අත්‍ථිරාගසුත‍්තං
1. 7. 4.
1. 7. 4.
අත්‍ථිරාගසුත‍්තං
අත්‍ථිරාග සූත්‍රය
64. සාවත්‍ථියං–
64. සැවැත්නුවර–
චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ආහාරා භූතානං වා සත‍්තානං ඨිතියා සම‍්භවෙසීනං වා අනුග‍්ගහාය. කතමෙ චත‍්තාරො? කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස‍්සො දුතියො, මනොසඤ‍්චෙතනා තතියා, විඤ‍්ඤාණං චතුත්‍ථං. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ආහාරා භූතානං වා සත‍්තානං ඨිතියා සම‍්භවෙසීනං වා අනුග‍්ගහාය.
මහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිස හා ඉපදීම අපේක්‍ෂා කරණ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිස ද මේ ආහාර සතරෙකි. කවර සතරෙක් ද? යත්: ඖදාරික වූ හෝ සුඛුම වූ හෝ කබලීකාර ආහාරය, දෙවෙනි ඵස්සාහාර ය, තෙවෙනි වූ මනෝසඤ්චේතනාහාර ය, සිවුවැනි වූ විඤ්ඤාණානාහාර ය යි. මහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත් ඉපදීම අපේක්‍ෂා කරණ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතර වේ.
කබලීකාරෙ චෙ භික‍්ඛවෙ, ආහාරෙ අත්‍ථි රාගො අත්‍ථි නන්‍දී අත්‍ථි තණ‍්හා. පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං විරූළ‍්හං. යත්‍ථ පතිට‍්ඨිතං විඤ‍්ඤාණං විරූළ‍්හං අත්‍ථි තත්‍ථ නාමරූපස‍්ස අවක‍්කන‍්ති. යත්‍ථ අත්‍ථි නාමරූපස‍්ස අවක‍්කන‍්ති, අත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුද‍්ධි. යත්‍ථ අත්‍ථි සඞ‍්ඛාරානං වුද‍්ධි, අත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. යත්‍ථ අත්‍ථි ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති, අත්‍ථි තත්‍ථ ආයතිං ජාතිජරාමරණං. යත්‍ථ අත්‍ථි ආයතිං ජාතිජරාමරණං, සසොකං තං භික‍්ඛවෙ සදරං සඋපායාසන‍්ති වදාමි.
මහණෙනි, ඉදින් කබලීකාර ආහාරයෙහි රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් එහි තෘෂ්ණාව ඇත්තේ නම් විඤ්ඤාණය පිහිටියේ ද වැඩුනේ ද වේ. යම් තැනෙක විඤ්ඤාණය පිහිටියේ ද, වැඩුනේ ද, එහි නාමරූපයාගේ බැස ගැන්ම ඇත්තේය. යම් තැනෙක නාමරූපයාගේ බැස ගැන්ම ඇත්තේ ද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ද, එහි මතු නැවත හටගැණීම ඇත්තේ ය. යම් තැනෙක මතු නැවත හටගැණීම ඇත්තේ ද, එහි මතු ජාතිජරාමරණ ඇත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ ඇත්තේ ද, මහණෙනි, එය ශෝක සහිත ය. (කෙලෙස්) පීඩා සහිතය. දැඩි ආයාස සහිත ය යි කියමි.
ඵස‍්සෙ චෙ භික‍්ඛවෙ, ආහාරෙ -පෙ- මනොසඤ‍්චෙතනාය චෙ භික‍්ඛවෙ ආහාරෙ -පෙ- විඤ‍්ඤාණෙ චෙ භික‍්ඛවෙ, ආහාරෙ අත්‍ථි රාගො අත්‍ථි නන්‍දී අත්‍ථි තණ‍්හා. පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං විරූළ‍්හං. යත්‍ථ පතිට‍්ඨිතං විඤ‍්ඤාණං විරූළ‍්හං, අත්‍ථි තත්‍ථ නාමරූපස‍්ස අවක‍්කන‍්ති. යත්‍ථ අත්‍ථි නාමරූපස‍්ස අවක‍්කන‍්ති, අත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුද‍්ධි. යත්‍ථ අත්‍ථි සඞ‍්ඛාරානං වුද‍්ධි, අත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. යත්‍ථ අත්‍ථි ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. අත්‍ථි තත්‍ථ ආයතිං ජාතිජරාමරණං. යත්‍ථ අත්‍ථි ආයතිං ජාතිජරාමරණං, සසොකං තං භික‍්ඛවෙ සදරං සඋපායාසන‍්ති වදාමි.
මහණෙනි, ඉදින් ස්පර්‍ශාහාරයෙහි ... මහණෙනි, ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් තණ්හාව ඇත්තේ නම් එහි විඤ්ඤාණය පිහිටියේ ද වැඩුනේ ද වෙයි. යම් තැනෙක විඤ්ඤාණය පිහිටියේත්, වැඩුනේත් වේ ද, එහි නාමරූපයාගේ බැස ගැන්ම ඇත්තේය. යම් තැනෙක නාමරූපයාගේ බැස ගැන්ම ඇත්තේ ද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ද, එහි මතු නැවත ඉපදීම ඇත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම ඇත්තේ ද, එහි මතු ජාතිජරාමරණ ඇත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ ඇත්තේ ද, මහණෙනි, එය ශෝක සහිත ය. පීඩා සහිතය. දැඩි ආයාස සහිත ය යි කියමි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, රජකො වා චිත‍්තකාරො වා සති රජනාය වා ලාඛාය වා හළිද‍්දියා වා නීලියා වා මඤ‍්ජිට‍්ඨාය වා සුමට‍්ඨෙ වා ඵලකෙ වා භිත‍්තියා වා දුස‍්සපටෙ ‘වා ඉත්‍ථිරූපං වා පුරිසරූපං වා අභිනිම‍්මිණෙය්‍ය සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, කබලීකාරෙ චෙ ආහාරෙ අත්‍ථි රාගො අත්‍ථි නන්‍දී අත්‍ථි තණ‍්හා: පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං විරූළ‍්හං. යත්‍ථ පතිට‍්ඨිතං විඤ‍්ඤාණං විරූළ‍්හං, අත්‍ථි තත්‍ථ නාමරූපස‍්ස අවක‍්කන‍්ති. යත්‍ථ අත්‍ථි නාමරූපස‍්ස අවක‍්කන‍්ති, අත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුද‍්ධි. යත්‍ථ අත්‍ථි සඞ‍්ඛාරානං වුද‍්ධි, අත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. යත්‍ථ අත්‍ථි ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති, අත්‍ථි තත්‍ථ ආයතිං ජාතිජරාමරණං. යත්‍ථ අත්‍ථි ආයතිං ජාතිජරාමරණං සසොක තං භික‍්ඛවෙ සදරං සඋපායාසන‍්ති වදාමි.
මහණෙනි, යම්සේ රදවෙක් හෝ සිත්තරෙක් හෝ රදන් හෝ ලාකඩ හෝ කහපාට හෝ නිල්පාට හෝ මදටියපාට හෝ ඇති කල්හි මැනවින් මට වූ පුවරුවෙක හෝ බිතෙක හෝ රෙදිපටෙක හෝ සියලු අඟපසඟ ඇති ඉතිරි රුවක් හෝ පුරුෂ රුවක් හෝ මවන්නේ ද, මහණෙනි, එසෙයින් ම ඉදින් කබලීකාර ආහාරයෙහි රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් තණ්හාව ඇත්තේ නම් එහි විඤ්ඤාණය පිහිටියේ ද වැඩුනේ ද වේ. යම් තැනෙක විඤ්ඤාණය පිහිටියේත් වැඩුනේත් වේ නම් එහි නාමරූපයේ බැස ගැන්ම ඇත්තේය. යම් තැනෙක නාමරූපයේ බැස ගැන්ම ඇත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ නම් එහි මතු නැවත ඉපදීම ඇත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම ඇත්තේ නම් එහි මතු ජාතිජරාමරණ ඇත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ ඇත්තේ නම්, මහණෙනි, එය ශෝක සහිත ය. පීඩා සහිතය. දැඩි ආයාස සහිත ය යි කියමි.
ඵස‍්සෙ චෙ භික‍්ඛවෙ, ආහාරෙ -පෙ- මනොසඤ‍්චෙතනාය චෙ භික‍්ඛවෙ ආහාරෙ -පෙ- විඤ‍්ඤාණෙ චෙ භික‍්ඛවෙ ආහාරෙ අත්‍ථි රාගො අත්‍ථි නන්‍දී අත්‍ථි තණ‍්හා, පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං විරූළ‍්හං. යත්‍ථ පතිට‍්ඨිතං විඤ‍්ඤාණං විරූළ‍්හං අත්‍ථි තත්‍ථ නාමරූපස‍්ස අවක‍්කන‍්ති. යත්‍ථ අත්‍ථි නාමරූපස‍්ස අවක‍්කන‍්ති, අත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුද‍්ධි. යත්‍ථ අත්‍ථි සඞ‍්ඛාරානං වුද‍්ධි, අත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. යත්‍ථ අත්‍ථි ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති, අත්‍ථි තත්‍ථ ආයතිං ජාතිජරාමරණං. යත්‍ථ අත්‍ථි ආයතිං ජාතිජරාමරණං, සසොකංතං භික‍්ඛවෙ සදරං සඋපායාසන‍්ති වදාමි.
මහණෙනි, ඉදින් ඵස්සාහාරයෙහි ... මහණෙනි, ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් තණ්හාව ඇත්තේ නම් එහි විඤ්ඤාණය පිහිටියේ ද වැඩුනේ ද වෙයි. යම් තැනෙක විඤ්ඤාණය පිහිටියේත් වැඩුනේත් වේ නම් එහි නාමරූපයේ බැස ගැන්ම ඇත්තේය. යම් තැනෙක නාමරූපයේ බැස ගැන්ම ඇත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ නම් එහි මතු නැවත ඉපදීම ඇත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම ඇත්තේ ද, එහි මතු ජාතිජරාමරණ ඇත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ ඇත්තේ ද, මහණෙනි, එය ශෝක සහිත ය. පීඩා සහිතය. දැඩි ආයාස සහිත ය යි කියමි.
කබලීකාරෙ චෙ භික‍්ඛවෙ ආහාරෙ නත්‍ථි රාගො නත්‍ථි නන්‍දී නත්‍ථි තණ‍්හා. අප‍්පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං අවිරූළ‍්හං. යත්‍ථ අප‍්පතිට‍්ඨිතං විඤ‍්ඤාණං අවිරූළ‍්හං, නත්‍ථි තත්‍ථ නාමරූපස‍්ස අවක‍්කන‍්ති. යත්‍ථ නත්‍ථි නාමරූපස‍්ස අවක‍්කන‍්ති, නත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුද‍්ධි. යත්‍ථ නත්‍ථි සඞ‍්ඛාරානං වුද‍්ධි, නත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. යත්‍ථ නත්‍ථි ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති, නත්‍ථි තත්‍ථ ආයතිං ජාතිජරාමරණං. යත්‍ථ නත්‍ථි ආයතිං ජාතිජරාමරණං, අසොකං තං භික‍්ඛවෙ, අදරං අනුපායාසන‍්ති වදාමි.
මහණෙනි, ඉදින් කබලීකාර ආහාරයෙහි රාගය නැත්තේ නම් ඇල්ම නැත්තේ නම් එහි තෘෂ්ණාව නැත්තේ නම් විඤ්ඤාණය නො පිහිටියේ ද නො වැඩුනේ ද වේ. යම් තැනෙක විඤ්ඤාණය නො පිහිටියේත් නො වැඩුනේත් වේ නම් එහි නාමරූපයාගේ බැස ගැන්ම නැත්තේය. යම් තැනෙක නාමරූපයේ බැස ගැන්ම නැත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ නම් එහි මතු නැවත ඉපදීම නැත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම නැත්තේ ද, එහි මතු ජාතිජරාමරණ නැත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ නැත්තේ නම්, මහණෙනි, එය ශෝක රහිත ය. පීඩා රහිතය. දැඩි ආයාස රහිත ය යි කියමි.
ඵස‍්සෙ චෙ භික‍්ඛවෙ ආහාරෙ -පෙ- [අනුපායාසන‍්ති] වදාමි. මනොසඤ‍්චෙතනාය චෙ භික‍්ඛවෙ ආහාරෙ -පෙ- [අනුපායාසන‍්ති] වදාමි. විඤ‍්ඤාතෙ චෙ භික‍්ඛවෙ ආහාරෙ නත්‍ථි රාගො නත්‍ථි නන්‍දී නත්‍ථි තණ‍්හා, අප‍්පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං අවිරූළ‍්හං. යත්‍ථ අප‍්පතිට‍්ඨිතං විඤ‍්ඤාණං අවිරූළ‍්හං, නත්‍ථි තත්‍ථ නාමරූපස‍්ස අවක‍්කන‍්ති. යත්‍ථ නත්‍ථි නාමරූපස‍්ස අවක‍්කන‍්ති, නත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුද‍්ධි. යත්‍ථ නත්‍ථි සඞ‍්ඛාරානං වුද‍්ධි, නත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. යත්‍ථ නත්‍ථි ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති, නත්‍ථි තත්‍ථ ආයතිං ජාතිජරාමරණං. යත්‍ථ නත්‍ථි ආයතිං ජාතිජරාමරණං, අසොකං තං භික‍්ඛවෙ අදරං අනුපායාසන‍්ති වදාමි.
මහණෙනි, ඉදින් ඵස්සාහාරයෙහි [දැඩි ආයාස රහිත ය යි] කියමි. මහණෙනි, ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි [දැඩි ආයාස රහිත ය යි] කියමි. මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය නැත්තේ නම් ඇල්ම නැත්තේ නම් තණ්හාව නැත්තේ නම් එහි විඤ්ඤාණය නො පිහිටියේ ද නො වැඩුනේ ද වෙයි. යම් තැනෙක විඤ්ඤාණය නො පිහිටියේත් නො වැඩුනේත් වේ නම් එහි නාමරූපයේ බැස ගැන්ම නැත්තේය. යම් තැනෙක නාමරූපයේ බැස ගැන්ම නැත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ නම් එහි මතු නැවත ඉපදීම නැත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම නැත්තේ නම් එහි මතු ජාතිජරාමරණ නැත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ නැත්තේ නම්, මහණෙනි, එය ශෝක රහිත ය. පීඩා රහිත ය. දැඩි ආයාස රහිත ය යි කියමි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, කූටාගාරං වා කූටාගාරසාලා වා උත‍්තරාය වා දක‍්ඛිණාය වා පාචීනාය වා වාතපානා සූරියෙ උග‍්ගච‍්ඡන‍්තෙ වාතපානෙන රස‍්මි පවිසිත්‍වා ක්‍වාස‍්ස පතිට‍්ඨිතාති. පච‍්ඡිමාය භන‍්තෙ භිත‍්තියන‍්ති. පච‍්ඡිමා චෙ භික‍්ඛවෙ, භිත‍්ති නාස‍්ස, ක්‍වාස‍්ස පතිට‍්ඨිතාති? පඨවියං භන‍්තෙති පඨවී චෙ භික‍්ඛවෙ, නාස‍්ස, ක්‍වාස‍්ස පතිට‍්ඨිතාති? ආපස‍්මිං භන‍්තෙති ආපො චෙ භික‍්ඛවෙ, නාස‍්ස ක්‍වාස‍්ස, පතිට‍්ඨිතාති? අප‍්පතිට‍්ඨිතා භන‍්තෙති.
මහණෙනි, යම් සේ කුළුගෙයක් හෝ කුළුගේහලක් හෝ වේ ද, එහි උතුරුදිග හෝ දකුණුදිග හෝ පෙරදිග හෝ වාකවුළු වෙද්ද, හිරු නගින කල්හි වාකවුළුවෙන් රැස් පිවිස කොහි පිහිටියේ වන්නේ ද? වහන්ස, බටහිර බිතෙහි ය. මහණෙනි, බටහිරබිත නො වන්නේ නම් කොහි පිහිටියේ වන්නේ ද? වහන්ස, පොළොවෙහි ය. මහණෙනි, ඉදින් පොළොව නො වන්නේ නම් කොහි පිහිටියේ වන්නේ ද? වහන්ස, දියෙහි ය. මහණෙනි, ඉදින් දිය නොවන්නේ නම් කොහි පිහිටියේ වන්නේ ද? වහන්ස, නො පිහිටියේ ය.
එවමෙව ඛො භික‍්ඛවෙ, කබලීකාරෙ චෙ ආහාරෙ නත්‍ථි රාගො නත්‍ථි නන්‍දී නත්‍ථි තණ‍්හා -පෙ- [අනුපායාසන‍්ති] වදාමි. ඵස‍්සෙ චෙ භික‍්ඛවෙ ආහාරෙ -පෙ- [අනුපායාසන‍්ති] වදාමි. මනොසඤ‍්චෙතනාය චෙ භික‍්ඛවෙ ආහාරෙ -පෙ- [අනුපායාසන‍්ති] වදාමි.
මහණෙනි, එසෙයින් ම ඉදින් කබලීකාර ආහාරයෙහි රාගය නැත්තේ නම් ඇල්ම නැත්තේ නම් තෘෂ්ණාව නැත්තේ නම් … [දැඩි ආයාස රහිත ය යි] කියමි. මහණෙනි ඉදින් ස්පර්‍ශාහාරයෙහි ... [දැඩි ආයාස රහිත ය යි] කියමි. මහණෙනි, ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි [දැඩි ආයාස රහිත ය යි] කියමි.
විඤ‍්ඤාණෙ චෙ භික‍්ඛවෙ, ආහාරෙ නත්‍ථි රාගො නත්‍ථි නන්‍දී නත්‍ථි තණ‍්හා අප‍්පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං අවිරූළ‍්හං. යත්‍ථ අප‍්පතිට‍්ඨිතං විඤ‍්ඤාණං අවිරූළ‍්හං, නත්‍ථි තත්‍ථ නාමරූපස‍්ස අවක‍්කන‍්ති. යත්‍ථ නත්‍ථි නාමරූපස‍්ස අවක‍්කන‍්ති, නත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුද‍්ධි. යත්‍ථ නත්‍ථි සඞ‍්ඛාරානං වුද‍්ධි, නත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. යත්‍ථ නත්‍ථි ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති, නත්‍ථි තත්‍ථ ආයතිං ජාතිජරාමරණං. යත්‍ථ නත්‍ථි ආයතිං ජාතිජරාමරණං, අසොකං තං භික‍්ඛවෙ අදරං අනුපායාසන‍්ති වදාමීති.
මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය නැත්තේ නම් ඇල්ම නැත්තේ නම් තණ්හාව නැත්තේ නම් එහි විඤ්ඤාණය නො පිහිටියේ නො වැඩුනේ වේ. යම් තැනෙක විඤ්ඤාණය නො පිහිටියේ නො වැඩුනේ වේ නම් එහි නාමරූපයාගේ බැස ගැන්ම නැත්තේය. යම් තැනෙක නාමරූපයාගේ බැස ගැන්ම නැත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ නම් එහි මතු නැවත ඉපදීම නැත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම නැත්තේ නම් එහි මතු ජාතිජරාමරණ නැත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ නැත්තේ නම්, මහණෙනි, එය ශෝක රහිත ය. පීඩා රහිත ය. දැඩි ආයාස රහිත ය යි කියමි.