උපයන්තිසුත්තං
1. 7. 9.
1. 7. 9.
උපයන්තිසුත්තං
උපයන්ති සූත්රය
69. සාවත්ථියං–
69. සැවැත්නුවර–
මහාසමුද්දො භික්ඛවෙ, උපයන්තො මහානදියො උපයාපෙති. මහානදියො උපයන්තියො කුන්නදියො උපයාපෙන්ති. කුන්නදියො උපයාපෙන්තියො මහාසොබ්භෙ උපයාපෙන්ති. මහාසොබ්භා උපයන්තා කුස්සොබ්භෙ උපයාපෙන්ති. එවමෙව ඛො භික්ඛවෙ, අවිජ්ජා උපයන්තී සඞ්ඛාරෙ උපයාපෙති. සඞ්ඛාරා උපයන්තා විඤ්ඤාණං උපයාපෙන්ති. විඤ්ඤාණං උපයන්තං නාමරූපං උපයාපෙති. නාමරූපං උපයන්තං සළායතනං උපයාපෙති. සළායතනං උපයන්තං ඵස්සං උපයාපෙති. ඵස්සො උපයන්තො වෙදනං උපයාපෙති. වෙදනා උපයන්තී තණ්හං උපයාපෙති. තණ්හා උපයන්තී උපාදානං උපයාපෙති. උපාදානං උපයන්තං භවං උපයාපෙති. භවො උපයන්තො ජාතිං උපයාපෙති. ජාති උපයන්තී ජරාමරණං උපයාපෙති.
මහණෙනි, මහමුහුද ගලන්නේ මහාගඞ්ගාවන් පුරවයි. මහාගඞ්ගා ගලන්නාහු කුඩා ගඞ්ගාවන් පුරවත්. කුඩා ගඞ්ගා ගලන්නාහු මහහෙප් පුරවත්. මහහෙප් ගලන්නාහු කුඩා හෙප් පුරවත්. මහණෙනි, එසෙයින් ම අවිද්යාව වැඩෙන්නී සංස්කාර වඩයි. සංස්කාරයෝ වැඩෙන්නාහු විඤ්ඤාණය වඩත්. විඤ්ඤාණය වැඩෙන්නේ නාමරූප වඩයි. නාමරූප වැඩෙන්නේ සළායතන වඩයි. සළායතන වැඩෙන්නේ ඵස්සය වඩයි. ඵස්සය වැඩෙන්නේ වේදනාව වඩයි. වේදනාව වැඩෙන්නී තණ්හාව වඩයි. තණ්හාව වැඩෙන්නී උපාදාන වඩයි. උපාදාන වැඩෙන්නේ භවය වඩයි. භවය වැඩෙන්නේ ජාතිය වඩයි. ජාතිය වැඩෙන්නී ජරාමරණ වඩයි.
මහාසමුද්දො භික්ඛවෙ, අපයන්තො මහානදියො අපයාපෙති. මහානදියො අපයන්තියො කුන්නදියො අපයාපෙන්ති. කුන්නදියො අපයන්තියො මහාසොබ්භෙ අපයාපෙන්ති. මහාසොබ්භා අපයන්තා කුස්සොබ්භෙ අපයාපෙන්ති. එවමෙව ඛො භික්ඛවෙ, අවිජ්ජා අපයන්තී සඞ්ඛාරෙ අපයාපෙති. සඞ්ඛාරා අපයන්තා විඤ්ඤාණං අපයාපෙන්ති. විඤ්ඤාණං අපයන්තං නාමරූපං අපයාපෙති. නාමරූපං අපයන්තං සළායතනං අපයාපෙති. සළායතනං අපයන්තං ඵස්සං අපයාපෙති. ඵස්සො අපයන්තො වෙදනං අපයාපෙති. වෙදනා අපයන්තී තණ්හං අපයාපෙති. තණ්හා අපයන්තී උපාදානං අපයාපෙති. උපාදානං අපයන්තං භවං අපයාපෙති. භවො අපයන්තො ජාතිං අපයාපෙති. ජාති අපයන්තී ජරාමරණං අපයාපෙතීති.
මහණෙනි, මහමුහුද බැස යන්නේ මහාගඞ්ගා බස්වයි. මහාගඞ්ගා බැස යන්නාහු කුඩා ගඞ්ගා බස්වත්. කුඩා ගඞ්ගා බැස යන්නාහු මහහෙබ් බස්වත්. මහහෙබ් බැස යන්නාහු කුඩා හෙබ් බස්වත්. මහණෙනි, එසෙයින් ම අවිද්යාව පහ ව යන්නී සංස්කාර පහ කෙරෙයි. සංස්කාරයෝ පහ ව යන්නාහු විඥානය පහ කෙරෙත්. විඥානය පහ ව යන්නේ නාමරූප පහ කෙරෙයි. නාමරූප පහ ව යන්නේ ෂඩායතන පහ කෙරෙයි. ෂඩායතන පහ ව යන්නේ ස්පර්ශය පහ කෙරෙයි. ස්පර්ශය පහ ව යන්නේ වේදනාව පහ කෙරෙයි. වේදනාව පහ ව යන්නී තෘෂ්ණාව පහ කෙරෙයි. තෘෂ්ණාව පහ ව යන්නී උපාදාන පහ කෙරෙයි. උපාදාන පහ ව යන්නේ භවය පහ කෙරෙයි. භවය පහ ව යන්නේ ජාතිය පහ කෙරෙයි. ජාතිය පහ ව යන්නී ජරාමරණ පහ කෙරේ යි.