දුතිය පඤ්චභයවෙරසුත්තං
1. 5. 2.
1. 5. 2.
දුතිය පඤ්චභයවෙරසුත්තං
දෙවැනි පඤ්චභයවේර සූත්‍රය
42. සාවත්ථියං–
42. සැවැත්නුවර–
අථ ඛො සම්බහුලා භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛු භගවා එතදවොච:
එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
යතො ච ඛො භික්ඛවෙ අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති. චතූහි ච සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති. අරියො චස්ස ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය. ඛීණනිරයොම්හි -පෙ- අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
මහණෙනි, යම්කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පස් වැදැරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙද්ද, සිවුවැදෑරුම් සෝතාපත්ති අඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ ද, ඔහු විසින් නිර්දෝෂ වූ න්‍යායය නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ නම් “ක්ෂය වූ නිරය ඇත්තෙම්. විවසව පතිතවන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.
කතමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති?
කවර පස්වැදෑරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙද්ද යත්:
යං භික්ඛවෙ, පාණාතිපාතී -පෙ- [භයං වෙරං පසවති -පෙ-] අදින්නාදායී -පෙ- කාමෙසු මිච්ඡාචාරී -පෙ- මුසාවාදී -පෙ- යං භික්ඛවෙ සුරාමෙරයමජ්ජපමාදට්ඨායී -පෙ- [භයං වෙරං පසවති -පෙ- දුක්ඛං දොමනස්සං වෙදයති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති]
මහණෙනි, පරපණ නසනා සුලු පුද්ගල තෙමේ යම් ... භයක් හා වෙරක් රැස්කෙරේද ... නුදුන් දෙය ගන්න පුද්ගල තෙමේ ... කාමයෙන් වරදවා හැසිරෙන පුද්ගල තෙමේ ... මුසවා බෙණෙනසුලු පුද්ගල තෙමේ ... මහණෙනි, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානය කරණසුලු පුද්ගල තෙමේ ... යම් භයක් හා වෙරක් රැස්කෙරේද ... දුකක් දොම්නසක් විඳීද, මදපමා කරුණු වූ රහමෙර පානයෙන් වෙන් වූ වහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.
ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තාතිහොන්ති.
මේ පස්වැදැරැම් වෙර හා බිය සංසිඳුනාහු වෙත්.
කතමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති?
කවර සෝතාපත්තිඅඞ්ග සතරකින් යුක්තවූයේ වේ ද යත්:
ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ [අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති.] -පෙ- ධම්මෙ -පෙ- සඞ්ඝෙ [අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති.] -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති. -පෙ- ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
මහණෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ බුදුරජානන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුක්ත වූයේ වෙයි. මේ සෝවන් අඞ්ග සතරින් යුක්ත වූයේ වෙයි.
කතමො චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො?
ඔහු විසින් නිර්දෝෂ වූ කවර න්‍යායයෙක් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් අවබෝධ කරණ ලද්දේ වේ ද?
ඉධ භික්ඛවෙ, අරියසාවකො පටිච්චසමුප්පාදඤ්ඤෙව සාධුකංයොනිසො මනසි කරොති -පෙ- අයමස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො.
මහණෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ පටිච්චසමුප්පාදය ම මැනැවින් නුවණින් මෙනෙහි කෙරෙයි ... ඔහු විසින් මේ නිර්දෝෂ වූ න්‍යාය නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වෙයි.
යතො ච ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අයමස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි, ඛීණතිරච්ඡානයොනියො, ඛීණපෙත්තිවිසයො, ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ පස්වැදෑරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙද් ද, මේ සෝවන් අඞ්ගසතරෙන් යුක්ත වූයේ වේ ද. ඔහු විසින් මේ නිර්දෝෂ වූ න්‍යාය නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ නම් “ක්ෂීණ වූ නිරය ඇත්තෙම් ක්ෂීණ වූ තිරච්ඡාන යෝනි ඇත්තෙම් ක්ෂීණ වු ප්‍රේතවිෂය ඇත්තෙම්, ක්ෂීණ වූ අපාය දුර්ගති විනිපාත ඇත්තෙම් සෝවන් වූයෙම් විවස ව පතිත වන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.