4. අත්ථිරාගසුත්තවණ්ණනා අට්ඨකථා
4. අත්ථිරාගසුත්තවණ්ණනා
4. අත්ථිරාග සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ රාගොතිආදීනි ලොභස්සෙව නාමානි. සො හි රඤ්ජනවසෙන රාගො, නන්දනවසෙන නන්දී, තණ්හායනවසෙන තණ්හාති වුච්චති. පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හන්ති කම්මං ජවාපෙත්වා පටිසන්ධිආකඩ්ඪනසමත්ථතාය පතිට්ඨිතඤ්චෙව විරූළ්හඤ්ච. යත්ථාති තෙභූමකවට්ටෙ භුම්මං, සබ්බත්ථ වා පුරිමපුරිමපදෙ එතං භුම්මං. අත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධීති ඉදං ඉමස්මිං විපාකවට්ටෙ ඨිතස්ස ආයතිවට්ටහෙතුකෙ සඞ්ඛාරෙ සන්ධාය වුත්තං. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්තීති යස්මිං ඨානෙ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති අත්ථි.
සිවුවැනි සූත්‍රයේ “රාගො” ආදිය ලෝභයට ම භාවිත නම් වේ. එම වස්තුවෙහි සිත් ඇලවීම් වශයෙන් “රාගො” නම් වේ. සතුටුවීම “නන්දි” යයි. තෘෂ්ණාව ඉපදීම් වශයෙන් “තණ්හා”ව යැයි කියයි. “පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරුළ්හං” යනු කර්මය ධාවනය කරවා ප්රතිසන්ධිය ඇදගැනීමට සමත් විඤ්ඤාණය එහි පිහිටියේද වර්ධනය වූයේද වේ. “යත්ථ” යනු ත්‍රෛභූමික වූ සංසාරික පැවැත්මෙහි. සත්තමී ආධාර්ථයයි. සැමතැන්හි විකල්පාර්ථයේ මුල් මුල් පදයන්හි මේ සත්තමිය යෙදේ. “අත්ථි තත්ථ සංඛාරානං වුද්ධී” යනු මේ විපාක චක්‍රයෙහි පිහිටි අනාගත සංසාරික පැවැත්මට උපකාර වන සංස්කාරාදිය නිසා කියන ලදී. “යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභි නිබ්බත්තී” යනු යම්තැනක අනාගත පුනර්භව උපතක් ඇත්තේ ද
එවමෙව ඛොති එත්ථ ඉදං ඔපම්මසංසන්දනං – රජකචිත්තකාරා විය හි සහකම්මසම්භාරං කම්මං, ඵලකභිත්තිදුස්සපටා විය තෙභූමකවට්ටං. යථා රජකචිත්තකාරා පරිසුද්ධෙසු ඵලකාදීසු රූපං සමුට්ඨාපෙන්ති, එවමෙව සසම්භාරකකම්මං භවෙසු රූපං සමුට්ඨාපෙති. තත්ථ යථා අකුසලෙන චිත්තකාරෙන සමුට්ඨාපිතං රූපං විරූපං හොති දුස්සණ්ඨිතං අමනාපං, එවමෙව එකච්චො කම්මං කරොන්තො ඤාණවිප්පයුත්තෙන චිත්තෙන කරොති, තං කම්මං රූපං සමුට්ඨාපෙන්තං චක්ඛාදීනං සම්පත්තිං අදත්වා දුබ්බණ්ණං දුස්සණ්ඨිතං මාතාපිතූනම්පි අමනාපං රූපං සමුට්ඨාපෙති. යථා පන කුසලෙන චිත්තකාරෙන සමුට්ඨාපිතං රූපං සුරූපං හොති සුසණ්ඨිතං මනාපං, එවමෙව එකච්චො කම්මං කරොන්තො ඤාණසම්පයුත්තෙන චිත්තෙන කරොති, තං කම්මං රූපං සමුට්ඨාපෙන්තං චක්ඛාදීනං සම්පත්තිං දත්වා සුවණ්ණං සුසණ්ඨිතං අලඞ්කතපටියත්තං විය රූපං සමුට්ඨාපෙති.
“එවමෙව ඛො” යනු මෙම සූත්‍රයේ පැමිණි උපමාව සන්සන්දනය කිරීමයි. රඳවා හෝ සිත්තරා මෙන් රැස්වූ කර්මරාශිය දතයුතුයි. පුවරුව, බිත්තිය, රෙදිපට ආදිය මෙන් සංසාරික පැවැත්ම දතයුතුයි. යම්සේ රඳවා හෝ සිත්තරා පිරිසිදු වූ ඵලකවල රූප අඳියි ද එලෙසින් ම ඒකරාශී වූ කර්මය භවයෙහි රූප ස්කන්ධය ඇතිකරවයි. එහිදී අදක්ෂ සිත්තරා ඇඳි රූපය විරූපී වූයේ, අප්‍රිය වූයේ යම්සේ ද එලෙසින් ම ඤාණවිප්‍රයුක්ත සිතින් කළ කර්මයාගේ හේතුවෙන් උපදින රූපයේ චක්ෂු ආදී ඉන්ද්රිය සම්පත්තිය නොපිහිටයි. දුර්වර්ණ වූ, නපුරු වූ පිහිටීම් ඇති මාපියන්ට ද පිළිකුල් වූ රූපයක්ම උපදවයි. ඉතා දක්ෂ වූ සිත්තරා ඇඳි රූපය මැනවින් පිහිටියේ, මනාප වූයේ, ඉතා අලංකාර වූයේ වේද එලෙසින්ම ඥාණසම්ප්‍රයුක්ත සිතින් කරන ලද කර්ම හේතුවෙන් උපදින රූපයට චක්ෂු ආදී ඉන්ද්රිය සම්පත්තිය මැනවින් පිහිටයි. වර්ණවත් වූ මනාව පිහිටියා වූ, අලංකාරව පිළියෙල වූ රූපයක්ම උපදවයි.
එත්ථ ච ආහාරං විඤ්ඤාණෙන සද්ධිං සඞ්ඛිපිත්වා ආහාරනාමරූපානං අන්තරෙ එකො සන්ධි, විපාකවිධිං නාමරූපෙන සඞ්ඛිපිත්වා නාමරූපසඞ්ඛාරානං අන්තරෙ එකො සන්ධි, සඞ්ඛාරානඤ්ච ආයතිභවස්ස ච අන්තරෙ එකො සන්ධීති වෙදිතබ්බො.
මෙම සූත්‍රයේ ද ආහාරය විඤ්ඤාණයත් සමග හකුළුවාගෙන ආහාරය හා නාමරූප හා සංස්කාර අතර එක් සන්ධියකි. සංස්කාර හා අනාගත භවය අතර එක් සන්ධියකි. මෙසේ සන්ධි තුනක් දතයුතුයි.
කූටාගාරන්ති එකකණ්ණිකං ගාහාපෙත්වා කතං අගාරං. කූටාගාරසාලාති ද්වෙ කණ්ණිකෙ ගහෙත්වා කතසාලා. එවමෙව ඛොති එත්ථ ඛීණාසවස්ස කම්මං සූරියරස්මිසමං වෙදිතබ්බං. සූරියරස්මි පන අත්ථි, සා කෙවලං පතිට්ඨාය අභාවෙන අප්පතිට්ඨා නාම ජාතා, ඛීණාසවස්ස කම්මං නත්ථිතාය එව අප්පතිට්ඨං. තස්ස හි කායාදයො අත්ථි, තෙහි පන කතකම්මං කුසලාකුසලං නාම න හොති, කිරියමත්තෙ ඨත්වා අවිපාකං හොති. එවමස්ස කම්මං නත්ථිතාය එව අප්පතිට්ඨං නාම ජාතන්ති.
“කූටාගාරං” යනු එක් මුදුන් කොතක් ඇතිවන සේ කරන ලද ගෙය. “කූටාගාර සාලා” යනු මුදුන්කොත් දෙකක් ඇතිවනසේ කරන ලද ශාලාව. “එවමෙව ඛො” යන මෙහි රහතන් වහන්සේගේ කර්මය සූර්ය රශ්මිය වැනි යැයි දතයුතුයි. සූර්ය රශ්මිය වනාහී ඇති දෙයකි. නමුත් එය පිහිටීම් වශයෙන් (භෞතිකව) නොමැති බැවින් නොපවතින-නොපිහිටි සංඛ්‍යාවට ගැනේ. ක්‍ෂීණාස්‍රවයන්ගේ ද ක්‍රියාවක් නොමැති බැවින් නොපිහිටියේ වේ. උන්වහන්සේලාට අත්පා ආදිය ඇත. නමුත් උන්වහන්සේලාගේ ක්‍රියාවන් කුසලාකුසල ලෙස නොහඳුන්වයි. ක්‍රියාමාත්‍රය පමණක් ම වේ. විපාක නොදෙයි. මෙසේ උන්වහන්සේට කර්ම නොමැති බැවින් ම “අප්පතිට්ඨ” (නොපිහිටි) නම් වෙති.
චතුත්ථං.
සතරවන සූත්‍රයයි.
5. නගරසුත්තවණ්ණනා
5. නගර සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ නාමරූපෙ ඛො සති විඤ්ඤාණන්ති එත්ථ “සඞ්ඛාරෙසු සති විඤ්ඤාණ”න්ති ච “අවිජ්ජාය සති සඞ්ඛාරා”ති ච වත්තබ්බං භවෙය්ය, තදුභයම්පි න වුත්තං. කස්මා? අවිජ්ජාසඞ්ඛාරා හි තතියො භවො, තෙහි සද්ධිං අයං විපස්සනා න ඝටීයති. මහාපුරිසො හි පච්චුප්පන්නපඤ්චවොකාරවසෙන අභිනිවිට්ඨොති.
පස්වන සූත්‍රයේ “නාමරූපෙ ඛො සති විඤ්ඤාණං” යන මෙහි සංස්කාරයන් ඇති කල්හි විඤ්ඤාණය ද අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයන්ද ඇතිවේයැයි කිවයුතු වන්නේය. එම දෙකම මෙහි නොපැවසුණි. කුමක් නිසාද? අවිද්‍යා සංස්කාර දෙක වනාහි භවයට තෙවැනි හේතූන් වේ. ඒවා සමග මේ විදර්ශනාව නොගැටෙයි. මහා පුරුෂයා වනාහි වර්තමාන පඤ්චවෝකාර වශයෙන් ඇතුලට බැස සිටියි.
නනු ච අවිජ්ජාසඞ්ඛාරෙසු අදිට්ඨෙසු න සක්කා බුද්ධෙන භවිතුන්ති. සච්චං න සක්කා, ඉමිනා පන තෙ භවඋපාදානතණ්හාවසෙන දිට්ඨාව. තස්මා යථා නාම ගොධං අනුබන්ධන්තො පුරිසො තං කූපං පවිට්ඨං දිස්වා ඔතරිත්වා පවිට්ඨට්ඨානං ඛණිත්වා ගොධං ගහෙත්වා පක්කමෙය්ය, න පරභාගං ඛනෙය්ය, කස්මා? කස්සචි නත්ථිතාය. එවං මහාපුරිසොපි ගොධං අනුබන්ධන්තො පුරිසො විය බොධිපල්ලඞ්කෙ නිසින්නො ජරාමරණතො පට්ඨාය “ඉමස්ස අයං පච්චයො, ඉමස්ස අයං පච්චයො”ති පරියෙසන්තො යාව නාමරූපධම්මානං පච්චයං දිස්වා තස්සපි පච්චයං පරියෙසන්තො විඤ්ඤාණමෙව අද්දස. තතො “එත්තකො පඤ්චවොකාරභවවසෙන සම්මසනචාරො”ති විපස්සනං පටිනිවත්තෙසි, පරතො තුච්ඡකූපස්ස අභින්නට්ඨානං විය අවිජ්ජාසඞ්ඛාරද්වයං අත්ථි, තදෙතං හෙට්ඨා විපස්සනාය ගහිතත්තා පාටියෙක්කං සම්මසනූපගං න හොතීති න අග්ගහෙසි.
අවිද්‍යා සංස්කාරාදිය නොදක්නා කල්හි බුදුවීමට නොහැකිද? සත්‍ය වශයෙන්ම නොහැක. දැන් ඒ භව, උපාදාන, තණ්හා වශයෙන් එම තුන දක්නා ලද්දේමය. ගොයෙකු පසුපස එළවාගෙන යන පුරුෂයා ඌ ළිඳට පිවිසෙනු දැක, ඊට බැස ඌ ගියතැන දක්වා සාරා ගොයා අල්ලාගෙන යයි. ඉතිරි කොටස නොසාරයි. කුමක් නිසාද? එහි කිසිවක් නොමැති බැවිනි. මෙසේ මහා පුරිස බෝධිසත්වයෝ ද ගොයා ලුහුබැඳ ගිය පුරුෂයා මෙන් බෝමැඩ හුන් සේක් ජරාමරණ දෙකෙහි සිට “මෙයින් මේ ප්‍රත්‍ය ඇතිවේ”, “මෙයින් මේ ප්‍රත්‍යය ඇතිවේ” යැයි පරීක්ෂාකර බලා නාමරූප ධර්ම ප්‍රත්‍ය දුටු පසු; ඊටද හේතුව සොයා බලනුයේ විඤ්ඤාණය දුටුසේක. ඉක්බිති මෙපමණකින් පඤ්චවෝකාර භව වශයෙන් විමසා බලන වාරය හෙයින් විදර්ශනා කිරීම නතරකළ සේක. ගොයා ගත් පසු හිස්වූ ළිඳ නැවත නොබිඳී මැවීමෙන් අවිද්‍යා සංස්කාර දෙක තිබියදීත්, ඒ දෙකට මත්තෙන් පැවති විඥාණයම විදර්ශනාවෙන් ගත් බැවින් එම දෙක මෙහිදී වෙන් වෙන් වශයෙන් නොදක්වන ලදැයි දත යුතුයි.
පච්චුදාවත්තතීති පටිනිවත්තති. කතමං පනෙත්ථ විඤ්ඤාණං පච්චුදාවත්තතීති? පටිසන්ධිවිඤ්ඤාණම්පි විපස්සනාවිඤ්ඤාණම්පි. තත්ථ පටිසන්ධිවිඤ්ඤාණං පච්චයතො පටිනිවත්තති, විපස්සනාවිඤ්ඤාණං ආරම්මණතො. උභයම්පි නාමරූපං නාතික්කමති, නාමරූපතො පරං න ගච්ඡති. එත්තාවතා ජායෙථ වාතිආදීසු විඤ්ඤාණෙ නාමරූපස්ස පච්චයෙ හොන්තෙ, නාමරූපෙ විඤ්ඤාණස්ස පච්චයෙ හොන්තෙ, ද්වීසුපි අඤ්ඤමඤ්ඤපච්චයෙසු හොන්තෙසු එත්තකෙන ජායෙථ වා උපපජ්ජෙථ වා. ඉතො හි පරං කිමඤ්ඤං ජායෙථ වා උපපජ්ජෙථ වා, නනු එතදෙව ජායති ච උපපජ්ජති චාති?
“පච්චුදා වත්තති” යනු නැවත හැරෙයි. මෙහි විඤ්ඤාණය ඇති තැනින් ආපසු හැරී යනුයේ කුමක් නිසාද? ප්රතිසන්ධි විඤ්ඤාණය ද විදර්ශනා ඤාණය ද නිසයි. එහි ප්රතිසන්ධි විඤ්ඤාණය ප්‍රත්‍ය වශයෙන්ද විදර්ශනා විඤ්ඤාණය අරමුණු වශයෙන් ද නැවත හැරෙයි. මේ දෙක ම නාමරූප අතික්‍රමණය නොකරයි. නාමරූපයගෙන් එහාට නොයයි. “එත්තාවතා ජායෙථ වා” යනාදියෙහි විඤ්ඤාණය නාමරූපයන්ට ප්‍රත්‍යවන කල්හිද නාමරූප විද්ඤාණයට ප්‍රත්‍යවන කල්හි ද මේ දෙකම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වන කල්හිද මෙපමණකින් හටගනිවු, උපදිවු යනුයි. මෙයින් මත්තෙහි හටගත යුත්තක් හෝ ඉපදිය යුත්තක් නැත.
එවං සද්ධිං අපරාපරචුතිපටිසන්ධීහි පඤ්ච පදානි දස්සෙත්වා පුන තං එත්තාවතාති වුත්තමත්ථං නිය්යාතෙන්තො යදිදං නාමරූපපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපන්ති වත්වා තතො පරං අනුලොමපච්චයාකාරවසෙන විඤ්ඤාණපච්චයා නාමරූපමූලකං ආයතිජරාමරණං දස්සෙතුං නාමරූපපච්චයා සළායතනන්තිආදිමාහ.
මෙලෙස භවයෙන් භවයට යන චුති ප්රතිසන්ධිය සමග පදපහ දක්වා නැවත එය මෙපමණක්මයැයි මුලින් කී අර්ථය ම පවසනුයේ “යදිදං නාමරූප පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං”යි දේශනා කර, අනතුරුව අනුලෝම ප්‍රත්‍යකාර වශයෙන් විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් ඇතිවන නාමරූප මූලික වූ අනාගත ජරාමරණයන් දැක්වීමට, “නාමරූප පච්චයා සළායතනං” යනාදිය දේශනා කළ සේක.
අඤ්ජසන්ති මග්ගස්සෙව වෙවචනං. උද්ධාපවන්තන්ති ආපතො උග්ගතත්තා උද්ධාපන්ති ලද්ධවොහාරෙන පාකාරවත්ථුනා සමන්නාගතං. රමණීයන්ති සමන්තා චතුන්නං ද්වාරානං අබ්භන්තරෙ ච නානාභණ්ඩානං සම්පත්තියා රමණීයං. මාපෙහීති මහාජනං පෙසෙත්වා වාසං කාරෙහි. මාපෙය්යාති වාසං කාරෙය්ය. කාරෙන්තො ච පඨමං අට්ඨාරස මනුස්සකොටියො පෙසෙත්වා “සම්පුණ්ණ”න්ති පුච්ඡිත්වා “න තාව සම්පුණ්ණ”න්ති වුත්තෙ අපරානි පඤ්චකුලානි පෙසෙය්ය. පුන පුච්ඡිත්වා “න තාව සම්පුණ්ණ”න්ති වුත්තෙ අපරානි පඤ්චපඤ්ඤාසකුලානි පෙසෙය්ය. පුන පුච්ඡිත්වා “න තාව සම්පුණ්ණ”න්ති වුත්තෙ අපරානි තිංස කුලානි පෙසෙය්ය. පුන පුච්ඡිත්වා “න තාව සම්පුණ්ණ”න්ති වුත්තෙ අපරං කුලසහස්සං පෙසෙය්ය. පුන පුච්ඡිත්වා “න තාව සම්පුණ්ණ”න්ති වුත්තෙ අපරානි එකාදසනහුතානි කුලානි පෙසෙය්ය. පුන පුච්ඡිත්වා “න තාව සම්පුණ්ණ”න්ති වුත්තෙ අපරානි චතුරාසීතිකුලසහස්සානි පෙසෙය්ය. පුන “සම්පුණ්ණ”න්ති පුච්ඡිතෙ, “මහාරාජ, කිං වදෙසි? මහන්තං නගරං අසම්බාධං, ඉමිනා නයෙන කුලානි පෙසෙත්වා න සක්කා පූරෙතුං, භෙරිං පන චරාපෙත්වා ‘අම්හාකං නගරං ඉමාය ච ඉමාය ච සම්පත්තියා සම්පන්නං, යෙ තත්ථ වසිතුකාමා, යථාසුඛං ගච්ඡන්තු, ඉමඤ්චිමඤ්ච පරිහාරං ලභිස්සන්තී’ති නගරස්ස චෙව වණ්ණං ලොකස්ස ච පරිහාරලාභං ඝොසාපෙථා”ති වදෙය්ය. සො එවං කරෙය්ය. තතො මනුස්සා නගරගුණඤ්චෙව පරිහාරලාභඤ්ච සුත්වා සබ්බදිසාහි සමොසරිත්වා නගරං පූරෙය්යුං. තං අපරෙන සමයෙන ඉද්ධඤ්චෙව අස්ස ඵීතඤ්ච. තං සන්ධාය තදස්ස නගරං අපරෙන සමයෙන ඉද්ධඤ්චෙව ඵීතඤ්චාතිආදි වුත්තං.
“අඤ්ජසං” යනු මාර්ගයට ම යෙදුණු තවත් නමකි. “උද්දාපං” ජලයෙන් උස්ව නැගුණු බැවින් “උද්දාපං” යනු වහර ලත් ප්‍රාකාර වස්තූන්ගෙන් සමන්විත “රමණීයං” යනු හාත්පස සිවු දොරටු අතරෙහි නානාවිධ භාණ්ඩ නම් සම්පතින් අලංකාර වූ “මාපෙහි” යනු මහජනයා යවා වාසය කරවන්නෙහිය. “මාපෙය්ය” වාසය කරවන්නේ ය. එයද පළමුව දහඅට කෙළක් ජනයා යවා “සම්පූර්ණ වූයේද?”යි අසා “තවම නැත”යි පැවසූ විට, තවත් කුල පහක් යවයි. නැවත විචාරා “අසම්පූර්ණ” බව දැන තව කුල තිහක් යවයි. නැවත විචාරා “අසම්පූර්ණ බව” දැන, තවත් කුල දහසක් ද, නැවත කුල එකොළොස් නහුතයක් ද නැවත කුල අසූ හතරක් ද යවයි. මෙසේ වාර කිහිපයක් ම යවා, “දැන් නුවර සම්පූර්ණද?”යි ඇසූ රජුට, “මහරජ! කුමක් කියයිද? ඉතා විශාල වූ නගරයේ කිසිදු බාධාවක් නැත. මෙලෙස කුලයන් යවා පිරවිය නොහැක. අඬබෙර හසුරුවා “අසුවල් නුවර මේ මේ සම්පත්වලින් පරිපූර්ණය. යමෙක් එහි විසීමට කැමතිනම් සැපසේ එහි යෙත්වා. ඔවුන්ට මේ මේ ආරක්ෂා විධි ලැබෙන්ය”යි නගර වර්ණනාවක්, ලැබෙන ලාභ ප්‍රයෝජනත් පවසන්නේ නම් මැනවි.”යි නගරාරක්ෂක පුරුෂයා කීවේය. රජු එසේ කළ කල්හි, මිනිස්සු නගරයේ ගුණත්, පරිහාර ලාභයනුත් අසා සැම දිසාවකින්ම රැස්ව නගරය පිරවූහ. ඉන්පසුව එනුවර ජනයාගෙන් සම්පූර්ණ වූයේ වෙයි. එනිසා “තදස්ස නගරං අපරෙන සමයෙන ඉද්ධං චෙව පීතං ච” යනාදිය පවසන ලදී.
තත්ථ ඉද්ධන්ති සමිද්ධං සුභික්ඛං. ඵීතන්ති සබ්බසම්පත්තීහි පුප්ඵිතං. බාහුජඤ්ඤන්ති බහූහි ඤාතබ්බං, බහුජනානං හිතං වා. “බහුජන”න්තිපි පාඨො. ආකිණ්ණමනුස්සන්ති මනුස්සෙහි ආකිණ්ණං නිරන්තරං ඵුට්ඨං. වුඩ්ඪිවෙපුල්ලප්පත්තන්ති වුඩ්ඪිප්පත්තඤ්චෙව වෙපුල්ලප්පත්තඤ්ච, සෙට්ඨභාවඤ්චෙව විපුලභාවඤ්ච පත්තං, දසසහස්සචක්කවාළෙ අග්ගනගරං ජාතන්ති අත්ථො.
එහි “ඉද්ධං” යනු සමෘද්ධිමත් වූයේ. ආහාරපාන සුලබ වූයේ යනුයි. “පීතං” යනු සියලු සැපතින් පිරුණු බවයි. “බාහුජඤ්ඤං” යනු බොහෝදෙනා විසින් දැනගත යුතු හෝ බොහෝ දෙනාට හිත පිණිස යනුයි. “බහුජනං” යන පාඨය ද සුදුසුය. “ආකිණ්ණ මනුස්සං” යනු මිනිසුන්ගෙන් ආකීර්ණ වූ නිරන්තරව පිරුණු යනුයි. “වුද්ධිං වෙපුල්ලප්පත්තං” යනු අභිවෘද්ධිය පැමිණි, විපුලත්වයට පැමිණි යනුයි. ශ්‍රේෂ්ඨ බවට ද බොහෝ දියුණු වූ දසදහසක් සක්වල අග නගරයක් විය.
එවමෙව ඛොති එත්ථ ඉදං ඔපම්මසංසන්දනං – අරඤ්ඤපවනෙ චරමානපුරිසො විය හි දීපඞ්කරපාදමූලතො පට්ඨාය පාරමියො පූරයමානො මහාපුරිසො දට්ඨබ්බො, තස්ස පුරිසස්ස පුබ්බකෙහි මනුස්සෙහි අනුයාතමග්ගදස්සනං විය මහාසත්තස්ස අනුපුබ්බෙන බොධිපල්ලඞ්කෙ නිසින්නස්ස පුබ්බභාගෙ අට්ඨඞ්ගිකස්ස විපස්සනාමග්ගස්ස දස්සනං, පුරිසස්ස තං එකපදිකමග්ගං අනුගච්ඡතො අපරභාගෙ මහාමග්ගදස්සනං විය මහාසත්තස්ස උපරිවිපස්සනාය චිණ්ණන්තෙ ලොකුත්තරමග්ගදස්සනං, පුරිසස්ස තෙනෙව මග්ගෙන ගච්ඡතො පුරතො නගරදස්සනං විය තථාගතස්ස නිබ්බානනගරදස්සනං, බහිනගරං පනෙත්ථ අඤ්ඤෙන දිට්ඨං, අඤ්ඤෙන මනුස්සවාසං කතං, නිබ්බානනගරං සත්ථා සයමෙව පස්සි, සයං වාසමකාසි. තස්ස පුරිසස්ස චතුන්නං ද්වාරානං දිට්ඨකාලො විය තථාගතස්ස චතුන්නං මග්ගානං දිට්ඨකාලො, තස්ස චතූහි ද්වාරෙහි නගරං පවිට්ඨකාලො විය තථාගතස්ස චතූහි මග්ගෙහි නිබ්බානං පවිට්ඨකාලො, තස්ස නගරබ්භන්තරෙ භණ්ඩවවත්ථානකාලො විය තථාගතස්ස පච්චවෙක්ඛණඤාණෙන පරොපණ්ණාසකුසලධම්මවවත්ථානකාලො. නගරස්ස අගාරකරණත්ථං කුලපරියෙසනකාලො විය සත්ථු ඵලසමාපත්තිතො වුට්ඨාය වෙනෙය්යසත්තෙ වොලොකනකාලො, තෙන පුරිසෙන යාචිතස්ස රඤ්ඤො එකං මහාකුටුම්බිකං දිට්ඨකාලො විය මහාබ්රහ්මුනා යාචිතස්ස භගවතො අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරං දිට්ඨකාලො, රඤ්ඤො මහාකුටුම්බිකං පක්කොසාපෙත්වා “නගරවාසං කරොහී”ති පහිතකාලො විය භගවතො එකස්මිං පච්ඡාභත්තෙ අට්ඨාරසයොජනමග්ගං ගන්ත්වා ආසාළ්හිපුණ්ණමදිවසෙ බාරාණසියං ඉසිපතනං පවිසිත්වා ථෙරං කායසක්ඛිං කත්වා ධම්මං දෙසිතකාලො, මහාකුටුම්බිකෙන අට්ඨාරස පුරිසකොටියො ගහෙත්වා නගරං අජ්ඣාවුට්ඨකාලො විය තථාගතෙන ධම්මචක්කෙ පවත්තිතෙ ථෙරස්ස අට්ඨාරසහි බ්රහ්මකොටීහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨිතකාලො, එවං නිබ්බානනගරං පඨමං ආවාසිතං, තතො සම්පුණ්ණං නගරන්ති පුච්ඡිත්වා න තාවාති වුත්තෙ පඤ්ච කුලානි ආදිං කත්වා යාව චතුරාසීතිකුලසහස්සපෙසනං විය තථාගතස්ස පඤ්චමදිවසතො පට්ඨාය අනත්තලක්ඛණසුත්තාදීනි දෙසෙත්වා පඤ්චවග්ගියෙ ආදිං කත්වා යසපමුඛා පඤ්චපණ්ණාස කුලපුත්තා, තිංස භද්දවග්ගියා, සහස්සපුරාණජටිලා, බිම්බිසාරපමුඛානි එකාදසපුරිසනහුතානි, තිරොකුට්ටානුමොදනෙ චතුරාසීතිසහස්සානීති එත්තකස්ස ජනස්ස අරියමග්ගං ඔතාරෙත්වා නිබ්බානනගරං පෙසිතකාලො, අථ තෙන නයෙන නගරෙ අපූරියමානෙ භෙරිං චරාපෙත්වා නගරස්ස වණ්ණඝොසනං කුලානං පරිහාරලාභඝොසනං විය ච මාසස්ස අට්ඨ දිවසෙ තත්ථ තත්ථ නිසීදිත්වා ධම්මකථිකානං නිබ්බානවණ්ණස්ස චෙව නිබ්බානප්පත්තානං ජාතිකන්තාරාදිනිත්ථරණානිසංසස්ස ච ඝොසනං, තතො සබ්බදිසාහි ආගන්ත්වා මනුස්සානං නගරසමොසරණං විය තත්ථ තත්ථ ධම්මකථං සුත්වා තතො තතො නික්ඛමිත්වා පබ්බජ්ජං ආදිං කත්වා අනුලොමපටිපදං පටිපන්නානං අපරිමාණානං කුලපුත්තානං නිබ්බානසමොසරණං දට්ඨබ්බං.
“එවමෙව ඛො” යනු මෙහි උපමා සන්සන්දනයයි. ආරණ්‍ය මහවනයේ හැසිරෙන පුරුෂයා මෙන් දීපංකර පාදමූලයේ සිට පාරමිතා පුරමින් පැමිණි, ශ්‍රේෂ්ඨ මහා පුරුෂයාණන් වහන්සේ සැළකිය යුතුයි. ඒ පුරුෂයාට පෙර සිටි මිනිසුන් ගිය මග දැක්වීම මෙන් අනුපිළිවෙලින් බෝමැඩ සිට මහා සත්වයන් වහන්සේ පූර්ව භාගයෙහි අෂ්ඨංගික විදර්ශනා මාර්ගය දැක්වීම දතයුතුයි. උන්වහන්සේ මතුයෙහි විදර්ශනාව පුරුදු කරන සේක්, ලෝකෝත්තර මාර්ගය දක්වාම, උපමාවේ නගරාරක්ෂක පුරුෂයා ඒ එකම අඩිපාරෙන් ගොස් පසුව නුවරට යන මහමාවත දැකීම මෙන් යැයි දතයුතුයි. පුරුෂයා එම මහමාවතින් ගොස්, ඉදිරියෙහි නගරය දැකීම මෙන් තථාගතයන් වහන්සේ නිර්වාණය නම් වූ නගරය දැකීම දතයුතුයි. මෙහි නගරයෙන් පිටත ප්‍රදේශය අන්‍යාගමිකයන් විසින් දක්නා ලදී. වෙනත් මිනිසුන් වාසය කරන ලදී. නිවන්පුරය තථාගතයන් විසින්ම දක්නා ලදී. උන්වහන්සේ විසින්ම වාසය කරන ලදහ. ඒ පුරුෂයා නුවර සිවු දොරටු දුටුවාක් මෙන් තථාගතයන් වහන්සේ සතර මාර්ගයන් දුටු සේක. ඒ පුරුෂයා සිවු දොරටුවෙන් නුවරට ඇතුලුවීම මෙන් තථාගතයන් වහන්සේගේ සිවු මාර්ගයෙන් නිවණට පැමිණීම දතයුතුයි. ඒ නගර අභ්‍යන්තරයෙහි භාණ්ඩාදිය වෙන්වෙන්ව දකින්නාක් මෙන්, තථාගතයන් වහන්සේගේ ප්රත්යවේක්ෂණ ඥාණයෙන් පනසකට වැඩි වූ කුසලධර්ම බෙදා දකින ලද අවස්ථාව දතයුතුයි. නගරයේ ගෙවල් සාදා ගැනීමට සුදුසු කුල සෙවූ අවස්ථාව මෙන් තථාගතයෝ ඵල සමවතින් නැගිට හේතු සම්පත් ඇති සත්වයන් දෙස බැලීම දතයුතුයි. ඒ පුරුෂයාගේ ඇරයුම ලද තථාගතයන් වහන්සේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් දුටු සේක. රජු මහකෙළෙඹියා අමතා “නුවර වාසය කරව”යි යැවූ අවස්ථාව මෙන්, තථාගතයෝ එක් සවසක අටළොස් යොදුන් මග ගෙවා ගොස්, ඇසල පුන්පෝ දිනක බරණැස ඉසිපතනයට පිවිස, පස්වග තවුසන් කාය සාක්ෂි කරගෙන දහම් දෙසූහ. මහකෙළෙඹියා දහඅට කෙළක් ජනයා ගෙන නගරයේ වාසය කළාක් මෙන්, තථාගතයන් වහන්සේ දම්සක් පැවතුම් සුතුර දෙසූ කල්හි කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ දහඅට කෙළක් බඹුන් සමග සෝවාන් ඵලයෙහි පිහිටි සේක. මෙලෙස නිර්වාණ නගරය පළමුවෙන් ම ජනාවාස විය. ඉක්බිති නගරය පිරුණේද?”යි අසා “නොමැත”යි පැවසූවිට පස් කුලයන්ගේ සිට අසූහාර දාහක් කුලයන් යැවුවාක් මෙන් තථාගතයන් වහන්සේ පස්වන දිනයේ සිට අනන්ත ලක්ඛණ සූත්‍රාදිය දෙසමින් පස්වග තවුසන් ආදී කරගෙන; යස ප්රමුඛ කුල පුතුන් පනස්පස්දෙන, භද්දවග්ගිය කුමරුන් තිස්දෙන, පුරාණ ජටිලයෝ දහස, බිම්සර ප්රමුඛ එකොළොස් නහුතයක් පුරුෂයෝ, තිරෝකුඩ්ඪ සූත්‍ර දේශනාව ඇසූ හාරදහසක් ජනයා ද යන මෙපමණ වූ පිරිස ආර්ය මාර්ගයට ඔසවා තබා, උතුම් නිවන්පුරයට පැමිණවූහ. ඉක්බිති මෙලෙස නුවර නොපිරෙන කල්හි බෙර හසුරුවා-නගරයේ සුන්දරත්වය හා ඊට යන කුලයන්ට ලැබෙන ලාභාදියත් පැවසීම මෙන් මාසයේ දින අටක් ඒ ඒ තැන හිඳ ධර්මකථික මහතෙරවරු නිර්වාණය වර්ණනා කිරීමත්, නිවන් දකින ලද සත්ත්වයන්ට ලැබෙන ඉපදීම ආදී වූ දුක් කාන්තාරාදියෙන් මිදීම් ආදී ආනිසංස ඝෝෂා පැවැත්වීමත් දතයුතුයි. ඉක්බිති සෑම දිසාවකින්ම ජනයා අවුත් නගරය පිරීගියාක් මෙන් ඒ ඒ තැන පැවති ධර්මකථාවන් අසා, ඒ ඒ තැනින් නික්මී පැවිදිවීම් ආදී අනුලෝම ප්‍රතිපදාවට පිළිපන් අප්‍රමාණ කුලපුතුන්ගෙන් නිවන්පුරය පිරීයෑම දතයුතුයි.
පුරාණං මග්ගන්ති අරියං අට්ඨඞ්ගිකං මග්ගං. අයඤ්හි අරියමග්ගො පවාරණසුත්තෙ (සං· නි· 1.215) අවත්තමානකට්ඨෙන “අනුප්පන්නමග්ගො”ති වුත්තො, ඉමස්මිං සුත්තෙ අවළඤ්ජනට්ඨෙන “පුරාණමග්ගො”ති. බ්රහ්මචරියන්ති සික්ඛත්තයසඞ්ගහං සකලසාසනං. ඉද්ධන්ති ඣානස්සාදෙන සමිද්ධං සුභික්ඛං. ඵීතන්ති අභිඤ්ඤාභරණෙහි පුප්ඵිතං. විත්ථාරිකන්ති විත්ථිණ්ණං. බාහුජඤ්ඤන්ති බහුජනවිඤ්ඤෙය්යං. යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතන්ති යාව දසසහස්සචක්කවාළෙ දෙවමනුස්සෙහි පරිච්ඡෙදො අත්ථි, එතස්මිං අන්තරෙ සුප්පකාසිතං සුදෙසිතං තථාගතෙනාති.
“පුරාණං මග්ගං” යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙම ආර්ය මාර්ගය පවාරණ සූත්‍රයේ දී නොපවතින අර්ථයෙන් “නූපන් මාර්ගය”යැයි කියන ලදී. මේ සූත්‍රයේ පරිහරණය කිරීම් අර්ථයෙන් “පුරාණ මාර්ගය”යැයි කියන ලදී. “බ්රහ්මචරියං” යනු ශික්ෂාත්රයේ සංග්‍රහ කරන ලද සියලු ශාසනයයි. “ඉද්ධං” යනු ධ්‍යාන ලැබීම් ආශ්වාදයෙන් සමෘද්ධ වූ, ආහාරපාන සුලභ වූ යනුයි. “පීතං” යනු අභිඥා නම් අභරණවලින් පිරුණු යනුයි. “විත්ථාරිකං” යනු විස්තීර්ණ වූ යනුයි. “බාහුජඤ්ඤං” යනු බොහෝදෙනා විසින් දතයුතු දේය. “යාවදෙව මනුස්සෙහි සුප්පකාසිතං” යනු දස දහසක් සක්වල දක්වා දෙව් මිනිසුන් අතර වෙන් කිරීමක් වේද ඔවුන් අතරෙහි ද තථාගතයන් වහන්සේ විසින් මැනවින් දෙසන ලදී.
පඤ්චමං.
පස්වන සූත්‍රයයි.
6. සම්මසනසුත්තවණ්ණනා
6. සම්මසන සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ ආමන්තෙසීති කස්මා ආමන්තෙසි? යස්මාස්ස සුඛුමා තිලක්ඛණාහතා ධම්මදෙසනා උපට්ඨාසි. තස්මිං කිර ජනපදෙ මනුස්සා සහෙතුකා පඤ්ඤවන්තො. සිනිද්ධානි කිරෙත්ථ භොජනානි, තානිසෙවතො ජනස්ස පඤ්ඤා වඩ්ඪති, තෙ ගම්භීරං තිලක්ඛණාහතං ධම්මකථං පටිවිජ්ඣිතුං සමත්ථා හොන්ති. තෙනෙව භගවා දීඝමජ්ඣිමෙසු මහාසතිපට්ඨානානි (දී· නි· 2.372 ආදයො) මහානිදානං (දී· නි· 2.95 ආදයො), ආනෙඤ්ජසප්පායං (ම· නි· 3.66 ආදයො), සංයුත්තකෙ චූළනිදානාදිසුත්තන්ති එවමාදීනි අඤ්ඤානි ගම්භීරානි සුත්තානි තත්ථෙව කථෙසි.
“සයවැනි සූත්‍රයේ “ආමන්තෙසි” කවර හෙයින් ඇමතූ සේක්ද? මේ භික්ෂු පිරිසට සූක්ෂම වූ ත්රිලක්ෂණයෙන් යුක්ත ධර්මදේශනාව වැටහෙන බැවිනි. ඒ ජනපදයෙහි මිනිස්සු සහේතුක ප්‍රතිසන්ධියක් ලැබූ ප්‍රඥාවන්තයෝ වෙති. එහි ආහාර ඉතා සිනිඳුය. මොළොක් වේ. එම අහර වළඳන ජනයාගේ ප්‍රඥාව වර්ධනය වේ. ඔවුහු ගැඹුරු ත්රිලක්ෂණමය ධර්ම දේශනාව අවබෝධ කරගැනීමට සමත් වෙති. මෙනිසා බුදුපියාණන් වහන්සේ දිඝ, මජ්ඣිම නිකාය දෙකෙහි එන මහාසතිපට්ඨාන, චූල සතිපට්ඨාන, මහානිදාන, ආනෙඤ්ජ සප්පාය යන සූත්‍ර සහ සංයුක්ත නිකායේ චූල නිදාන සූත්‍රාදී ගැඹුරු වූ සූත්‍ර ධර්ම මෙම ජනපදයේදී ම දේශනා කළහ.
සම්මසථ නොති සම්මසථ නු. අන්තරං සම්මසන්ති අබ්භන්තරං පච්චයසම්මසනං. න සො භික්ඛු භගවතො චිත්තං ආරාධෙසීති පච්චයාකාරවසෙන බ්යාකාරාපෙතුකාමස්ස භගවතො තථා අබ්යාකරිත්වා ද්වත්තිංසාකාරවසෙන බ්යාකරොන්තො අජ්ඣාසයං ගහෙතුං නාසක්ඛි.
“සම්මසථ නො” යනු ස්පර්ශ කරන්නේ ද යනුයි. විමසා බලනේද? “අන්තරා සම්මසනං” යනු අභ්‍යන්තර ප්‍රත්‍ය පිළිබඳ විමසා බැලීමයි. “න සො භික්ඛු භගවතො චිත්තං ආරාධෙසි” යනු ප්‍රත්‍යකාර වශයෙන් විවරණය කරවීමට කැමති කොටය. බුදුරදුන්ගේ අදහස ගැනීමට ද්වත්තිංසාකාර වශයෙන් විවරණය කිරීම නිසා නොහැකි විය.
එතදවොචාති දෙසනා යථානුසන්ධිං න ගතා, දෙසනාය යථානුසන්ධිගමනත්ථං එතදවොච. තෙනහානන්ද, සුණාථාති ඉදං තෙපිටකෙ බුද්ධවචනෙ අසම්භින්නපදං. අඤ්ඤත්ථ හි එවං වුත්තං නාම නත්ථි. උපධිනිදානන්ති ඛන්ධුපධිනිදානං. ඛන්ධපඤ්චකඤ්හෙත්ථ උපධීති අධිප්පෙතං. උප්පජ්ජතීති ජායති. නිවිසතීති පුනප්පුනං පවත්තිවසෙන පතිට්ඨහති.
“එතදවොච” යනු දේශනාව මැනවින් ගැලපී නොගියේය. මනාව ගලපා ගැනීම සඳහා මෙලෙස වදාළහ. “තෙනහානන්ද! සුනාථ” යන මෙය ත්‍රිපිටක බුදුවදනෙහි නොබිඳුණු පදයකි. නිතර යෙදෙන්නෙකි. අන් සමයක මෙසේ කීමක් නැත. “උපධිනිදානං” යනු අදහස් කරන ලදී. “උප්පජ්ජති” යනු උපදියි. “නිවිසති” යනු නැවත නැවත පැවතීම් වශයෙන් පිහිටයි.
යං ඛො ලොකෙ පියරූපං සාතරූපන්ති යං ලොකස්මිං පියසභාවඤ්චෙව මධුරසභාවඤ්ච. චක්ඛුං ලොකෙතිආදීසු ලොකස්මිඤ්හි චක්ඛාදීසු මමත්තෙන අභිනිවිට්ඨා සත්තා සම්පත්තියං පතිට්ඨිතා අත්තනො චක්ඛුං ආදාසාදීසු නිමිත්තග්ගහණානුසාරෙන විප්පසන්නපඤ්චපසාදං සුවණ්ණවිමානෙ උග්ඝාටිතමණිසීහපඤ්ජරං විය මඤ්ඤන්ති, සොතං රජතපනාළිකං විය පාමඞ්ගසුත්තං විය ච මඤ්ඤන්ති, තුඞ්ගනාසාති ලද්ධවොහාරං ඝානං වට්ටෙත්වා ඨපිතහරිතාලවට්ටිං විය මඤ්ඤන්ති, ජිව්හං රත්තකම්බලපටලං විය මුදුසිනිද්ධමධුරරසදං මඤ්ඤන්ති, කායං සාලලට්ඨිං විය සුවණ්ණතොරණං විය ච මඤ්ඤන්ති, මනං අඤ්ඤෙසං මනෙන අසදිසං උළාරං මඤ්ඤන්ති.
“යං ලොකෙ පියරූපං සාතරූපං” යනු ලොව ඇති වූ යම් බඳු මිහිරි ස්වභාවයද ප්‍රිය ස්වභාවය ද යන දෙකයි. “චක්ඛුං ලොකෙ” යනු ලොව චක්ෂු ආදී ඉන්ද්රියයන්හි ප්‍රමාද වූ, ඒවායේ ඇලී සිටින සත්ත්වයෝ සම්පත්තියෙහි පිහිටා තම ඇස කැඩපත් ආදියේ නිමිති ගැනීම් අනුසාරයෙන් පැහැදුණු පංච ප්‍රසාදය, රන් විමනක ගලවා දැමූ මැණික් සිංහ මැදිරියක් මෙන් සිතති. කන රිදී පීල්ලක් මෙන් ද හවඩි නූලක් මෙන්ද සිතති. “උස් වූ නාසය” යැයි ලබන ලද ව්‍යවහාර ඇති නාසය, පෙරළා තැබූ රන් වටාපතක් මෙන් සිතති. දිව රතු කම්බිලි පටලයක් මෙන් මෘදු-සිනිඳු- මිහිරි ස්වරයකැයි සිතති. කය-ශරීරය තරුණ තල්ගසක් මෙන් රන් තොරණක් මෙන් ද සිතති. සිත; මනසින් අන්‍යයන්ගේ මනස හා අසමාන වූ මහත් දෙයකැයි සිතති.
නිච්චතො අද්දක්ඛුන්ති නිච්චන්ති අද්දසංසු. සෙසපදෙසුපි එසෙව නයො. න පරිමුච්චිංසු දුක්ඛස්මාති සකලස්මාපි වට්ටදුක්ඛා න පරිමුච්චිංසු. දක්ඛිස්සන්තීති පස්සිස්සන්ති. ආපානීයකංසොති සරකස්ස නාමං. යස්මා පනෙත්ථ ආපං පිවන්ති, තස්මා “ආපානීයො”ති වුච්චති. ආපානීයො ච සො කංසො චාති ආපානීයකංසො. සුරාමණ්ඩසරකස්සෙතං නාමං. “වණ්ණසම්පන්නො”තිආදිවචනතො පන කංසෙ ඨිතපානමෙව එවං වුත්තං. ඝම්මාභිතත්තොති ඝම්මෙන අභිතත්තො. ඝම්මපරෙතොති ඝම්මෙන ඵුට්ඨො, අනුගතොති අත්ථො. පිවතො හි ඛො තං ඡාදෙස්සතීති පිවන්තස්ස තං පානීයං වණ්ණාදිසම්පත්තියා රුච්චිස්සති, සකලසරීරං වා ඵරිත්වා තුට්ඨිං උප්පාදයමානං ඨස්සති. අප්පටිසඞ්ඛාති අපච්චවෙක්ඛිත්වා.
“නිච්චතො අද්දක්ඛු” යනු “නිත්‍ය”යැයි දුටුවහ යනුයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි. “න පරිමුච්චිංමු දුක්ඛස්මා” යනු සියලුම අයුරින් සසර පැවතීම් දුකින් නොමිදුනාහ යනුයි. “දක්ඛිනති” යනු දකිති. “ආපාණියකංසො” යනු දියබොන භාජනයට නමකි. යමකින් දියබොත් ද එය “ආපාණීය” නම් වේ. ආපාණ වූයේත් කංසවූයේත් එම “ආපාණියකංසො” නම් වේ. රා ඔඩමට මේ තවත් නමකි. “වණ්ණසම්පන්නො” යනාදී වචනවලින් ඒ ඔඩමෙහි පැවති පානයේ වටිනාකම කියැවේ. “ඝම්මාභිතත්තො” ග්‍රීෂ්මයෙන් අතිශයින් පෙළුණු. “ඝම්මපරතො” යනු ග්‍රීෂ්මයෙන් ස්පර්ශ කළ, අනුව ගිය යන අර්ථයි. “ජිවතො හි තං ඡදිස්සති” යනු ඒ පානය බොන්නා, එය බීමෙන් වර්ණාදී සම්පත් රුචිකරයි. මුළු සිරුරෙහිම පැතිරගිය සතුට උපදවමින් සිටියි. “අප්පටිසංඛා” යනු ප්රත්යවේක්ෂා නොකර යනුයි.
එවමෙව ඛොති එත්ථ ඉදං ඔපම්මසංසන්දනං – ආපානීයකංසො විය හි ලොකෙ පියරූපං සාතරූපං ආරම්මණං දට්ඨබ්බං, ඝම්මාභිතත්තපුරිසො විය වට්ටනිස්සිතො පුථුජ්ජනො, ආපානීයකංසෙන නිමන්තනපුරිසො විය ලොකෙ පියරූපෙන සාතරූපෙන ආරම්මණෙන නිමන්තකජනො, ආපානීයකංසෙ සම්පත්තිඤ්ච ආදීනවඤ්ච ආරොචෙන්තො ආපානකමනුස්සො විය ආචරියුපජ්ඣායාදිකො කල්යාණමිත්තො. යථෙව හි තස්ස පුරිසස්ස අපලොකිතමනුස්සො ආපානීයකංසෙ ගුණඤ්ච ආදීනවඤ්ච ආරොචෙති, එවමෙව ආචරියො වා උපජ්ඣායො වා භික්ඛුනො පඤ්චසු කාමගුණෙසු අස්සාදඤ්ච නිස්සරණඤ්ච කථෙති.
“එවමෙව ඛො” යනු මෙහි උපමා සන්සන්දනය කිරීමයි. ජල බඳුන මෙන් ලෝකයේ ප්‍රිය වූ සැපවත් වූ රූපාදී අරමුණු දතයුතුයි. ග්‍රීෂ්මයෙන් තැවුණු පිපාසිත පුද්ගලයා යනු සසර පැවැත්ම ඇති පුහුදුන් පුද්ගලයා වේ. දිය බඳුනෙන් ආරාධිත (සතුටුවන) පුරුෂයා මෙන් ලොව ප්‍රිය රූපමය අරමුණුවලින් ආරාධිත ජනයා දතයුතුයි. දිය බඳුනෙහි පවතින සම්පත්තීන් (ආනිසංස ද) ආදීනව ද පවසන දියසැල භාර පුරුෂයා මෙන් ආචාර්ය-උපාධ්‍යායන් ප්රමුඛ වූ කල්‍යාණ මිත්‍රයෝ දැකිය යුතුයි. පිපාසිත පුරුෂයාට දිය සැලෙහි සිටි මිනිසා දියබඳුන බීමේ ගුණාගුණ පවසන්නාක් මෙන් ආචාර්ය-උපාධ්යයවරු ශිෂ්‍ය භික්ෂූන්ට පංචකාමයේ ඇති ආශ්වාදයත් ආදීනවයත් පවසති.
තත්ථ යථා ආපානීයකංසම්හි ගුණෙ ච ආදීනවෙ ච ආරොචිතෙ සො පුරිසො පියවණ්ණාදිසම්පදායමෙව සඤ්ජාතවෙගො “සචෙ මරණං භවිස්සති, පච්ඡා ජානිස්සාමී”ති සහසා අප්පටිසඞ්ඛාය තං පිවිත්වා මරණං වා මරණමත්තං වා දුක්ඛං නිගච්ඡති, එවමෙව, භික්ඛු, “පඤ්චසු කාමගුණෙසු දස්සනාදිවසෙන උප්පන්නසොමනස්සමත්තමෙව අස්සාදො, ආදීනවො පන දිට්ඨධම්මිකසම්පරායිකො බහු නානප්පකාරො, අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහුපායාසා”ති එවං ආචරියුපජ්ඣායෙහි ආනිසංසඤ්ච ආදීනවඤ්ච කථෙත්වා – “සමණපටිපදං පටිපජ්ජ, ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භව භොජනෙ මත්තඤ්ඤූ ජාගරියං අනුයුත්තො”ති එවං ඔවදිතොපි අස්සාදබද්ධචිත්තතාය “සචෙ වුත්තප්පකාරො ආදීනවො භවිස්සති, පච්ඡා ජානිස්සාමී”ති ආචරියුපජ්ඣායෙ අපසාදෙත්වා උද්දෙසපරිපුච්ඡාදීනි චෙව වත්තපටිපත්තිඤ්ච පහාය ලොකාමිසකථං කථෙන්තො කාමෙ පරිභුඤ්ජිතුකාමතාය සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. තතො දුච්චරිතානි පූරෙන්තො සන්ධිච්ඡෙදනාදිකාලෙ “චොරො අය”න්ති ගහෙත්වා රඤ්ඤො දස්සිතො ඉධෙව හත්ථපාදාදිඡෙදනං පත්වා සම්පරායෙ චතූසු අපායෙසු මහාදුක්ඛං අනුභොති.
එලෙස දියබඳුනේ ගුණාගුණ පැවසූ විට, ඒ පුරුෂයා එම පානයේ ඇති “ගුණ” පමණක් සලකාගෙන (ප්‍රිය ආස්වාදයේ පමණක් ඇලී) හටගත් වේගවත් බව ඇතිව “ඉදින් මරණය ඇතිවේනම් පසුව එය දැනගන්නෙමි” යි ලෝභ සිතින් වහා සැක රහිතව එම පානය බී, මරණයට හෝ මරණ සමාන දුකට පැමිණේ. මෙලෙස ම තරුණ භික්ෂූහු ද පංචකාමයන්හි දර්ශන වශයෙන් උපත් සොම්නස නිසා ම ආශ්වාදයේ ඇලෙති. එහි ආදීනව ලෙස “මෙලෝ පරලෝ බොහෝ නානාප්‍රකාර වූ අප්‍රසාදය වූ කාමයෝ බොහෝ දුක්කරදර උපදවයි.” යනුවෙන් ආචාර්ය-උපාධ්‍යයන් විසින් දේශිත ආනිසංස ද ආදීනව ද අසති. “පැවිදි ප්‍රතිපදාවට එළඹ, ඉන්ද්රිය සංවරයෙහි නියුක්ත වන්න. ආහාරයේ පමණ දැනගත්තෙක් වන්න. නිදිවැරීමෙහි යෙදුනෙක් වන්න.” යනුවෙන් අවවාද දෙනු ලැබූවත් ආශ්වාදයේ සිත බැඳුණු තැනැත්තා, “ඉදින් මෙසේ ආදීනව වේනම් එය පසුව දැනගනෙමි”යි ආචාර්ය-උපාධ්‍යායන්ට අප්‍රසාද උපදවා පාමොක් උදෙසීම්-විමසීම් මෙන්ම වත්පිළිවෙත් ද අත්හැර ලෝකාමිෂ කථාවෙහිම නියැලී සිට කම්සැප විඳීමට ශික්ෂා ප්‍රතිකේෂ්ප කර ගිහිබවට පත්වෙයි. පසුව දුසිරිත් පුරවන ඔහු ගෙවල් බිත්ති සිඳ සොරකම් කල කල්හි “මේ සොරෙයි”යි රජුට අල්ලා දැක්වූ විට, මෙලොවදීම හිස්, අත්පා සිඳීම් වැනි දුකට පැමිණෙයි. පරලොව සතර අපායෙහි ද ඉපිද දුක්විඳියි.
පානීයෙන වා විනෙතුන්ති සීතෙන වාරිනා හරිතුං. දධිමණ්ඩකෙනාති දධිමණ්ඩනමත්තෙන. භට්ඨලොණිකායාති සලොණෙන සත්තුපානීයෙන. ලොණසොවීරකෙනාති සබ්බධඤ්ඤඵලකළීරාදීනි පක්ඛිපිත්වා ලොණසොවීරකං නාම කරොන්ති, තෙන.
“පාණියෙන වා විනෙතුං” යනු සීතලෙන් හෝ පානයෙන් ඉවත් වීමටය. “දධිමණ්ඩකෙන” යනු මිදුණු කිරිවල දියෙනි. “මත්ථ ලොණිකාය” යනු ලුණු සහිත අත්සුණු දියෙනි. “ලොණසොවීරකෙන” යනු සියලු ධාන්‍ය වර්ග, ගෙඩි, ගොබ ආදිය දමා “ලුණුකාඩි හොද්දක්” සාදයි එයින් යනුයි.
ඔපම්මසංසන්දනං පනෙත්ථ – ඝම්මාභිතත්තපුරිසො විය වට්ටසන්නිස්සිතකාලෙ යොගාවචරො දට්ඨබ්බො, තස්ස පුරිසස්ස පටිසඞ්ඛා ආපානීයකංසං පහාය පානීයාදීහි පිපාසස්ස විනොදනං විය භික්ඛුනො ආචරියුපජ්ඣායානං ඔවාදෙ ඨත්වා ඡද්වාරාදීනි පරිග්ගහෙත්වා අනුක්කමෙන විපස්සනං වඩ්ඪෙන්තස්ස අරහත්තඵලාධිගමො, පානීයාදීනි චත්තාරි පානානි විය හි චත්තාරො මග්ගා, තෙසු අඤ්ඤතරං පිවිත්වා සුරාපිපාසිතං විනොදෙත්වා සුඛිනො යෙන කාමං ගමනං විය ඛීණාසවස්ස චතුමග්ගපානං පිවිත්වා තණ්හං විනොදෙත්වා අගතපුබ්බං නිබ්බානදිසං ගමනකාලො වෙදිතබ්බො.
මෙහි උපමා සන්සන්දනය මෙසේය. ග්‍රීෂ්මයෙන් තැවුණු මිනිසා මෙන් සංසාරික වූ යෝගාවචරයා දතයුතුයි. ඒ මිනිසා නුවණින් සලකා බලා ඔඩමේ වූ දිය ඉවතලා, පැන් බීමෙන් පිපාසය සන්සිඳුවා ගන්නාක් මෙන්, භික්ෂුව ද ආචාර්ය-උපාධ්‍යාය අවවාදයේ පිහිටා සදොරින් විමසා බලමින් අනුක්රමයෙන් විදසුන් වඩා අර්හත් ඵලයට පැමිණේ. පානයට සුදුසු සතරක් වූ පානයන් මෙන් සිවුමග දතයුතුයි. ඉන් එක් පානයක් බී, රා බීමේ ආශාව දුරුකර සුවසේ කැමති තැනකට යෑම මෙන් රහතන් වහන්සේ “සිවුමග” නම් වූ පානය වළඳා තණ්හාව දුරුකළ සේක්, මෙතෙක් නොගිය විරූ නිවණ නමැති දිශාවට වැඩම කිරිම දතයුතුයි.
ඡට්ඨං.
සයවන සූත්‍රයයි.
7. නළකලාපසුත්තවණ්ණනා
7. නළකලාප සූත්‍ර වර්ණනාව
සත්තමෙ කින්නු ඛො, ආවුසොති කස්මා පුච්ඡති? “එවං පුට්ඨො කථං නු ඛො බ්යාකරෙය්යා”ති. ථෙරස්ස අජ්ඣාසයජානනත්ථං. අපිච අතීතෙ ද්වෙ අග්ගසාවකා ඉමං පඤ්හං විනිච්ඡයිංසූති අනාගතෙ භික්ඛූ ජානිස්සන්තීතිපි පුච්ඡති. ඉදානෙව ඛො මයන්ති ඉදං ථෙරො යස්ස නාමරූපස්ස විඤ්ඤාණං පච්චයොති වුත්තං, තදෙව නාමරූපං විඤ්ඤාණස්ස පච්චයොති වුත්තත්තා ආහ. නළකලාපියොති ඉධ පන අයකලාපාදිවසෙන උපමං අනාහරිත්වා විඤ්ඤාණනාමරූපානං අබලදුබ්බලභාවදස්සනත්ථං අයං උපමා ආභතා.
සත්වන සූත්‍රයේ “කින්නුඛො ආවුසො” යන්න කුමක් නිසා විචාළේ ද? මෙසේ විමසූ කල්හි “කෙසේනම් පිළිතුරු දෙනේදැයි” තෙරුන්ගේ අදහස දැනගැනීම පිණිසයි. එමෙන් ම “අතීතයේදී අග්‍රශ්‍රාවක දෙනම මේ ප්රශ්නය විනිශ්චය කරන ලදැ”යි අනාගත භික්ෂූහු දැනගනිති. එනිසා ද මේ ප්රශ්නය ඇසීය. “ඉදානෙව ඛො මයං” මේ තෙරුන් වහන්සේ යම් නාමරූපයකට විඤ්ඤාණය ප්‍රත්‍ය වේයැයි දැක්වූයේ ද ඒ නාමරූපය ම විඤ්ඤාණයට ද ප්‍රත්‍ය වේයැයි දැක්වූ බැවින් මෙසේ කියන ලදී. “නළකලාපියො” යන මෙහි අයකලාප (යකඩ මිටි) වශයෙන් උපමාවක් නොදක්වා, විඤ්ඤාණ නාමරූපයන්ගේ අබලදුබල බව දැක්වීමට මේ “බටමිටි” උපමාව දක්වන ලදී.
නිරොධො හොතීති එත්තකෙ ඨානෙ පච්චයුප්පන්නපඤ්චවොකාරභවවසෙන දෙසනා කථිතා. ඡත්තිංසාය වත්ථූහීති හෙට්ඨා විස්සජ්ජිතෙසු ද්වාදසසු පදෙසු එකෙකස්මිං තිණ්ණං තිණ්ණං වසෙන ඡත්තිංසාය කාරණෙහි. එත්ථ ච පඨමො ධම්මකථිකගුණො, දුතියා පටිපත්ති, තතියං පටිපත්තිඵලං. තත්ථ පඨමනයෙන දෙසනාසම්පත්ති කථිතා, දුතියෙන සෙක්ඛභූමි, තතියෙන අසෙක්ඛභූමීති.
“නිරොධො හොති” යන මෙපමණකින් වර්තමාන පංචවෝකාර භව වශයෙන් දේශනා කරන ලදී. “ඡත්තිංසාය වත්ථුහි” යට විස්තර කළ ප්‍රතීත්‍ය සමුත්පාදයේ පැමිණි අංග දොළොස;එකක් කොටස් තුනකට බෙදීමෙන් අංග තිස්හයක් වේ. එම කොටස් තුන නම්; පළමුවැන්න ධර්මකථික ගුණයයි. ප්‍රතිපත්තිය දෙවැන්නයි. තෙවැන්න එම ප්‍රතිපත්තියේ ඵලයයි. එහි පළමු ක්‍රමයෙන් දේශනා සම්පත්තිය ද දෙවන ක්‍රමයෙන් සේඛ භූමිය ද තෙවන ක්‍රමයෙන් අසේඛ භූමිය ද ප්රකාශිතය.
සත්තමං.
සත්වන සූත්‍රයයි.
8. කොසම්බිසුත්තවණ්ණනා
8. කොසම්බි සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අඤ්ඤත්රෙවාති එකච්චො හි පරස්ස සද්දහිත්වා යං එස භණති, තං භූතන්ති ගණ්හාති. අපරස්ස නිසීදිත්වා චින්තෙන්තස්ස යං කාරණං රුච්චති, සො “අත්ථි එත”න්ති රුචියා ගණ්හාති. එකො “චිරකාලතො පට්ඨාය එවං අනුස්සවො අත්ථි, භූතමෙත”න්ති අනුස්සවෙන ගණ්හාති. අඤ්ඤස්ස විතක්කයතො එකං කාරණං උපට්ඨාති, සො “අත්ථෙත”න්ති ආකාරපරිවිතක්කෙන ගණ්හාති. අපරස්ස චින්තයතො එකා දිට්ඨි උප්පජ්ජති, යායස්ස තං කාරණං නිජ්ඣායන්තස්ස ඛමති, සො “අත්ථෙත”න්ති දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා ගණ්හාති. ථෙරො පන පඤ්චපි එතානි කාරණානි පටික්ඛිපිත්වා පච්චක්ඛඤාණෙන පටිවිද්ධභාවං පුච්ඡන්තො අඤ්ඤත්රෙව, ආවුසො මුසිල, සද්ධායාතිආදිමාහ. තත්ථ අඤ්ඤත්රෙවාති සද්ධාදීනි කාරණානි ඨපෙත්වා, විනා එතෙහි කාරණෙහීති අත්ථො. භවනිරොධො නිබ්බානන්ති පඤ්චක්ඛන්ධනිරොධො නිබ්බානං.
අටවන සූත්‍රයේ “අඤ්ඤත්රෙව” යනු ඇතමෙක් අනිකකු විශ්වාස කර යනුයි. “මොහු යමක් කියයිද එයම සත්‍යයැ”යි පිළිගනියි. තව අයෙක් හිඳ කල්පනා කරනුයේ යම් කරුණක් රුචි වේ ද ඔහු “එය ඇත”යි රුචිය නිසා පිළිගනියි. තව අයෙක් “බොහෝ කලක සිට මෙකරුණ පරපුරින් පැවත ආවේය. එනිසා එය සත්‍යයකි”යි පරපුරින් පැමිණි නිසා පිළිගනියි. තව කෙනෙකු විතර්ක කරනුයේ එක කරුණක් වැටහේ. ඔහු එය “සත්‍ය වශයෙන් ම ඇත”යි ආකාර පරිවිතර්කයෙන් පිළිගනියි. තවත් අයෙකු එසේම කල්පනා කරනවිට එක් දෘෂ්ටියක් උපදියි. යම් කරුණක් නැවත නැවත විමසා බලා එය රුචි වේ. කැමති වේ. ඔහු එය “සත්‍ය වශයෙන් ඇත”යි දෘෂ්ටි වැටහීමට අනුවම පිළිගනියි. තෙරුන් වහන්සේ මේ අයුරින් ගන්නා පිළිගැනීම් ප්‍රතික්ෂේප කර, ප්රත්යක්ෂයෙන් ම අවබෝධ කරගත් බැවින් විමසනුයේ “අඤ්ඤත්රෙව ආවුසො! මූසිල සද්ධාය....” යනාදිය වදාළහ. එහි “අඤ්ඤත්ර” යනු ශ්‍රද්ධාවෙන් ඇදහීම් ආදිය දුරුකර, මෙකරුණුවලින් අත්හැර යනුයි. “භවනිරෝධො නිබ්බාණං” අරහත්ය.
තුණ්හී අහොසීති ථෙරො ඛීණාසවො, අහං පන ඛීණාසවොති වා න වාති වා අවත්වා තුණ්හීයෙව අහොසි.
නමුත් “මම රහතන් වහන්සේ නමක් වෙමි. නොවෙමි” යනුවෙන් නොපවසා නිශ්ශබ්දවම සිටි සේක.
ආයස්මා නාරදො ආයස්මන්තං පවිට්ඨං එතදවොචාති කස්මා අවොච? සො කිර චින්තෙසි – “භවනිරොධො නිබ්බානං නාමාති සෙඛෙහිපි ජානිතබ්බො පඤ්හො එස, අයං පන ථෙරො ඉමං ථෙරං අසෙඛභූමියා කාරෙති, ඉමං ඨානං ජානාපෙස්සාමී”ති එතං අවොච.
“ආයස්මා නාරදො ආයස්මන්තං සවිට්ඨං එතදවොච” යනු කවර හේතුවකින් පැවසූවක් ද? උන්වහන්සේ මෙසේ සිතූහ. “භව නිරෝධය නිවණ නම් වේ. මේ ප්රශ්නය සේඛයන් විසින් ද දැනගත යුත්තකි. මේ තෙරහු, මූසිල තෙරුන්ව අසේඛ භූමියෙහි තබයි. මෙකරුණ විමසා දැනගතිමි”යි සිතා මෙසේ ඇසූහ.
සම්මප්පඤ්ඤාය සුදිට්ඨන්ති සහ විපස්සනාය මග්ගපඤ්ඤාය සුට්ඨු දිට්ඨං. න චම්හි අරහන්ති අනාගාමිමග්ගෙ ඨිතත්තා අරහං න හොමීති දීපෙති. යං පනස්ස ඉදානි “භවනිරොධො නිබ්බාන”න්ති ඤාණං, තං එකූනවීසතියා පච්චවෙක්ඛණඤාණෙහි විමුත්තං පච්චවෙක්ඛණඤාණං. උදපානොති වීසතිංසහත්ථගම්භීරො පානීයකූපො. උදකවාරකොති උදකඋස්සිඤ්චනවාරකො. උදකන්ති හි ඛො ඤාණං අස්සාති තීරෙ ඨිතස්ස ඔලොකයතො එවං ඤාණං භවෙය්ය. න ච කායෙන ඵුසිත්වාති උදකං පන නීහරිත්වා කායෙන ඵුසිත්වා විහරිතුං න සක්කුණෙය්ය.
“සම්මප්පඤ්ඤාය සුදිට්ඨං” යනු විදර්ශනාවත් සමග මාර්ග ප්‍රඥාවෙන් වහා දක්වන ලදී. “න චම්හි අරහං” අනාගාමී මාර්ගයේ සිටි බැවින් “රහත් නොවෙමි”යි දක්වයි. යම් ඤාණයකින් “මේ භව නිරෝධයෙන් නිර්වාණය වේ”යැයි වැටහේද ඒ දහනවයක් වූ ප්රත්යවේක්ෂණ ඤාණයෙන් මිදුණු, ප්රත්යවේක්ෂණ ඤාණයයි. “උදපානෝ” යනු රියන් විස්සක්-තිහක් ගැඹුරු පැන් බොන ලිඳයි. “උදකවාරකො” යනු දිය ඉසින වාරයයි. “උදකන්ති හි ඛො ඤාණං අස්ස” යනු ඉවුරේ සිට බලන තැනැත්තාට මේ ඤාණය වේ යනුයි. “න ච කායෙන ඵස්සිත්වා” යනු දිය ඉවතට ගෙන සිරුරේ තවරා ගැනීමට නොහැකි වන්නේය යනුයි.
උදපානෙ උදකදස්සනං විය හි අනාගාමිනො නිබ්බානදස්සනං, ඝම්මාභිතත්තපුරිසො විය අනාගාමී, උදකවාරකො විය අරහත්තමග්ගො, යථා ඝම්මාභිතත්තපුරිසො උදපානෙ උදකං පස්සති. එවං අනාගාමී පච්චවෙක්ඛණඤාණෙන “උපරි අරහත්තඵලසමයො නාම අත්ථී”ති ජානාති. යථා පන සො පුරිසො උදකවාරකස්ස නත්ථිතාය උදකං නීහරිත්වා කායෙන ඵුසිතුං න ලභති, එවං අනාගාමී අරහත්තමග්ගස්ස නත්ථිතාය නිබ්බානං ආරම්මණං කත්වා අරහත්තඵලසමාපත්තිං අප්පෙත්වා නිසීදිතුං න ලභති.
ළිඳෙහි ජලය දැකීම මෙන්ම අනාගාමී පුද්ගලයා නිවණ දැකීම දතයුතුයි. ග්‍රීෂ්මයෙන් දැවුණු පුද්ගලයා මෙන් අනාගාමී පුද්ගලයා දතයුතුයි. අර්හත් මාර්ගය දියගන්නා බඳුන මෙනි. ග්‍රීෂ්මයෙන් පීඩිතයා ළිඳේ ජලය දැකීම මෙන් අනාගාමියා ප්රත්යවේක්ෂණ ඥාණයෙන් මතුයෙහි අරහත්ඵල අවබෝධය ඇතැයි දනියි. පීඩිතයාට බඳුනක් නොමැති බැවින් දියගෙන කය තෙමාගත නොහැකි වන්නාක් මෙන් අනාගාමී පුද්ගලයාට අර්හත් මාර්ගය නොමැති බැවින් නිවන අරමුණු කරගෙන, අරහත් ඵල සමවතට නොපැමිණ හිඳීමට නොලැබේ.
අට්ඨමං.
අටවන සූත්‍රයයි.
9. උපයන්තිසුත්තවණ්ණනා
9. උපයන්ති සූත්‍ර වර්ණනාව
නවමෙ උපයන්තොති උදකවඩ්ඪනසමයෙ උපරි ගච්ඡන්තො. මහානදියොති ගඞ්ගායමුනාදිකා මහාසරිතායො. උපයාපෙතීති උපරි යාපෙති, වඩ්ඪෙති පූරෙතීති අත්ථො. අවිජ්ජා උපයන්තීති අවිජ්ජා උපරි ගච්ඡන්තී සඞ්ඛාරානං පච්චයො භවිතුං සක්කුණන්තී. සඞ්ඛාරෙ උපයාපෙතීති සඞ්ඛාරෙ උපරි යාපෙති වඩ්ඪෙති. එවං සබ්බපදෙසු අත්ථො වෙදිතබ්බො. අපයන්තොති අපගච්ඡන්තො ඔසරන්තො. අවිජ්ජා අපයන්තීති අවිජ්ජා අපගච්ඡමානා ඔසරමානා උපරි සඞ්ඛාරානං පච්චයො භවිතුං න සක්කුණන්තීති අත්ථො. සඞ්ඛාරෙ අපයාපෙතීති සඞ්ඛාරෙ අපගච්ඡාපෙති. එස නයො සබ්බපදෙසු.
නවවන සූත්‍රයේ “උපයන්තො” යනු ජලය වැඩෙන සමයේ, දිය උඩුගං බලා ගලන කාලයයි. “මහානදියො” යනු ගංගා-යමුනාදී මහාගංගාවෝය. “උපයාපෙති” යනු මතුයෙහි පෝෂණය කරයි. වඩයි. පුරවයි යන අර්ථයයි. “අවිජ්ජා උපයන්ති” යනු අවිද්‍යාව මත්තෙහි ඇතිවනුයේ සංස්කාරාදී ප්‍රත්‍ය ඇතිවීමට හැකියාව ලබයි යනුයි. “සංඛාරෙ උපයා පෙති” යනු සංස්කාරයන් මතුයෙහි පෝෂණය වේ. වර්ධනය වේ. මෙසේ සෑම පදයකම අර්ථ දතයුතුයි. “අප්පයන්තො” පහල යනුයේ, බැස යනුයේ. “අවිජ්ජා අපයන්ති” යනු අවිද්‍යාව ඉවත යනුයේ. බැහැර වනුයේ. ඉන්පසු ඇතිවන සංස්කාරාදී ප්‍රත්‍ය ඇතිවීමට හැකියාවක් නැත. “සංඛාරෙ අපයාපෙති” යනු සංස්කාරයන් ඉවත්ව යයි. සෙසු පදයහිද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි.
නවමං.
නවවන සූත්‍රයයි.
10. සුසීමසුත්තවණ්ණනා
10. සුසීම සූත්‍ර වර්ණනාව
දසමෙ ගරුකතොති සබ්බෙහි දෙවමනුස්සෙහි පාසාණච්ඡත්තං විය චිත්තෙන ගරුකතො. මානිතොති මනෙන පියායිතො. පූජිතොති චතුපච්චයපූජාය පූජිතො. අපචිතොති නීචවුත්තිකරණෙන අපචිතො. සත්ථාරඤ්හි දිස්වා මනුස්සා හත්ථික්ඛන්ධාදීහි ඔතරන්ති මග්ගං දෙන්ති, අංසකූටතො සාටකං අපනෙන්ති, ආසනතො වුට්ඨහන්ති වන්දන්ති. එවං සො තෙහි අපචිතො නාම හොති.
දසවන සූත්‍රයේ “ගරුකතො” යනු සියලු දෙව්මිනිසුන් විසින් ගල්කුඩයක් (ඡත්රයක්) මෙන් සිතින් ගරුකරන ලද “මානිතො” යනු සිතින් ප්‍රියකරනුයේ. “අපචිතො” යනු පහත් පැවතුම් ගැනීම් ආදී වශයෙන් පුදන ලද. මිනිස්සු බුදුපියාණන් වහන්සේ දැක ඇතුන්ගේ පිටින් බසිති. මග ඉඩදෙති. උරයේ ඇති සළුව අතට ගනිති. අසුනින් නැගිටිති. වඳිති. මෙලෙස ඔවුහු ඒ හැසිරීම් වලින් ගරු (අපචායන) කරන ලද්දේ වේ.
සුසිමොති එවංනාමකො වෙදඞ්ගෙසු කුසලො පණ්ඩිතපරිබ්බාජකො. එහි ත්වන්ති තෙසං කිර එතදහොසි – “සමණො ගොතමො න ජාතිගොත්තාදීනි ආගම්ම ලාභග්ගප්පත්තො ජාතො, කවිසෙට්ඨො පනෙස උත්තමකවිතාය සාවකානං ගන්ථං බන්ධිත්වා දෙති, තං තෙ උග්ගණ්හිත්වා උපට්ඨාකානං උපනිසින්නකථම්පි අනුමොදනම්පි සරභඤ්ඤම්පීති එවමාදීනි කථෙන්ති, තෙ තෙසං පසන්නා ලාභං උපසංහරන්ති. සචෙ මයං යං සමණො ගොතමො ජානාති, තතො ථොකං ජානෙය්යාම, අත්තනො සමයං තත්ථ පක්ඛිපිත්වා මයම්පි උපට්ඨාකානං කථෙය්යාම, තතො එතෙහි ලාභිතරා භවෙය්යාම. කො නු ඛො සමණස්ස ගොතමස්ස සන්තිකෙ පබ්බජිත්වා ඛිප්පමෙව උග්ගණ්හිතුං සක්ඛිස්සතී”ති. තෙ එවං චින්තෙත්වා “සුසිමො පටිබලො”ති දිස්වා තං උපසඞ්කමිත්වා එවමාහංසු.
“සුසීමො” යනු එනමින් යුතු වේදාංගයන්හි දක්ෂ වූ පිරිවැජියා ය. “එතදවොචුං” යනු ඔවුන්ට මෙසේ සිත්විය. “ශ්‍රමණ භවත් ගෞතමයෝ ජාතිගෝත්‍රාදියෙන් පැමිණි ලාභයන්ගේ අග්‍රබවට පත්නොවූයේ මය. උන්වහන්සේ මහා පණ්ඩිත ශ්‍රේෂ්ඨයෙකි. උතුම් පණ්ඩිත්යයෙන් ශ්‍රාවකයන්ට ග්රන්ථ බැඳ දෙයි. ඔවුහු ඒවා ඉගෙන උපස්ථායක පිරිසට, සමීපයේ හුන්විට කරන කථාවේදීත් අනුව සතුටු වීමේදීත් හංඬනගා පැවසීමාදියෝත් එය පවසති. එවිට දායක පිරිස ප්‍රසන්න වී මහත් වූ ලාභ සත්කාර ලඟට ම ගෙනවුත් දෙති. ඉදින් අපි ශ්‍රමණ භවත් ගෞතමයන් දන්නා ප්‍රමාණයෙන් ඉතා අල්ප ප්‍රමාණයක් හෝ දැනගන්නෙමු නම් අපගේ අදහස් එහි යොදා අපගේ උපස්ථායකයන්ට පවසන්නෙමු. එවිට අපට ද ලාභාදිය ලැබෙත්ම ය. භික්ෂූන්ට ද වඩා ලාභ ලබන්නෙමු. ශ්‍රමණ භවත් ගෞතමයන් ලඟ පැවිදිව ඒ දහම ඉක්මණින් ඉගෙනීමට දක්ෂයා කවුද?” යනුවෙන් සිතා සුසීම පිරිවැජියා මෙයට ඉතා දක්ෂයෙකියි දැන ඔහු ලඟට පැමිණ මෙසේ කීහ.
යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමීති කස්මා උපසඞ්කමි? එවං කිරස්ස අහොසි, “කස්ස නු ඛො සන්තිකං ගන්ත්වා අහං ඉමං ධම්මං ඛිප්පං ලද්ධුං සක්ඛිස්සාමී”ති? තතො චින්තෙසි – “සමණො ගොතමො ගරු තෙජුස්සදො නියමමනුයුත්තො, න සක්කා අකාලෙ උපසඞ්කමිතුං, අඤ්ඤෙපි බහූ ඛත්තියාදයො සමණං ගොතමං උපසඞ්කමන්ති, තස්මිම්පි සමයෙ න සක්කා උපසඞ්කමිතුං. සාවකෙසුපිස්ස සාරිපුත්තො මහාපඤ්ඤො විපස්සනාලක්ඛණම්හි එතදග්ගෙ ඨපිතො, මහාමොග්ගල්ලානො සමාධිලක්ඛණස්මිං එතදග්ගෙ ඨපිතො, මහාකස්සපො ධුතඞ්ගධරෙසු අනුරුද්ධො දිබ්බචක්ඛුකෙසු, පුණ්ණො මන්තාණිපුත්තො ධම්මකථිකෙසු, උපාලිත්ථෙරො විනයධරෙසු එතදග්ගෙ ඨපිතො, අයං පන ආනන්දො බහුස්සුතො තිපිටකධරො, සත්ථාපිස්ස තත්ථ තත්ථ කථිතං ධම්මං ආහරිත්වා කථෙති, පඤ්චසු ඨානෙසු එතදග්ගෙ ඨපිතො, අට්ඨන්නං වරානං ලාභී, චතූහි අච්ඡරියබ්භුතධම්මෙහි සමන්නාගතො, තස්ස සමීපං ගතො ඛිප්පං ධම්මං ලද්ධුං සක්ඛිස්සාමී”ති. තස්මා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි.
“යෙනායස්මා ආනන්දො තෙනුපසංකමි” යන සුසීමට මෙසේ සිතුණි. “මා හට මේ ධර්මය ඉක්මණින් උගත හැකිවනුයේ කාගේ ලගට ගියහොත් ද?” මෙසේ විමසන ඔහුට “ශ්‍රමණ ගෞතමයෝ ගුරුවරයා වෙති. එතුමෝ තේජසින් බහුලය. නොවෙනස් ක්‍රියාවලියක (කාලසටහනක් අනුව) එතුමෝ ක්‍රියා කරති. නොකල්හි උන්වහන්සේ හමුවීමට නොහැක. වෙනත් බොහෝ ක්ෂත්රියාදීහු ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹෙති. එනිසා එම සමාගමයේදී සමීපයට යා නොහැක. ශ්‍රාවකයන් අතරින් සැරියුත් තෙරණුවෝ මහා ප්‍රඥාවන්තයෙකි. එතුමෝ විදර්ශනා ලක්ෂණ බෙදා දැක්වීම අග්‍රවෙති. සමාධි ලක්ෂණ බෙදා දැක්වීමෙහි අග්‍රස්ථානය මහමුගලන් තෙරණුවෝ ලබා ඇත. කාශ්‍යප තෙරණුවෝ ධුතාංගධාරීන්ගෙන් අග්‍ර වෙති. දිවැස් ඇත්තවුන් අතරින් අනුරුද්ධ තෙරණුවෝ අග්‍ර වෙති. පුණ්ණමන්තානි පුත්ත තෙරණුවෝ විසිතුරු ධර්ම කථා ඇත්තවුන් අතරින් අග්‍රවෙති. උපාලි තෙරණුවෝ විනයධාරීන් අතරින් අග තනතුරු ලබති. මේ ආනන්ද තෙරණුවන් වනාහී බහුශ්‍රැතය. ත්‍රිපිටකධාරීය. ශාස්තෘන් වහන්සේද ඒ ඒ තැන දෙසූ දහම් කරුණු එතුමන්ට නැවත දේශනා කරන සේක. උන්වහන්සේ අගතනතුරු පහක් ලැබූහ. අට වරයක් ලැබූහ. සතර ආශ්චර්ය අද්භූත ධර්මයන්ගෙන් යුක්තය. එනිසා ආනන්ද තෙරුන් ලඟට ගියහොත් වහා ධර්මය උගත හැකිවේ. එබැවින් උන්වහන්සේ වෙත එළඹෙමි”යි සිත්විය.
යෙන භගවා තෙනුපසඞ්කමීති කස්මා සයං අපබ්බාජෙත්වා උපසඞ්කමි? එවං කිරස්ස අහොසි – “අයං තිත්ථියසමයෙ පාටියෙක්කො ‘අහං සත්ථා’ති පටිජානන්තො චරති, පබ්බජිත්වා සාසනස්ස අලාභායපි පරිසක්කෙය්ය. න ඛො පනස්සාහං අජ්ඣාසයං ආජානාමි, සත්ථා ජානිස්සතී”ති. තස්මා තං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි.
“යෙන භගවා තෙනුපසංකමි” යනු කුමක් නිසා තමන් ම ඔහු පැවිදි නොකර, තථාගතයන් වෙත පැමිණවූ සේක්ද? ආනන්ද හිමියන්ට මෙසේ සිතුණි. “මොහු අන්‍ය තීර්ථක පැවිද්දෙකි. මා මොහු පැවිදි කළහොත් ශාස්තෘන් වහන්සේ මම යැයි සිතා කටයුතු කරයි. පැවිදිවී සසුනට අලාභ කිරීමට ද පිළිවන. එමෙන් ම මම මොහුගේ අභ්‍යන්තරය නොදනිමි. ශාස්තෘන් වහන්සේ එය දනිති. එනිසා ඔහුත් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙතම යන්නෙමි” යනුවෙන් සිතා බුදුරදුන් වෙත එළඹියහ.
තෙනහානන්ද, සුසිමං පබ්බාජෙථාති සත්ථා කිර චින්තෙසි – “අයං පරිබ්බාජකො තිත්ථියසමයෙ ‘අහං පාටියෙක්කො සත්ථා’ති පටිජානමානො චරති, ‘ඉධ මග්ගබ්රහ්මචරියං චරිතුං ඉච්ඡාමී’ති කිර වදති. කිං නු ඛො මයි පසන්නො, උදාහු මය්හං සාවකෙසු, උදාහු මය්හං වා මම සාවකානං වා ධම්මකථාය පසන්නො”ති? අථස්ස එකට්ඨානෙපි පසාදාභාවං ඤත්වා, “අයං මම සාසනෙ ධම්මං ථෙනෙස්සාමීති පබ්බජති. ඉතිස්ස ආගමනං අපරිසුද්ධං; නිප්ඵත්ති නු ඛො කීදිසා”ති? ඔලොකෙන්තො “කිඤ්චාපි ‘ධම්මං ථෙනෙස්සාමී’ති පබ්බජති, කතිපාහෙනෙව පන ඝටෙත්වා අරහත්තං ගණ්හිස්සතී”ති ඤත්වා “තෙනහානන්ද, සුසිමං පබ්බාජෙථා”ති ආහ.
“තෙනහානන්ද! සුසීමං පබ්බාජෙහි” යනු භාග්‍යවතුන් වහන්සේට මේ අදහස පහළ වූ සේක. “මේ පිරිවැජියා අන් සසුනකින් මෙහි පැමිණ පැවිදි වී “මම ශාස්තෘවරයාය”යි පිළිගෙන හැසිරේ. මේ සසුනේ ද මාර්ග බ්‍රහ්මචර්යාවෙහි හැසිරිමට කැමති යැයි කියයි. කිම මොහු මාහට ප්‍රසන්න වූයේක් ද? පැහැදුණු පුද්ගලයෙක් ද? නැතිනම් මගේ ශ්‍රාවකයන්ට පැහැදුණ පුද්ගලයෙක් ද? නැතිනම් මගේ හෝ ශ්‍රාවකයන්ගේ ධර්ම කථාවකට පැහැදුණු අයෙක් ද?” එවිට ඔහු එකම කාරණයකින් පැහැදි බව දැන “මොහු මගේ සසුනෙන් ධර්මය සොරා ගනිමි”යි පැවිදි වේ. මොහුගේ සසුනට පැමිණීමේ සිත අපිරිසිදුය. මොහුගේ හේතු සම්පත් කවරාකාරද?යි බලන සේක් - “ධර්මය සොරකම් කිරීමේ සිතින් පැවිදි වුවත්, කීපදිනක් උත්සාහ කර - රහත්ඵලය ලබාගත්තේය” යනුවෙනි. මෙනිසා “ආනන්දය! එසේනම් සුසීම පැවිදි කරන්න”යැයි වදාළ සේක.
අඤ්ඤා බ්යාකතා හොතීති තෙ කිර භික්ඛූ සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා තෙමාසං වස්සං වසන්තා තස්මිංයෙව අන්තොතෙමාසෙ ඝටෙන්තා වායමන්තා අරහත්තං පටිලභිංසු. තෙ “පටිලද්ධගුණං සත්ථු ආරොචෙස්සාමා”ති පවාරිතපවාරණා සෙනාසනං සංසාමෙත්වා සත්ථු සන්තිකං ආගන්ත්වා අත්තනො පටිලද්ධගුණං ආරොචෙසුං. තං සන්ධායෙතං වුත්තං. අඤ්ඤාති අරහත්තස්ස නාමං. බ්යාකතාති ආරොචිතා.
“අඤ්ඤා බ්යාකතා හොති” යනු ඒ භික්ෂූහු තථාගතයන් සමීපයෙන් කමටහන් ගෙන, තෙමසක් වස් වැස - ඒ තෙමස තුලදීම උත්සාහ කර, වෑයම් කර රහත්ඵලය ලබාගත්හ. ඔවුහු මහා පවාරණයෙන් වස් පවාරණය කොට, “අපගේ ගුණමහිමයන් ශාස්තෘන් වහන්සේට දන්වන්නෙමි”යි සෙනසුන් හකුළුවා තබා හෝ ඒවා අත්හැර තථාගතයන් වෙත පැමිණ, තමන් වහන්සේලා ලැබූ අධිගමයන් - ගුණ මහිමයන් දැන්වූහ. එනිසා මෙය කියන ලදී. “අඤ්ඤා” යනු රහත් බවයි. “ඛ්යාකතා” යනු දන්වන ලදී. පවසන ලදී.
අස්සොසීති සො කිර ඔහිතසොතො හුත්වා තෙසං තෙසං භික්ඛූනං ඨිතට්ඨානං ගච්ඡති තං තං කථං සුණිතුකාමො.
“අස්සොසි” යනු ඔහු අසනු කැමතිව යොමු කළ සවන් ඇතිවයි. ඒ ඒ භික්ෂූන් වැඩ වෙසෙන ස්ථානවලට යමින් උන්වහන්සේලා ලැබූ අධිගම පිළිබඳ විස්තර කථා ඇසීමට යයි.
යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමීති කස්මා උපසඞ්කමි? තං කිරස්ස පවත්තිං සුත්වා එතදහොසි – “අඤ්ඤා නාම ඉමස්මිං සාසනෙ පරමප්පමාණං සාරභූතා ආචරියමුට්ඨි මඤ්ඤෙ භවිස්සති, පුච්ඡිත්වා නං ජානිස්සාමී”ති. තස්මා උපසඞ්කමි.
“යෙන තෙ භික්ඛු තෙනුපසංකමි” යනු කුමක් නිසා එළඹියේ ද? උන්වහන්සේලා බුදුරදුන්ගේ සමීපයේ කළ කථාව ඇසූ ඔහුට “රහත් බව යනු මේ බුදුසසුනෙහි ඇති පරම සාර වූ ගුරු මුෂ්ටිය විය යුතුය. ඒ ගැන අසා දැනගතිමි” යන සිත ඇතිවිය. මෙනිසා උන්වහන්සේලා සමීපයට එළඹියේය.
අනෙකවිහිතන්ති අනෙකවිධං. ඉද්ධිවිධන්ති ඉද්ධිකොට්ඨාසං. ආවිභාවං තිරොභාවන්ති ආවිභාවං ගහෙත්වා තිරොභාවං, තිරොභාවං ගහෙත්වා ආවිභාවං කාතුං සක්කොථාති පුච්ඡති. තිරොකුට්ටන්ති පරකුට්ටං. ඉතරපදද්වයෙපි එසෙව නයො. උම්මුජ්ජනිමුජ්ජන්ති උම්මුජ්ජනඤ්ච නිමුජ්ජනඤ්ච. පල්ලඞ්කෙනාති පල්ලඞ්කබන්ධනෙන. කමථාති නිසීදිතුං වා ගන්තුං වා සක්කොථාති පුච්ඡති? පක්ඛී සකුණොති පක්ඛයුත්තො සකුණො. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පන ඉමස්ස ඉද්ධිවිධස්ස, ඉතො පරෙසං දිබ්බසොතාදීනඤ්ච වණ්ණනානයො විසුද්ධිමග්ගෙ වුත්තනයෙන වෙදිතබ්බොති.
“අනෙකවිහිතං” යනු නානාවිධ වූ යනුයි. “ඉද්ධිවිධං” යනු ඍද්ධි කොටස්ය. ඍද්ධිමය ප්රාතිහාර්ය පාන්නා වූ ආකාරයන්ය. “ආවිභාවං තිරොභාවං” යනු පෙනෙන ආකාරය දක්වා නොපෙනී යාමයි. නොපෙනී සිට පෙනෙමින් යාමයි. ආදිය සිදුකිරීමට හැකිද?”යි අසයි. “තිරොකුඩ්ඪං” යනු බිත්තිය හරහාය. “තිරෝපබ්බතං” යනාදියේත් පර්වත හරහා යැයි අර්ථදතයුතුයි. “උමුජ්ජ නිමුජ්ජං” යනු කිමිදීමත්-මතුවීමත්ය. “පල්ලංකෙනාති” යනුපලක්බැඳගෙනය. “කමථ” යනු “එසේ හිඳීමට හෝ යෑමට හැකිද?”යි ප්‍රශ්න කිරිමයි. “පක්ඛිසකුණො” යනු පියාපත් සහිත පක්ෂියාය. මේ දැක්වූයේ සංක්ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් දැනගනු කැමැත්තන් විසින් මේ ඍද්ධිවිධ හා සෙසු දිබ්බසෝතා දී ප්රාතිහාර්ය පිළිබඳව විශුද්ධි මාර්ගය බලා දතයුතුයි.
සන්තා විමොක්ඛාති අඞ්ගසන්තතාය චෙව ආරම්මණසන්තතාය ච සන්තා ආරුප්පවිමොක්ඛා. කායෙන ඵුසිත්වාති නාමකායෙන ඵුසිත්වා පටිලභිත්වා. පඤ්ඤාවිමුත්තා ඛො මයං, ආවුසොති, ආවුසො, මයං නිජ්ඣානකා සුක්ඛවිපස්සකා පඤ්ඤාමත්තෙනෙව විමුත්තාති දස්සෙති. ආජානෙය්යාසි වා ත්වං, ආවුසො සුසිම, න වා ත්වං ආජානෙය්යාසීති කස්මා එවමාහංසු? එවං කිර නෙසං අහොසි – “මයං ඉමස්ස අජ්ඣාසයං ගහෙත්වා කථෙතුං න සක්ඛිස්සාම, දසබලං පන පුච්ඡිත්වා නික්කඞ්ඛො භවිස්සතී”ති.
“සත්තා විමොක්ඛා” යනු අංග සන්තතිය මෙන්ම අරමුණු සන්තතිය ද ශාන්ත වූ අරූප විමොක්ෂයෝ ය. “කායෙන ඵස්සිත්වා” යනු නාමකයින් ස්පර්ශ කර, ලැබගෙන යනුයි. “පඤ්ඤා විමුත්තා ඛො මයං ආවුසො” යනු “ඇවැත්නි! අපි අවබෝධවීම් ඇති-ධ්‍යාන වැඩීම් නැති ශුෂ්ක විදර්ශකයෝ වෙමු යනුයි. ප්‍රඥාවෙන් පමණක්ම ලැබූ රහත් බව ඇත්තෙමු”යි දක්වයි. “අජානෙය්යාසි වා ත්වං ආවුසො සුසීම! න වා ත්වං අජානෙය්යාසි” කුමක් නිසා මෙසේ වදාළ සේක්ද? උන්වහන්සේලාට මෙබඳු සිතක් විය. “අපි මොහුගේ අදහස පිළිබඳව නොදන්නෙමු. දසබලයන් වහන්සේගෙන්ම විචාරා සැක දුරුකර ගන්නෙමු.” යනුවෙනි.
ධම්මට්ඨිතිඤාණන්ති විපස්සනාඤාණං, තං පඨමතරං උප්පජ්ජති. නිබ්බානෙ ඤාණන්ති විපස්සනාය චිණ්ණන්තෙ පවත්තමග්ගඤාණං, තං පච්ඡා උප්පජ්ජති. තස්මා භගවා එවමාහ.
“ධම්මට්ඨිති ඤාණං” යනු විදර්ශනා ඤාණයයි. එය පළමුවම උපදියි. “නිබ්බාණෙ ඤාණං” යනු විදර්ශනාවෙන් පුරුදු කරමින් පවතින මාර්ග ඤාණයයි. එය පසුව උපදියි. එනිසා භාග්‍යවතුන් වහන්සේ මෙලෙස වදාළ සේක.
ආජානෙය්යාසි වාතිආදි කස්මා වුත්තං? විනාපි සමාධිං එවං ඤාණුප්පත්තිදස්සනත්ථං. ඉදඤ්හි වුත්තං හොති – සුසිම, මග්ගො වා ඵලං වා න සමාධිනිස්සන්දො, න සමාධිආනිසංසො, න සමාධිස්ස නිප්ඵත්ති, විපස්සනාය පනෙසො නිස්සන්දො, විපස්සනාය ආනිසංසො, විපස්සනාය නිප්ඵත්ති, තස්මා ජානෙය්යාසි වා ත්වං, න වා ත්වං ජානෙය්යාසි, අථ ඛො ධම්මට්ඨිතිඤාණං පුබ්බෙ, පච්ඡා නිබ්බානෙ ඤාණන්ති.
“ආජානෙය්යාසි වා” යනාදිය කුමක් හෙයින් දෙසූ සේක්ද? සමාධියෙන් තොරව වුව ද මෙලෙස ප්‍රඥාවේ උපත ඇති බව දැක්වීමටයි. මෙය කියන ලදී. - “සුසීම! මාර්ගය හෝ ඵලය හෝ සමාධියේ විපාකයක් නොවේ. සමාධියෙන් ලැබෙන ආනිසංසයක් නොවේ. සමාධියේ නිෂ්පත්තියක් නොවේ. රහත් මාර්ගය හා ඵලය විදර්ශනාවේම විපාකයකි. විදර්ශනාවේම ආනිසංසයකි. විදර්ශනාවේම නිෂ්පත්තියකි. එනිසා නුඹ “ඉක්බිති, ධර්මස්ථිති ඤාණය මුලින් ඇතිවේ. පසුව නිර්වාණ ඤාණය ඇතිවේ” යන මෙය දන්නෙහි ද? නොදන්නෙහි ද?”
ඉදානිස්ස පටිවෙධභබ්බතං ඤත්වා තෙපරිවට්ටං ධම්මදෙසනං දෙසෙන්තො තං කිං මඤ්ඤසි, සුසිම? රූපං නිච්චං වා අනිච්චං වාතිආදිමාහ? තෙ පරිවට්ටදෙසනාවසානෙ පන ථෙරො අරහත්තං පත්තො.
දැන් ඔහුගේ සිත ප්‍රතිවේධයට සුදුසු බව දැන තිපරිවර්ත ධර්මදේශනාව දක්වන සේක්. “තං කිං මඤ්ඤසි සුසීම. රූපං නිච්චං වා අනිච්චං වා” යනාදිය දෙසූහ. තිපරිවර්ත ධර්මදේශනාව අවසන සුසීම තෙරුන් රහත් බවට පත්විය.
ඉදානිස්ස අනුයොගං ආරොපෙන්තො ජාතිපච්චයා ජරාමරණන්ති, සුසිම, පස්සසීතිආදිමාහ. අපි පන ත්වං, සුසිමාති ඉදං කස්මා ආරභි? නිජ්ඣානකානං සුක්ඛවිපස්සකභික්ඛූනං පාකටකරණත්ථං. අයඤ්හෙත්ථ අධිප්පායො – න කෙවලං ත්වමෙව නිජ්ඣානකො සුක්ඛවිපස්සකො, එතෙපි භික්ඛූ එවරූපායෙවාති. සෙසං සබ්බත්ථ පාකටමෙවාති.
දැන් ඔහුට පිළිවෙතක්-කළයුත්තක් පවරන සේක් - “ජාති පච්චයා ජරාමරණන්ති සුසීම! පස්සසි” යනාදිය දේශනා කළ සේක. “අපිනුත්වං සුසීම” යනුවෙන් මෙය කුමක් නිසා ඇරඹුවේ ද? ධ්‍යාන වැඩීම් ආදියක් නොමැති ශුෂ්ක විදර්ශක භික්ෂූන්ගේ හැකියාවන් පිළිබඳව ප්‍රකට කිරීම පිණිසයි. මෙහි අදහස මෙසේය. “හුදෙක් නුඹ පමණක් ම ධ්‍යාන වැඩීම් නැති ශුෂ්ක විදර්ශකයෙක් නොවේ. මෙම භික්ෂූහු ද එබඳු පුද්ගලයෝය”යි දැක්වීම සඳහායි. සෙසු පදයන්ගේ අර්ථ විභාග ප්රකටය.
දසමං.
දසවන සූත්‍රයයි.
මහාවග්ගො සත්තමො.
සත්වැනි මහා වර්ගය නිමාවට පත්විය.