යෙදුමෙන් කියවන්න

1. පරිවීමංසනසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. පරිවීමංසනසුත‍්තවණ‍්ණනා

1. පරිවීමංසන සූත්‍ර වර්ණනාව

දුක‍්ඛවග‍්ගස‍්ස පඨමෙ පරිවීමංසමානොති උපපරික‍්ඛමානො. ජරාමරණන‍්ති කස‍්මා ජරාමරණං එකමෙව “අනෙකවිධං නානප‍්පකාරක”න‍්ති වත්‍වා ගහිතන‍්ති චෙ? තස‍්මිං ගහිතෙ සබ‍්බදුක‍්ඛස‍්ස ගහිතත‍්තා. යථා හි චූළාය ගහිතෙ පුරිසෙ සො පුරිසො ගහිතොව හොති, එවං ජරාමරණෙ ගහිතෙ සබ‍්බදුක‍්ඛං ගහිතමෙව හොති. තස‍්මා “යං ඛො ඉදං අනෙකවිධං නානප‍්පකාරකං දුක‍්ඛං ලොකෙ උප‍්පජ‍්ජතී”ති න‍්හත්‍වා ඨිතං පුරිසං විය සබ‍්බදුක‍්ඛං දස‍්සෙත්‍වා තං චූළාය ගණ‍්හන‍්තො විය ජරාමරණං ගණ‍්හි.

දුක්ඛ වර්ගයේ පළමු සූත්‍රයේ “පරිවීමංසමානො” යනු පරික්ෂා කරමින්ය. “ජරාමරණං” යනු එකම වූ ජරාමරණ දෙක අනේකවිධය, නානාප්‍රකාර යැයි කියා කුමක් නිසා ගන්නා ලද්දේ ද? එසේ ගත් කල්හි සියලු දුක් අදහස් වන බැවිනි. යම්සේ කෙස් වැටියෙන් අල්ලාගත් කල්හි, ඒ පුරුෂයාම අල්ලාගත් සේ සළකන්නාක් මෙන් ජරාමරණ දෙක ගත් කල්හි සියලු ම දුක ගන්නා ලද්දේ වේ. එනිසා “යම් මේ අනේකවිධ වූ නානාප්‍රකාර වූ දුක් ලෝකයේ උපදින්නේයැ”යි දිය නා සිටි පුරුෂයා දැක්වූවාක් මෙන් සියලු දුක් දක්වා, ඔහුගේ හිසකෙස් වැටියෙන් අල්ලා ගන්නාක් මෙන් ජරාමරණ දෙක ගත් බව දතයුතුයි.

ජරාමරණනිරොධසාරුප‍්පගාමිනීති ජරාමරණනිරොධස‍්ස සාරුප‍්පභාවෙන නික‍්කිලෙසතාය පරිසුද‍්ධතාය සදිසාව හුත්‍වා ගාමිනීති අත්‍ථො. තථා පටිපන‍්නො ච හොතීති යථා තං පටිපන‍්නොති වුච‍්චති, එවං පටිපන‍්නො හොති. අනුධම‍්මචාරීති නිබ‍්බානධම‍්මං අනුගතං පටිපත‍්තිධම‍්මං චරති, පූරෙතීති අත්‍ථො. දුක‍්ඛක‍්ඛයාය පටිපන‍්නොති සීලං ආදිං කත්‍වා ජරාමරණදුක‍්ඛස‍්ස නිරොධත්‍ථාය පටිපන‍්නො. සඞ‍්ඛාරනිරොධායාති සඞ‍්ඛාරදුක‍්ඛස‍්ස නිරොධත්‍ථාය. එත‍්තාවතා යාව අරහත‍්තා දෙසනා කථිතා.

“ජරාමරණ නිරෝධ සාරුප්පගාමිණි ” යනු “ජරාමරණ දෙකේ නිරුද්ධ වීමට සමාන ස්භාවයෙන් නිකෙලෙස් බව පිණිස, පිරිසිදු බව පිණිස, සමානව යන්නා වූ ප්‍රතිපදාව” යන අර්ථයි. “තථා පටිපන්නො ච හොති” යම්සේ ඊට අනුකූල වූයේ යැයි කියනු ලැබේ එසේ පිළිපන්නේ වේ. “අනුධම්මචාරී” යනු නිර්වාණ දහමට අනුගත වූ ප්‍රතිපත්ති දහමෙහි හැසිරෙයි. එය සම්පූර්ණ කරයි යන අර්ථයි. “දුක්ඛක්ඛයාය පටිපන්නො” යනු සීලය මුල් කරගත් ජරාමරණ දුකෙහි නිරුද්ධ වීම පිණිස පිළිපන් යනුයි. “සංඛාර නිරොධාය” යනු සංස්කාර දුකෙහි නිරෝධය පිණිසය. මෙපමණෙකින් රහත් බව දක්වා දේශනාව සිදුකරන ලදී.

ඉදානි අරහත‍්තඵලපච‍්චවෙක‍්ඛණං සතතවිහාරඤ‍්ච දස‍්සෙත්‍වා දෙසනා නිවත‍්තෙතබ‍්බා සියා, තථා අකත්‍වා අවිජ‍්ජාගතොති ඉදං කස‍්මා ගණ‍්හාතීති? ඛීණාසවස‍්ස සමතික‍්කන‍්තවට‍්ටදුක‍්ඛදස‍්සනත්‍ථං. අපිච පුන වට‍්ටං ආරභිත්‍වා විවට‍්ටෙ කථියමානෙ බුජ‍්ඣනකසත‍්තො චෙත්‍ථ අත්‍ථි, තස‍්ස අජ‍්ඣාසයවසෙනාපි ඉදං ගණ‍්හාතීති වෙදිතබ‍්බො.

දැන් රහත් ඵල ප්‍රත්‍යවේක්ෂණයත්; නිරන්තර වාසයත් දක්වා දේශනාව නැවැත්විය යුතු වුවත් එසේ නොකර “අවිජ්ජාගතො...” යනාදී වශයෙන් මෙය කුමක් හෙයින් දක්වන ලද්දේ ද? රහතන් වහන්සේගේ ඉක්මවන ලද සසර පවත්නා දුක දැක්වීම් වශයෙනි. තවද නැවත සසර පැවතීම් ආකාරයෙන් ආරම්භ කර, සසර නැවැත්ම දේශනා කරන කල්හි අවබෝධ කරගත හැකි පුද්ගලයෙක් මෙහි ඇත. ඔහුගේ අදහස වශයෙන් මෙය දක්වන ලදැයි දතයුතුයි.

තත්‍ථ අවිජ‍්ජාගතොති අවිජ‍්ජාය ගතො උපගතො සමන‍්නාගතො. පුරිසපුග‍්ගලොති පුරිසොයෙව පුග‍්ගලො. උභයෙනාපි සම‍්මුතිකථං කථෙති. බුද‍්ධානඤ‍්හි සම‍්මුතිකථා පරමත්‍ථකථාති ද‍්වෙ කථා හොන‍්ති. තත්‍ථ “සත‍්තො නරො පුරිසො පුග‍්ගලො තිස‍්සො නාගො”ති එවං පවත‍්තා සම‍්මුතිකථා නාම. “ඛන්‍ධා ධාතුයො ආයතනානී”ති එවං පවත‍්තා පරමත්‍ථකථා නාම. පරමත්‍ථං කථෙන‍්තාපි සම‍්මුතිං අමුඤ‍්චිත්‍වා කථෙන‍්ති. තෙ සම‍්මුතිං කථෙන‍්තාපි පරමත්‍ථං කථෙන‍්තාපි සච‍්චමෙව කථෙන‍්ති. තෙනෙව වුත‍්තං –

එහි “අවිජ්ජාගතො” යනු අවිද්‍යාව පැමිණි, එළඹි, ඊට බැසගත්, අවිද්‍යාවෙන් යුක්ත යනුයි. “පුරිසපුග්ගලො” පුරුෂයාම පුද්ගලයා වේ. මේ වචන දෙකින්ම සම්මුති දේශනාව කියවේ. බුදුවරුන්ගේ සම්මුති දේශනාව හා පරමාර්ථ දේශනාව වශයෙන් දේශනා දෙකකි. එහි සත්වයා, මිනිසා, පුරුෂයා, පුද්ගලයා, තිස්ස, නාගයා යනාදී වශයෙන් පවතිනුයේ සම්මුති කථාවයි. ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් පවතිනුයේ පරමාර්ථ කථාවයි. පරමාර්ථ දේශනාව කිරිමේ දී සම්මුතිය අත්නොහැරම දේශනා කරති. උන්වහන්සේලා සම්මුති දේශනාව කළත් පරමාර්ථ දේශනාව කළත් සත්‍යයම දේශනා කරති. එනිසා මෙය කියන ලදී.

“දුවෙ සච‍්චානි අක‍්ඛාසි, සම‍්බුද‍්ධො වදතං වරො; සම‍්මුතිං පරමත්‍ථඤ‍්ච, තතියං නූපලබ‍්භති;

දුවෙ සච්චානි අක්ඛාසි සම්බුද්ධො වදතං වරො සම්මුති පරමත්ථංච තතියං නූප ලබ්භති

සඞ‍්කෙතවචනං සච‍්චං, ලොකසම‍්මුතිකාරණං; පරමත්‍ථවචනං සච‍්චං, ධම‍්මානං භූතලක‍්ඛණ”න‍්ති.

සංකෙත වචනං සච්චං ලොක සම්මුති කාරණා පරමත්ථ වචනං සච්චං ධම්මාණං භූත ලක්ඛණා

“කියන්නවුන අතරින් උතුම් වූ බුදුරජාණන් වහන්සේ සම්මුති හා පරමාර්ථ වශයෙන් සත්‍ය දෙකක් ම වදාරති. තෙවැනි සත්‍යයක් මෙහි කිසිකලෙක නොලැබේ.”

“ලෝක සම්මුතිය නිසා සංකේතාත්මකව භාවිත වචන සත්‍ය වේ. ධර්මයන්ගේ ඇති තතු ප්‍රකාශ කරන හෙයින් පරමාර්ථ වචනය ද සත්‍යය වේ.”

පුඤ‍්ඤං චෙ සඞ‍්ඛාරන‍්ති තෙරසචෙතනාභෙදං පුඤ‍්ඤාභිසඞ‍්ඛාරං. අභිසඞ‍්ඛරොතීති කරොති. පුඤ‍්ඤූපගං හොති විඤ‍්ඤාණන‍්ති කම‍්මවිඤ‍්ඤාණං කම‍්මපුඤ‍්ඤෙන උපගතං සම‍්පයුත‍්තං හොති, විපාකවිඤ‍්ඤාණං විපාකපුඤ‍්ඤෙන. අපුඤ‍්ඤං චෙ සඞ‍්ඛාරන‍්ති ද‍්වාදසචෙතනාභෙදං අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. ආනෙඤ‍්ජං චෙ සඞ‍්ඛාරන‍්ති චතුචෙතනාභෙදං ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරං. ආනෙඤ‍්ජූපගං හොති විඤ‍්ඤාණන‍්ති කම‍්මානෙඤ‍්ජෙන කම‍්මවිඤ‍්ඤාණං, විපාකානෙඤ‍්ජෙන විපාකවිඤ‍්ඤාණං උපගතං හොති. එත්‍ථ ච තිවිධස‍්ස කම‍්මාභිසඞ‍්ඛාරස‍්ස ගහිතත‍්තා ද‍්වාදසපදිකො පච‍්චයාකාරො ගහිතොව හොති. එත‍්තාවතා වට‍්ටං දස‍්සිතං.

“පුඤ්ඤං චෙ සංඛාරා” යනු දහතුනක් වූ චේතනා භේදයෝ ය. කුශල සංස්කාර ධර්මයි. “අභිසංඛරොති” යනු රැස්කරයි. “පුඤ්ඤාපගං හොති විඤ්ඤාණං” යනු කර්ම කුශලයෙන් කර්ම විඤ්ඤාණය යුක්ත වේ. විපාක කුශලයෙන් විපාක විඤ්ඤාණය යුක්ත වේ යනුයි. “අපුඤ්ඤං චෙ සංඛාරා” යනු දොළොසක් වූ චේතනා භේද ඇති අකුශල සංස්කාර රැස්කරයි. “ආනඤ්ජං චෙ සංඛාරා” යනු සිවු චේතනා භේද ඇති අරූපාවචර කුශල සංස්කාරයි. “ආනඤ්ජූපගං හොති විඤ්ඤාණං” “අරූපාවචර කර්මයන් ගෙන් කර්ම විඤ්ඤාණය ද අරූපාවචර විපාකයන්ගෙන් විපාක විඤ්ඤාණය ද යුක්ත වූයේ වේ. මෙහිද ත්‍රිවිධ වූ කර්ම රැස්කිරීම් ගන්නා ලද බැවින් දොළොස් ප්‍රත්‍යකාරය ගන්නා ලද්දේමය. මෙපමණෙකින් සසර පැවැතීම් චක්‍රය දක්වන ලදී.

ඉදානි විවට‍්ටං දස‍්සෙන‍්තො යතො ඛො, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ අවිජ‍්ජාති චතූසු සච‍්චෙසු අඤ‍්ඤාණං. විජ‍්ජාති අරහත‍්තමග‍්ගඤාණං. එත්‍ථ ච පඨමමෙව අවිජ‍්ජාය පහීනාය විජ‍්ජා උප‍්පජ‍්ජති. යථා පන චතුරඞ‍්ගෙපි තමෙ රත‍්තිං පදීපුජ‍්ජලෙන අන්‍ධකාරො පහීයති, එවං විජ‍්ජුප‍්පාදා අවිජ‍්ජාය පහානං වෙදිතබ‍්බං. න කිඤ‍්චි ලොකෙ උපාදියතීති ලොකෙ කිඤ‍්චි ධම‍්මං න ගණ‍්හාති න පරාමසති. අනුපාදියං න පරිතස‍්සතීති අනුපාදියන‍්තො අගණ‍්හන‍්තො නෙව තණ‍්හාපරිතස‍්සනාය, න භයපරිතස‍්සනාය පරිතස‍්සති, න තණ‍්හායති න භායතීති අත්‍ථො. පච‍්චත‍්තඤ‍්ඤෙවාති සයමෙව අත‍්තනාව පරිනිබ‍්බායති, න අඤ‍්ඤස‍්ස ආනුභාවෙන.

දැන් සසර නැවැත්ම පිළිබඳ චක්‍රය දක්වන සේක් “යතො ඛො භික්ඛවෙ” යනාදිය දෙසූහ. එහි, “අවිජ්ජා” යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ නොදැනීමයි. “විජ්ජා” යනු අරහත් මාර්ග ඤාණයයි. මෙහිදී පළමුව ම අවිද්‍යාව ප්‍රහීණ කිරිමෙන් විද්‍යාව උපදියි. යම්සේ සිවුවැදෑරුම් රාත්‍රී ඝන අන්ධකාරය පහන් දැල්වීම මගින් නැතිවේ ද, එලෙසින් ම විද්‍යාව පහළවීමෙන් අවිද්‍යාවේ නැතිවීම - ප්‍රහීණවීම දතයුතුයි. “නචකිඤ්චි ලොකෙ උපාදියති” යනු ලොව කිසිදු දහමක් තණ්හාවෙන් අල්ලා නොගනියි. අතනොගායි යනුයි. “අනුපාදියං න පරිතස්සති” යනු දැඩිව උපාදාන නොකර ගනුයේ තණ්හාවෙන් තැති නොගනියි. බියෙන් තැති නොගනියි. තණ්හාව නැත. බිය නැත යන අර්ථයි. “පච්චත්තඤ්ඤව” යනු තමාම ය. තමා ම පිරිණිවේ. අනිකකුගේ ආනුභාවයෙන් නොවේ.

සො සුඛං චෙ වෙදනන‍්ති ඉදං කස‍්මා ආරභි? ඛීණාසවස‍්ස පච‍්චවෙක‍්ඛණඤාණං දස‍්සෙත්‍වා සතතවිහාරං දස‍්සෙතුං ආරභි. අනජ‍්ඣොසිතාති තණ‍්හාය ගිලිත්‍වා පරිනිට‍්ඨපෙත්‍වා අගහිතා. අථ දුක‍්ඛවෙදනා කස‍්මා වුත‍්තා, කිං තම‍්පි අභිනන්‍දන‍්තො අත්‍ථීති? ආම අත්‍ථි. සුඛං අභිනන්‍දන‍්තොයෙව හි දුක‍්ඛං අභිනන්‍දති නාම දුක‍්ඛං පත්‍වා සුඛං පත්‍ථනතො සුඛස‍්ස ච විපරිණාමදුක‍්ඛතොති. කායපරියන‍්තිකන‍්ති කායපරිච‍්ඡින‍්නං, යාව පඤ‍්චද‍්වාරකායො පවත‍්තති, තාව පවත‍්තං පඤ‍්චද‍්වාරිකවෙදනන‍්ති අත්‍ථො. ජීවිතපරියන‍්තිකන‍්ති ජීවිතපරිච‍්ඡින‍්නං. යාව ජීවිතං පවත‍්තති, තාව පවත‍්තං මනොද‍්වාරිකවෙදනන‍්ති අත්‍ථො.

“සො සුඛං චෙ වෙදනං” යන මෙය කුමක් නිසා ඇරඹුසේක් ද? රහතන් වහන්සේගේ ප්‍රත්‍යවේක්ෂා ඥාණය දක්වා, අනතුරුව නිතර එහි වාසය කිරීම දැක්වීමට අරඹන ලදී. “අනජ්ඣොසිතා” යනු තණ්හාවෙහි ගිලී අවසන් කළේ යැයි නොගත් බැවින්. තණ්හාවෙන් නොබැසගත්. අනතුරුව “දුක් වේදනාව කුමක් නිසා කියන ලද ද?” “කිම එහි පිළිගැනීමක් ඇද්ද?” “එසේය, පිළිගැනීමක් ඇත.” සැප ආදරයෙන් පිළිගැනීමට - සතුටුවීම ම, දුක පිළිගත්තා නම් වේ. දුකට පැමිණ සැප පැතීම් වශයෙන් සැපයේ ද විපරිණාමය දුකකි. “කාය පරියන්තිකං” යනු කය සමීපයේ ඇති, කය පිරිසිඳ ඇති, යම්තාක් පඤ්චද්වාරික වූ කය පවතීද ඒ තාක් පවතින පඤ්චද්වාරික වේදනාව යන අර්ථයි. “ජීවිත පරියන්තිකං” යනු ජීවිතය සමීපයේ ඇති, ජීවිතය පිරිසිඳ ඇති, යම්තාක් දිවි පවතියි ද ඒතාක් පවත්නා, මනෝද්වාරික වූ වේදනාව යන අර්ථයි.

තත්‍ථ පඤ‍්චද‍්වාරිකවෙදනා පච‍්ඡා උප‍්පජ‍්ජිත්‍වා පඨමං නිරුජ‍්ඣති, මනොද‍්වාරිකවෙදනා පඨමං උප‍්පජ‍්ජිත්‍වා පච‍්ඡා නිරුජ‍්ඣති. සා හි පටිසන්‍ධික‍්ඛණෙ වත්‍ථුරූපස‍්මිංයෙව පතිට‍්ඨාති. පඤ‍්චද‍්වාරිකා පවත‍්තෙ පඤ‍්චද‍්වාරවසෙන පවත‍්තමානා පඨමවයෙ වීසතිවස‍්සකාලෙ රජ‍්ජනදුස‍්සනමුය‍්හනවසෙන අධිමත‍්තා බලවතී හොති, පණ‍්ණාසවස‍්සකාලෙ ඨිතා හොති, සට‍්ඨිවස‍්සකාලතො පට‍්ඨාය පරිහායමානා අසීතිනවුතිවස‍්සකාලෙ මන්‍දා හොති. තදා හි සත‍්තා “චිරරත‍්තං එකතො නිසීදිම‍්හා නිපජ‍්ජිම‍්හා”ති වදන‍්තෙපි “න සඤ‍්ජානාමා”ති වදන‍්ති. අධිමත‍්තානිපි රූපාදිආරම‍්මණානි “න පස‍්සාම න සුණාම”, “සුගන්‍ධං දුග‍්ගන්‍ධං වා සාදුං අසාදුං වා ථද‍්ධං මුදුකන‍්ති වා න ජානාමා”ති වදන‍්ති. ඉති නෙසං පඤ‍්චද‍්වාරිකවෙදනා භග‍්ගා හොති, මනොද‍්වාරිකාව පවත‍්තති. සාපි අනුපුබ‍්බෙන පරිහායමානා මරණසමයෙ හදයකොටිංයෙව නිස‍්සාය පවත‍්තති. යාව පනෙසා පවත‍්තති, තාව සත‍්තො ජීවතීති වුච‍්චති. යදා නප‍්පවත‍්තති, තදා මතො නිරුද‍්ධොති වුච‍්චති.

එහි පංචද්වාරික වේදනාව පසුව ඉපිද පළමුව නිරුද්ධ වේ. මනෝද්වාරික වේදනාව පළමුව ඉපිද පසුව නිරුද්ධ වේ. එය වනාහී ප්‍රතිසන්ධික්ෂණයෙහි වස්තු රූපයෙහිම පිහිටයි. පංචද්වාරික වශයෙන් පවතින පංචද්වාරයෝ, පළමු වසර විස්සක් පමණ වන කාලයේ ඇලීම්, කිපීම්, මුළාවීම් වශයෙන් අධික ප්‍රමාණයෙන් බලවත් වේ. වසර පනහක් වන කල්හි ඇලීම් ආදිය නැවතුණේ වේ. සැට වයස් පමණ කාලයේ පටන් ඇලීම් ආදිය පිරිහී ගොස් වයස අවුරුදු අසූවක්-අනූවක් වන කල්හි අතිශයින් මඳ වේ. ඉතා දුර්වල වේ. “අපි බොහෝ කලක් එකට හිඳිනෙමු. එකට හොත්තෙමු”යි පැවසුවත් මේ කාලයේ මිනිස්සු “අපි නුඹ නොහඳුනන්නෙමු”යි පවසති. අතිශය බලවත් වූ රූපාදී අරමුණු පවා “නොදැකෙමු. නොඇසුණෙමු. සුවඳ-ගඳ නොදැනුනෙමු. යහපත් හෝ අයහපත්, තද හෝ මෘදු වශයෙන් කිසිදෙයක් පිළිබඳව නොදන්නෙමු”යි පවසති. මෙසේ වයස්ගත වූ ඔවුන්ගේ පඤ්චද්වාරික වේදනාවෝ බිඳුනේ වේ. මනෝද්වාරික වේදනාවන් වින්දනයත් පවතින්නේම ය. එය ද අනුපිළිවෙලින් පිරිහී ගොස් මරණාසන්න කාලයේ හදවතේ කෙළවර ඇසුරු කරමින් ම පවතියි. එම වේදනාව පවතින තාක් කල් සත්ත්වයා ජීවත් වේයැයි පවසයි. යම්දිනෙක මනෝවාරික වින්දනය නොමැත්තේ ද එවිට සත්වයා “මැරුණේය. ප්‍රාණය නිරුද්ධ වූයේයැ”යි පැවසේ.

ස‍්වායමත්‍ථො වාපියා දීපෙතබ‍්බො –

මෙම අර්ථය ම මෙහිදී වැව පිළිබඳව සළකා බැලීමෙන් මැනවින් අවබෝධ වේ.

යථා හි පුරිසො පඤ‍්චඋදකමග‍්ගසම‍්පන‍්නං වාපිං කරෙය්‍ය, පඨමං දෙවෙ වුට‍්ඨෙ පඤ‍්චහි උදකමග‍්ගෙහි උදකං පවිසිත්‍වා අන‍්තොවාපියං ආවාටෙ පූරෙය්‍ය, පුනප‍්පුනං දෙවෙ වස‍්සන‍්තෙ උදකමග‍්ගෙ පූරෙත්‍වා ගාවුතඩ‍්ඪයොජනමත‍්තං ඔත්‍ථරිත්‍වා උදකං තිට‍්ඨෙය්‍ය තතො තතො විස‍්සන්‍දමානං, අථ නිද‍්ධමනතුම‍්බෙ විවරිත්‍වා ඛෙත‍්තෙසු කම‍්මෙ කරියමානෙ උදකං නික‍්ඛමන‍්තං, සස‍්සපාකකාලෙ (උදකං නික‍්ඛමන‍්තං,) උදකං පරිහීනං “මච‍්ඡෙ ගණ‍්හාමා”ති වත‍්තබ‍්බතං ආපජ‍්ජෙය්‍ය, තතො කතිපාහෙන ආවාටෙසුයෙව උදකං සණ‍්ඨහෙය්‍ය. යාව පන තං ආවාටෙසු හොති, තාව “මහාවාපියං උදකං අත්‍ථී”ති සඞ‍්ඛං ගච‍්ඡති. යදා පන තත්‍ථ ඡිජ‍්ජති, තදා “වාපියං උදකං නත්‍ථී”ති වුච‍්චති, එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං.

යම්සේ පුරුෂයෙක් ජල මාර්ග පහකින් සමන්විත වැවක් සාදන්නේය. පළමුව වැසි වැටුණු කල්හි ජලමාර්ග පහෙන් ජලය පිවිස වැව ඇතුලේ ඇති ආවාට පුරවාලයි. නැවත නැවත වැසි වැටෙන කල්හි ඒ ඒ තැන උතුරා යමින් ජලමාර්ග පිරි ගව්වක් - අඩ යොදුනක් පමණ තැන් ජලයෙන් වැසී පවතියි. ඉක්බිති ජලය පිටකරන දොරවල් හැර දමා කුඹුරු කර්මාන්ත කරනු ලබන කාලයේ ජලය නික්මේ. ශස්‍ය පැසෙන කාලයේ දිය අඩුවී යයි. එවිට “මාළු අල්ලමු”යි කිවයුතු බවට පැමිණේ. හෙවත් ගම්වැසියෝ මාළු ඇල්ලීමට එති. එවිට ද ආවාට කිහිපයක ම දිය ඉතිරිව පවතියි. යම්තාක් කල් එම ආවාටයන්හි දිය පවතී ද ඒතාක් කල් “මහවැවේ දිය ඇත”යි පිළිගැනේ. යම්දිනෙක ඒවාද සිඳී යයි. එවිට “වැවේ ජලය නැත”යි කියනු ලැබේ. මෙසේ මේ සියලු අවස්ථා දැනගත යුතුයි.

පඨමං දෙවෙ වස‍්සන‍්තෙ පඤ‍්චහි මග‍්ගෙහි උදකෙ පවිසන‍්තෙ ආවාටානං පූරණකාලො විය හි පඨමමෙව පටිසන්‍ධික‍්ඛණෙ මනොද‍්වාරිකවෙදනාය වත්‍ථුරූපෙ පතිට‍්ඨිතකාලො, පුනප‍්පුනං දෙවෙ වස‍්සන‍්තෙ පඤ‍්චන‍්නං මග‍්ගානං පූරිතකාලො විය පවත‍්තෙ පඤ‍්චද‍්වාරිකවෙදනාය පවත‍්තිකාලො, ගාවුතඩ‍්ඪයොජනමත‍්තං අජ‍්ඣොත්‍ථරණං විය පඨමවයෙ වීසතිවස‍්සකාලෙ රජ‍්ජනාදිවසෙන තස‍්සා අධිමත‍්තබලවභාවො, යාව වාපිතො උදකං න නිග‍්ගච‍්ඡති, තාව පූරාය වාපියා ඨිතකාලො විය පඤ‍්ඤාසවස‍්සකාලෙ තස‍්සා ඨිතකාලො, නිද‍්ධමනතුම‍්බෙසු විවටෙසු කම‍්මන‍්තෙ කරියමානෙ උදකස‍්ස නික‍්ඛමනකාලො විය සට‍්ඨිවස‍්සකාලතො පට‍්ඨාය තස‍්සා පරිහානි, උදකෙ භට‍්ඨෙ උදකමග‍්ගෙසු පරිත‍්තොදකස‍්ස ඨිතකාලො විය අසීතිනවුතිවස‍්සකාලෙ පඤ‍්චද‍්වාරිකවෙදනාය මන්‍දකාලො, ආවාටෙසුයෙව උදකස‍්ස පතිට‍්ඨානකාලො විය හදයවත්‍ථුකොටිං නිස‍්සාය මනොද‍්වාරිකවෙදනාය පවත‍්තිකාලො, ආවාටෙසු පරිත‍්තෙපි උදකෙ සති “වාපියං උදකං අත්‍ථී”ති වත‍්තබ‍්බකාලො විය යාව සා පවත‍්තති, තාව “සත‍්තො ජීවතී”ති වුච‍්චති. යථා පන ආවාටෙසු උදකෙ ඡින‍්නෙ “නත්‍ථි වාපියං උදක”න‍්ති වුච‍්චති, එවං මනොද‍්වාරිකවෙදනාය අප‍්පවත‍්තමානාය “සත‍්තො මතො”ති වුච‍්චති. ඉමං වෙදනං සන්‍ධාය වුත‍්තං “ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියමානො”ති.

පළමුව වැසි වැටුණු කල්හි ජලමාර්ග පහෙන් දිය අවුත් වැව ඇතුළේ ආවාට පිරෙන අවස්ථාව මෙන්, පළමු ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි මනෝද්වාරික වේදනාව වස්තු රූපයන්හි පිහිටි කාලය දතයුතුයි. නැවත නැවත වැසි වැටෙන කල්හි ජලමාර්ග පහම පිරුණු (කාලය) අවස්ථාව මෙන් පඤ්චද්වාරික වින්දනයන්ම පවතින අවස්ථාව දතයුතුයි. වැවේ ගව්වක් අඩ යොදුනක් පමණ උසට ජලය පැතිර පවතින අවස්ථාව මෙන්, විසිවයස් පමණ වූ තරුණ කාලයේ ඇලීම් ආදී වශයෙන් පසිඳුරන් ප්‍රබල බලවත් තත්ත්වයට පත්වීමේ අවස්ථාව දතයුතුයි. යම්තාක් කල් වැවෙන් දිය පිටතට නොයා වැව පිරි පවතින්නේද ජලය පිරී සිටි ඒ කාලය මෙන් පනස්විය දක්වා වූ කාලය දැනගත යුතුයි. ජලමාර්ග විවෘත කර, කෘෂි කර්මාන්තාදිය ඇරඹූ කල්හි ක්‍රමයෙන් දිය පිටවී වැව හිස්වන්නාක් මෙන් වයස අවුරුදු සැටේ සිට ක්‍රමයෙන් ඉන්ද්‍රියයන්ගේ පිරිහී යෑම දතයුතුයි. දිය මාර්ගවල දිය බැසගොස් අල්ප වූ ජලය පවතින අවස්ථාව මෙන්, අසූ-අනූ වියට එළඹි කල්හි පඤ්චද්වාරිකයන්ගේ වින්දනයත් දුර්වල වන අවස්ථාව දතයුතුයි. ආවාටයන්හි පමණක් දිය ඉතිරිව පවතින අවස්ථාව මෙන් හදවතේ අග මනෝවාර වින්දනයත් ඇසුරුකර පවතින අවස්ථාව දතයුතුයි. ආවාටයන්හි ස්වල්ප දිය ඇති කල්හි “වැවේ ජලය ඇත” යනුවෙන් පවසන්නාක් මෙන් යම්තාක් කාලයක් හදවතේ, සිත (මනෝද්වාරික වින්දනය) පවතීද ඒතාක් සත්ත්වයා ජීවත් වේයැයි කියයි. යම් අවස්ථාවක ආවාටයන්හිද ජලය සිඳීගිය විට “වැවේ දිය නැත”යි කියන්නාක් මෙන් - මනෝද්වාරික වින්දනය නැති වූ කල්හි ම “සත්ත්වයා මළේය”යි කියයි. මේ වේදනාව සඳහා “ජීවිතාවසානය දක්වා වේදනාව විඳිමින්” යැයි කියන ලදී.

කායස‍්ස භෙදාති කායස‍්ස භෙදෙන. ජීවිතපරියාදානා උද‍්ධන‍්ති ජීවිතක‍්ඛයතො උද‍්ධං. ඉධෙවාති පටිසන්‍ධිවසෙන පරතො අගන‍්ත්‍වා ඉධෙව. සීතීභවිස‍්සන‍්තීති පවත‍්තිවිප‍්ඵන්‍දදරථරහිතානි සීතානි අප‍්පවත‍්තනධම‍්මානි භවිස‍්සන‍්ති. සරීරානීති ධාතුසරීරානි. අවසිස‍්සන‍්තීති අවසිට‍්ඨානි භවිස‍්සන‍්ති.

“කායස්ස භේදා” යනු කයෙහි බිඳීයෑමෙනි. “ජීවිත පරියාදාතා උද්ධං” යනු ජීවිතක්ෂයට පත්වීමට පෙරය. “ඉධෙව” යනු ප්‍රතිසන්ධි වශයෙන් වෙනත් තැනෙක නොගොස් මෙලොව ම යනුයි. “සීති භවිස්සන්ති” යනු පැවැත්ම-දැඟලීම්-දාහයන් ආදිය නොමැතිව වේදනාවෝ ශීතලවීමයි. වේදනාවන් නොපවත්නා බවට පත්වන්නේය. “සරීරානි” යනු ධාතු (පඨවි ආදියෙන් නිර්මිත) ශරීරයන්ය. “අවසිස්සන්ති” යනු ඉතිරි වූයේ වන්නේය යනුයි.

කුම‍්භකාරපාකාති කුම‍්භකාරස‍්ස භාජනපචනට‍්ඨානතො. පටිසිස‍්සෙය්‍යාති ඨපෙය්‍ය. කපල‍්ලානීති සහ මුඛවට‍්ටියා එකාබද‍්ධානි කුම‍්භකපල‍්ලානි. අවසිස‍්සෙය්‍යුන‍්ති තිට‍්ඨෙය්‍යුං. එවමෙව ඛොති එත්‍ථ ඉදං ඔපම‍්මසංසන්‍දනං – ආදිත‍්තකුම‍්භකාරපාකො විය හි තයො භවා දට‍්ඨබ‍්බා, කුම‍්භකාරො විය යොගාවචරො, පාකතො කුම‍්භකාරභාජනානං නීහරණදණ‍්ඩකො විය අරහත‍්තමග‍්ගඤාණං, සමො භූමිභාගො විය අසඞ‍්ඛතං නිබ‍්බානතලං, දණ‍්ඩකෙන උණ‍්හකුම‍්භං ආකඩ‍්ඪිත්‍වා සමෙ භූමිභාගෙ කුම‍්භස‍්ස ඨපිතකාලො විය ආරද‍්ධවිපස‍්සකස‍්ස රූපසත‍්තකං අරූපසත‍්තකං විපස‍්සන‍්තස‍්ස කම‍්මට‍්ඨානෙ ච පගුණෙ විභූතෙ උපට‍්ඨහමානෙ තථාරූපං උතුසප‍්පායාදිං ලභිත්‍වා එකාසනෙ නිසින‍්නස‍්ස විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අග‍්ගඵලං අරහත‍්තං පත්‍වා චතූහි අපායෙහි අත‍්තභාවං උද‍්ධරිත්‍වා ඵලසමාපත‍්තිවසෙන අසඞ‍්ඛතෙ නිබ‍්බානතලෙ ඨිතකාලො දට‍්ඨබ‍්බො. ඛීණාසවො පන උණ‍්හකුම‍්භො විය අරහත‍්තප‍්පත‍්තදිවසෙයෙව න පරිනිබ‍්බාති, සාසනප‍්පවෙණිං පන ඝටයමානො පණ‍්ණාසසට‍්ඨිවස‍්සානි ඨත්‍වා චරිමකචිත‍්තප‍්පත‍්තියා උපාදිණ‍්ණකක‍්ඛන්‍ධභෙදා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බාති. අථස‍්ස කුම‍්භස‍්ස විය කපල‍්ලානි අනුපාදිණ‍්ණකසරීරානෙව අවසිස‍්සන‍්තීති. සරීරානි අවසිස‍්සන‍්තීති පජානාතීති ඉදං පන ඛීණාසවස‍්ස අනුයොගාරොපනත්‍ථං වුත‍්තං.

“කුම්භාකාර පාකා” යනු කුඹල්කරුගේ බඳුන් සාදන උඳුනෙන්ය. “පතිවිස්සෙය්‍ය” යනු තබන්නේය යනුයි. “කපල්ලානි” යනු මුව වැට සමග ඒකාබද්ධ වූ කුඹල් කබල්ය. “අවසිස්සෙය්‍යුං” යනු (ශේෂවන්නේය.) ඉතිරි වන්නේය යනුයි. “එවමෙව ඛො” යනු මෙම සූත්‍රයේ දැක්වූ උපමාව සසඳා බැලීමයි. ඇවිලගත්, ගිනියම් වූ කුඹල් උඳුන මෙන් ත්‍රිවිධ භවයන් දැකිය යුතුයි. යෝගාවචරයා යනු කුඹලායි. පැසෙන (පිළිස්සෙන කුඹල් උඳුනෙන් බැහැර කරන දණ්ඩ මෙන් අරහත් මාර්ග ඤාණය දතයුතුයි. අසංඛත වූ නිර්වාණය බඳුන තැබූ සම වූ බිම්කඩ මෙනි. දණ්ඩෙන් උණුසුම් කළයක් රැගෙන සම වූ භූමිභාගයෙහි තැබූ අවස්ථාව මෙන් අරඹන ලද විදර්ශනා ඇති පුද්ගලයාගේ රූප-අරූප සප්තකයන්, විදර්ශනා කරන්නාට ප්‍රගුණ වූයේ වේ. ඒවා ප්‍රකටව උපස්ථාන කරන කල්හි, තමාට යෝග්‍ය වූ ඍතු ආදිය ලැබ, එක අසුනෙහිම හිඳ විදසුන් වඩා අග්‍රඵලය වූ රහත්බවට පැමිණ සතර අපායන්ගෙන් සිය ආත්මභාවය ගලවාගෙන, අසංඛත වූ නිර්වාණ නම් තලයෙහි පිහිටි අවස්ථාව දතයුතුයි. රහතන් වහන්සේ රත් වූ කළයක් මෙන් රහත් වූ දිනම පිරිනිවීමට නොයන සේක. සසුන් පිළිවෙතෙහි ගැටෙමින්-යෙදෙමින් වසර පනහක් හෝ හැටක් මෙලොව ජීවත්වී අවසාන චිත්තෝත්පත්තියත් සමඟ ම තමාගේ යැයි දැඩිව අල්ලාගත් ස්කන්ධයන්ගේ බිඳී-විසිර යෑමෙන් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවීමට පත්වෙති. ඉක්බිති කුඹල්හළේ ඉතිරිවන “කුඹල් කළ කබල්” මෙන් උපාදාන වශයෙන් නො ගන්නා ලද මේ ශරීරය පමණක්ම මෙහි දමා යයි.

විඤ‍්ඤාණං පඤ‍්ඤායෙථාති පටිසන්‍ධිවිඤ‍්ඤාණං පඤ‍්ඤායෙථ. සාධු සාධූති ථෙරානං බ්‍යාකරණං සම‍්පහංසති. එවමෙතන‍්ති යදෙතං තිවිධෙ අභිසඞ‍්ඛාරෙ අසති පටිසන්‍ධිවිඤ‍්ඤාණස‍්ස අප‍්පඤ‍්ඤාණන‍්තිආදි, එවමෙව එතං. අධිමුච‍්චථාති සන‍්නිට‍්ඨානසඞ‍්ඛාතං අධිමොක‍්ඛං පටිලභථ. එසෙවන‍්තො දුක‍්ඛස‍්සාති අයමෙව වට‍්ටදුක‍්ඛස‍්ස අන‍්තො අයං පරිච‍්ඡෙදො, යදිදං නිබ‍්බානන‍්ති.

“පජානාති” යනුවෙන් රහතන් වහන්සේගේ පිළිපැදිම්-යෙදීම් වර්ධනය කිරීමට කියන ලදී. “විඤ්ඤාණං පඤ්ඤායෙථ” යනු ප්‍රතිසන්ධි ඇගයූ සේක. “එවමෙවෙතං” යනු ඉදින් මේ ත්‍රිවිධ අභිසංස්කාරයන් නොපවතින විට, ප්‍රතිසන්ධි විඤ්ඤාණයේ නොපැනවීම”යි. ආදී වශයෙන් - මේ අයුරින්ම යනුයි. “එසෙවන්තො දුක්ඛස්ස” යනු මෙය ම සසර පැවතුම් දුකෙහි කෙළවරයි. මෙය අවසානයයි. මෙයම උතුම් වූ නිර්වාණයයි.

පඨමං.

පළමු සූත්‍රය යි.