යෙදුමෙන් කියවන්න

මහාරුක‍්ඛසුත‍්තං

1. 6. 5.

1. 6. 5.

මහාරුක‍්ඛසුත‍්තං

මහාරුක්ඛ සූත්‍රය

55. සාවත්‍ථියං–

55. සැවැත්නුවර–

උපාදානීයෙසු භික‍්ඛවෙ, ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො තණ‍්හා පවඩ‍්ඪති. තණ‍්හාපච‍්චයා උපාදානං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාරුක‍්ඛො. තස‍්ස යානි චෙව මූලානි අධොගමානි, යානි ච තිරියංගමානි, සබ‍්බානි තානි උද‍්ධං ඔජං අභිහරන‍්ති. එවං හි සො භික‍්ඛවෙ මහාරුක‍්ඛො තදාහාරො තදුපාදානො චිරං දීඝමද‍්ධානං තිට‍්ඨෙය්‍ය.

මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජස උඩට ගෙණ යයි. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් පවත්නේ ය.

එවමෙව ඛො භික‍්ඛවෙ, උපාදානීයෙසු ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො තණ‍්හා පවඩ‍්ඪති. තණ‍්හාපච‍්චයා උපාදානං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, එපරිද්දෙන් ම උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

උපාදානීයෙසු භික‍්ඛවෙ, ධම‍්මෙසු ආදීනවානුපස‍්සිනො විහරතො තණ‍්හා නිරුජ‍්ඣති. තණ‍්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

මහණෙනි, උපාදානිය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාරුක‍්ඛො. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය කුද‍්දාලපිටකං ආදාය. සො තං රුක‍්ඛං මූලෙ ඡින්‍දෙය්‍ය. මූලෙ ඡෙත්‍වා පලිඛණෙය්‍ය පලිඛණිත්‍වා මූලානි උද‍්ධරෙය්‍ය අන‍්තමසො උසීරනාළමත‍්තානිපි. සො තං රුක‍්ඛං ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින්‍දෙය්‍ය. ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින්‍දිත්‍වා ඵාලෙය්‍ය. ඵාලෙත්‍වා සකලිකං සකලිකං කරෙය්‍ය. සකලිකං සකලිකං කරිත්‍වා වාතාතපෙ විසොසෙය්‍ය, වාතාතපෙ විසොසෙත්‍වා අග‍්ගිනා ඩහෙය්‍ය. අග‍්ගිනා ඩහෙත්‍වා මසිං කරෙය්‍ය. මසිං කරිත්‍වා මහාවාතෙ වා ඔපුනෙය්‍ය. නදියා වා සීඝසොතාය පවාහෙය්‍ය. එවං හි සො භික‍්ඛවෙ මහාරුක‍්ඛො උච‍්ඡින‍්නමූලො අස‍්ස තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො.

මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල සිඳින්නේ ය. මුල සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා යටත්පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූත් මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවුසුලඟෙහි වියලන්නේ ය. අවුසුලඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලගෙහි හෝ පොලා හරින්නේ ය. සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරණ ලද්දේ, නො වැඩෙන බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.

එවමෙව ඛො භික‍්ඛවෙ, උපාදානීයෙසු ධම‍්මෙසු ආදීනවානුපස‍්සිනො විහරතො තණ‍්හා නිරුජ‍්ඣති. තණ‍්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.

මහණෙනි, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.