ජරාමරණසුත්තං
1. 8. 1.
1. 8. 1.
ජරාමරණසුත්තං
ජරාමරණ සූත්‍රය
71. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා -පෙ- එතදවොච:
71. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ... මෙය වදාළ සේක:
යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං නප්පජානන්ති, ජරාමරණසමුදයං නප්පජානන්ති, ජරාමරණනිරොධං නප්පජානන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති. නමෙතෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණ සම්මතා, බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා, න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ජරාමරණ සමුදය නො දනිත් ද, ජරාමරණ නිරෝධය නො දනිත් ද, ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි දු ශ්‍රමණයෝ ය යි සම්මත නො වෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි දු බ්‍රාහ්මණයෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණ දමෙහි ඵලය හෝ බමුණු දමෙහි ඵලය හෝ මේ අත්බැව්හි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාසය නො කෙරෙති.
යෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං පජානන්ති, ජරාමරණසමුදයං පජානන්ති, ජරාමරණනිරොධං පජානන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානන්ති. තෙ ඛොමෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා, බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ දනිත් ද, ජරාමරණසමුදය දනිත් ද, ජරාමරණනිරෝධය දනිත් ද, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත් ද, මහණෙනි, ඒ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි දු මහණෝ ය යි සම්මත වෙති. බමුණන් කෙරෙහි දු බමුණෝ ය යි සම්මත වෙති. ඒ ආයුෂ්මත්හු මහණදමේ ඵලයත් බමුණු දමෙහි ඵලයත් මේ අත්බැව්හි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙති යි.