කොසම‍්බිසුත‍්තං
1. 7. 8.
1. 7. 8.
කොසම‍්බිසුත‍්තං
කෝසම්බි සූත්‍රය
68. එකං සමයං ආයස‍්මා ච මුසීලො ආයස‍්මා ච සවිට‍්ඨො ආයස‍්මා ච නාරදො ආයස‍්මා ච ආනන්‍දො කොසම‍්බියං විහරන‍්ති ඝොසිතාරාමෙ.
68. එක්කලෙක ආයුෂ්මත් මූසිල තෙරණුවෝ ද ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවෝ ද ආයුෂ්මත් නාරද තෙරණුවෝ ද ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද කොසඹෑනුවර සමීපයෙහි ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති.
අථ ඛො ආයස‍්මා සවිට‍්ඨො ආයස‍්මන‍්තං ඛො මුසීලං එතදවොච: “අඤ‍්ඤත්‍රෙව ආවුසො මුසීල, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අත්‍ථායස‍්මතො මුසීලස‍්ස පච‍්චත‍්තමෙව ඤාණං ජාතිපච‍්චයා ජරාමරණන‍්ති? අඤ‍්ඤත්‍රෙව ආවුසො සවිට‍්ඨ සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අහමෙතං ජානාමි අහමෙතං පස‍්සාමි ජාතිපච‍්චයා ජරාමරණ”න‍්ති.
එකල්හි ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවෝ ආයුෂ්මත් මූසිල තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, පරම්පරාකථායෙන් තොරව ම, ආකාරවිකල්පනයෙන් තොරව ම, දෘෂ්ටියට අනුව වැටහීමෙන් තොරව ම, ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය යි ප්‍රත්‍යවේක්‍ෂාවෙන් තමා කෙරෙහි ම වූ දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරවිකල්පනයෙන් තොරව ම, දෘෂ්ටියට අනුව වැටහීමෙන් තොරව ම ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන මෙය මම දනිමි. මම මෙය දකිමි.
අඤ‍්ඤත්‍රෙව ආවුසො මුසීල සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා, අත්‍ථායස‍්මතො මුසීලස‍්ස පච‍්චත‍්තමෙව ඤාණං භවපච‍්චයා ජාතීති -පෙ- උපාදානපච‍්චයා භවොති -පෙ- තණ‍්හාපච‍්චයා උපාදානන‍්ති -පෙ- වෙදනාපච‍්චයා තණ‍්හාති -පෙ- ඵස‍්සපච‍්චයා වෙදනාති -පෙ- සළායතනපච‍්චයා ඵස‍්සොති -පෙ- නාමරූපපච‍්චයා සළායතනන‍්ති -පෙ- විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති -පෙ- සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්ති -පෙ- අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති? අඤ‍්ඤත්‍රෙව ආවුසො සවිට‍්ඨ, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති.
ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි ... උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ ය යි ... තණ්හා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ යැ යි ... ඵස්ස ප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය යි ... සළායතන ප්‍රත්‍යයයෙන් ඵස්ස වේ ය යි ... නාමරූප ප්‍රත්‍යයයෙන් සළායතන වේ ය යි ... විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි ... සඞ්ඛාර ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ ය යි ... අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සඞ්ඛාර වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර සැලකීමෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ ය’ යන මෙය මම දනිමි. මෙය මම දකිමි.
අඤ‍්ඤත්‍රෙව ආවුසො මුසීල සද‍්ධාය -පෙ- අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා, අත්‍ථායස‍්මතො මුසීලස‍්ස පච‍්චත‍්තමෙව ඤාණං ජාතිනිරොධා ජරාමරණනිරොධොති? අඤ‍්ඤත්‍රෙව ආවුසො සවිට‍්ඨ, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා, අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි, ජාතිනිරොධා ජරාමරණනිරොධොති. අඤ‍්ඤත්‍රෙව ආවුසො මුසීල, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අත්‍ථායස‍්මතො මුසීලස‍්ස පච‍්චත‍්තමෙව ඤාණං භවනිරොධා ජාතිනිරොධොති. -පෙ- උපාදානනිරොධා භවනිරොධොති -පෙ- තණ‍්හානිරොධා උපාදානනිරොධොති -පෙ- වෙදනානිරොධා තණ‍්හානිරොධොති -පෙ- ඵස‍්සනිරොධා වෙදනානිරොධොති -පෙ- සළායතනනිරොධා ඵස‍්සනිරොධොති -පෙ- නාමරූපනිරොධා සළායතනනිරොධොති -පෙ- විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධොති -පෙ- සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධොති -පෙ- අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධොති? අඤ‍්ඤත්‍රෙව ආවුසො සවිට‍්ඨ, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධොති.
ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම ... දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර සැලකීමෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය යි ... උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ ය යි ... තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ය යි ... වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ ය යි ... ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේ ය යි ... සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ය යි ... නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ ය යි ... විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය යි ... සඞ්ඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ ය යි ... අවිජ්ජා නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ‘අවිජ්ජා නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි. මෙය මම දකිමි.
අඤ‍්ඤත්‍රෙව ආවුසො මුසීල, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අත්‍ථායස‍්මතො මුසීලස‍්ස පච‍්චත‍්තමෙව ඤාණං භවනිරොධො නිබ‍්බානන‍්ති? අඤ‍්ඤත්‍රෙව ආවුසො සවිට‍්ඨ, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි. භවනිරොධො නිබ‍්බානන‍්ති. තෙන හායස‍්මා මුසීලො අරහං ඛීණාසවොති. එවං වුත‍්තෙ ආයස‍්මා මුසීලො තුණ‍්හී අහොසි.
ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධය නිවන ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිල තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධය නිර්‍වාණය ය යි මෙය මම දනිමි, මෙය මම දකිමි. එසේ නම් ආයුෂ්මත් මූසිල තෙරණුවෝ ක්‍ෂීණාස්‍රව රහත් කෙනෙකි යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් මූසිල තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.
අථ ඛො ආයස‍්මා නාරදො ආයස‍්මන‍්තං සවිට‍්ඨං එතදවොච: සාධාවුසො සවිට‍්ඨ, අහමෙතං පඤ‍්හං ලභෙය්‍යං. මමෙතං පඤ‍්හං පුච‍්ඡ. අහං තෙ එතං පඤ‍්හං ව්‍යාකරිස‍්සාමීති. ලභතායස‍්මා නාරදො එතං පඤ‍්හං. පුච‍්ඡාමහං ආයස‍්මන‍්තං නාරදං එතං පඤ‍්ඤං. බ්‍යාකරොතු ච මෙ ආයස‍්මා නාරදො එතං පඤ‍්හං.
ඉක්බිති ආයුෂ්මත් නාරද තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි සවිට්ඨයෙනි, මම මේ පැණය ලබන්නෙම් නම් මැනවි. මාගෙන් මේ පැණය විචාරණු මැනවි. මම ඔබට මේ පැණය විසඳන්නෙමි”යි. ආයුෂ්මත් නාරද තෙරණුවෝ මේ පැණය ලබත්වා, ආයුෂ්මත් නාරද තෙරුන්ගෙන් මම මේ පැණය විචාරමි. ආයුෂ්මත් නාරද තෙරණුවෝ මේ පැණය මට විසඳත්වා.
අඤ‍්ඤත්‍රෙව ආවුසො නාරද, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අත්‍ථායස‍්මතො නාරදස‍්ස පච‍්චත‍්තමෙව ඤාණං ජාතිපච‍්චයා ජරාමරණන‍්ති? අඤ‍්ඤත්‍රෙව ආවුසො සවිට‍්ඨ, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි ජාතිපච‍්චයා ජරාමරණන‍්ති. අඤ‍්ඤත්‍රෙව ආවුසො නාරද, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අත්‍ථායස‍්මතො නාරදස‍්ස පච‍්චත‍්තමෙව ඤාණං භවපච‍්චයා ජාතීති -පෙ- අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති? අඤ‍්ඤත්‍රෙව ආවුසො සවිට‍්ඨ, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි, අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති.
ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන තමන් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි, නාරදයෙනි, ශ්‍රද්ධාවෙන් තොර ව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි ... අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ය යි තමන් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරදහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ය’ යි මම මෙය දනිමි, මම මෙය දකිමි.
අඤ‍්ඤත්‍රෙව ආවුසො නාරද, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අත්‍ථායස‍්මතො නාරදස‍්ස පච‍්චත‍්තමෙව ඤාණං ජාතිනිරොධා ජරාමරණනිරොධොති? අඤ‍්ඤත්‍රෙව ආවුසො සවිට‍්ඨ, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි ජාතිනිරොධා ජරාමරණනිරොධොති. අඤ‍්ඤත්‍රෙව ආවුසො නාරද, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අත්‍ථායස‍්මතො නාරදස‍්ස පච‍්චත‍්තමෙව ඤාණං භවනිරොධා ජාතිනිරොධොති -පෙ- අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධොති? අඤ‍්ඤත්‍රෙව ආවුසො සවිට‍්ඨ, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි අවිජ‍්ජා නිරොධා සඞ‍්ඛාරනිරොධොති.
ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’යි තමන් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද හට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රිසියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය’යි ... ‘අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය’යි තමන් විසින් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි.
අඤ‍්ඤත්‍රෙව ආවුසො නාරද, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අත්‍ථායස‍්මතො නාරදස‍්ස පච‍්චත‍්තමෙව ඤාණං භවනිරොධො නිබ‍්බානන‍්ති? අඤ‍්ඤත්‍රෙව ආවුසො සවිට‍්ඨ, සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි භවනිරොධො නිබ‍්බානන‍්ති.
ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රිසියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘භව නිරෝධය නිවන ය’ යි තමන් විසින් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රිසියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘භව නිරෝධය නිවන’ ය යන මෙය මම දනිමි, මෙය මම දකිමි.
තෙන හායස‍්මා නාරදො අරහං ඛීණාසවොති? භවනිරොධො නිබ‍්බානන‍්ති ඛො මෙ ආවුසො සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං, න චම‍්හි අරහං ඛීණාසවො. සෙය්‍යථාපි ආවුසො, කන‍්තාරමග‍්ගෙ උදපානො, තත්‍ර නෙවස‍්ස රජ‍්ජු න උදකවාරකො. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ඝම‍්මාභිතත‍්තො ඝම‍්මපරෙතො කිලන‍්තො තසිතො පිපාසිතො. සො තං උදපානං ඔලොකෙය්‍ය. තස‍්ස උදකන‍්ති හි ඛො ඤාණං අස‍්ස, න ච කායෙන ඵුසිත්‍වා විහරෙය්‍ය. එවමෙව ඛො ආවුසො, භවනිරොධො නිබ‍්බානන‍්ති යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං, න චම‍්හි අරහං ඛීණාසවොති. එවං වුත‍්තෙ ආයස‍්මා ආනන්‍දො ආයස‍්මන‍්තං සවිට‍්ඨං එතදවොච: එවංවාදී ත්‍වං ආවුසො සවිට‍්ඨ, ආයස‍්මන‍්තං නාරදං කිං වදෙසීති? එවංවාදාහං ආවුසො ආනන්‍ද, ආයස‍්මන‍්තං නාරදං න කිඤ‍්චි වදාමි අඤ‍්ඤත්‍ර කල්‍යාණා, අඤ‍්ඤත්‍ර කුසලාති.
එසේ නම් ආයුෂ්මත් නාරද තෙරණුවෝ ක්‍ෂීණාස්‍රව රහත් කෙනෙකි යි. ඇවැත්නි, භව නිරෝධය නිවන ය යි මවිසින් සම්‍යක් ප්‍රඥාවෙන් මැනවින් දක්නා ලදී. ක්‍ෂීණාස්‍රව වූ රහතෙක් නො ද වෙමි. ඇවැත්නි, යම් සේ කතරමගෙක ලිඳක් වේ ද, එහි රැහැනෙක් නො ම වන්නේ ය. බඳුනෙක් නො ම වන්නේ ය. එකල්හි ගිමෙන් තැවුණු ගිමෙන් පෙළුනු ක්ලාන්ත වූ හටගත් පවස් ඇති බොනු කැමති පුරුෂයෙක් එන්නේ ය. හෙතෙමේ ඒ ලිඳ බලන්නේ ය. ඔහුට ජලය ය යි දැනීම වන්නේ ය. කයින් පැහැස නො ද වෙසෙන්නේ ය. ඇවැත්නි, එසෙයින් ම භව නිරෝධය නිවන ය යි මනා නුවණින් තතුසේ දක්නා ලදී. ක්‍ෂීණාස්‍රව වූ රහතෙක් නො ද වෙමි. මෙසේ කී කල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරුන්ට “ඇවැත්නි සවිට්ඨයෙනි, මෙසේ කියන ඔබ ආයුෂ්මත් නාරද තෙරුන්ට කුමක් කියහි දැ”යි මෙය කීහ. ඇවැත්නි ආනන්‍දයෙනි, මෙසේ මෙසේ කියන මම ආයුෂ්මත් නාරද තෙරුන්ට යහපතින් තොර කුසලින් තොර කිසිවක් නො කියමි යි.