්සරන‍්තෙන චතූසු පච‍්චයෙසු යං යං ලභති, තතො තතො අත‍්තනො යාපනමත‍්තං ගහෙත්‍වා, සෙසං සබ්‍රහ‍්මචාරීනං විස‍්සජ‍්ජෙත්‍වා සන‍්නිධිං පරිවජ‍්ජන‍්තෙන පරිභුඤ‍්ජිතබ‍්බො.

යනාදී මේ අවවාද සිහිකරන්නවුන් විසින් සිවුපසයෙන් තමාට යමක් ලැබේද එයින් යැපෙන පමණක් ගෙන, ඉතිරිය අන්‍ය සබ්‍රහ්මචාරීන්ට දී රැස් කිරීමෙන් තොරව සිවුපස පරිභෝජනය කළ යුතුයි.

යථා ච තෙ න “කොචි අඤ‍්ඤො අම‍්හෙ විය එවරූපං පුත‍්තමංසං ඛාදිතුං න ලභතී”ති මානං වා දප‍්පං වා අකංසු, නිහතමානා පන නිහතදප‍්පා හුත්‍වා ඛාදිංසු, එවමෙව පණීතභොජනං ලභිත්‍වා “අහමස‍්මි ලාභී චීවරපිණ‍්ඩපාතාදීන”න‍්ති න මානො වා දප‍්පො වා කාතබ‍්බො. “නායං පබ‍්බජ‍්ජා චීවරාදිහෙතු, අරහත‍්තහෙතු පනායං පබ‍්බජ‍්ජා”ති පච‍්චවෙක‍්ඛිත්‍වා නිහතමානදප‍්පෙනෙව පරිභුඤ‍්ජිතබ‍්බො.

මාපිය දෙදෙන, “අනික් කිසිවකු අප මෙන් මෙබඳු වූ පුත්‍ර මාංශයක් කෑමට නොලැබුවෝය”යි මානයක් හෝ ආඩම්බරයක් හෝ නූපදවා, නිහතමානීව-නිරහංකාරවම එය අනුභව කළහ. මේ අයුරින් ම රස භෝජනයක් ලැබ, “මම වනාහී ඉතා උසස් සිවුරු, පිණ්ඩපාත ආදිය ලබන්නෙමු”යි මානයක්-ආඩම්බරයක් නොකළ යුතුයි. “මේ පැවිද්ද සිවුරු ආදී හේතුවක් නිසා නොව රහත්බව පිණිසමයැ”යි ප්‍රත්‍යවේක්ෂා කර දුරුවූ මාන දර්ප ඇතිව සිවුපස පරිභෝජනය කළ යුතුයි.

යථා ච තෙ “කිං ඉමිනා අලොණෙන අනම‍්බිලෙන අධූපිතෙන දුග‍්ගන්‍ධෙනා”ති හීළෙත්‍වා න ඛාදිංසු, හීළනං පන වීතිවත‍්තා හුත්‍වා ඛාදිංසු, එවමෙව පිණ‍්ඩපාතං ලභිත්‍වා “කිං ඉමිනා අස‍්සගොණභත‍්තසදිසෙන ලූඛෙන නිරසෙන, සුවානදොණියං තං පක‍්ඛිපථා”ති එවං පිණ‍්ඩපාතං වා “කො ඉමං භුඤ‍්ජිස‍්සති, කාකසුනඛාදීනං දෙහී”ති එවං දායකං වා අහීළෙන‍්තෙන –

ඒ මාපිය දෙදෙන - “මේ ලුණු නැති, ඇඹුල් නැති, නොපිසූ, දුගද හමන ආහාරයෙන් කවර වැඩක් ද?”යි පිළිකුල් නූපදවා, පිළිකුල දුරුකර මාංශය අනුභව කළහ. ඒ අයුරින්ම භික්ෂුව පිණ්ඩපාතය ලැබ, “මේ රූක්ෂ වූ නීරස වූ අශ්ව, ගවාදීන්ට දෙන ආහාර වැනි වූ - ආහාරයෙන් කවර ප්‍රයෝජනයක්ද? මෙය ප්‍රාණීන් සහිත දොළකට දමවු”යි කියා පිණ්ඩපාතය විසිකිරීම හෝ, “මෙය අනුභව කරනුයේ කවුද? බලු කපුටන්ට ම දෙව”යි කියා දායකයන් දුන් දානය පිළිකුල් කර ඔවුන්ට ම දීම හෝ නොකළ යුතුයි.

“ස පත‍්තපාණි විචරන‍්තො, අමූගො මූගසම‍්මතො; අප‍්පං දානං න හීළෙය්‍ය, දාතාරං නාවජානියා”ති. (සු· නි· 718); –

සපත්තපාණි විචරන්තො- අමුගො මූග සම්මතො අප්පං දානං න හීළෙය්‍ය- දාතාරං නාව ජානියා

“පාත්‍රය අතින් ගෙන හැසිරෙනුයේ - ගොළුවකු නොවූයේ නමුත් කිසිවකු හා කථාබහ නොමැතිව, අල්ප දානයේ දී වුවත් පිළිකුල් නූපදවා දෙන්නා වූ දායකයාට ද අවමන් නොකර පිණ්ඩපාතයේ හැසිරිය යුතුයි.”

ඉමං ඔවාදං අනුස‍්සරන‍්තෙන පරිභුඤ‍්ජිතබ‍්බො.

මේ අවවාද සිහිකරන්නා විසින් පිණ්ඩපාතය අනුභව කළ යුතුයි.

යථා ච තෙ න “තුය‍්හං භාගො, මය‍්හං භාගො, තව පුත‍්තො මම පුත‍්තො”ති අඤ‍්ඤමඤ‍්ඤං අතිමඤ‍්ඤිංසු, සමග‍්ගා පන, සම‍්මොදමානා හුත්‍වා ඛාදිංසු, එවමෙවං පිණ‍්ඩපාතං ලභිත්‍වා යථා එකච‍්චො “කො තුම‍්හාදිසානං දස‍්සති නික‍්කාරණා උම‍්මාරෙසු පක‍්ඛලන‍්තානං ආහිණ‍්ඩන‍්තානං විජාතමාතාපි වො දාතබ‍්බං න මඤ‍්ඤති, මයං පන ගතගතට‍්ඨානෙ පණීතානි චීවරාදීනි ලභාමා”ති සීලවන‍්තෙ සබ්‍රහ‍්මචාරී අතිමඤ‍්ඤති, යං සන්‍ධාය වුත‍්තං –

ඒ දෙමාපියෝ “මේ නුඹගේ භාගයයි. මේ මගේ භාගයයි. මේ නුඹේ පුතායි. මේ මගේ පුතායි” යනුවෙන් ඔවුනොවුන් ඉක්මවමින් අවමන් කිරීමෙන් ඉවත් වී සමගිව සතුටින් යුක්තවම මාංශය අනුභව කළහ. එපරිද්දෙන්ම පිණ්ඩපාතය ලැබූ ඇතැම් භික්ෂූහු, “නුඹලාට දන් දෙන්නේ කවුද? නිකරුණේ ගෙදර එළිපත්ත මත පැකිළෙමින් ඇවිදින්නෙහු. නුඹලා වැදු මව පවා නුඹලාට දන් නොදෙති. මට වනාහී ගිය ගිය තැන ප්‍රණීත වූ සිවුරු පිරිකර ලැබේ” යනුවෙන් සිල්වත් සබ්‍රහ්මචාරීහු හෙළාදකිමින්, ඔවුන්ට අවමන් කරති. ඒ සඳහා මෙය කියන ලදී.

“සො තෙන ලාභසක‍්කාරසිලොකෙන අභිභූතො පරියාදිණ‍්ණචිත‍්තො අඤ‍්ඤෙ පෙසලෙ භික‍්ඛූ අතිමඤ‍්ඤති. තඤ‍්හි තස‍්ස, භික‍්ඛවෙ, මොඝපුරිසස‍්ස හොති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායා”ති (සං· නි· 2.161).

“ඒ භික්ෂුව ලාභ, සක්කාර, කීර්ති, ප්‍රශංසාදියෙන් අන්‍ය ශික්ෂාකාමී භික්ෂූහු පහත්කොට සිතයි. අවමන් කරයි. මහණෙනි! ඒ මෝඩ හිස් පුරුෂයාට එම කාරණය බොහෝ කාලයක් අහිත පිණිස, දුක්පිණිස හේතු වන්නේය” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ.

එවං කඤ‍්චි අනතිමඤ‍්ඤිත්‍වා සබ‍්බෙහි සබ්‍රහ‍්මචාරීහි සද‍්ධිං සමග‍්ගෙන සම‍්මොදමානෙන හුත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බං.

එනිසා මෙසේ කිසිවකුත් පිළිබඳව අවමන් නොකර, සියලු බ්‍රහ්මචාරීන් සමග සමගිව සමාදානයෙන් යුතුව සතුටින් සිවුපස පරිභෝජනය කළ යුතුයි.

පරිඤ‍්ඤාතෙති ඤාතපරිඤ‍්ඤා තීරණපරිඤ‍්ඤා පහානපරිඤ‍්ඤාති ඉමාහි තීහි පරිඤ‍්ඤාහි පරිඤ‍්ඤාතෙ. කථං? ඉධ භික‍්ඛු “කබළීකාරාහාරො නාම අයං සවත්‍ථුකවසෙන ඔජට‍්ඨමකරූපං හොති, ඔජට‍්ඨමකරූපං කත්‍ථ පටිහඤ‍්ඤති? ජිව‍්හාපසාදෙ, ජිව‍්හාපසාදො කින‍්නිස‍්සිතො? චතුමහාභූතනිස‍්සිතො. ඉති ඔජට‍්ඨමකං ජිව‍්හාපසාදො තස‍්ස පච‍්චයානි මහාභූතානීති ඉමෙ ධම‍්මා රූපක‍්ඛන්‍ධො නාම, තං පරිග‍්ගණ‍්හතො උප‍්පන‍්නා ඵස‍්සපඤ‍්චමකා ධම‍්මා චත‍්තාරො අරූපක‍්ඛන්‍ධා. ඉති සබ‍්බෙපිමෙ පඤ‍්චක‍්ඛන්‍ධා සඞ‍්ඛෙපතො නාමරූපමත‍්තං හොතී”ති පජානාති. සො තෙ ධම‍්මෙ සරසලක‍්ඛණතො වවත්‍ථපෙත්‍වා තෙසං පච‍්චයං පරියෙසන‍්තො අනුලොමපටිලොමං පටිච‍්චසමුප‍්පාදං පස‍්සති. එත‍්තාවතානෙන කබළීකාරාහාරමුඛෙන සප‍්පච‍්චයස‍්ස නාමරූපස‍්ස යාථාවතො දිට‍්ඨත‍්තා කබළීකාරාහාරො ඤාතපරිඤ‍්ඤාය පරිඤ‍්ඤාතො හොති.

“පරිඤ්ඤාතෙ” යනු ඤාත පරිඤ්ඤාව, තීරණ පරිඤ්ඤාව හා ප්‍රහාණ පරිඤ්ඤාව යැයි යන මේ ත්‍රිවිධ පරිඥාවන්ගෙන් ආහාරය පිළිබඳව පිරිසිඳ දත් කල්හිය. ඒ කෙසේද? මේ ශාසනයේ භික්ෂුවට කබලිංකාර ආහාර නම් වූ සවත්ථුක වශයෙන් ඕජාෂ්ඨමක රූපය වේ. ඔජාෂ්ඨමක රූපය කොතැන හැපේද? ජිව්හා ප්‍රසාදයෙහි හැපේ. ජිව්හා ප්‍රසාදය කුමක් ඇසුරු කරන ලද්දේ ද? සිවුමහා භූතයන් ඇසුරු කරන ලදී. මෙසේ ඕජාෂ්ඨමක ජිව්හා ප්‍රසාදය, එහි ප්‍රත්‍ය වූ මහාභූතයෝ යන මේ ධර්ම රූපස්කන්ධය නම් වේ. එය පරීක්ෂා කිරීම් වශයෙන් උපන් ස්පර්ශය පස්වැනි කොට ඇති ධර්මයෝත්, සතර අරූපස්කන්ධ ධර්මයෝත් යන සියල්ල පංචස්කන්ධයයි. සංක්ෂිප්ත වශයෙන් නාමරූප මාත්‍රයම යැයි දැනගනියි. ඔහු මේ ධර්ම ස්වකීය ලක්‍ෂණ වශයෙන් වෙන් වෙන්ව දක්වා, ඒ ප්‍රත්‍ය පිළිබඳව විමසා බලනුයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රතීත්‍ය සමුත්පාදය දකියි. මෙපමණකින් “කබලිංකාර ආහාරය” නමින් විස්තර වූ ප්‍රත්‍ය සහිත නාමරූප ධර්මයන්ගේ යථා ස්වභාවය දුටු බැවින් ඒ කබලිංකාර ආහාරය ඤාත පරිඤ්ඤාවෙන් පිරිසිඳ දත්තේ වේ.

සො තදෙව සප‍්පච‍්චයං නාමරූපං අනිච‍්චං දුක‍්ඛං අනත‍්තාති තීණි ලක‍්ඛණානි ආරොපෙත්‍වා සත‍්තන‍්නං අනුපස‍්සනානං වසෙන සම‍්මසති. එත‍්තාවතානෙන සො තිලක‍්ඛණපටිවෙධසම‍්මසනඤාණසඞ‍්ඛාතාය තීරණපරිඤ‍්ඤාය පරිඤ‍්ඤාතො හොති. තස‍්මිංයෙව නාමරූපෙ ඡන්‍දරාගාවකඩ‍්ඪනෙන අනාගාමිමග‍්ගෙන පරිජානතා පහානපරිඤ‍්ඤාය පරිඤ‍්ඤාතො හොතීති.

උන්වහන්සේ ඒ ප්‍රත්‍ය සහිත වූ නාමරූප අනිත්‍යය, දුක්ඛය, අනාත්ම යැයි ත්‍රිවිධ ලක්‍ෂණයන් හා ආරෝපණය කොට සත්ත්වයන්ගේ නුවණින් සලකා බැලීම් වශයෙන් විමසයි. මෙපමණකින් මේ ත්‍රිවිධ ලක්‍ෂණ “ප්‍රතිවේධ විමර්ශන ඤාණ” නම් වූ තීරණ පරිඤ්ඤාවෙන් කබලිංකාර ආහාරය පිරිසිඳ දන්නේ වේ. ඒ නාමරූප ධර්මයන් ඡන්දරාග වශයෙන් පහතට ඇදීමෙන් අනාගාමී මාර්ගය විශේෂයෙන් දැනගැනීම් වශයෙන් ප්‍රහාණ පරිඤ්ඤාවෙන් ආහාරය පිළිබඳව පිරිසිඳ දත්තේ වේ.

පඤ‍්චකාමගුණිකොති පඤ‍්චකාමගුණසම‍්භවො රාගො පරිඤ‍්ඤාතො හොති. එත්‍ථ පන තිස‍්සො පරිඤ‍්ඤා එකපරිඤ‍්ඤා සබ‍්බපරිඤ‍්ඤා මූලපරිඤ‍්ඤාති. කතමා එකපරිඤ‍්ඤා? යො භික‍්ඛු ජිව‍්හාද‍්වාරෙ එකරසතණ‍්හං පරිජානාති, තෙන පඤ‍්චකාමගුණිකො රාගො පරිඤ‍්ඤාතොව හොතීති. කස‍්මා? තස‍්සායෙව තත්‍ථ උප‍්පජ‍්ජනතො. සායෙව හි තණ‍්හා චක‍්ඛුද‍්වාරෙ උප‍්පන‍්නා රූපරාගො නාම හොති, සොතද‍්වාරාදීසු උප‍්පන‍්නා සද‍්දරාගාදයො. ඉති යථා එකස‍්සෙව චොරස‍්ස පඤ‍්චමග‍්ගෙ හනතො එකස‍්මිං මග‍්ගෙ ගහෙත්‍වා සීසෙ ඡින‍්නෙ පඤ‍්චපි මග‍්ගා ඛෙමා හොන‍්ති, එවං ජිව‍්හාද‍්වාරෙ රසතණ‍්හාය පරිඤ‍්ඤාතාය පඤ‍්චකාමගුණිකො රාගො පරිඤ‍්ඤාතො හොතීති අයං එකපරිඤ‍්ඤා නාම.

“පඤ්චකාම ගුණිකො” යනු පඤ්කාම ගුණයන්ගේ හටගැනීමයි. “රාගො” යනු රාගය පිරිසිඳ දත්තේ වේ. මෙහි ඒක පරිඤ්ඤාව, සර්ව පරිඤ්ඤාව හා මූල පරිඤ්ඤාව යනුවෙන් පරිඤ්ඤා තුනකි. ඒක පරිඤ්ඤාව නම් කුමක්ද? යම් භික්ෂුවක් ජිව්හා ද්වාරයෙන් එක් රස තෘෂ්ණාවක් පිරිසිඳ දැනගනියි. එයින් පංචකාම ගුණික රාගය පිරිසිඳ දැනගත්තා වෙයි. කුමක් නිසාද? එය එම වස්තුවෙහි ඉපදීම් වශයෙනි. එම තණ්හාව ම චක්ෂුද්වාරයේ උපන්නෙහි නම් “රූපරාග” නම් වේ. ශෝතද්වාරයේ උපන්නේ නම් “ශබ්දරාග” නම් වේ. සෙසු ඉන්ද්‍රියයන්හිද එම නාමය ලබයි. යම්සේ එකම සොරෙකු මාර්ග පහක පැහැරගැනීම් ආදිය සිදුකරන විට, එම සොරා අල්ලාගෙන එක මගකදී හිස සිඳ දැමුවිට මාර්ග පහම නිර්භය වූයේ වන්නේ ද එලෙසින්ම ජිව්හා ද්වාරයේ දී රස තෘෂ්ණාවෙන් පිරිසිඳ දත් “පංචකාම ගුණික රාගය” මැනවින් පිරිසිඳ දැනගත්තේ වේ. මෙය “ඒක පරිඤ්ඤාව” නම් වේ.

කතමා සබ‍්බපරිඤ‍්ඤා? පත‍්තෙ පක‍්ඛිත‍්තපිණ‍්ඩපාතස‍්මිඤ‍්හි එකස‍්මිංයෙව පඤ‍්චකාමගුණිකරාගො ලබ‍්භති. කථං? පරිසුද‍්ධං තාවස‍්ස වණ‍්ණං ඔලොකයතො රූපරාගො හොති, උණ‍්හෙ සප‍්පිම‍්හි තත්‍ථ ආසිඤ‍්චන‍්තෙ පටපටාති සද‍්දො උට‍්ඨහති, තථාරූපං ඛාදනීයං වා ඛාදන‍්තස‍්ස මුරුමුරූති සද‍්දො උප‍්පජ‍්ජති, තං අස‍්සාදයතො සද‍්දරාගො. ජීරකාදිවසගන්‍ධං අස‍්සාදෙන‍්තස‍්ස ගන්‍ධරාගො, සාදුරසවසෙන රසරාගො. මුදුභොජනං ඵස‍්සවන‍්තන‍්ති අස‍්සාදයතො ඵොට‍්ඨබ‍්බරාගො. ඉති ඉමස‍්මිං ආහාරෙ සතිසම‍්පජඤ‍්ඤෙන පරිග‍්ගහෙත්‍වා නිච‍්ඡන්‍දරාගපරිභොගෙන පරිභුත‍්තෙ සබ‍්බොපි සො පරිඤ‍්ඤාතො හොතීති අයං සබ‍්බපරිඤ‍්ඤා නාම.

“සර්ව පරිඤ්ඤාව” යනු කුමක්ද? පාත්‍රයේ දමන ලද පිණ්ඩපාතයෙහි එකම වූ පඤ්චකාම ගුණික රාගයක් ලබයි. ඒ කෙසේද? පිරිසිදු වූ ඒ ආහාරයේ වර්ණය බැලීමෙන් “රූපරාගය” ඇතිවේ. ගිතෙල් ආදියෙහි ලා රත්කරන කල්හි හා තෙල් ආදිය ඉසින කල්හි පට, පට යන ශබ්ද නැගේ. එබඳු වූ කෑයුතු දේ අනුභව කරන තැනැත්තාට “මුරු, මුරු” ශබ්දය ද උපදියි. එය ආශ්වාදය කිරීමෙන් “ශබ්ද රාගය” උපදියි. දිරවීමට යොදන උපකාරක ද්‍රව්‍යයන්ගේ සුවඳ ආඝ්‍රාණය කරන්නාට “ගන්ධ රාගය” ඇතිවේ. යහපත්-ප්‍රිය රස වශයෙන් ආශ්වාද කරන්නාට “රස රාගය” ඇතිවේ. “ඉතා මෘදු ආහාරය” යැයි ස්පර්ශ කිරීම් වශයෙන් ආශ්වාදයක් ලබන්නාට “ඵස්ස (ඵොට්ඨබ්බ) රාගය” ඇතිවේ. මේ අයුරින් ආහාරයේ සිහිය පිහිටුවා විමසා බැලීමෙන් හා ඡන්ද-රාග පරිභෝජනයෙන් වෙන්ව පරිභෝග කරන කල්හි, ඔහුට සියල්ල ම පිරිසිඳ දත හැකි වේ. මෙය “සර්ව පරිඤ්ඤාව” නම් වේ.

කතමා මූලපරිඤ‍්ඤා? පඤ‍්චකාමගුණිකරාගස‍්ස හි කබළීකාරාහාරො මූලං. කස‍්මා? තස‍්මිං සති තස‍්සුප‍්පත‍්තිතො. බ්‍රාහ‍්මණතිස‍්සභයෙ කිර ද‍්වාදස වස‍්සානි ජායම‍්පතිකානං උපනිජ‍්ඣානචිත‍්තං නාම නාහොසි. කස‍්මා? ආහාරමන්‍දතාය. භයෙ පන වූපසන‍්තෙ යොජනසතිකො තම‍්බපණ‍්ණිදීපො දාරකානං ජාතමඞ‍්ගලෙහි එකමඞ‍්ගලො අහොසි. ඉති මූලභූතෙ ආහාරෙ පරිඤ‍්ඤාතෙ පඤ‍්චකාමගුණිකො රාගො පරිඤ‍්ඤාතොව හොතීති අයං මූලපරිඤ‍්ඤා නාම.

“මූල පරිඤ්ඤාව” නම් කුමක්ද? පඤ්චකාම ගුණික රාගය ඇතිවීමෙහි කබලිංකාහාරය මූලය වේ. කුමක් නිසාද? එය ඇති කල්හි පඤ්චකාමය උපදින හෙයිනි. බැමිණිතියා සාය ඇති වූ කාලයේ දොළොස් වසරක් ම අඹුසැමියන්ට ඔවුනොවුන් පිළිබඳ සිතක් නම් ඇති නොවිණි. කුමක් නිසාද? ආහාර මඳ බැවිනි. දුර්භික්ෂ කාලයක් ඇති වූ බැවිනි. මේ දුර්භික්ෂය නිමාවී ආහාරපාන සුලබ වූ කල්හි, තම්බපන්ණියේ හෙවත් ලංකාවෙහි යොදුන් සීයක් පමණ ප්‍රදේශය දරු උපත් නිසාම හටගත් එකම මංගල කෝලාහලයක් ඇතිවිය. මෙසේ කාමයට මුල්වූ ආහාරය පිරිසිඳ දත් කල්හි පඤ්චකාමරාගය මැනවින් පිරිසිඳ දැනගත්තා වේ. මෙය මූල පරිඤ්ඤාවයි.

නත්‍ථි තං සංයොජනන‍්ති තෙන රාගෙන සද‍්ධිං පහානෙකට‍්ඨතාය පහීනත‍්තා නත්‍ථි.

“නත්ථි තං සංයොජනං” යනු රාගය සමග ම ප්‍රහාණය වූවක් බැවින් නැවත ප්‍රහීන කළයුත්තක් නැත යනුයි.

එවමයං දෙසනා යාව අනාගාමිමග‍්ගා කථිතා. “එත‍්තකෙන පන මා වොසානං ආපජ‍්ජිංසූ”ති එතෙසංයෙව රූපාදීනං වසෙන පඤ‍්චසු ඛන්‍ධෙසු විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා යාව අරහත‍්තා කථෙතුං වට‍්ටතීති.

මෙසේ මේ දේශනාව අනාගාමී මාර්ගය දක්වාම දේශනා කරන ලදී. මෙපමණකින් අවසන් කිරීමට නොපැමිණ මේ රූපාදීන්ගේ වශයෙන්ම පඤ්චස්කන්ධයෙහි විදර්ශනාව වඩා රහත්බව දක්වා විස්තර කිරීම සුදුසුය.

පඨමාහාරො (නිට‍්ඨිතො).

පළමු ආහාර වර්ණනාව නිමාවිය.

දුතියෙ නිච‍්චම‍්මාති ඛුරතො පට‍්ඨාය යාව සිඞ‍්ගමූලා සකලසරීරතො උද‍්දාලිතචම‍්මා කිංසුකරාසිවණ‍්ණා. කස‍්මා පන අඤ‍්ඤං හත්‍ථිඅස‍්සගොණාදිඋපමං අගහෙත්‍වා නිච‍්චම‍්මගාවූපමා ගහිතාති? තිතික‍්ඛිතුං අසමත්‍ථභාවදීපනත්‍ථං. මාතුගාමො හි උප‍්පන‍්නං දුක‍්ඛවෙදනං තිතික‍්ඛිතුං අධිවාසෙතුං න සක‍්කොති, එවමෙව ඵස‍්සාහාරො අබලො දුබ‍්බලොති දස‍්සනත්‍ථං සදිසමෙව උපමං ආහරි. කුට‍්ටන‍්ති සිලාකුට‍්ටාදීනං අඤ‍්ඤතරං. කුට‍්ටනිස‍්සිතා පාණා නාම උණ‍්ණනාභිසරබූමූසිකාදයො. රුක‍්ඛනිස‍්සිතාති උච‍්චාලිඞ‍්ගපාණකාදයො. උදකනිස‍්සිතාති මච‍්ඡසුංසුමාරාදයො. ආකාසනිස‍්සිතාති ඩංසමකසකාකකුලලාදයො. ඛාදෙය්‍යුන‍්ති ලුඤ‍්චිත්‍වා ඛාදෙය්‍යුං. සා තස‍්මිං තස‍්මිං ඨානෙ තං තංඨානසන‍්නිස‍්සයමූලිකං පාණඛාදනභයං සම‍්පස‍්සමානා නෙව අත‍්තනො සක‍්කාරසම‍්මානං, න පිට‍්ඨිපරිකම‍්මසරීරසම‍්බාහනඋණ‍්හොදකානි ඉච‍්ඡති, එවමෙව භික‍්ඛු ඵස‍්සාහාරමූලකං කිලෙසපාණකඛාදනභයං සම‍්පස‍්සමානො තෙභූමකඵස‍්සෙන අනත්‍ථිකො හොති.

දෙවැනි ආහාරයේ “නිච්චම්ම” යනු කුරයේ පටන් අං අග දක්වා ම සියලු ශරීරයෙන් උපුටා දමන ලද සම ඇති, (සම ගලවා දැමූ) එරබදු මල් රැසක් බඳු පැහැ ඇති යනුයි. කුමක් නිසා වෙනත් ඇත්, අස්, ගව ආදී උපමාවක් නොගෙන ගැලවූ සම් ඇති එළදෙනගේ උපමාව ගත්තෙක්ද? ඉවසීමට අසමත් බව පෙන්වීම පිණිසයි. ස්ත්‍රිය වනාහී උපන් දුක් වේදනා, ඉවසීමට-දරාගැනීමට නොහැකි වේ. අසමත් වේ. මේ අයුරින් ම ඵස්සාහාරය ද අබලය. දුර්වලයැයි දැක්වීමට, ඊට සමවූ මෙම උපමාව දක්වන ලදී. “කුඩ්ඩං” යනු ගල් බිත්ති ආදී අනෙකුත් බිත්තියයි. “කුඩ්ඩනිස්සිත පාණා” යනු මකුළුවෝ, හූනෝ, මීයෝ වැනි සත්තුය. “රුක්ඛනිස්සිතා” යනු දළඹුවෝ වැනි සත්තුය. “උදක නිස්සිතා” යනු මත්ස්‍ය-කිඹුල් ආදීහුය. “ආකාස නිස්සිතා” යනු මැසි, මදුරු, කපුටු, උකුසු ආදීහුය. “ඛාදෙය්‍යුං” උදුරා කන්නේය. ඒ එළදෙන ඒ ඒ තැන් ඇසුරු කිරීමට පැමිණි ප්‍රාණීහු ශරීරය කඩාකෑමේ බියෙන් යුක්තව. තමාට සත්කාර කිරීම් වශයෙන් සිදුකෙරෙන පිටෙහි සත්තු එලවීම, සිරුර සම්බාහන කිරීම්, උණුදිය ඉසීම් ද අකමැති වන්නීය. මෙලෙසම භික්ෂුවට ඵස්සාහාරය මූලික කරගත්, ක්ලේශ නම් ප්‍රාණීහු කෑමේ බිය දක්වමින් ත්‍රෛභූමික ස්පර්ශයෙහි විපත් කැමති වේ.

ඵස‍්සෙ, භික‍්ඛවෙ, ආහාරෙ පරිඤ‍්ඤාතෙති තීහි පරිඤ‍්ඤාහි පරිඤ‍්ඤාතෙ. ඉධාපි තිස‍්සො පරිඤ‍්ඤා. තත්‍ථ “ඵස‍්සො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, තංසම‍්පයුත‍්තා වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, චිත‍්තං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තෙසං වත්‍ථාරම‍්මණානි රූපක‍්ඛන්‍ධො”ති එවං සප‍්පච‍්චයස‍්ස නාමරූපස‍්ස යාථාවතො දස‍්සනං ඤාතපරිඤ‍්ඤා. තත්‍ථෙව තිලක‍්ඛණං ආරොපෙත්‍වා සත‍්තන‍්නං අනුපස‍්සනානං වසෙන අනිච‍්චාදිතො තුලනං තීරණපරිඤ‍්ඤා. තස‍්මිංයෙව පන නාමරූපෙ ඡන්‍දරාගනික‍්කඩ‍්ඪනො අරහත‍්තමග‍්ගො පහානපරිඤ‍්ඤා. තිස‍්සො වෙදනාති එවං ඵස‍්සාහාරෙ තීහි පරිඤ‍්ඤාහි පරිඤ‍්ඤාතෙ තිස‍්සො වෙදනා පරිඤ‍්ඤාතාව හොන‍්ති තම‍්මූලකත‍්තා තංසම‍්පයුත‍්තත‍්තා ච. ඉති ඵස‍්සාහාරවසෙන දෙසනා යාව අරහත‍්තා කථිතා.

“ඵස්සෙ භික්ඛවේ! ආහාරෙ පරිඤ්ඤාතෙ” යනු ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් (ආහාරය පිළිබඳ) මනාව පිරිසිඳ දත් යනුයි. මෙහිද පරිඤ්ඤා තුනකි. එහි ස්පර්ශය සංඥා ස්කන්ධයයි. සිත විඤ්ඤාණස්කන්ධයයි. ඒ වස්තු ආරම්ණයන්ගේ රූපස්කන්ධයයි. මෙසේ ප්‍රත්‍ය සහිත නාමරූපයාගේ යථා ස්වභාවය දැකීම ඤාත පරිඤ්ඤාවයි. එහිම ත්‍රිලක්ෂණය ආරෝපණය කර, සත්වයන්ගේ නුවණින් බැලීම් වශයෙන් අනිත්‍යදිය හා තුලනය කිරීම තීරණ පරිඤ්ඤාවයි. ඒ තම රූපයෙහිම ඡන්දරාගයන් පිටතට ඇදීම් වශයෙන් ඇතිවන අරහත් මාර්ගය ප්‍රහාණ පරිඤ්ඤාවයි. “තිස්සො වෙදනා” යනු මෙසේ ස්පර්ශාහාරයෙහි ත්‍රිවිධ පරිඤ්ඤාවන්ගෙන් පිරිසිඳ ගත් කල්හි ත්‍රිවිධ වේදනාව පිරිසිඳ දැනගත්තේම වේ යනුයි. එය මූලික වූත් සම්ප්‍රයුක්ත වූත් ධර්මයක් බව අවබෝධ වේ. මෙලෙස ස්පර්ශනාහාර වශයෙන් දේශනාව රහත්බව දක්වාම දේශනා කරන ලදී.

දුතියාහාරො.

දෙවැනි ආහාර වර්ණනාව නිමා විය.

තතියෙ අඞ‍්ගාරකාසූති අඞ‍්ගාරානං කාසු. කාසූති රාසිපි වුච‍්චති ආවාටොපි.

තෙවැනි ආහාරයේ “අංගාරකාසු” අගුරුවලකි. “කාසු” යනු රාශියයි. ආවාටයයි.

“අඞ‍්ගාරකාසුං අපරෙ ඵුණන‍්ති, නරා රුදන‍්තා පරිදඩ‍්ඪගත‍්තා; භයඤ‍්හි මං වින්‍දති සූත දිස‍්වා, පුච‍්ඡාමි තං මාතලි දෙවසාරථී”ති. (ජා· 2.22.462); –

අංගාරකාසුං අපරෙ පුණන්ති නරා රුදන්තා පරිදඩ්ඪ ගත්තා භයං හි මං වින්දති සූත! දිස්වා පූච්ඡාමි තං මාතලි! දෙව සාරථී

“අන්‍යයෙක් අඟුරු රැස රැස්කරති. මිනිස්සු දැවීගිය සිරුරු ඇතිව හඩති. සාරථිය! මෙය දුටු මට බියක් ඇතිවේ. දේව රියදුරු වූ මාතලිය. මම නුඹගෙන් විමසමි.”

එත්‍ථ රාසි “කාසූ”ති වුත‍්තො.

මෙහි “කාසු” යන්නෙන් “රාශිය” අදහස් විය.

“කින‍්නු සන‍්තරමානොව, කාසුං ඛනසි සාරථී”ති? (ජා· 2.22.3). –

“රියදුර! කුමක් නිසා ඉක්මන් කමකින් යුතුව වලක් සාරන්නෙහිද? (කාසු ඛණසි)”

එත්‍ථ ආවාටො. ඉධාපි අයමෙව අධිප‍්පෙතො.

යන මෙහි “කාසු” යනු වලකි. මෙම සූත්‍රයේ ද “කාසු” යන්නෙන් “වල” යන තේරුම (ආවාටය) ගතයුතුයි.

සාධිකපොරිසාති අතිරෙකපොරිසා පඤ‍්චරතනප‍්පමාණා. වීතච‍්චිකානං වීතධූමානන‍්ති එතෙනස‍්ස මහාපරිළාහතං දස‍්සෙති. ජාලාය වා හි ධූමෙ වා සති වාතො සමුට‍්ඨාති, පරිළාහො මහා න හොති, තදභාවෙ වාතාභාවතො පරිළාහො මහා හොති. ආරකාවස‍්සාති දූරෙයෙව භවෙය්‍ය.

“සාධිකපොරිසා” යනු පුරුෂ ප්‍රමාණයට වඩා වැඩි වූ, අධික වූ, පස්රියනක් පමණ වූ යනුයි. “වීතච්චිකානං වීතධූමානං” යන මෙයින් මහත්වූ ගිනිමැලයක් දක්වයි. ගිනිදැල් හෝ දුම හෝ ඇති කල්හි, සුලඟ හමයි. එවිට ගිනිමැලය කුඩා වේ. සුලඟ නතර වූ විට නැවත ගිනිමැලය විශාල වේ. “ආරකාවස්සා” යනු දුරම පවත්නේය.

එවමෙව ඛොති එත්‍ථ ඉදං ඔපම‍්මසංසන්‍දනං – අඞ‍්ගාරකාසු විය හි තෙභූමකවට‍්ටං දට‍්ඨබ‍්බං. ජීවිතුකාමො පුරිසො විය වට‍්ටනිස‍්සිතො බාලපුථුජ‍්ජනො. ද‍්වෙ බලවන‍්තො පුරිසා විය කුසලාකුසලකම‍්මං. තෙසං තං පුරිසං නානාබාහාසු ගහෙත්‍වා අඞ‍්ගාරකාසුං උපකඩ‍්ඪනකාලො විය පුථුජ‍්ජනස‍්ස කම‍්මායූහනකාලො. කම‍්මඤ‍්හි ආයූහියමානමෙව පටිසන්‍ධිං ආකඩ‍්ඪති නාම. අඞ‍්ගාරකාසුනිදානං දුක‍්ඛං විය කම‍්මනිදානං වට‍්ටදුක‍්ඛං වෙදිතබ‍්බං.

“එවමෙව ඛො” යනු මෙහි උපමා සන්සන්දනයයි. අඟුරුවල මෙන් ත්‍රෛභූමික වූ සසර පැවැත්ම දතයුතුයි. ජීවත්වනු කැමති පුරුෂයා මෙන් සසර ඇසුරු කළ බාල පුහුදුන් පුද්ගලයා දතයුතුයි. බලවත් පුරුෂයන් දෙදෙනා මෙන් කුසලාකුසල ධර්ම සැළකිය යුතුයි. ඔවුහු ඒ පුරුෂයා නොයෙක් අත්වලින් ගෙන අඟුරුවලට ඇදගෙන යන කාලය මෙන් පුහුදුන් පුද්ගලයාගේ කර්ම රැස්කිරීමේ අවස්ථාව දැකිය යුතුයි. කර්ම රැස්කිරිම ම ප්‍රතිසන්ධියට ඇදගැනීම නම් වේ. අඟුරු වලෙහි දැමීම දුකක් මෙන්, කර්ම රැස්කිරීම සසර දුකට හේතු වේ යැයි දතයුතුයි.

පරිඤ‍්ඤාතෙති තීහි පරිඤ‍්ඤාහි පරිඤ‍්ඤාතෙ. පරිඤ‍්ඤායොජනා පනෙත්‍ථ ඵස‍්සෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. තිස‍්සො තණ‍්හාති කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හාති ඉමා පරිඤ‍්ඤාතා හොන‍්ති. කස‍්මා? තණ‍්හාමූලකත‍්තා මනොසඤ‍්චෙතනාය. න හි හෙතුම‍්හි අප‍්පහීනෙ ඵලං පහීයති. ඉති මනොසඤ‍්චෙතනාහාරවසෙනපි යාව අරහත‍්තා දෙසනා කථිතා.

“පරිඤ්ඤාතෙ” යනු ත්‍රිවිධ පරිඥාවන් මැනවින් පිරිසිඳ දත් යනුයි. මෙහි විශේෂ ඤාණයෙහි යෙදීම ස්පර්ශාහාරයේ කියූ පරිදි දතයුතුයි. “තිස්සො තණ්හා” යනු කාම තණ්හාව, භව තණ්හාව සහ විභව තණ්හාවයි. මේ තණ්හාවත් මැනවින් පිරිසිඳ දැනගත්තා වේ. කුමක් නිසාද? මනොසඤ්චේතනාහාරය තණ්හාමූලික බැවිනි. මෙසේ මනෝසඤ්චේතනාහාර වශයෙන් ද අර්හත්බව දක්වා දේශනා කරන ලදී.

තතියාහාරො.

තෙවැනි ආහාර වණනාව නිමාවිය.

චතුත්‍ථෙ ආගුචාරින‍්ති පාපචාරිං දොසකාරකං. කථං සො පුරිසොති සො පුරිසො කථංභූතො, කිං යාපෙති, න යාපෙතීති පුච‍්ඡති? තථෙව දෙව ජීවතීති යථා පුබ‍්බෙ, ඉදානිපි තථෙව ජීවති.

සිවුවැනි ආහාරයේ “ආගුචාරිං” යනු වැරදි -පවිටු හැසිරීම් ඇති, දෝෂ- වැරදි කරන පුද්ගලයායි. “කථං සො පුරිසො” යනු ඒ පුරුෂයා කෙසේද? කිම ජීවත්වේද? ජීවත් නොවේද?යි අසයි. “තථෙව දෙව! ජීවති” පෙර පරිදිම ඔහු ජීවත් වේ.

එවමෙව ඛොති ඉධාපි ඉදං ඔපම‍්මසංසන්‍දනං – රාජා විය හි කම‍්මං දට‍්ඨබ‍්බං, ආගුචාරී පුරිසො විය වට‍්ටසන‍්නිස‍්සිතො බාලපුථුජ‍්ජනො, තීණි සත‍්තිසතානි විය පටිසන්‍ධිවිඤ‍්ඤාණං, ආගුචාරිං පුරිසං “තීහි සත‍්තිසතෙහි හනථා”ති රඤ‍්ඤා ආණත‍්තකාලො විය කම‍්මරඤ‍්ඤා වට‍්ටසන‍්නිස‍්සිතපුථුජ‍්ජනං ගහෙත්‍වා පටිසන්‍ධියං පක‍්ඛිපනකාලො. තත්‍ථ කිඤ‍්චාපි තීණි සත‍්තිසතානි විය පටිසන්‍ධිවිඤ‍්ඤාණං, සත‍්තීසු පන දුක‍්ඛං නත්‍ථි, සත‍්තීහි පහටවණමූලකං දුක‍්ඛං, එවමෙව පටිසන්‍ධියම‍්පි දුක‍්ඛං නත්‍ථි, දින‍්නාය පන පටිසන්‍ධියා පවත‍්තෙ විපාකදුක‍්ඛං සත‍්තිපහටවණමූලකං දුක‍්ඛං විය හොති.

“එවමෙව ඛො” යනු උපමා සන්සන්දනයයි. - රජු මෙන් කර්මය දැකිය යුතුයි. සංසාර පැවැත්ම ඇසුරුකරන බාල පුහුදුන් පුද්ගලයා, වරද කළ පුරුෂයා මෙනි. ප්‍රතිසන්ධි විඥාණයද අඩියටි තුන්සීය මෙනි. වරදකාරී පුරුෂයකුට අඩයටි තුන්සීයක් ගැසීමට රජු අණ කළ අවස්ථාව මෙන් කර්මය නමැති රජු සංසාරික පුහුදුන් පුද්ගලයා රැගෙන ප්‍රතිසන්ධියෙහි දමන අවස්ථාව සැළකිය යුතුයි. එහි අඩයටි තුන්සීය මෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය පවතියි. අඩයටියෙහි දුක පිහිටා ඇත. එම ආයුධය වැදීමෙන් ඇති වූ තුවාලය මූලික කරගෙන දුක ඇතිවේ. මේ අයුරින්ම ප්‍රතිසන්ධියෙහි දුකක් නැත. ප්‍රතිසන්ධියෙන් ඇතිකරන විපාක දුක, ආයුධවලින් ගැසීමෙන් ඇති වූ තුවාලවල දුක මෙන් දතයුතුයි.

පරිඤ‍්ඤාතෙති තීහෙව පරිඤ‍්ඤාහි පරිඤ‍්ඤාතෙ. ඉධාපි පරිඤ‍්ඤායොජනා ඵස‍්සාහාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. නාමරූපන‍්ති විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං. විඤ‍්ඤාණස‍්මිඤ‍්හි පරිඤ‍්ඤාතෙ තං පරිඤ‍්ඤාතමෙව හොති තම‍්මූලකත‍්තා සහුප‍්පන‍්නත‍්තා ච. ඉති විඤ‍්ඤාණාහාරවසෙනපි යාව අරහත‍්තා දෙසනා කථිතාති.

“පරිඤ්ඤාතෙ” යනු ත්‍රිවිධ පරිඤ්ඤාවන්ගෙන්ම පිරිසිඳ දත් යනුයි. මෙහිද පිරිසිඳ දැනීමෙහි පිළිවෙත ඵස්සාහාරයේ කියූ පරිදිම දතයුතුයි. “නාමරූපං” යනු විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප ඇතිවේ. විඤ්ඤාණය පිරිසිඳ දත් කල්හි නාමරූපය මැනවින් දැනගත්තා නම් වේ. නාමරූප දෙකට විඤ්ඤාණය ම මුල් වූ බැවින් සහ විඤ්ඤාණයත් සමග උපදින බැවිනි. මෙසේ විඤ්ඤාණාහාර වශයෙන් ද අරහත්ඵලය දක්වා ම සූත්‍ර දේශනාව පැවැත්වූ සේක.

චතුත්‍ථාහාරො.

සතරවන ආහාර වණනාව නිමාවිය.

තතියං.

තෙවැනි සූත්‍රයයි.