සම්මසනසුත්තං
1. 7. 6.
1. 7. 6.
සම්මසනසුත්තං
සම්මසන සූත්‍රය
66. එවං මෙ සුතං: එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසදම්මං නාම කුරූනං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
66. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරු දනව්වෙහි කල්මාසදම්‍ය නම් කුරුන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු “පින්වත් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
සම්මසථ නො තුම්හෙ භික්ඛවෙ අන්තරා සම්මසනන්ති? එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: අහං ඛො භන්තෙ, සම්මසාමි අන්තරං සම්මසන්ති. යථා කථං පන ත්වං භික්ඛු සම්මසසි අන්තරා සම්මසන්ති? අථ ඛො සො භික්ඛු ව්යාකාසි. යථා සො භික්ඛු ව්යාකාසි, න සො භික්ඛු භගවතො චිත්තං ආරාධෙසි.
මහණෙනි, තෙපි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනය කරන්නහු දැ යි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මම අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනය කෙරෙමි”යි මෙය සැළ කළේ ය. මහණ, තෙපි ඒ කෙසේ නම් අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනය කරවු දැ යි. එකල්හි ඒ මහණ තෙමේ ප්‍රකාශ කෙළේ ය. යම් සේ ඒ මහණ පැවසී ද, ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිත සතුටු නො කෙළේ ය.
එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා අන්තරා සම්මසනං භාසෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. තෙනහානන්ද සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “භාග්‍යවතුන් වහන්සේ යම් අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනයක් වදාරණ සේක් නම්: භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය යි. සුගතයන් වහන්ස, මේ ඊට කාලය යි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහ”යි. ආනන්ද, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මසමානො සම්මසති අන්තරා සම්මසනං. යං ඛො ඉදං අනෙකවිධං නානප්පකාරකං දුක්ඛං ලොකෙ උප්පජ්ජති ජරාමරණං. ඉදං නු ඛො දුක්ඛං කින්නිදානං කිංසමුදයං කිඤ්ජාතිකං කිම්පභවං, කිස්මිං සති ජරාමරණං හොති, කිස්මිං අසති ජරාමරණං න හොතීති. සො සම්මසමානො එවං පජානාති: යං ඛො ඉදං අනෙකවිධං නානප්පකාරකං දුක්ඛං ලොකෙ උප්පජ්ජති ජරාමරණං. ඉදං ඛො දුක්ඛං උපධිනිදානං උපධිසමුදයං උපධිජාතිකං උපධිපභවං, උපධිස්මිං සති ජරාමරණං හොති, උපධිස්මිං අසති ජරාමරණං න හොතීති. සො ජරාමරණඤ්ච පජානාති, ජරාමරණසමුදයඤ්ච පජානාති, ජරාමරණනිරොධඤ්ච පජානාති. යා ච ජරාමරණනිරොධසාරුප්පගාමිනී පටිපදා, තඤ්ච පජානාති. තථා පටිපන්නො ච හොති අනුධම්මචාරී. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නො ජරාමරණනිරොධාය.
මහණෙනි, මෙහි මහණ තෙමේ සම්මර්ශනය කරන්නේ නන් වැදෑරුම් වූ නන් අයුරු වූ යම් ජරාමරණ දුකෙක් ලොව උපදී ද, මේ දුක කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් හටගැණීම කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ යි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්ශනය කරන්නේ නන් වැදෑරුම් වූ නන් අයුරු වූ යම් ජරාමරණ දුකෙක් ලොව උපදී ද, මේ දුක උපධි නිදාන කොට ඇත්තේ ය. උපධි සමුදය කොට ඇත්තේ ය. උපධි ජාති කොට ඇත්තේ ය. උපධි ප්‍රභව කොට ඇත්තේ ය. උපධි ඇති කල්හි ජරාමරණ වෙයි. උපධි නැති කල්හි ජරාමරණ නො වේ ය යි, මෙසේ දැන ගනී. හෙතෙමේ ජරාමරණත් දැන ගනී. ජරාමරණ සමුදයත් දැන ගනී. ජරාමරණ නිරෝධයත් දැන ගනී. ජරාමරණ නිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගනී. එසේ පිළිපන්නේ දහම අනුව හැසිරෙන සුලු වූයේ ද වේ. මහණෙනි, මේ මහණ තෙමේ සර්වප්රකාරයෙන් මැනැවින් දුක් ගෙවීම පිණිස ජරාමරණ නිරෝධය පිණිස පිළිපන්නේ ය යි කියනු ලැබේ.
අථාපරං සම්මසමානො සම්මසති අන්තරා සම්මසනං. උපධි පනායං කින්නිදානො කිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවො, කිස්මිං සති උපධි හොති, කිස්මිං අසති උපධි න හොතීති. සො සම්මසමානො එවං පජානාති උපධි තණ්හානිදානො තණ්හාසමුදයො තණ්හාජාතිකො තණ්හාපභවො, තණ්හාය සති උපධි හොති, තණ්හාය අසති උපධි න හොතීති. සො උපධිඤ්ච පජානාති, උපධිසමුදයඤ්ච පජානාති, උපධිනිරොධඤ්ච පජානාති, යා ච උපධිනිරොධසාරුප්පගාමිනී පටිපදා, තඤ්ච පජානාති. තථා පටිපන්නො ච හොති අනුධම්මචාරී. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නො උපධිනිරොධාය.
යලි මතු ද සම්මර්ශනය කරන්නේ මේ උපධිය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදයය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි උපධි වේ ද කුමක් නැති කල්හි උපධි නො වේ දැ යි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්ශනය කරන්නේ ‘උපධිය තෘෂ්ණාව නිදාන කොට ඇත්තේ ය. තෘෂ්ණාව සමුදය කොට ඇත්තේ ය. තෘෂ්ණාව ජාති කොට ඇත්තේ ය. තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේ ය. තෘෂ්ණාව ඇති කල්හි උපධි වෙයි. තෘෂ්ණාව නැති කල්හි උපධි නො වේ’ යයි මෙසේ දැන ගනී. හෙතෙමේ උපධියත් දැන ගනී. උපධි සමුදයත් දැන ගනී. උපධි නිරෝධයත් දැන ගනී. උපධි නිරෝධයට සරුප් ව යනසුලු යම් පිළිවෙතක් වේ නම් එයත් දැන ගනී. එසේ පිළිපන්නේ දහම් අනුව හැසිරෙන්නේ ද වේ. මහණෙනි, මේ මහණ තෙමේ සර්වප්රකාරයෙන් මැනැවින් දුක් ගෙවීම පිණිස උපධි නිරෝධය පිණිස පිළිපන්නේ ය යි කියනු ලැබේ.
අථාපරං සම්මසමානො සම්මසති අන්තරා සම්මසනං, තණ්හා පනායං කත්ථ උප්පජ්ජමානා උප්පජ්ජති, කත්ථ නිවිසමානා නිවිසතීති. සො සම්මසමානො එවං පජානාති: යං ඛො කිඤ්චි ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. කිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං? චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
යලි මතු ද සම්මර්ශනය කරන්නේ මේ තෘෂ්ණාව කොහි උපදනේ උපදී ද, කොහි පවත්නේ පවතී දැ යි, අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්ශනය කරන්නේ ‘ලොව පියසැහැවි ඇති මිහිරිසැහැවි ඇති යම් කිසිවෙක් වේ ද, මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පුනපුනා පැවතුම් විසින් පිහිටනුයේ පිහිටයි. ලොව කිමෙක් පියසැහැවි ඇත්තේ ද, මිහිරිසැහැවි ඇත්තේ ද? ලොව ඇස පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි. මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පිහිටනුයේ පිහිටයි.
සොතං ලොකෙ පියරූපං සාතරූපං -පෙ- ඝානං ලොකෙ පියරූපං සාතරූපං -පෙ- ජිව්හා ලොකෙ පියරූපං සාතරූපං -පෙ- කායො ලොකෙ පියරූපං සාතරූපං -පෙ- මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
ලෙව්හි කණ පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි … ලොව නැහැය පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි ... ලොව දිව පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි ... ලොව කය පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි ... ලොව සිත පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි. මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පිහිටනුයේ පිහිටයි.
යෙ හි කෙ චි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං නිච්චතො අද්දක්ඛුං, සුඛතො අද්දක්ඛුං, අත්තතො අද්දක්ඛුං, ආරොග්යතො අද්දක්ඛුං, ඛෙමතො අද්දක්ඛුං, තෙ තණ්හං වඩ්ඪෙසුං. යෙ තණ්හං වඩ්ඪෙසුං, තෙ උපධිං වඩ්ඪෙසුං. යෙ උපධිං වඩ්ඪෙසුං, තෙ දුක්ඛං වඩ්ඪෙසුං. යෙ දුක්ඛං වඩ්ඪෙසුං, තෙ න පරිමුච්චිංසු ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, න පරිමුච්චිංසු දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දැක්කාහු ද, සුඛවශයෙන් දැක්කාහු ද, ආත්ම වශයෙන් දැක්කාහු ද, නීරෝගභාව වශයෙන් දැක්කාහු ද, නිර්භය වශයෙන් දැක්කාහු ද, ඔහු තණ්හාව වැඩූහ. යම් කෙනෙක් තෘෂ්ණාව වැඩූහු ද ඔහු උපධි (=පඤ්චස්කන්ධය) වැඩූහ. යම් කෙනෙක් උපධි වැඩූහු ද, ඔහු දුක වැඩූහ. යම් කෙනෙක් දුක වැඩූහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදුනහ. (සියලු) දුකෙන් නො මිදුනහ යි කියමි.
යෙපි හි කෙ චි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං නිච්චතො දක්ඛින්ති, සුඛතො දක්ඛින්ති. අත්තතො දක්ඛින්ති, ආරොග්යතො දක්ඛින්ති, ඛෙමතො දක්ඛින්ති. තෙ තණ්හං වඩ්ඪෙස්සන්ති. යෙ තණ්හං වඩ්ඪෙස්සන්ති, තෙ දුක්ඛං වඩ්ඪෙස්සන්ති. යෙ දුක්ඛං වඩ්ඪෙස්සන්ති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චිස්සන්ති දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, අනාගත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දක්නාහු ද, සුඛවශයෙන් දක්නාහු ද, ආත්ම වශයෙන් දක්නාහු ද, ආරෝග්‍ය වශයෙන් දක්නාහු ද, නිර්භය වශයෙන් දක්නාහු ද, ඔහු තෘෂ්ණාව වඩන්නාහු ය. යම් කෙනෙක් තෘෂ්ණාව වඩන්නාහු ද, ඔහු උපධි වඩන්නාහු ය. යම් කෙනෙක් උපධි වඩන්නාහු ද, ඔහු දුක වඩන්නාහු ය. යම් කෙනෙක් දුක වඩන්නාහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙන්නාහු ය. සියලු දුකෙන් නො මිදෙන්නාහු ය යි කියමි.
යෙපි හි කෙචි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං නිච්චතො පස්සන්ති සුඛතො පස්සන්ති, අත්තතො පස්සන්ති, ආරොග්යතො පස්සන්ති, ඛෙමතො පස්සන්ති. තෙ තණ්හං වඩ්ඪෙන්ති, යෙ තණ්හං වඩ්ඪෙන්ති, තෙ උපධිං වඩ්ඪෙන්ති. යෙ උපධිං වඩ්ඪෙන්ති, තෙ දුක්ඛං වඩ්ඪෙන්ති. යෙ දුක්ඛං වඩ්ඪෙන්ති, තෙ න පරිමුච්චන්ති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, දැනුදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දකිත් ද, සුඛ වශයෙන් දකිත් ද, ආත්ම වශයෙන් දකිත් ද, ආරෝග්‍ය වශයෙන් දකිත් ද, ක්ෂේම වශයෙන් දකිත් ද, ඔහු තෘෂ්ණාව වඩත්. යම් කෙනෙක් තෘෂ්ණාව වඩද්ද, ඔහු උපධි වඩත්. යම් කෙනෙක් උපධි වඩද්ද, ඔහු දුක වඩත්. යම් කෙනෙක් දුක වඩද්ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකෙන් නො මිදෙති යි කියමි.
සෙය්යථාපි භික්ඛවෙ, ආපානීයකංසො වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො. සො ච ඛො විසෙන සංසට්ඨො. අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො. තමෙනං එවං වදෙය්යුං: “අයං තෙ අම්භො පුරිස, ආපානීයකංසො වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො, සො ච ඛො විසෙන සංසට්ඨො. සචෙ ආකඞ්ඛසි පිව. පිවතො හි ඛො තං ඡාදිස්සති වණ්ණෙනපි ගන්ධෙනපි රසෙනපි. පීත්වා ච පන තතොනිදානං මරණං වා නිගච්ඡසි මරණමත්තං වා දුක්ඛ”න්ති. සො තං පානීයකංසං සහසා අප්පටිසඞ්ඛා පිවෙය්ය, න පටිනිස්සජ්ජෙය්ය. සො තතොනිදානං මරණං වා නිගච්ඡෙය්ය, මරණමත්තං වා දුක්ඛං.
මහණෙනි, යම් සේ පැහැයෙන් යුත් සුවඳින් යුත් රසවත් වූ ඔඩමෙක් වේ ද, හෙ ද විසෙන් මුසු වූයේ ය. එකල්හි ගිමෙන් තැවුනු ගිමෙන් පෙළුනු ක්ලාන්ත වූ හටගත් පවස් ඇති බොනු කැමැති වූ පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: එම්බල පුරුෂය, තොපගේ මේ ඔඩම (රා බඳුන) වර්ණවත් ය, සුවඳවත් ය, රසවත් ය, හෙ ද විසෙන් මුසු ය. ඉදින් කැමැත්තෙහි නම් බොව්. බොන්නහුට එය පැහැයෙන් ද සුවඳින් ද රසයෙන් ද රුස්නේ ය. එහෙත් බී ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට පමිණේහී ය. හෙතෙමේ ඒ ඔඩම වහා නො විමසා බොන්නේ ය. නො බැහැර ලන්නේ ය. හෙතෙමේ ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙන්නේ ය.
එවමෙව ඛො භික්ඛවෙ, යෙ හි කෙ චි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං නිච්චතො අද්දක්ඛුං, සුඛතො අද්දක්ඛුං, අත්තතො අද්දක්ඛුං, ආරොග්යතො අද්දක්ඛුං, ඛෙමතො අද්දක්ඛුං. තෙ තණ්හං වඩ්ඪෙසුං. යෙ තණ්හං -පෙ- යෙ දුක්ඛං වඩ්ඪෙසුං. තෙ න පරිමුච්චිංසු ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චිංසු දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, එසෙයින් ම අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දුටුහු ද, සුඛ වශයෙන් දුටුහු ද, ආත්ම වශයෙන් දුටුහු ද, ආරෝග්‍ය වශයෙන් දුටුහු ද, ක්ෂේම වශයෙන් දුටුහු ද, ඔහු තෘෂ්ණාව වැඩූහ. යම් කෙනෙක් තෘෂ්ණාව ... යම් කෙනෙක් දුක වැඩූහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදුනහ. දුකින් නො මිදුනහ යි කියමි.
යෙ හි කෙ චි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං නිච්චතො දක්ඛින්ති, සුඛතො -පෙ- අත්තතො -පෙ- ආරොග්යතො -පෙ- ඛෙමතො දක්ඛින්ති, තෙ තණ්හං වඩ්ඪෙස්සන්ති. යෙ තණ්හං -පෙ- යෙ දුක්ඛං වඩ්ඪෙස්සන්ති. තෙ -පෙ- න පරිමුච්චිස්සන්ති දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, අනාගත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දක්නාහු ද, සුඛ වශයෙන් ... ආත්ම වශයෙන් ... ආරෝග්‍ය වශයෙන් ... ක්ෂේම වශයෙන් දක්නාහු ද, ඔහු තෘෂ්ණාව වඩන්නාහු ය. යම් කෙනෙක් තෘෂ්ණාව ... යම් කෙනෙක් දුක වඩන්නාහු ද ඔහු ... (සියලු) දුකින් නො මිදෙන්නාහ යි කියමි.
යෙ හි කෙ චි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං නිච්චතො පස්සන්ති, සුඛතො පස්සන්ති, අත්තතො පස්සන්ති, ආරොග්යතො පස්සන්ති, ඛෙමතො පස්සන්ති. තෙ තණ්හං වඩ්ඪෙන්ති. යෙ තණ්හං [වඩ්ඪෙන්ති] -පෙ- තෙ න පරිමුච්චන්ති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේද, එය නිත්‍ය වශයෙන් දකිද්ද, සුඛ වශයෙන් දකිද්ද, ආත්ම වශයෙන් දකිද්ද, ආරෝග්‍ය වශයෙන් දකිද්ද, ක්ෂේම වශයෙන් දකිද්ද, ඔහු තෘෂ්ණාව වඩත්. යම් කෙනෙක් තෘෂ්ණාව [වඩත් ද,] … ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකෙන් නො මිදෙති යි කියමි.
යෙ ච ඛො කෙ චි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං අනිච්චතො අද්දක්ඛුං, දුක්ඛතො අද්දක්ඛුං, අනත්තතො අද්දක්ඛුං, රොගතො අද්දක්ඛුං, භයතො අද්දක්ඛුං. තෙ තණ්හං පජහිංසු. යෙ තණ්හං පජහිංසු, තෙ උපධිං පජහිංසු. යෙ උපධිං පජහිංසු, තෙ දුක්ඛං පජහිංසු. යෙ දුක්ඛං පජහිංසු, තෙ පරිමුච්චිංසු ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චිංසු දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය අනිත්‍ය වශයෙන් දුටුහු ද, දුක් වශයෙන් දුටුහු ද, අනාත්ම වශයෙන් දුටුහු ද, රෝග වශයෙන් දුටුහු ද, භය වශයෙන් දුටුහු ද, ඔහු තණ්හාව හළහ. යම් කෙනෙක් තෘෂ්ණාව හළහු ද, ඔහු උපධි හළහ. යම් කෙනෙක් උපධි හළහු ද, ඔහු දුක හළහ. යම් කෙනෙක් දුක හළහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදුනහ. (සියලු) දුකෙන් මිදුනහ යි කියමි.
යෙපි හි කෙ චි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං අනිච්චතො දක්ඛින්ති, දුක්ඛතො දක්ඛින්ති, අනත්තතො දක්ඛින්ති, රොගතො දක්ඛින්ති, භයතො දක්ඛින්ති. තෙ තණ්හං පජහිස්සන්ති. යෙ තණ්හං පජහිස්සන්ති, තෙ -පෙ- පරිමුච්චිස්සන්ති දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, අනාගත කාලයෙහිදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය අනිත්‍ය වශයෙන් දක්නාහු ද, දුක් වශයෙන් දක්නාහු ද, අනාත්ම වශයෙන් දක්නාහු ද, රෝග වශයෙන් දක්නාහු ද, භය වශයෙන් දක්නාහු ද, ඔහු තෘෂ්ණාව දුරු කරන්නාහ. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කරන්නාහු ද, ද ඔහු දුකින් මිදෙන්නාහ යි කියමි.
යෙපි හි කෙ චි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං අනිච්චතො පස්සන්ති, දුක්ඛතො පස්සන්ති, අනත්තතො පස්සන්ති, රොගතො පස්සන්ති, භයතො පස්සන්ති. තෙ තණ්හං පජහන්ති. යෙ තණ්හං පජහන්ති, තෙ උපධිං පජහන්ති. යෙ උපධිං පජහන්ති, තෙ දුක්ඛං පජහන්ති. යෙ දුක්ඛං පජහන්ති, තෙ පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, දැනුදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේද, එය අනිත්‍ය වශයෙන් දකිද්ද, දුක් වශයෙන් දකිද්ද, අනාත්ම වශයෙන් දකිද්ද, රෝග වශයෙන් දකිද්ද, බිය වශයෙන් දකිද්ද, ඔහු තෘෂ්ණාව දුරු කෙරෙත්. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කෙරෙත් ද, ඔහු උපධි දුරු කෙරෙත්. යම් කෙනෙක් උපධි දුරු කෙරෙත් ද, ඔහු දුක දුරු කෙරෙත්. යම් කෙනෙක් දුක දුරු කෙරෙත් ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. දුකෙන් මිදෙති යි කියමි.
සෙය්යථාපි භික්ඛවෙ, ආපානීයකංසො වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො, සො ච ඛො විසෙන සංසට්ඨො. අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො. තමෙනං එවං වදෙය්යුං: “අයං තෙ අම්භො පුරිස, ආපානීයකංසො වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො, සො ච ඛො විසෙන සංසට්ඨො. සචෙ ආකඞ්ඛසි පිව. පිවතො හි ඛො තං ඡාදිස්සති වණ්ණෙනපි ගන්ධෙනපි රසෙනපි. පීත්වා ච පන තතොනිදානං මරණං වා නිගච්ඡසි, මරණමත්තං වා දුක්ඛ”න්ති. අථ ඛො භික්ඛවෙ, තස්ස පුරිසස්ස එවමස්ස: “සක්කා ඛො මෙ අයං සුරාපිපාසිතා පානීයෙන වා විනෙතුං, දධිමණ්ඩකෙන වා විනෙතුං, මත්ථලොණිකාය වා විනෙතුං, ලොණසොවීරකෙන වා විනෙතුං. න ත්වෙවාහං තං පිවෙය්‍යං යං මම අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායා”ති. සො තං ආපානීයකංසං පටිසඞ්ඛා න පිවෙය්ය, පටිනිස්සජ්ජෙය්ය. සො තතොනිදානං න මරණං වා නිගච්ඡෙය්ය, මරණමත්තං වා දුක්ඛං.
මහණෙනි, යම් සේ පැහැයෙන් යුත් සුවඳවත් රසවත් වූ ඔඩමෙක් වේ ද, හෙ ද විසෙන් මුසු වූයේ ය. එකල්හි ගිමෙන් තැවුනු ගීමේ පෙළුනු ක්ලාන්ත වූ හටගත් පවස් ඇති බොනු කැමැති වූ පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බල පුරුෂය, තොපගේ මේ ඔඩම වර්ණවත් ය, සුවඳවත් ය, රසවත් ය, හෙ ද විසෙන් මුසු ය. ඉදින් කැමැත්තෙහි නම් බොව්. බොන්නහුට එය පැහැයෙනුදු සුවඳිනුදු රසිනුදු රුස්නේ ය. පානය කොට (සිටියේ) ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට හෝ පමිණේහි”යි. මහණෙනි, එකල්හි ඒ පුරිස්හට මෙසේ අදහස් වන්නේ ය: “මාගේ මේ සුරාපවස පැනින් හෝ දුරු කළ හෙයි. දිපෙරලි දියෙන් හෝ දුරු කළ හෙයි. ලුණු සහිත අත්සුණු දියෙන් හෝ දුරු කළ හෙයි. ලුණුකාඩි දියෙන් හෝ දුරු කළ හෙයි. යමෙක් මට දිගුකලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ නම් එය මම නො ම බොන්නෙමි”යි. හෙතෙමේ ඒ ඔඩම විමසා නො බොන්නේ ය, බැහැර ලන්නේ ය. හෙතෙමේ ඒ හේතු කොට ගෙන මරණයට හෝ මරණය පමණ දුකට හෝ නො පැමිණෙන්නේ ය.
එවමෙව ඛො භික්ඛවෙ, යෙ හි කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං අනිච්චතො අද්දක්ඛුං, දුක්ඛතො අද්දක්ඛුං, අනත්තතො අද්දක්ඛුං, රොගතො අද්දක්ඛුං, භයතො අද්දක්ඛුං. තෙ තණ්හං පජහිංසු. යෙ තණ්හං පජහිංසු. තෙ උපධිං පජහිංසු. යෙ උපධිං පජහිංසු, තෙ දුක්ඛං පජහිංසු. යෙ දුක්ඛං පජහිංසු, තෙ පරිමුච්චිංසු ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි පරිමුච්චිංසු දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, එසෙයින් ම අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ ද, එය අනිත්‍ය වශයෙන් දැක්කාහු ද, දුක් වශයෙන් දැක්කාහු ද, අනාත්ම වශයෙන් දැක්කාහු ද, රෝග වශයෙන් දැක්කාහු ද, බිය වශයෙන් දැක්කාහු ද, ඔහු තෘෂ්ණාව දුරු කළහ. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කළාහු ද, ඔහු උපධි දුරු කළහ. යම් කෙනෙක් උපධි කළාහු ද, ඔහු දුක දුරු කළාහු ය. යම් කෙනෙක් දුක දුරු කළාහු ද, ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දොම්නසෙන් උපායාසයෙන් මිදුනාහු ය. දුකෙන් මිදුනාහු යි කියමි.
යෙපි හි කෙ චි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං අනිච්චතො දක්ඛින්ති -පෙ- තෙ පරිමුච්චිස්සන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චිස්සන්ති දුක්ඛස්මාති වදාමි.
මහණෙනි, අනාගත කාලයෙහි දු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ ද එය අනිත්‍ය වශයෙන් දක්නාහු ද ... ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙන්නාහු ය. දුකෙන් මිදෙන්නාහු ය යි කියමි.
යෙපි හි කෙචි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං අනිච්චතො පස්සන්ති, දුක්ඛතො පස්සන්ති, අනත්තතො පස්සන්ති, රොගතො පස්සන්ති, භයතො පස්සන්ති. තෙ තණ්හං පජහන්ති. යෙ තණ්හං පජහන්ති, තෙ උපධිං පජහන්ති. යෙ උපධිං පජහන්ති, තෙ දුක්ඛං පජහන්ති. යෙ දුක්ඛං පජහන්ති, තෙ පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමීති.
මහණෙනි, දැනුදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේද, එය අනිත්‍ය වශයෙන් දකිද්ද, දුක් වශයෙන් දකිද්ද, අනාත්ම වශයෙන් දකිද්ද, රෝග වශයෙන් දකිද්ද, භය වශයෙන් දකිද්ද, ඔහු තෘෂ්ණාව දුරු කෙරෙත්. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කෙරෙද්ද, ඔහු උපධි දුරු කෙරෙත්. යම් කෙනෙක් උපධි දුරු කෙරෙද්ද, ඔහු දුක දුරු කෙරෙත්. යම් කෙනෙක් දුක දුරු කෙරෙද්ද, ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. දුකෙන් මිදෙති යි කියමි.