යෙදුමෙන් කියවන්න

නළකලාපසුත‍්තං

1. 7. 7.

1. 7. 7.

නළකලාපසුත‍්තං

නළකලාප සූත්‍රය

67. එකං සමයං ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාකොට‍්ඨිතො බාරාණසියං විහරන‍්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො සායණ‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසංකමි. උපසංකමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි.

67. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝත් බරණැස සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටි සේක් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කථාව නිමවා එකත්පසෙක වැඩ හුන්හ.

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත, සයංකතං ජරාමරණං, පරකතං ජරාමරණං, සයංකතඤ‍්ච පරකතඤ‍්ච ජරාමරණං, උදාහු අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං ජරාමරණ”න‍්ති?

එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, ජරාමරණ තමා විසින් කරණ ලද්දේ ද, ජරාමරණ මෙරමා විසින් කරණ ලද්දේ ද, ජරාමරණ තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් ජරාමරණ තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මික වැ - ඉබේ හටගත්තේ දැ” යි.

න ඛො ආවුසො කොට‍්ඨිත, සයංකතං ජරාමරණං. න පරකතං ජරාමරණං. න සයංකතඤ‍්ච පරකතඤ‍්ච ජරාමරණං. නාපි අසයංකාරං අපරංකාරං අධිච‍්ච සමුප‍්පන‍්නං ජරාමරණං. අපි ච ජාතිපච‍්චයා ජරාමරණන‍්ති.

ඇවැත්නි කොට්ඨිතයෙනි, ජරාමරණ තමා විසින් කරණ ලද්දේ නො වේ. ජරාමරණ මෙරමා විසිනුත් කරණ ලද්දේ නො වේ. ජරාමරණ තමා විසිනුත් කරණ ලද්දේ මෙරමා විසිනුත් කරණ ලද්දේ නො වේ. ජරාමරණ තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ යි.

කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත, සයංකතා ජාති, පරකතා ජාති, සයංකතා ච පරකතා ච ජාති, උදාහු අසයංකාරා අපරංකාරා අධිච‍්චසමුප‍්පන‍්නා ජාතීති?

ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, ජාතිය තමා විසින් කරණ ලද ද, ජාතිය මෙරමා විසින් කරණ ලද ද, ජාතිය තමා විසින් කරණ ලද්දීත් මෙරමා විසින් කරණ ලද්දීත් වේ ද, නොහොත් ජාතිය තමා විසිනුත් නො කරණ ලද්දී මෙරමා විසිනුත් නො කරණ ලද්දී ඉබේ හටගත්තී දැ යි.

න ඛො ආවුසො කොට‍්ඨිත, සයංකතා ජාති. න පරකතා ජාති, න සයංකතා ච පරකතා ච ජාති. නාපි අසයංකාරා අපරංකාරා අධිච‍්චසමුප‍්පන‍්නා ජාති. අපි ච භවපච‍්චයා ජාතීති.

ඇවැත්නි කොට්ඨිතයෙනි, ජාතිය තමා විසින් කරණ ලද්දී නො වේ. ජාතිය මෙරමා විසින් කරණ ලද්දී නො වේ. ජාතිය තමා විසින් කරණ ලද්දීත් මෙරමා විසින් කරණ ලද්දීත් නො වේ. ජාතිය තමා විසිනුත් නො කරණ ලද්දී මෙරමා විසිනුත් නො කරණ ලද්දී ඉබේ හටගත්තී ද නො වේ. වැලි දු භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ යි.

කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත, සයංකතො භවො, පරකතො භවො, සයංකතො ච පරකතො ච භවො, උදාහු අසයංකාරො අපරංකාරො අධිච‍්චසමුප‍්පන‍්නො භවොති?

ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, භවය තමා විසින් කරණ ලද්දේ ද, භවය මෙරමා විසින් කරණ ලද්දේ ද, භවය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් භවය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ දැ යි.

න ඛො ආවුසො කොට‍්ඨිත, සයංකතො භවො. න පරකතො භවො, න සයංකතො ච පරකතො ච භවො. නාපි අසයංකාරො අපරංකාරො අධිච‍්චසමුප‍්පන‍්නො භවො. අපි ච උපාදානපච‍්චයා භවොති.

ඇවැත්නි කොට්ඨිතයෙනි, භවය තමා විසින් කරණ ලද්දේ නො වේ. භවය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. භවය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. භවය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ යි.

කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත, සයංකතං උපාදානං -පෙ- සයංකතා තණ‍්හා -පෙ- සයංකතා වෙදනා -පෙ- සයංකතො ඵස‍්සො -පෙ- සයංකතං සළායතනං -පෙ- සයංකතං නාමරූපං, පරකතං නාමරූපං, සයංකතඤ‍්ච පරකතඤ‍්ච නාමරූපං, උදාහු අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං නාමරූපන‍්ති?

ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, උපාදාන තමා විසින් කරණ ලද්දේ ද ... තෘෂ්ණාව තමා විසින් කරණ ලද්දී ද ... වේදනාව් තමා විසින් කරණ ලද්දී ද ... ස්පර්‍ශය තමා විසින් කරණ ලද්දේ ද ... ෂඩායතන තමා විසින් කරණ ලද්දේ ද … නාමරූප තමා විසින් කරණ ලද්දේ ද, නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ ද, නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේදැ යි.

න ඛො ආවුසො කොට‍්ඨිත, සයංකතං නාමරූපං. න පරකතං නාමරූපං. න සයංකතඤ‍්ච පරකතඤ‍්ච නාමරූපං. නාපි අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං නාමරූපං. අපි ච විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති.

ඇවැත්නි කොට්ඨිතයෙනි, නාමරූප තමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ යි.

කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත, සයංකතං විඤ‍්ඤාණං, පරකතං විඤ‍්ඤාණං, සයංකතඤ‍්ච පරකතඤ‍්ච විඤ‍්ඤාණං, උදාහු අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං විඤ‍්ඤාණන‍්ති?

ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ ද, විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ ද, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ දැ යි.

න ඛො ආවුසො කොට‍්ඨිත, සයංකතං විඤ‍්ඤාණං. පරකතං විඤ‍්ඤාණං, න සයංකතඤ‍්ච පරකතඤ‍්ච විඤ‍්ඤාණං. නාපි අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං විඤ‍්ඤාණං. අපි ච නාමරූපපච‍්චයා විඤ‍්ඤාණන‍්ති.

ඇවැත්නි කොට්ඨිතයෙනි, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ යි.

ඉදානෙව ඛො මයං ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භාසිතං එවං ආජානාම: “න ඛො ආවුසො කොට‍්ඨිත, සයංකතං නාමරූපං, න පරකතං නාමරූපං, න සයංකතඤ‍්ච පරකතඤ‍්ච නාමරූපං, නාපි අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං නාමරූපං. අපි ච විඤ‍්ඤාණපච‍්චයා නාමරූප”න‍්ති.

දැන් වූ කලී අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ භාෂිතය මෙසේ දනිමු: “ඇවැත්නි කොට්ඨිතයෙනි, නාමරූප තමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ” යි.

ඉදානෙව ච පන මයං ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භාසිතං එවං ආජානාම: “න ඛො ආවුසො කොට‍්ඨිත, සයංකතං විඤ‍්ඤාණං, න පරකතං විඤ‍්ඤාණං, න සයංකතඤ‍්ච පරකතඤ‍්ච විඤ‍්ඤාණං, නාපි අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං විඤ‍්ඤාණං. අපි ච නාමරූපපච‍්චයා විඤ‍්ඤාණ”න‍්ති.

දැන් වූ කලී අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ භාෂිතය මෙසේ දනිමු: “ඇවැත්නි කොට්ඨිතයෙනි, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ”යි.

යථා කථම‍්පනාවුසො සාරිපුත‍්ත, ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො දට‍්ඨබ‍්බොති? තෙන හාවුසො උපමං තෙ කරිස‍්සාමි. උපමායපිධෙකච‍්චෙ විඤ‍්ඤූ පුරිසා භාසිතස‍්ස අත්‍ථං ආජානන‍්ති.

ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කෙසේ නම් මේ භාෂිතයේ අර්‍ත්‍ථය දත යුතු ද? ඇවැත්නි, එසේ නම් තොපට උපමාවක් කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙන් ද භාෂිතයේ අර්‍ත්‍ථය දැන ගණිත්.

සෙය්‍යථාපි ආවුසො, ද‍්වෙ නළකලාපියො අඤ‍්ඤමඤ‍්ඤං නිස‍්සාය තිට‍්ඨෙය්‍යුං, එවමෙව ඛො ආවුසො, නාමරූපපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. තාසඤ‍්චෙ ආවුසො, නළකලාපීනං එකං අපකඩ‍්ඪෙය්‍ය, එකා පපතෙය්‍ය, අපරඤ‍්චෙ අපකඩ‍්ඪෙය්‍ය, අපරා පපතෙය්‍ය. එවමෙව ඛො ආවුසො, නාමරූපනිරොධා විඤ‍්ඤාණනිරොධො, විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස‍්සනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.

ඇවැත්නි, යම් සේ නළකළප් දෙකක් ඔවුනොවුන් ඇසුරු කොට සිටුනේ ද, ඇවැත්නි, එසෙයින් ම නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් සළායතන වේ. සළායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. ඇවැත්නි, ඒ නළකළප් දෙකින් එකක් ඉවත් කරන්නේ නම් එකෙක් වැටෙන්නේ ය. අනෙක ඉවත් කරන්නේ නම් අනෙක වැටෙන්නේ ය. ඇවැත්නි, එසෙයින් ම නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ. සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ යි.

අච‍්ඡරියං ආවුසො සාරිපුත‍්ත, අබ‍්භුතං ආවුසො සාරිපුත‍්ත, යාවසුභාසිතඤ‍්චිදං ආයස‍්මතා සාරිපුත‍්තෙන. ඉදං ච පන මයං ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස සුභාසිතං ඉමෙහි ඡත‍්තිංසාය වත්‍ථූහි අනුමොදාම.

ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, ආශ්චර්‍ය්‍යයෙකි. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, අද්භූතයෙකි. ආයුෂ්මත් ශාරිපුත්‍රයන් විසින් මෙය සුභාෂිත (මැනවින් කියන ලද) ම ය. අපි ආයුෂ්මත් ශාරිපුත්‍රයන්ගේ සුභාෂිතය මේ සතිස්කරුණින්* අනුමෝදන් වම්හ.

ජරාමරණස‍්ස චෙ ආවුසො, භික‍්ඛු නිබ‍්බිදාය විරාගාය නිරොධාය ධම‍්මං දෙසෙති, ‘ධම‍්මකථිකො භික‍්ඛූ’ති අලං වචනාය. ජරාමරණස‍්ස චෙ ආවුසො, භික‍්ඛු නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති, ‘ධම‍්මානුධම‍්මපටිපන‍්නො භික‍්ඛූ’ති අලං වචනාය. ජරාමරණස‍්ස චෙ ආවුසො, භික‍්ඛු නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තො හොති, ‘දිට‍්ඨධම‍්මනිබ‍්බානප‍්පත‍්තො භික‍්ඛූ’ති අලං වචනාය.

ඇවැත්නි, ඉදින් මහණ තෙමේ ජරාමරණයේ නිර්වේදය විරාගය නිරෝධය පිණිස දහම් දෙසා ද, (හෙතෙමේ) “ධර්‍මකථික මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, ඉදින් මහණ තෙමේ ජරාමරණයෙහි නිර්වේදය විරාගය නිරෝධය පිණිස පිළිපන්නේ වේ ද, හේ “දහම් අනුදහම් පිළිවෙත්හි පිළිපන් මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, ඉදින් මහණ තෙමේ ජරාමරණයෙහි නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුනේ වේ ද, හේ “දිටුදැමියෙහි නිවන් පැමිණි මහණෙකැ”යි කියන්නට සුදුසු ය.

ජාතියා චෙ ආවුසො, භික‍්ඛු -පෙ- භවස‍්ස චෙ -පෙ- උපාදානස‍්ස චෙ -පෙ- තණ‍්හාය චෙ -පෙ- වෙදනාය චෙ -පෙ- ඵස‍්සස‍්ස චෙ -පෙ- සළායතනස‍්ස චෙ -පෙ- නාමරූපස‍්ස චෙ -පෙ- විඤ‍්ඤාණස‍්ස චෙ -පෙ- සඞ‍්ඛාරානං චෙ [නිබ‍්බිදාය] -පෙ- ‘දිට‍්ඨධම‍්මනිබ‍්බානප‍්පත‍්තො භික‍්ඛූ’ති අලං වචනාය.

ඇවැත්නි, මහණ තෙමේ ඉදින් ජාතියේ ... ඉදින් භවයේ ... ඉදින් උපාදානයේ ... ඉදින් තෘෂ්ණාවේ ... ඉදින් වේදනාවේ ... ඉදින් ඵස්සයේ ... ඉදින් සළායතනයේ ... ඉදින් නාමරූපයේ ... ඉදින් විඤ්ඤාණයේ ... ඉදින් සඞ්ඛාරයන්ගේ [නිර්වේදයෙන්] ... “දිටුදැමියෙහි නිවන් පැමිණි මහණෙකැ”යි කියන්නට සුදුසු ය.

අවිජ‍්ජාය චෙ ආවුසො, භික‍්ඛු නිබ‍්බිදාය විරාගාය නිරොධාය ධම‍්මං දෙසෙති, ‘ධම‍්මකථිකො භික‍්ඛූ’ති අලං වචනාය. අවිජ‍්ජාය චෙ ආවුසො, භික‍්ඛු නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති, ‘ධම‍්මානුධම‍්මපටිපන‍්නො භික‍්ඛූ’ති අලං වචනාය. අවිජ‍්ජාය චෙ ආවුසො, භික‍්ඛු නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තො හොති, ‘දිට‍්ඨධම‍්මනිබ‍්බානප‍්පත‍්තො භික‍්ඛූ’ති අලං වචනායාති.

ඇවැත්නි, ඉදින් මහණ තෙමේ අවිද්‍යාවේ නිර්වේදය විරාගය නිරෝධය පිණිස දහම් දෙසා ද, “ධර්‍මකථික මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, මහණ තෙමේ ඉදින් අවිද්‍යාවේ නිර්වේදය විරාගය නිරෝධය පිණිස පිළිපන්නේ වේ ද, හේ “දහම් අනුදහම් පිළිවෙත්හි පිළිපන් මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, මහණ තෙමේ ඉදින් අවිද්‍යාවේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුනේ වේ ද, “දිටුදැමියෙහි නිවන් පැමිණි මහණෙකැ”යි කියන්නට සුදුසු ය යි.