යෙදුමෙන් කියවන්න

අවිජ‍්ජාදිපච‍්චය දෙසනා සුත‍්තං

1. 4. 5.

1. 4. 5.

අවිජ‍්ජාදිපච‍්චය දෙසනා සුත‍්තං

අවිජ්ජාදිපච්චය දේසනා සූත්‍රය

35. සාවත්‍ථියං–

35. සැවැත්නුවර–

අවිජ‍්ජාපච‍්චයා භික‍්ඛවෙ, සඞ‍්ඛාරා. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති.

මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැන්ම වෙ යි.

එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු, භගවන‍්තං එතදවොච. කතමං නු ඛො භන‍්තෙ, ජරාමරණං? කස‍්ස ච පනිදං ජරාමරණන‍්ති? නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොච. “කතමං ජරාමරණං? කස‍්ස ච පනිදං ජරාමරණන‍්ති?” ඉති වා භික‍්ඛු යො වදෙය්‍ය, “අඤ‍්ඤං ජරාමරණං අඤ‍්ඤස‍්ස ච පනිදං ජරාමරණන‍්ති” ඉති වා භික‍්ඛු යො වදෙය්‍ය, උභයමෙතං එකත්‍ථං. බ්‍යඤ‍්ජනමෙව නානං.

මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ ද?” යි මෙසේ හෝ කියන්නේ ද, මහණ, යමෙක් “ජරාමරණ අනෙකක මේ ජරාමරණ අනෙකකුගේ ය” යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථය. ව්‍යඤ්ජන ම වෙනස් ය.

“තං ජීවං, තං සරීරන‍්ති” වා භික‍්ඛු දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොති. “අඤ‍්ඤං ජීවං, අඤ‍්ඤං සරීරන‍්ති” වා භික‍්ඛු දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොති. එතෙ තෙ භික‍්ඛු උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣෙන තථාගතො ධම‍්මං දෙසෙති ජාතිපච‍්චයා ජරාමරණන‍්ති.

මහණ, “එය ජීව ය, එය ශරීර ය”යි (උචේඡද) දෘෂ්ටිය හෝ ඇති කල්හි බ්‍රහ්මචරිය (ආර්‍ය්‍යමාර්‍ග වාසය) නො වේ. මහණ, “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි (ශාශ්වත) දෘෂ්ටිය හෝ ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ ඒ මේ අන්තදෙකට නො පැමිණ තථාගත තෙමේ “ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ”යි මැදුම්පිළිවෙතින් දහම් දෙසයි.

කතමා නු ඛො භන‍්තෙ, ජාති? කස‍්ස ච පනායං ජාතීති? නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොච “කතමා ජාති? කස‍්ස ච පනායං ජාතීති” ඉති වා භික‍්ඛු යො වදෙය්‍ය, “අඤ‍්ඤා ජාති, අඤ‍්ඤස‍්ස ච පනායං ජාතීති” ඉති වා භික‍්ඛු යො වදෙය්‍ය, උභයමෙතං එකත්‍ථං, බ්‍යඤ‍්ජනමෙව නානං.

වහන්ස, “ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකුගේ ද?” ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකුගේ දැ”යි මෙසේ හො කියන්නේ ද, මහණ, යමෙක් “ජාතිය අනෙකක, මේ ජාතිය අනෙකකුගේ ය”යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.

“තං ජීවං, තං සරීරන‍්ති” වා භික‍්ඛු දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොති. “අඤ‍්ඤං ජීවං, අඤ‍්ඤං සරීරන‍්ති” වා භික‍්ඛු දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොති. එතෙ තෙ භික‍්ඛු උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣෙන තථාගතො ධම‍්මං දෙසෙති භවපච‍්චයා ජාතීති.

මහණ, “ඒ ජීවය, ශරීරය” යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නොවේ. මහණ, “ජීවය අනෙකක ශරීරය අනෙකෙකැ”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නො වේ. මහණ, මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ “භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ” යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.

කතමො නු ඛො භන‍්තෙ, භවො? කස‍්ස ච පනායං භවොති? නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොච. “කතමො භවො, කස‍්ස ච පනායං භවොති” ඉති වා භික‍්ඛු, යො වදෙය්‍ය, “අඤ‍්ඤස‍්ස භවො” අඤ‍්ඤො පනායං භවොති” ඉති වා භික‍්ඛු, යො වදෙය්‍ය, උභයමෙතං එකත්‍ථං, බ්‍යඤ‍්ජනමෙව නානං.

වහන්ස, භවය කවරේ ද? මේ භවය කවරකුගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “භවය කවරේ ද, මේ භවය කවරකුගේ දැ”යි මෙසේ හෝ කියන්නේ ද, මහණ, යමෙක් “භවය අනෙකක, මේ භවය අනෙකකුගේ ය” යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.

“තං ජීවං, තං සරීරන‍්ති” වා භික‍්ඛු දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොති. “අඤ‍්ඤං ජීවං, අඤ‍්ඤං සරීරන‍්ති” වා භික‍්ඛු, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොති. එතෙ තෙ භික‍්ඛු උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣෙන තථාගතො ධම‍්මං දෙසෙති. උපාදානපච‍්චයා භවොති -පෙ- තණ‍්හාපච‍්චයා උපාදානන‍්ති -පෙ- වෙදනා පච‍්චයා තණ‍්හාති -පෙ- ඵස‍්සපච‍්චයා වෙදනාති -පෙ- සළායතනපච‍්චයා ඵස‍්සොති -පෙ- නාමරූප පච‍්චයා සළායතනන‍්ති -පෙ- විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති -පෙ- සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්ති.

මහණ, “එය ජීවය, එය ශරීර ය”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ, “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නො වේ. මහණ, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ය යි මැදුම්පිළිවෙතින් දහම් දෙසයි ... තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ය යි ... ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය යි ... ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ යයි ... නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ය යි ... විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි ... සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ය යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.

කතමෙ නු ඛො භන‍්තෙ, සඞ‍්ඛාරා? කස‍්ස ච පනිමෙ සඞ‍්ඛාරාති? නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොච. “කතමෙ සඞ‍්ඛාරා, කස‍්ස ච පනිමෙ සඞ‍්ඛාරාති” ඉති වා භික‍්ඛු, යො වදෙය්‍ය, “අඤ‍්ඤෙ සඞ‍්ඛාරා, අඤ‍්ඤස‍්ස පනිමෙ සඞ‍්ඛාරාති” ඉති වා භික‍්ඛු, යො වදෙය්‍ය, උභයමෙතං එකත්‍ථං, බ්‍යඤ‍්ජනමෙව නානං.

වහන්ස, සංස්කාරයෝ කවරහු ද? මේ සංස්කාර කවරකු ගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැ”යි මෙසේ හෝ කියන්නේ ද, මහණ යමෙක් “සංස්කාර අනෙකක, මේ සංස්කාර අනෙකකුගේ ය”යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.

“තං ජීවං, තං සරීරන‍්ති” වා භික‍්ඛු, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොති. “අඤ‍්ඤං ජීවං, අඤ‍්ඤං සරීරන‍්ති” වා භික‍්ඛු, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොති. එතෙ තෙ භික‍්ඛු, උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣෙන තථාගතො ධම‍්මං දෙසෙති: අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති.

මහණ “එය ජීවය, එය ශරීර ය” යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ, “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත් ය යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.

අවිජ‍්ජායත්‍වෙව භික‍්ඛු, අසෙසවිරාගනිරොධා යානිස‍්ස තානි විසූකායිතානි විසෙවිතානි විප‍්ඵන්‍දිතානි කානි චි කානි චි. “කතමඤ‍්ච ජරාමරණං? කස‍්ස ච පනිදං ජරාමරණං? ඉති වා, අඤ‍්ඤං ජරාමරණං, අඤ‍්ඤස‍්ස ච පනිදං ජරාමරණං ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං ඉති වා” සබ‍්බානිස‍්ස තානි පහීණානි භවන‍්ති උච‍්ඡින‍්නමූලානි තාලාවත්‍ථුකතානි අනභාවකතානි ආයතිං අනුප‍්පාදධම‍්මානි.

මහණ, “ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ දැ”යි හෝ “ජරාමරණ අනෙකක, මේ ජරාමරණ අනෙකකුගේ ය”යි හෝ “එය ජීවය, එය ශරීරය” යි හෝ “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ” යි හෝ ඔහුට යම් ඒ (සම්‍යග්දෘෂ්ටියට)හුලු වැනි, විරුද්ධ පැවතුම් ඇති, ඔබමොබ සැලෙන පැවැතුම් ඇති කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටිහු වෙද්ද, ඔහුගේ ඒ සියලු දෘෂ්ටිහු අවිද්‍යාවේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තාහු මුදුනසුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු පිළිවෙළින් අභාවයට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.

අවිජ‍්ජායත්‍වෙව භික‍්ඛු අසෙසවිරාගනිරොධා යානිස‍්ස තානි විසූකායිතානි විසෙවිතානි විප‍්ඵන්‍දිතානි කානි චි කානි චි “කතමා ජාති? කස‍්ස ච පනායං ජාති? ඉති වා, අඤ‍්ඤා ජාති අඤ‍්ඤස‍්ස ච පනායං ජාති ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං ඉති වා” සබ‍්බානිස‍්ස තානි පහීණානි භවන‍්ති උච‍්ඡින‍්නමූලානි තාලාවත්‍ථුකතානි අනභාවකතානි ආයතිං අනුප‍්පාදධම‍්මානි.

මහණ,“ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකු ගේ දැ”යි හෝ “ජාතිය අනෙකක, මේ ජාතිය අනෙකකුගේ ය”යි හෝ ‘එය ජීවය, ශරීර ය” යි හෝ “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ ඔහුට යම් ඒ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි, විරුද්ධ පැවතුම් ඇති, ඔබමොබ සැලෙන පැවැතුම් ඇති කිසියම් කිසියම් මිථ්‍යා දෘෂ්ටිහු වෙද්ද, ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු අවිද්‍යාවේ ම නිරවශේෂවිරාග නිරෝධයෙන් ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තාහු මුදුනසුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු පිළිවෙළින් අභාවයට පමුණු වන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.

අවිජ‍්ජායත්‍වෙව භික‍්ඛු අසෙසවිරාගනිරොධා යානි’ස‍්ස තානි විසූකායිතානි විසෙවිතානි විප‍්ඵන්‍දිතානි කානිචි කානිචි. “කතමො භවො, කස‍්ස ච පනායං භවො ඉති වා, අඤ‍්ඤො භවො අඤ‍්ඤස‍්ස ච පනායං භවො ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං ඉති වා” සබ‍්බානි’ස‍්ස තානි පහීනානි භවන‍්ති උච‍්ඡින‍්නමූලානි තාලාවත්‍ථුකතානි අනභාවකතානි ආයතිං අනුප‍්පාදධම‍්මානි.

මහණ, අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් “භවය කවරේ ද, මේ භවය කවරකුගේ දැ යි හෝ, භවය අනෙකක, මේ භවය අනෙකකුගේ යයි හෝ, එය ම ජීවය එය ම ශරීරය යි හෝ, ජීවය අනෙකක, ශරීරය අනෙකකැ යි” හෝ ඔහුට යම් ඒ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති ඔබමොබ සැලෙන පැවැතුම් ඇති කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙද්ද; ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තාහු හිස්සුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.

අවිජ‍්ජායත්‍වෙව භික‍්ඛු අසෙසවිරාගනිරොධා යානි’ස‍්ස තානි විසූකායිතානි විසෙවිතානි විප‍්ඵන්‍දිතානි කානිචි කානිචි. “කතමං උපාදානං -පෙ- කතමා තණ‍්හා -පෙ- කතමා වෙදනා -පෙ- කතමො ඵස‍්සො -පෙ- කතමං සළායතනං -පෙ- කතමං නාමරූපං -පෙ- කතමං විඤ‍්ඤාණං -පෙ- අවිජ‍්ජායත්‍වෙව භික‍්ඛු අසෙසවිරාගනිරොධා යානිස‍්ස තානි විසූකායිතානි විසෙවිතානි විප‍්ඵන්‍දිතානි කානි චි කානි චි. “කතමෙ සඞ‍්ඛාරා, කස‍්ස ච පනිමෙ සඞ‍්ඛාරා ඉති වා, අඤ‍්ඤෙ සඞ‍්ඛාරා, අඤ‍්ඤස‍්ස ච පනිමෙ සඞ‍්ඛාරා ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං ඉති වා” සබ‍්බානිස‍්ස තානි පහීනානි භවන‍්ති උච‍්ඡින‍්නමූලානි තාලාවත්‍ථුකතානි අනභාවකතානි ආයතිං අනුප‍්පාදධම‍්මානීති.

මහණ, අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් ඔහුට (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති ඔබමොබ සැලෙන පැවැතුම් ඇති යම් ඒ කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙද්ද, .... උපාදාන කවරේ ද, ... තෘෂ්ණාව කවර, ... වේදනාව කවර, ... ස්පර්‍ශය කවරේ ද, … ෂඩායතන කවරේ ද, … නාමරූප කවරේ ද, … විඥානය කවරේ ද, … මහණ, අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ඔහුට “සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැ යි හෝ, සංස්කාර අනෙකෙක, මේ සංස්කාර අනෙකකුගේ යයි හෝ, එය ම ජීවය, එය ම ශරීර ය යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ”යි හෝ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවතුම් ඇති ඔබ මොබ සැලෙන පැවතුම් ඇති යම් කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටිහු වෙත් ද, ඔහුගේ ඒ සියලු මිථ්‍යාදෘෂ්ටිහු ප්‍රහීණ වූවාහු මුලුසුන් කරණ ලද්දාහු හිස් සුන් තල් ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.