දුතිය සඤ‍්ඤොජනසුත‍්තං
1. 6. 4.
1. 6. 4.
දුතිය සඤ‍්ඤොජනසුත‍්තං
දුතිය සංයෝජන සූත්‍රය
54. සාවත්‍ථියං–
54. සැවැත්නුවර–
සෙය්‍යථාපි භික‍්ඛවෙ, තෙලං ච පටිච‍්ච වට‍්ටිං ච පටිච‍්ච තෙලප‍්පදීපො ඣායෙය්‍ය. තත්‍ර පුරිසො කාලෙන කාලං තෙලං ආසිඤ‍්චෙය්‍ය, වට‍්ටිං ව උපසංහරෙය්‍ය. එවං හි සො භික‍්ඛවෙ තෙලප‍්පදීපො තදාහාරො තදුපාදානො චිරං දීඝමද‍්ධානං ජලෙය්‍ය.
මහණෙනි, තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහනෙක් යම්සේ දැල් වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් බහන්නේ ද, වැටිය සකස් කරන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් දිලෙන්නේ ය.
එවමෙව ඛො භික‍්ඛවෙ, සඤ‍්ඤොජනීයෙසු ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො තණ‍්හා පවඩ‍්ඪති. තණ‍්හාපච‍්චයා උපාදානං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, තෙලං ච පටිච‍්ච වට‍්ටිං ච පටිච‍්ච තෙලප‍්පදීපො ඣායෙය්‍ය. තත්‍ර පුරිසො න කාලෙන කාලං තෙලං ආසිඤ‍්චෙය්‍ය, න වට‍්ටිං ච උපසංහරෙය්‍ය. එවං හි සො භික‍්ඛවෙ තෙලප‍්පදීපො පුරිමස‍්ස ච උපාදානස‍්ස පරියාදානා අඤ‍්ඤස‍්ස ච අනුපහාරා අනාහාරො නිබ‍්බායෙය්‍ය.
මහණෙනි, තෙලත් නිසා වැටියත් නිසා යම්සේ තෙල්පහනෙක් දැල්වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් නො බහන්නේ නම් වැටියත් නො සකස් කරන්නේ නම්, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන පළමු තෙල් දවා ලීමෙනුත් අනෙක් තෙලක් නො ගැණීමෙනුත් ප්‍රත්‍යය රහිත වූයේ නිවෙන්නේ ය.
එවමෙව ඛො භික‍්ඛවෙ, සඤ‍්ඤොජනීයෙසු ධම‍්මෙසු ආදීනවානුපස‍්සිනො විහරතො තණ‍්හා නිරුජ‍්ඣති. තණ‍්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වෙයි.