යෙදුමෙන් කියවන්න

සුසීමසුත‍්තං

1. 7. 10.

1. 7. 10.

සුසීමසුත‍්තං

සුසීම සූත්‍රය

70. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දක නිවාපෙ. තෙන ඛො පන සමයෙන භගවා සක‍්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. භික‍්ඛුසඞ‍්ඝොපි සක‍්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. අඤ‍්ඤතිත්‍ථියා පන පරිබ‍්බාජකා අසක‍්කතා හොන‍්ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා න ලාභිනො චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං.

70. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරණ ලද සේක් ගරුකාර කරණ ලද සේක් බුහුමන් කරණ ලද සේක් පුදන ලද සේක් යටත් පහත් පැවතුම් දක්වන ලද සේක් සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුලු සේක් වෙති. බික්සඟන ද සත්කාර කරණ ලද්දේ ගරුකාර කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ පුදන කරණ ලද්දේ යටත් පහත් පැවතුම් දක්වන ලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. අන්තොටු පිරිවැජියෝ වනාහි සත්කාර නො කරණ ලද්දාහු ගරුකාර නො කරණ ලද්දාහු බුහුමන් නො කරණ ලද්දාහු නො පුදන ලද්දාහු යටත් පහත් පැවතුම් නො දක්වන ලද්දාහු සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන්නෝ වෙති.

තෙන ඛො පන සමයෙන සුසීමො පරිබ‍්බාජකො රාජගහෙ පටිවසති මහතියා පරිබ‍්බාජකපරිසාය සද‍්ධිං. අථ ඛො සුසීමස‍්ස පරිබ‍්බාජකස‍්ස පරිසා සුසීමං පරිබ‍්බාජකං එතදවොචුං: එහි ත්‍වං ආවුසො සුසීම, සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියං චර. ත්‍වං ධම‍්මං පරියාපුණිත්‍වා අම‍්හෙ වාචෙය්‍යාසි. තං මයං ධම‍්මං පරියාපුණිත්‍වා ගිහීනං භාසිස‍්සාම. එවං මයම‍්පි සක‍්කතා භවිස‍්සාම ගරුකතා මානිතා පූජිතා අපචිතා ලාභිනො චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති. එවමාවුසොති ඛො සුසීමො පරිබ‍්බාජකො සකාය පරිසාය පටිස‍්සුත්‍වා යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සුසීමො පරිබ‍්බාජකො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: ඉච‍්ඡාමහං ආවුසො ආනන්‍ද, ඉමස‍්මිං ධම‍්මවිනයෙ බ්‍රහ‍්මචරියං චරිතුන‍්ති.

එකල්හි සුසීම පිරිවැජි තෙමේ මහත් පිරිස සමග රජගහනුවර වෙසෙයි. ඉක්බිති සුසීම පිරිවැජ්ජාගේ පිරිස සුසීම පිරිවැජ්ජාට මෙසේ කීහ: ඇවැත්නි, සුසිමයෙනි, එනු මැනව, ඔබ මහණ ගොයුම් කෙරෙහි බඹසර හැසිරෙණු මැනව. ඔබ දහම් පිරිවහා අපට කියවනු මැනව. අපි ඒ දහම පිරිවහා ගිහියනට කියන්නෙමු. මෙසේ අපි දු සත්කාර කරණ ලද්දමෝ ගරුකාර කරණ ලද්දමෝ බුහුමන් කරණ ලද්දමෝ පුදන ලද්දමෝ යටත් පහත් පැවතුම් දක්වන ලද්දමෝ සිවුරු පිඬු සෙනසුන් බෙහෙත් පිරිකර ලබන සුල්ලමෝ වන්නෙමු යි. ඇවැත්නි, එසේ ය යි සුසීම පිරිවැජි තෙමේ සිය පිරිසට පිළිතුරු දී ආයුෂ්මත් අනඳ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුසීම පිරිවැජි තෙමේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට “ඇවැත්නි, ආනන්‍දයෙනි, මේ සස්නෙහි බඹසර හැසිරෙන්නට මම කැමැත්තෙමි” යි මෙය කී ය.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො සුසීමං පරිබ‍්බාජකං ආදාය යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: අයං භන‍්තෙ සුසීමො පරිබ‍්බාජකො එවමාහ: “ඉච‍්ඡාමහං ආවුසො ආනන්‍ද, ඉමස‍්මිං ධම‍්මවිනයෙ බ්‍රහ‍්මචරියං චරිතු”න‍්ති. තෙන හානන්‍ද සුසීමං පබ‍්බාජෙථාති. අලත්‍ථ ඛො සුසීමො පරිබ‍්බාජකො භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, අලත්‍ථ උපසම‍්පදං.

එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සුසීම පිරිවැජ්ජා කැඳවා ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹුනහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මේ සුසීම පිරිවැජි තෙමේ ඇවැත්නි, ආනන්‍දයෙනි, මේ සස්නෙහි බඹසර හැසිරෙන්නට මම කැමැත්තෙමි යි මෙසේ කියා”යි මෙය සැළකළහ. ආනන්‍ද, එසේ නම් සුසීම පැවිදි කරවු යි. සුසීම පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලදී. උපසපුව ලදී.

තෙන ඛො පන සමයෙන සම‍්බහුලෙහි භික‍්ඛූහි භගවතො සන‍්තිකෙ අඤ‍්ඤා ව්‍යාකතා හොති “ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමා”ති. අස‍්සොසි ඛො ආයස‍්මා සුසීමො සම‍්බහුලෙහි කිර භික‍්ඛූහි භගවතො සන‍්තිකෙ අඤ‍්ඤා බ්‍යාකතා. “ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමා”ති.

එකල්හි බොහෝ භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දන්මහ”යි අර්‍හත්‍වය ප්‍රකාශ කරණ ලද්දේ වෙයි. ආයුෂ්මත් සුසීම තෙමේ බොහෝ භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනුම්හ”යි අර්‍හත්‍වය ප්‍රකාශ කරණ ලද්දේ ය යි ඇසී ය.

අථ ඛො ආයස‍්මා සුසීමො යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙහි භික‍්ඛූහි සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සුසීමො තෙ භික‍්ඛූ එතදවොච: සච‍්චං කිර ආයස‍්මන‍්තෙහි භගවතො සන‍්තිකෙ අඤ‍්ඤා බ්‍යාකතා “ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමාති. එවමාවුසොති.

ඉක්බිති ආයුෂ්මත් සුසීම තෙමේ ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් සුසීම තෙමේ ඒ භික්‍ෂුන්ට ආයුෂ්මතුන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනුම්හ”යි අර්‍හත්‍වය ප්‍රකාශ කරණ ලද්දේ සැබෑ දැයි මෙය කී ය. ඇවැත්නි ,එසේ ය යි.

අපි නු තුම‍්හෙ ආයස‍්මන‍්තො එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොථ? එකොපි හුත්‍වා බහුධා හොථ. බහුධාපි හුත්‍වා එකො හොථ. ආවීභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානා ගච‍්ඡථ සෙය්‍යථාපි ආකාසෙ. පඨවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොථ සෙය්‍යථාපි උදකෙ. උදකෙපි අභෙජ‍්ජමානෙ ගච‍්ඡථ සෙය්‍යථාපි පඨවියං. ආකාසෙපි පල‍්ලඞ‍්කෙන කමථ සෙය්‍යථාපි පක‍්ඛී සකුණො. ඉමෙපි චන්‍දිමසුරියෙ එවම‍්මහිද‍්ධිකෙ එවම‍්මහානුභාවෙ පාණිනා පරාමසථ පරිමජ‍්ජථ. යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙථාති? නො හෙතං ආවුසො.

ආයුෂ්මත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ තෙපි නන්වැදෑරුම් ඍද්ධි කොටස් විඳිවු ද? (කෙසේ ද යත්:) එකෙක් වීත් බොහෝ අයුරු වවු ද, බොහෝ අයුරු වීත් එකෙක් වවු ද, පැණෙන බවත් නො පැණෙන බවත් කරවු ද, අහසෙහි මෙන් බිතු සරස පවුරු සරස නො ගැටෙමින් යවු ද, දියෙහි මෙන් පොළොවෙහිත් කිමිදීම් මතුවීම් කරවු ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් යවු ද, පියාපත් ඇති පක්‍ෂියෙකු මෙන් අහසෙහිත් පළඟින් හැසිරෙවු ද, මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පරාමර්‍ශන කරවු ද, පිරිමදි වු ද, බඹලොව තෙක් කයින් වශයෙහි පවත්වවු දැ යි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.

අපි නු තුම‍්හෙ ආයස‍්මන‍්තො එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණාථ දිබ‍්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන‍්තිකෙ චාති? නො හෙතං ආවුසො.

ආයුෂ්මත්නි, මෙසේ දන්නා මෙසේ දක්නා තෙපි පිරිසුදු වූ මිනිස් බැව් ඉක්ම පැවති දිව්‍යමය වූ ශ්‍රෝත්‍ර ධාතුවෙන් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් දුර වූත් ලඟ වූත් දෙවැදෑරුම් ශබ්ද අසවු දැයි? ඇවැත්නි, මේ නො වේ ම ය.

අපි නු තුම‍්හෙ ආයස‍්මන‍්තො, එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානාථ? සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානාථ, වීතරාගං වා චිත‍්තං වීතරාගං චිත‍්තන‍්ති පජානාථ. සදොසං වා චිත‍්තං සදොසං චිත‍්තන‍්ති පජානාථ. වීතදොසං වා චිත‍්තං වීතදොසං චිත‍්තන‍්ති පජානාථ, සමොහං වා චිත‍්තං සමොහං චිත‍්තන‍්ති පජානාථ, වීතමොහං වා චිත‍්තං වීතමොහං චිත‍්තන‍්ති පජානාථ, සංඛිත‍්තං වා චිත‍්තං සංඛිත‍්තං චිත‍්තන‍්ති පජානාථ, වික‍්ඛිත‍්තං වා චිත‍්තං වික‍්ඛිත‍්තං චිත‍්තන‍්ති පජානාථ, මහග‍්ගතං වා චිත‍්තං මහග‍්ගතං චිත‍්තන‍්ති පජානාථ, අමහග‍්ගතං වා චිත‍්තං අමහග‍්ගතං චිත‍්තන‍්ති පජානාථ, සඋත‍්තරං වා චිත‍්තං සඋත‍්තරං චිත‍්තන‍්ති පජානාථ, අනුත‍්තරං වා චිත‍්තං අනුත‍්තරං චිත‍්තන‍්ති පජානාථ, සමාහිතං වා චිත‍්තං සමාහිතං චිත‍්තන‍්ති පජානාථ, අසමාහිතං වා චිත‍්තං අසමාහිතං චිත‍්තන‍්ති පජානාථ, විමුත‍්තං වා චිත‍්තං විමුත‍්තං චිත‍්තන‍්ති පජානාථ, අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානාථාති? නො හෙතං ආවුසො.

ආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු තම සිතින් අන් සතුන්ගේ අන්පුඟුලන් සිත පිරිසිඳ දනිවු ද? (කෙසේ ද යත්:) සරාග සිතත් සරාග සිත ය යි දනිවු ද, වීතරාග සිතත් වීතරාග සිත ය යි දනිවු ද, සදෝස සිතත් සදෝස සිත ය යි දනිවු ද, වීතදෝස සිතත් වීතදෝස සිත ය යි දනිවු ද, සමෝග සිතත් සමෝග සිත ය යි දනිවු ද, වීතමෝහ සිතත් වීතමෝහ සිත ය යි දනිවු ද, සඞ්ඛිත්ත සිතත් සඞ්ඛිත්ත සිත ය යි දනිවු ද, වික්ඛිත්ත සිතත් වික්ඛිත්ත සිත ය යි දනිවු ද, මහග්ගත සිතත් මහග්ගත සිත ය යි දනිවු ද, අමහග්ගත සිතත් අමහග්ගත සිත ය යි දනිවු ද, සඋත්තර සිතත් සඋත්තර සිත ය යි දනිවු ද, අනුත්තර සිතත් අනුත්තර සිත ය යි දනිවු ද, සමාහිත සිතත් සමාහිත සිත ය යි දනිවු ද, අසමාහිත සිතත් අසමාහිත සිත ය යි දනිවු ද, විමුත්ත සිතත් විමුත්ත සිත ය යි දනිවු ද, අවිමුත්ත සිතත් අවිමුත්ත සිත ය යි දනිවු දැ යි? ඇවැත්නි, මෙය නො වේ ම ය.

අපි නු තුම‍්හෙ ආයස‍්මන‍්තො, එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරථ? සෙය්‍යථිදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො තිස‍්සොපි ජාතියො චතස‍්සොපි ජාතියො පඤ‍්චපි ජාතියො දසපි ජාතියො වීසම‍්පි ජාතියො තිංසම‍්පි ජාතියො චත‍්තාරීසම‍්පි ජාතියො පඤ‍්ඤාසම‍්පි ජාතියො ජාතිසතම‍්පි ජාතිසහස‍්සම‍්පි ජාතිසතසහස‍්සම‍්පි, අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ අනෙකෙපි විවට‍්ටකප‍්පෙ අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ, ‘අමුත්‍රාසිං එවන‍්නාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවං සුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො අමුත්‍ර උදපාදිං. තත්‍රාපාසිං එවන‍්නාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවං සුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො, සො තතො චුතො ඉධූපපන‍්නො’ති. ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරථාති? නො හෙතං ආවුසො.

ආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු නන් අයුරු වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරවු ද? කෙසේද යත්: එක් ජාතියකුත්, ජාති දෙකකුත්, ජාති තුනකුත්, ජාති සතරකුත්, ජාති පසකුත්, ජාති දසයකුත්, ජාති විස්සකුත්, ජාති තිසකුත්, ජාති සාළිසකුත්, ජාති පණසකුත්, ජාති සියකුත්, ජාති දහසකුත්, ජාති ලක්‍ෂයකුත්, නොයෙක් වැනසෙන කල්පයනුත්, නොයෙක් වැඩෙන කල්පයනුත්, නොයෙක් වැනසෙන වැඩෙන කල්පයනුත් (සිහි කරවු ද?) ‘අසුවල් තැන මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙසේ සුවදුක් විඳිනසුලු වූයෙම්, මෙසේ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් අසුවල් තැන පහළ වූයෙමි. එහි දු මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙසේ සුවදුක් විඳිනසුලු වූයෙම් මෙසේ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් මෙහි උපන්මි’යි මෙසේ ආකාර සහිත උද්දේස සහිත නන් අයුරු වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරවු ද? ඇවැත්නි, මෙය නො වේ ම ය.

අපි නු තුම‍්හෙ ආයස‍්මන‍්තො, එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සථ චවමානෙ උප‍්පජ‍්ජමානෙ. හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාථ? ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා අරියානං උපවාදකා මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා වචීසුචරිතෙන සමන‍්නාගතා මනොසුචරිතෙන සමන‍්නාගතා අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නාති, ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සථ චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාථාති? නො හෙතං ආවුසො.

ආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු පිරිසිදු වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදින්නා වූ ද සත්ත්‍වයන් දකිවු ද? හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද යහපත් ගති අත්තා වූ ද නපුරු ගති අත්තා වූ ද කම් වූ පරිදි පැමිණියා වූ ද සත්ත්‍වයින් දනි වු ද, “මේ පින්වත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්තයහ. වාග්දුශ්චරිතයෙන් යුක්තයහ. මනෝ දුශ්චරිතයෙන් යුක්තයහ. ආර්‍ය්‍යයන්ටඋපවාද කරන්නහු ය. මිසදිටු ගත්තහ. මිසදිටුකම් සමාදන් වූවහුය. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණියහ. මේ පින්වත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්තයහ. වාග්සුචරිතයෙන් යුක්තයහ. මනඃසුචරිතයෙන් යුක්තයහ. ආර්‍ය්‍යයන්ට උපවාද නො කරන්නහු ය. සම්‍යග්දෘෂ්ටි ගත්තහ. සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදන් වූවහුය. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහ”යි මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදින්නා වූ ද සත්ත්‍වයන් දකිවු ද, හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද මනා ගති ඇත්තා වූ ද නපුරු ගති අත්තා වූ ද කම් වූ පරිදි පැමිණියා වූ ද සත්ත්‍වයින් දනි වු ද? ඇවැත්නි, මෙය නො වේ ම ය.

අපි නු තුම‍්හෙ ආයස‍්මන‍්තො, එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා යෙ තෙ සන‍්තා විමොක‍්ඛා අතික‍්කම‍්ම රූපෙ ආරුප‍්පා, තෙ කායෙන ඵුසිත්‍වා විහරථාති? නො හෙතං ආවුසො. එත්‍ථදානි ආයස‍්මන‍්තො, ඉදඤ‍්ච වෙය්‍යාකරණං ඉමෙසඤ‍්ච ධම‍්මානං අසමාපත‍්ති. ඉදං නො ආවුසො කථන‍්ති? පඤ‍්ඤාවිමුත‍්තා ඛො මයං ආවුසො සුසීමාති. න ඛ‍්වාහං ඉමස‍්ස ආයස‍්මන‍්තානං සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. සාධු මෙ ආයස‍්මන‍්තො තථා භාසන‍්තු, යථාහං ඉමස‍්ස ආයස‍්මන‍්තානං සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානෙය්‍යන‍්ති. ආජානෙය්‍යාසි වා ත්‍වං ආවුසො සුසීම, න වා ත්‍වං ආජානෙය්‍යාසි. අථ ඛො පඤ‍්ඤාවිමුත‍්තා මයන‍්ති.

ආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු රූපයෙන් ඉක්ම සිටි යම් ඒ ශාන්ත අරූප විමෝක්‍ෂයෝ වෙත් නම් ඔවුන් කයින් පැහැස වෙසෙවු ද? ඇවැත්නි, මෙය නො වේ ම ය. ආයුෂ්මත්නි, දැන් මෙහි මේ ප්‍රකාශය ද මේ ධර්‍මයන්ට නො පැමිණීම ය. ඇවැත්නි, මෙය කෙසේ වේ ද? ‘ඇවැත් සුසීම, අපි (ශුෂ්ක විදර්‍ශකයමෝ විදර්‍ශනා) ප්‍රඥායෙන් ම මිදුනමෝ වම්හ’යි. ආයුෂ්මතුන් විසින් සැකෙවින් කියන ලද මෙහි අරුත විතර විසින් මම නො ම දනිමි. යම් සේ ආයුෂ්මතුන් විසින් සැකෙවින් කියන ලද මෙහි අරුත විතර විසින් මම දැන ගතහෙම් ද, ආයුෂ්මත්හු මට එසේ කියත්ව යි අයදිමි. ‘ඇවැත් සුසීම, තෝ දැන ගන්නෙහි හෝ නො දැන ගන්නෙහි හෝ (වේවා) අපි වූ කලී ප්‍රඥාමාත්‍රයෙන් ම මිදුනෝ වම්හ’යි.

අථ ඛො ආයස‍්මා සුසීමො උට‍්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සුසීමො යාවතකො තෙහි භික‍්ඛූහි සද‍්ධිං අහොසි කථාසල‍්ලාපො, තං සබ‍්බං භගවතො ආරොචෙසි.

ඉක්බිති ආයුෂ්මත් සුසීම තෙමේ හුනනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සුසීම තෙමේ ඒ භික්‍ෂූන් සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකළේය.

“පුබ‍්බෙ ඛො සුසීම, ධම‍්මට‍්ඨිතිඤාණං, පච‍්ඡා නිබ‍්බානෙ ඤාණන‍්ති.”

“සුසීම, පළමු ම විදර්‍ශනාඥානය වේ. පසුව මාර්‍ගඥානය උපදී.”

න ඛ‍්වාහං භන‍්තෙ, ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. සාධු මෙ භන‍්තෙ, භගවා තථා භාසතු, යථාහං ඉමස‍්ස භගවතා සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානෙය්‍යන‍්ති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මෙහි අරුත විතර විසින් මම නො ම දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මෙහි අරුත විතර විසින් මම යම් සේ දැන ගතහෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එසේ වදාරණ සේක්වායි අයදිමි.

“ආජානෙය්‍යාසි වා ත්‍වං සුසීම, න වා ත්‍වං ආජානෙය්‍යාසි, අථ ඛො ධම‍්මට‍්ඨිති ඤාණං පුබ‍්බෙ, පච‍්ඡා නිබ‍්බානෙ ඤාණං”.

‘සුසීම, තෝ දැන ගන්නෙහි හෝ නො දැන ගන්නෙහි හෝ (වේවා) විදසුන් නුවණ වූ කලී පළමුව උපදී. මඟනුවණ පසුව උපදී.’

තඞ‍්කිම‍්මඤ‍්ඤසි සුසීම, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? ‘අනිච‍්චං භන‍්තෙ’. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? ‘දුක‍්ඛං භන‍්තෙ.’ යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං, “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? ‘නො හෙතං භන‍්තෙ.’ වෙදනා නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ’ -පෙ- සඤ‍්ඤා නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ’ -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වා ති? ‘අනිච‍්චං භන‍්තෙ’ යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? ‘දුක‍්ඛං භන‍්තෙ.’ යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං “එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තාති?” ‘නො හෙතං භන‍්තෙ.’

සුසීම, ඒ කිමැයි හඟිහි ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප හෝ වේද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය ‘මෙය මා ගේ ය. මේ මම වෙමි. මේ මාගේ ආත්මය’යි දක්නට සුදුසු වේ ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’ වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප හෝ වේ ද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම්, එය ‘මෙය මා ගේ ය. මේ මම වෙමි. මේ මාගේ ආත්මය’යි දක්නට සුදුසු වේ ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’

තස‍්මාතිහ සුසීම, යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතංසම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. යා කාචි වෙදනා අතීතානාගත පච‍්චුප‍්පන‍්නා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා අතීතානාගතපච‍්චුප‍්පන‍්නා අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යෙ දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බෙ සඞ‍්ඛාරා “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං විඤ‍්ඤාණං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

සුසීම, එහෙයින් මෙහි ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ලඟ වූ හෝ, අතීතානාගතපච්චුප්පන්න යම් කිසි රූපයෙක් වේ නම් ඒ සියලු රූපය ‘මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය’යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. අතීතානාගතපච්චුප්පන්න වූ යම් කිසි රූපයෙක් වේ ද ... යම් කිසි සංඥාවක් වේ ද ... ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ලඟ වූ හෝ, අතීතානාගතපච්චුප්පන්න යම් කිසි සංස්කාරයෝ වෙත් නම් ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය’යි මෙසේ තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ලඟ වූ හෝ, අතීතානාගතපච්චුප්පන්න විඤ්ඤාණයෙක් වේ නම් ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය’යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි.

එවං පස‍්සං සුසීම සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාති.

සුසීම, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ දක්නේ රූපයෙහි ද කලකිරෙයි. වේදනාවෙහි ද කලකිරෙයි. සංඥාවෙහි ද කලකිරෙයි. සංස්කාරයන්හි ද කලකිරෙයි. විඥානයෙහි ද කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ ය යි දැන්ම වෙයි. ‘ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගනී.

ජාතිපච‍්චයා ජරාමරණන‍්ති සුසීම, පස‍්සසීති? ‘එවං භන‍්තෙ’. භවපච‍්චයා ජාතීති සුසීම, පස‍්සසීති? ‘එවං භන‍්තෙ.’ උපාදානපච‍්චයා භවොති සුසීම, පස‍්සසීති? ‘එවං භන‍්තෙ.’ තණ‍්හාපච‍්චයා උපාදානන‍්ති සුසීම, පස‍්සසීති? ‘එවං භන‍්තෙ.’ වෙදනාපච‍්චයා තණ‍්හාති -පෙ- ඵස‍්සපච‍්චයා වෙදනාති -පෙ- සළායතනපච‍්චයා ඵස‍්සොති -පෙ- නාමරූපපච‍්චයා සළායතනන‍්ති -පෙ- විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති -පෙ- සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්ති -පෙ- අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති සුසීම, පස‍්සසීති? ‘එවං භන‍්තෙ’.

සුසීම, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානවේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ ය යි ... ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ ය යි ... ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වේ ය යි ... නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වේ ය යි ... විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වේ ය යි ... සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වේ ය යි ... සුසීම, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’

ජාතිනිරොධා ජරාමරණනිරොධොති සුසීම, පස‍්සසීති? ‘එවං භන‍්තෙ.’ භවනිරොධා ජාතිනිරොධොති සුසීම, පස‍්සසීති? ‘එවං භන‍්තෙ.’ උපාදානනිරොධා භවනිරොධොති -පෙ- තණ‍්හානිරොධා උපාදානනිරොධොති -පෙ- වෙදනානිරොධා තණ‍්හානිරොධොති -පෙ- ඵස‍්සනිරොධා වෙදනානිරොධොති -පෙ- සළායතනනිරොධා ඵස‍්සනිරොධොති -පෙ- නාමරූපනිරොධා සළායතනනිරොධොති -පෙ- විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධොති -පෙ- සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධොති -පෙ- අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධොති සුසීම, පස‍්සසීති? ‘එවං භන‍්තෙ’.

සුසීම, ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ ... උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ ය යි ... තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ය යි … වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වේ ය යි ... ස්පර්‍ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ ය යි ... ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වේ ය යි ... නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ ය යි ... විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය යි ... සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ ය යි ... සුසීම, අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’

අපි නු ත්‍වං සුසීම, එවං ජානන‍්තො එවං පස‍්සන‍්තො අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොසි? – එකොපි හුත්‍වා බහුධා හොසි, බහුධාපි හුත්‍වා එකො හොසි, ආවීභාවං තිරොභාවං, තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡසි සෙය්‍යථාපි ආකාසෙ, පඨවියම‍්පි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොසි සෙය්‍යථාපි උදකෙ, උදකෙපි අභෙජ‍්ජමානෙ ගච‍්ඡසි සෙය්‍යථාපි පඨවියං, ආකාසෙපි පල‍්ලඞ‍්කෙන කමසි සෙය්‍යථාපි පක‍්ඛී සකුණො, ඉමෙපි චන්‍දිම සූරියෙ එවම‍්මහිද‍්ධිකෙ එවම‍්මහානුභාවෙ පාණිනා පරාමසසි පරිමජ‍්ජසි, යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙසීති? ‘නො හෙතං භන‍්තෙ.’

සුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි නන් අයුරු වූ ඍද්ධි කොටස් විඳිහි ද? (එනම්:) එකෙක් වී බොහෝ අයුරුත් වෙහි ද, බොහෝ අයුරු වී එකෙකුත් වෙහි ද, පැණෙන බවත් නො පැණෙන බවත් (කෙරෙහි ද), අහසෙහි මෙන් බිතු සරස පවුරු සරස, පවු සරස නො ගැටෙමින් යෙහි ද, දියෙහි මෙන් පොළොවෙහිත් මතුවීම් කිමිදීම් කෙරෙහි ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් යෙහි ද, පියාපත් ඇති පක්‍ෂියෙකු මෙන් අහසෙහිත් පළඟින් යෙහි ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පරාමර්‍ශනය කෙරෙහි ද, පිරිමදි හි ද, බඹලොව තෙක් දු කයින් වශයෙහි පවත්වහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’

අපි නු ත්‍වං සුසීම, එවං ජානන‍්තො එවං පස‍්සන‍්තො දිබ‍්බාය සොත ධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණාසි දිබ‍්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන‍්තිකෙ චාති? ‘නො හෙතං භන‍්තෙ.’

සුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි පිරිසුදු වූ මිනිස් බැව් ඉක්ම සිටි දිව්‍යමය වූ ශ්‍රෝත්‍ර ධාතුවෙන් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් දුර වූත් ලඟ වූත් දෙවැදෑරුම් ශබ්ද අසහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’

අපි නු ත්‍වං සුසීම, එවං ජානන‍්තො එවං පස‍්සන‍්තො පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානාසි: සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානාසි -පෙ- අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානාසීති? ‘නො හෙතං භන‍්තෙ.’

සුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි තම සිතින් අන් සතුන්ගේ අන් පුඟුලන්ගේ සිත පිරිසිඳ දනිහි ද? සරාග වූ හෝ සිත සරාග සිත ය යි දනිහි ද, ... විමුත්ත වූ හෝ සිත විමුත්ත සිත ය යි දනිහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’

අපි නු ත්‍වං සුසීම, එවං ජානන‍්තො එවං පස‍්සන‍්තො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරසි: සෙය්‍යථිදං – එකම‍්පි ජාතිං -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරසීති? ‘නො හෙතං භන‍්තෙ.’

සුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි නන් අයුරු වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙහි ද? කෙසේද යත්: එක් ජාතියකුත් ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත නන් අයුරු වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’

අපි නු ත්‍වං සුසීම, එවං ජානන‍්තො එවං පස‍්සන‍්තො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සසි චවමානෙ උප‍්පජ‍්ජමානෙ -පෙ- යථා කම‍්මූපගෙ සත‍්තෙ පජානාසීති? ‘නො හෙතං භන‍්තෙ.’

සුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි පිරිසුදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදින්නා වූ ද සත්ත්‍වයින් දකිහි ද ... කම් වූ පරිදි පැමිණි සත්ත්‍වයින් දකිහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’

අපි නු ත්‍වං සුසීම, එවං ජානන‍්තො එවං පස‍්සන‍්තො යෙ තෙ සන‍්තා විමොක‍්ඛා අතික‍්කම‍්ම රූපෙ ආරුප‍්පා තෙ කායෙන ඵුසිත්‍වා විහරසීති? ‘නො හෙතං භන‍්තෙ.’

සුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි රූපයන් ඉක්මවා සිටි යම් ඒ ශාන්ත අරූප විමෝක්‍ෂයෝ වෙත් නම් ඔවුන් කයින් පැහැස වෙසෙහි ද? ‘වහන්ස, මෙය නො වේ මැ යි.’

එත්‍ථදානි සුසීම, ඉදඤ‍්ච වෙය්‍යාකරණං ඉමෙසඤ‍්ච ධම‍්මානං අසමාපත‍්ති. ඉදං නො සුසීම, කථන‍්ති?

සුසීම, දැන් මෙහි මේ ප්‍රකාශය ද මේ ධර්‍මයන්ට නො පැමිණීම ය. සුසීම මෙය කෙසේ වේ ද?

අථ ඛො ආයස‍්මා සුසීමො භගවතො පාදෙසු සිරසා නිපතිත්‍වා භගවන‍්තං එතදවොච: “අච‍්චයො මං භන‍්තෙ, අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථාඅකුසලං, යො’හං එවං ස‍්වාක‍්ඛාතො ධම‍්මවිනයෙ ධම‍්මත්‍ථෙනකො පබ‍්බජිතො. තස‍්ස මෙ භන‍්තෙ, භගවා අච‍්චයං අච‍්චයතො පතිගණ‍්හාතු ආයතිං සංවරායා”ති.

එකල්හි ආයුෂ්මත් සුසීම තෙමේ භාග්‍යවතුන් වහන්සේ පා ළඟ හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැළ කළේය: වහන්ස, ‘යම්බඳු මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි දහම් සොරකුව පැවිදි වූයෙම් ද, බාලයකු මෙන් මෝඩයකු මෙන් අදක්‍ෂයකු මෙන් වරද ඒ මා ඉක්ම ගියේය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද ආයති සංවරය පිණිස වරද වශයෙන් පිළිගන්නා සේක් වා’ යි.

තග‍්ඝ ත්‍වං සුසීම, අච‍්චයො අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථා අකුසලං, යො ත්‍වං එවං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ ධම‍්මත්‍ථෙනකො පබ‍්බජිතො. සෙය්‍යථාපි සුසීම, චොරං ආගුචාරිං ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙය්‍යුං ‘අයං තෙ දෙව චොරො ආගුචාරී. ඉමස‍්ස යං ඉච‍්ඡසි තං දණ‍්ඩං පණෙහී’ති. තමෙනං රාජා එවං වදෙය්‍ය: “ගච‍්ඡථ භො ඉමං පුරිසං දළ‍්හාය රජ‍්ජුයා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා ඛුරමුණ‍්ඩකං කරිත්‍වා ඛරස‍්සරෙන පණවෙන රථියාය රථියං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිණෙත්‍වා දක‍්ඛිණෙන ද‍්වාරෙන නික‍්ඛාමෙත්‍වා දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡින්‍දථා”ති . තමෙනං රඤ‍්ඤො පුරිසා දළ‍්හාය රජ‍්ජුයා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා ඛුරමුණ‍්ඩං කරිත්‍වා ඛරස‍්සරෙන පණවෙන රථියාය රථියං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිණෙත්‍වා දක‍්ඛිණෙන ද‍්වාරෙන නික‍්ඛාමෙත්‍වා දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡින්‍දෙය්‍යුං.

සුසීම, යම්බඳු තෝ මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි දහම් සොරකුව පැවිදි වූයෙහි ද, බාලයකු මෙන් මෝඩයකු මෙන් අදක්‍ෂයකු මෙන් වරද ඒකාන්තයෙන් තා ඉක්ම ගියේය. සුසීම, යම් සේ අපරාධකාරී සොරකු ගෙන ‘දේවයන් වහන්ස, මේ ඔබ වහන්සේට අපරාධ කළ සොරෙකි. මොහුට යම් දණ්ඩනයක් රිසියෙහි නම් පණවනු මැනැවැ’ යි රජුට දක්වන්නාහු ද, රජ තෙමේ ඒ ඔහුට මෙසේ කියන්නේ ය: ‘පින්වත්නි, යවු. මේ පුරුෂයා දැඩි රැහැණින් පිටිතල හයා දැඩි බැම්මෙන් බැඳ ක්‍ෂුරයෙන් හිස මුදු කොට රළු හඬැති පණාබෙරින් වීදියෙන් වීදියට සිවුමංසලින් සිවුමංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු පසෙහි දී හිස ගසා ලවු’යි. රාජපුරුෂයෝ ඒ ඔහු දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැම්මෙන් බැඳ ක්‍ෂුරයෙන් හිස මුදු කොට රළුහඩ ඇති පණාබෙරින් වීදියෙන් වීදියට සිවුමංසලින් සිවුමංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු පසෙහි දී හිස සිඳින්නාහු ය.

තං කිං මඤ‍්ඤසි සුසීම, අපි නු සො පුරිසො තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයෙථාති? ‘එවං භන‍්තෙ’.

සුසීම, ඒ කිමැයි හඟිහි ද. ඒ පුරුෂ තෙමේ ඒ හේතු කොට දුකක් දොම්නසක් විඳින්නේ දැයි? ‘වහන්ස, එසේ ය.’

යඞ‍්ඛො සො සුසීම, පුරිසො තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයෙථ, යා ච එවං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ ධම‍්මත්‍ථෙනකස‍්ස පබ‍්බජ‍්ජා, අයං තතො දුක‍්ඛවිපාකතරා ච කටුකවිපාකතරා ච. අපි ච විනිපාතාය සංවත‍්තති. යතො ච ඛො ත්‍වං සුසීම, අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොසි, තං තෙ මයං පටිගණ‍්හාම. වුද‍්ධි හෙසා සුසීම, අරියස‍්ස විනයෙ යො අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොති, ආයතිඤ‍්ච සංවරං ආපජ‍්ජතීති.

සුසීම, ඒ පුරුෂ තෙමේ ඒ හේතුවෙන් යම්බඳු දුකක් දොම්නසක් විඳින්නේ ද, මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි දහම් සොරකුගේ යම් පැවිද්දක් වේ ද, මේ පැවිද්ද ඒ දුකට වඩා අතිශයින් දුක්විපාක ඇත්තේ ද, අතිශයින් කටුක විපාක ඇත්තේ ද වෙයි. වැලිදු නිරය පිණිස ද පවතී. සුසීම, යම් හෙයකින් තෝ වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කෙරෙහි ද, තාගේ ඒ වරද පිළිගණුම්හ. සුසීම, යමෙක් වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කෙරේ නම් ආයති සංවරයටත් පැමිණේ නම් ආර්‍ය්‍යවිනයෙහි මේ වැඩීමෙක් ම ය.

මහාවග‍්ගො සත‍්තමො.

මහා වර්‍ගය සත් වැනි යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය :

ද‍්වෙ අස‍්සුතවතා වුත‍්තා පුත‍්තමංසෙන චාපරං, අත්‍ථිරාගො ච නගරං සම‍්මසනනළකලාපියං, කොසම‍්බි උපයන‍්ති ච දසමො සුසීමෙනාති.

අස්සුතවන්තු සූත්‍ර දෙක ද, පුත්තමංස, අත්‍ථිරාග, නගර, සම්මසන, නළකලාපි , කෝසම්බි , උපයන්ති, සුසීම සූත්‍ර දැ යි සූත්‍ර දශයෙකි.