යෙදුමෙන් කියවන්න

දුක‍්ඛසුත‍්තං

1. 5. 3.

1. 5. 3.

දුක‍්ඛසුත‍්තං

දුක්ඛ සූත්‍රය

43. සාවත්‍ථියං–

43. සැවැත්නුවර–

දුක‍්ඛස‍්ස භික‍්ඛවෙ, සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච දෙසිස‍්සාමි. තං සුණාථ -පෙ-

මහණෙනි, දුක් හටගැන්ම ද නැතිවීම ද දේශනා කරන්නෙමි. එය අසවු.

කතමො ච භික‍්ඛවෙ දුක‍්ඛස‍්ස සමුදයො? චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. වෙදනාපච‍්චයා තණ‍්හා. අයං ඛො භික‍්ඛවෙ දුක‍්ඛස‍්ස සමුදයො.

මහණෙනි, දුක් හටගැන්ම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. මේ දහම් තුණේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැන්මයි.

සොතඤ‍්ච පටිච‍්ච සද‍්දෙ ච -පෙ- ඝානඤ‍්ච පටිච‍්ච ගන්‍ධෙ ච -පෙ- ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච -පෙ- කායඤ‍්ච පටිච‍්ච ඵොට‍්ඨබ‍්බෙ ච -පෙ- මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. වෙදනාපච‍්චයා තණ‍්හා. අයං ඛො භික‍්ඛවෙ දුක‍්ඛස‍්ස සමුදයො.

කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැණීම යි.

කතමො ච භික‍්ඛවෙ, දුක‍්ඛස‍්ස අත්‍ථඞ‍්ගමො? චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා. වෙදනාපච‍්චයා තණ‍්හා. තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා ජාතිනිරොධො. ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති. අයං ඛො භික‍්ඛවෙ දුක‍්ඛස‍්ස අත්‍ථඞ‍්ගමො.

මහණෙනි, දුක් නැතිවීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යය යෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුක් නැතිවීම යි.

සොතඤ‍්ච පටිච‍්ච සද‍්දෙ ච උප‍්පජ‍්ජති සොතවිඤ‍්ඤාණං -පෙ- ඝානඤ‍්ච පටිච‍්ච ගන්‍ධෙ ච උප‍්පජ‍්ජති ඝානවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච -පෙ- කායඤ‍්ච පටිච‍්ච ඵොට‍්ඨබ‍්බෙ ච -පෙ- මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති මනො විඤ‍්ඤාණං. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා වෙදනාපච‍්චයා තණ‍්හා. තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා ජාතිනිරොධො. ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති. අයං ඛො භික‍්ඛවෙ, දුක‍්ඛස‍්ස අත්‍ථඞ‍්ගමොති.

කණත් ශබ්දත් නිසා සෝතවිඤ්ඤාණය උපදී ... නැහැයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදී ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුක් නැතිවීම යි.