නගරසුත්තං
1. 7. 5.
1. 7. 5.
නගරසුත්තං
නගර සූත්‍රය
65. සාවත්ථියං–
65. සැවැත්නුවර–
පුබ්බෙව මෙ භික්ඛවෙ සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: “කිච්ඡං වතායං ලොකො ආපන්නො ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ්ජති ච. අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං න පජානාති ජරාමරණස්ස. කුදාස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරාමරණස්සා”ති. තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො සති ජරාමරණං හොති, කිංපච්චයා ජරාමරණන්ති.” තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො “ජාතියා ඛො සති ජරාමරණං හොති. ජාතිපච්චයා ජරාමරණ”න්ති.
මහණෙනි, සම්බෝධියෙන් පෙර බුදු නො වූ බෝසත් වූ ම මට මේ සිත විය: “මේ ලෝකයා ඒකාන්තයෙන් දුකට පැමිණියේ ය. උපදී. දිරයි. මියෙයි. ච්‍යුත ද වෙයි. (අන් භවයකට ද) පැමිණෙයි. එහෙත් මේ ජරාමරණ දුක දුරලීම නො දනී. කවදා නම් මේ ජරාමරණ දුකේ දුරලීම පෙනෙන්නේ දැ”යි. මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කවර ප්රත්යයකින් ජරාමරණ වේ දැ”යි මේ සිත පහළ විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නුඛො සති ජාති හොති -පෙ- භවො හොති -පෙ- උපාදානං හොති -පෙ- තණ්හා හොති -පෙ- වෙදනා හොති -පෙ- ඵස්සො හොති -පෙ- සළායතනං හොති -පෙ- කිම්හි නු ඛො සති නාමරූපං හොති, කිම්පච්චයා නාමරූප”න්ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “විඤ්ඤාණෙ ඛො සති නාමරූපං හොති. විඤ්ඤාණපච්චයා නාමරූප”න්ති.
මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජාතිය වේ ද ... භවය වේ ද ... උපාදාන වේ ද ... තණ්හාව වේ ද, වේදනාව වේ ද ... ස්පර්ශය වේ ද ... සළායතන වේ ද ... කුමක් ඇති කල්හි නාමරූප වේ ද කවර ප්රත්යයකින් නාමරූප වේ දැ”යි, මේ සිත පහළ විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “විඤ්ඤාණය ඇති කල්හි නාමරූප වෙයි. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො සති විඤ්ඤාණං හොති, කිම්පච්චයා විඤ්ඤාණ”න්ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො සති විඤ්ඤාණං හොති, නාමරූපපච්චයා විඤ්ඤාණ”න්ති.
මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි විඤ්ඤාණය වේ ද, කවර ප්රත්යයකින් විඤ්ඤාණය වේ දැ”යි මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “නාමරූප ඇති කල්හි විඤ්ඤාණය වෙයි. නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “පච්චුදාවත්තති ඛො ඉදං විඤ්ඤාණං, නාමරූපම්හා න පරං ගච්ඡති. එත්තාවතා ජායෙථ වා ජීයෙථ වා මීයෙථ වා චවෙථ වා උපපජ්ජෙථ වා යදිදං නාමරූපපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී”ති. -
මහණෙනි, ඒ මට “මේ විඤ්ඤාණය වූ කලී එහි නවතියි. නාමරූප දෙකෙන් ඔබ්බට නො යේ. මේ ක්‍රමයෙන් උපදිනේ හෝ වෙයි. දිරන්නේ හෝ වෙයි. මියෙන්නේ හෝ වෙයි. ච්‍යුත වන්නේ හෝ වෙයි. (අන් භවයකට) පැමිණෙන්නේ හෝ වෙයි. එනම්: නාමරූප ප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැනීම වේ”යි මේ සිත පහළ වි ය.
“සමුදයො සමුදයො”ති ඛො මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
මහණෙනි, “සමුදය සමුදය” යි පෙර නො ඇසූ විරූ දහම්හි මට නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො අසති ජරාමරණං න හොති, කිස්ස නිරොධා ජරාමරණනිරොධො”ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ජාතියා ඛො අසති ජරාමරණං න හොති, ජාතිනිරොධා ජරාමරණනිරොධො”ති.
මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ජරාමරණ නො වේ ද, කුමක් නිරුද්ධ වීමෙන් ජරාමරණ නිරෝධය වේ දැ”යි, මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ. ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි “කිම්හි නු ඛො අසති ජාති න හොති -පෙ- භවො න හොති -පෙ- උපාදානං න හොති -පෙ- තණ්හා න හොති -පෙ- වෙදනා න හොති -පෙ- ඵස්සො න හොති -පෙ- සළායතනං න හොති -පෙ- නාමරූපං න හොති. කිස්ස නිරොධා නාමරූපනිරොධො”ති? තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “විඤ්ඤාණෙ ඛො අසති නාමරූපං න හොති. විඤ්ඤාණනිරොධා නාමරූප නිරොධො”ති .
මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ජාතිය නො වේ ද .. භවය නො වේ ද ... උපාදාන නො වේ ද ... තණ්හාව නො වේ ද ... වේදනාව නො වේ ද ... ස්පර්ශය නො වේ ද ... ෂඩායතන නො වේ ද … නාමරූප නො වේ ද … කුමක නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ දැ”යි, මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “විඤ්ඤාණය නැති කල්හි නාමරූප නො වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො අසති විඤ්ඤාණං න හොති, කිස්ස නිරොධා විඤ්ඤාණනිරොධො”ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො අසති විඤ්ඤාණං න හොති, නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො”ති.
මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි විඤ්ඤාණය නො වේ ද, කුමක නිරෝධයෙන් විඤ්ඤාණය නිරෝධය වේ දැ”යි, මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “නාමරූප නැති කල්හි විඤ්ඤාණය නො වේ. නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “අධිගතො ඛො ම්යායං මග්ගො බොධාය යදිදං නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො නාමරූපනිරොධා සළායතනනිරොධො සළායතනනිරොධා ඵස්සනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.
මහණෙනි, ඒ මට “නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ. සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය”යි මේ යමෙක් වේ ද, සම්බෝධිය පිණිස වූ මේ මාර්ගය මා විසින් අවබෝධ කරණ ලද්දේ ම ය යි මේ සිත පහළ විය.
“නිරොධො නිරොධො”ති ඛො මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
මහණෙනි, “නිරෝධය නිරෝධය” යි පෙර නො ඇසූ විරූ දහම්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය.
සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො අරඤ්ඤෙ පවනෙ චරමානො පස්සෙය්ය පුරාණං මග්ගං පුරාණඤ්ජසං පුබ්බකෙහි මනුස්සෙහි අනුයාතං. සො තමනුගච්ඡෙය්ය, තමනුගච්ඡන්තො පස්සෙය්ය පුරාණං නගරං, පුරාණං රාජධානිං පුබ්බකෙහි මනුස්සෙහි අජ්ඣාවුත්ථං ආරාමසම්පන්නං වනසම්පන්නං පොක්ඛරණීසම්පන්නං උද්දාපං රමණීයං. අථ ඛො සො භික්ඛවෙ, පුරිසො රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා ආරොචෙය්ය: “යග්ඝෙ භන්තෙ, ජානෙය්යාසි අහං අද්දසං අරඤ්ඤෙ පවනෙ චරමානො පුරාණං මග්ගං පුරාණඤ්ජසං පුබ්බකෙහි මනුස්සෙහි අනුයාතං. තමනුගච්ඡිං. තමනුගච්ඡන්තො අද්දසං පුරාණං නගරං, පුරාණං රාජධානිං පුබ්බකෙහි මනුස්සෙහි අජ්ඣාවුත්ථං ආරාමසම්පන්නං වනසම්පන්නං පොක්ඛරණීසම්පන්නං උද්දාපං රමණීයං. තම්භන්තෙ නගරං මාපෙහීති.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් අරණෙහි මහවෙනෙහි හැසිරෙන්නේ පෙර වුසූ මිනිසුන් විසින් අනුගමනය කරණ ලද පැරණි මගක්, පැරණි මාවතක් දක්නේ ද, හෙතෙමේ එය අනුව යන්නේ ය. එය අනුව යන්නේ පෙර මිනිසුන් වුසූ මල් උයනින් යුත්, වන උයනින් යුත්, පොකුණින් යුත්, පවුරු ඇති සිත්කලු වූ පැරණි නුවරක්, පැරණි රාජධානියක් දක්නේ ය. මහණෙනි, ඉක්බිති ඒ පුරිස් තෙමේ රජුට හෝ රජමහඇමැතිහට හෝ “පින්වත් හිමියනි, දන්නෙහි ය. මම අරණෙහි මහවෙනෙහි හැසිරෙන්නෙම් පෙර වුසූ මිනිසුන් විසින් අනුගමනය කරණ ලද පැරණි මගක්, පැරණි මාවතක් දැක්කෙමි. එය අනුගමනය කළෙමි. එය අනුගමනය කරන්නෙම් පෙර මිනිසුන් වුසූ, මල් උයනින් යුත්, වන උයනින් යුත්, පොකුණින් යුත්, පවුරු ඇති සිත්කලු වූ පැරණි නුවරක්, පැරණි රාජධානියක් දැක්කෙමි. හිමියනි, එය නගරයක් කරණු මැනවැ”යි සැළ කරන්නේ ය.
අථ ඛො භික්ඛවෙ, රාජා වා රාජමහාමත්තො වා තං නගරං මාපෙය්ය. තදස්ස නගරං අපරෙන සමයෙන ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බාහුජඤ්ඤං ආකිණ්ණමනුස්සං වුද්ධිං වෙපුල්ලප්පත්තං. එවමෙව ඛ්වාහං භික්ඛවෙ අද්දසං පුරාණං මග්ගං පුරාණඤ්ජසං පුබ්බකෙහි සම්මාසම්බුද්ධෙහි අනුයාතං.
මහණෙනි, ඉක්බිති රජ හෝ රජමහඇමැති හෝ එය නගරයක් කරන්නේ ය. ඒ නුවර පසුකලෙක සමෘද්ධ වූයේ ද, සියලු සම්පතින් පිරුණේ ද, බොහෝ දෙනා විසින් දත යුතු වූයේ නොහොත් බොහෝ දෙනාට හිත වූයේ ද, මිනිසුන් විසින් ගැවසී ගත්තේ ද, වැඩීමට විපුලත්වයට පැමිණියේ ද වන්නේ ය. මහණෙනි, එසෙයින් ම මම පෙර වුසූ සම්මාසම්බුදුවරයන් විසින් අනුගමනය කරණ ලද පැරණි මග, පැරණි මාවත දැක්කෙමි.
කතමො ච සො භික්ඛවෙ, පුරාණමග්ගො පුරාණඤ්ජසො පුබ්බකෙහි සම්මාසම්බුද්ධෙහි අනුයාතො? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො සො භික්ඛවෙ පුරාණමග්ගො පුරාණඤ්ජසො පුබ්බකෙහි සම්මාසම්බුද්ධෙහි අනුයාතො.
මහණෙනි, පෙර වුසූ සම්මාසම්බුදුවරයන් විසින් අනුගමනය කරණ ලද පැරණි මග, පැරණි මාවත කවරේ ද යත්: මේ අරිඅටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, ඒ මේ පැරණි මග, පැරණි මාවත පෙර වුසූ සම්මාසම්බුදුවරයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය .
තමනුගච්ඡිං, තමනුගච්ඡන්තො ජරාමරණං අබ්භඤ්ඤාසිං, ජරාමරණ සමුදයං අබ්භඤ්ඤාසිං, ජරාමරණනිරොධං අබ්භඤ්ඤාසිං, ජරාමරණනිරොධගාමිනීපටිපදං අබ්භඤ්ඤාසිං. තමනුගච්ඡිං, තමනුගච්ඡන්තො ජාතිං අබ්භඤ්ඤාසිං -පෙ- භවං අබ්භඤ්ඤාසිං -පෙ- උපාදානං අබ්භඤ්ඤාසිං -පෙ- තණ්හං අබ්භඤ්ඤාසිං -පෙ- වෙදනං අබ්භඤ්ඤාසිං -පෙ- ඵස්සං අබ්භඤ්ඤාසිං -පෙ- සළායතනං අබ්භඤ්ඤාසිං -පෙ- නාමරූපං අබ්භඤ්ඤාසිං -පෙ- විඤ්ඤාණං අබ්භඤ්ඤාසිං -පෙ- විඤ්ඤාණනිරොධගාමිනීපටිපදං අබ්භඤ්ඤාසිං, තමනුගච්ඡිං. තමනුගච්ඡන්තො සඞ්ඛාරෙ අබ්භඤ්ඤාසිං, සඞ්ඛාරසමුදයං අබ්භඤ්ඤාසිං, සඞ්ඛාරනිරොධං අබ්භඤ්ඤාසිං, සඞ්ඛාරනිරොධගාමිනීපටිපදං අබ්භඤ්ඤාසිං.
(මම) එය අනුගමනය කෙළෙමි. එය අනුගමනය කරණුයෙම් ජරාමරණ දැන ගත්තෙමි. ජරාමරණ සමුදය දැන ගත්තෙමි. ජරාමරණ නිරෝධය දැන ගත්තෙමි. ජරාමරණ නිරොධගාමිනී පටිපදාව දැන ගත්තෙමි. එය අනුගමනය කෙළෙමි. එය අනුගමනය කරණුයෙම් ජාතිය දැන ගත්තෙමි ... භවය දැන ගත්තෙමි ... උපාදාන දැන ගත්තෙමි ... තණ්හාව දැන ගත්තෙමි ... වේදනාව දැන ගත්තෙමි ... ඵස්සය දැන ගත්තෙමි ... සළායතන දැන ගත්තෙමි ... නාමරූප දැන ගත්තෙමි ... විඤ්ඤාණය දැන ගත්තෙමි ... විඤ්ඤාණ නිරොධගාමිනී පටිපදාව දැන ගත්තෙමි. එය අනුගමනය කෙළෙමි. එය අනුගමනය කරණුයෙම් සඞ්ඛාර දැන ගත්තෙමි. සඞ්ඛාර සමුදය දැන ගත්තෙමි. සඞ්ඛාර නිරෝධය දැන ගත්තෙමි. සඞ්ඛාර නිරොධගාමිනී පටිපදාව දැන ගත්තෙමි.
තදභිඤ්ඤා ආචික්ඛිං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. තයිදං භික්ඛවෙ බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාවදෙව මනුස්සෙහි සුප්පකාසිතන්ති.
එය මැනවින් දැන ගෙන මහණුන්ට ද මෙහෙණන්ට ද උවසුන්ට ද උවැසියන්ට ද ප්‍රකාශ කෙළෙමි. මහණෙනි, ඒ මේ බඹසර සමෘද්ධ වූයේ ද, සියල්ලෙන් පිරුණේ ද, පැතුරුණේ ද, බෝ දෙනා විසින් දත යුතු වූයේ ද, හැම අයුරින් පුලුල් බවට පැමිණියේ ද, ඇති තාක් නුවණැති මිනිසුන් විසින් ප්‍රකාශ කරණ ලද්දේ ද වේ යි.