දුතියඤාණවත්ථුසුත්තං
1. 4. 4.
1. 4. 4.
දුතියඤාණවත්ථුසුත්තං
දුතියඤාණවත්ථු සූත්‍රය
34. සාවත්ථියං–
34. සැවැත්නුවර–
සත්තසත්තරි වො භික්ඛවෙ ඤාණවත්ථූනි දෙසිස්සාමි. තං සුණාථ -පෙ- කතමානි භික්ඛවෙ සත්ත සත්තරි ඤාණවත්ථූනි?
මහණෙනි, තොපට සත්සැත්තෑ නුවණ දේශනා කරන්නෙමි. එය අසවු ... මහණෙනි, සත්සැත්තෑ නුවණ කවර යත්:
ජාතිපච්චයා ජරාමරණන්ති ඤාණං, අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණං, අතීතම්පි අද්ධානං ජාතිපච්චයා ජරාමරණන්ති ඤාණං, අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණං, අනාගතම්පි අද්ධානං ජාතිපච්චයා ජරාමරණන්ති ඤාණං, අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණං, යම්පිස්ස තං ධම්මට්ඨිති ඤාණං තම්පි ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මන්ති ඤාණං.
ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය යි දන්නා නුවණ ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි දන්නා නුවණ ය, අතීත කාලයෙහි ද ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වී ය යි දන්නා නුවණ ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි දන්නා නුවණ ය, අනාගත කාලයෙහි ද ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වන්නේ ය යි දන්නා නුවණ ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි දන්නා නුවණ ය, යම් ඒ (යථෝක්ත) ප්‍රත්‍යයාකාර ඥානයක් වන්නේ නම් එ ද ක්ෂයස්වභාව ඇත්තේ ය, ව්යයස්වාභාව ඇත්තේ ය, විරාග ස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ ය යි දන්නා නුවණ ය.
භවපච්චයා ජාතීති ඤාණං -පෙ- උපාදානපච්චයා භවොති ඤාණං -පෙ- තණ්හාපච්චයා උපාදානන්ති ඤාණං -පෙ- වෙදනා පච්චයා තණ්හාති ඤාණං -පෙ- ඵස්සපච්චයා වෙදනාති ඤාණං -පෙ- සළායතන පච්චයා ඵස්සොති ඤාණං -පෙ- නාමරූපපච්චයා සළායතනන්ති ඤාණං -පෙ- විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඤාණං -පෙ- සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති ඤාණං -පෙ-
භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි දන්නා නුවණ ය ... උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ය යි. දන්නා නුවණ ය ... තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි දන්නා නුවණ ය ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ය යි. දන්නා නුවණ ය ... ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ ය යි දන්නා නුවණ ය ... ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ ය යි දන්නා නුවණ ය ... නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ය යි දන්නා නුවණ ය ... විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි දන්නා නුවණ ය … සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ය යි දන්නා නුවණ ය ...
අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති ඤාණං, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරාති ඤාණං, අතීතම්පි අද්ධානං අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති ඤාණං, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරාති ඤාණං, අනාගතම්පි අද්ධානං අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති ඤාණං, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරාති ඤාණං, යම්පිස්ස තං ධම්මට්ඨිතිඤාණං, තම්පි ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මන්ති ඤාණං. ඉමානි වුච්චන්ති භික්ඛවෙ සත්තසත්තරි ඤාණවත්ථූනීති.
අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති යි දන්නා නුවණ ය, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැතැ යි දන්නා නුවණ ය, අතීතකාලයෙහිත් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වූහ යි දන්නා නුවණ ය, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැතැයි දන්නා නුවණ ය, අනාගතකාලයෙහිත් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වන්නාහ යි දන්නා නුවණ ය, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැතැයි දන්නා නුවණ ය, යම් ඒ ප්රත්යායකාරඥානායක් වන්නේ නම් එය ක්ෂය ස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වභාව ඇත්තේ ය, විරාග ස්වභාව ඇත්තේ ය, නිරෝධ ස්වභාව ඇත්තේ ය යි දන්නා නුවණ ය. මහණෙනි, මේ සත්සැත්තෑනුවණ ය යි කියනු ලැබෙයි.