ඤාණවත්ථුසුත්තං
1. 4. 3.
1. 4. 3.
ඤාණවත්ථුසුත්තං
ඤාණවත්ථු සූත්රය
33. සාවත්ථියං–
33. සැවැත්නුවර–
චතුචත්තාළීසං වො භික්ඛවෙ, ඤාණවත්ථූනි දෙසිස්සාමි. තං සුණාථ -පෙ- කතමානි භික්ඛවෙ, චතුචත්තාළීසං ඤාණවත්ථූනි?
මහණෙනි, තොපට සිවුසාළිස් නුවණවත් දේශනා කරන්නෙමි. එය අසවු ... මහණෙනි, සිවුසාළිස් නුවණවත් කවර යත්:
ජරාමරණෙ ඤාණං, ජරාමරණසමුදයෙ ඤාණං, ජරාමරණනිරොධෙ ඤාණං, ජරාමරණනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
ජරාමරණ දන්නා නුවණ ය, ජරාමරණ හටගැණීම දන්නා නුවණ ය, ජරාමරණ නැවැත්ම දන්නා නුවණ ය, ජරාමරණ නැවැත්මේ පිළි වෙත දන්නා නුවණ ය.
ජාතියා ඤාණං, ජාති සමුදයෙ ඤාණං, ජාතිනිරොධෙ ඤාණං, ජාතිනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
ඉපැදීම දන්නා නුවණ ය, ඉපැද්ම හටගැණීම දන්නා නුවණ ය, ඉපැද්මේ නැවැත්ම දන්නා නුවණ ය, ඉපැද්ම නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ය.
භවෙ ඤාණං, භවසමුදයෙ ඤාණං, භවනිරොධෙ ඤාණං, භවනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
භවය දන්නා නුවණ ය, භවයේ හටගැන්ම දන්නා නුවණ ය, භවයේ නැවැත්ම දන්නා නුවණ ය, භවය නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ය.
උපාදානෙ ඤාණං -පෙ- තණ්හාය ඤාණං -පෙ- වෙදනාය ඤාණං -පෙ- ඵස්සෙ ඤාණං -පෙ- සළායතනෙ ඤාණං -පෙ- නාමරූපෙ ඤාණං -පෙ- විඤ්ඤාණෙ ඤාණං -පෙ- සඞ්ඛාරෙසු ඤාණං, සඞ්ඛාරසමුදයෙ ඤාණං, සඞ්ඛාරනිරොධෙ ඤාණං, සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං. ඉමානි වුච්චන්ති භික්ඛවෙ චතුචත්තාළීසං ඤාණවත්ථූනි.
උපාදාන දන්නා නුවණ ය. ... තෘෂ්ණාව දන්නා නුවණ ය. ... වේදනාව දන්නා නුවණ ය ... ස්පර්ශ දන්නා නුවණ ය ... ෂඩායතන දන්නා නුවණය ... නාමරූප දන්නා නුවණ ය ... විඥාන දන්නා නුවණ ය ... සංස්කාර දන්නා නුවණ ය, සංස්කාර හටගැණීම දන්නා නුවණ ය, සංස්කාර නැවැත්ම දන්නා නුවණ ය. සංස්කාර නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ය. මහණෙනි, මේ සිවුසාළිස් නුවණවත් ය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ, ජරාමරණං? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චති ජරා. යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භෙදො කළෙබරස්ස නික්ඛෙපො. ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා, ඉදඤ්ච මරණං, ඉදං වුච්චති භික්ඛවෙ ජරාමරණං.
මහණෙනි, ජරාමරණ නම් කවර? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙහි යම් දිරීමෙක් දිරණබවෙක් දත් වැටීමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන් පැසීමෙක් වේ ද, මේ ජරා යංයි කියනු ලැබේ. ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙන් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්වු නම් වූ මරණයෙක් කාලක්රියාවෙක් ස්කන්ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් වේද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මේ මරණය ද, මහණෙනි, මේ ජරාරමණ ය යි කියනු ලැබේ.
ජාතිසමුදයා ජරාමරණසමුදයො, ජාතිනිරොධා ජරාමරණනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජරාමරණනිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
ජාතිය හටගැණීමෙන් ජරාමරණ හටගැණීම වේ. ජාතිය නැවැත්මෙන් ජරාමරණ නැවැත්ම වේ. මේ අරිඅටඟිමග ම ජරාමරණ නැවැත්මේ පිළිවෙත යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.
යතො ඛො භික්ඛවෙ, අරියසාවකො එවං ජරාමරණං පජානාති, එවං ජරාමරණසමුදයං පජානාති, එවං ජරාමරණනිරොධං පජානාති, එවං ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානාති, ඉදමස්ස ධම්මෙ ඤාණං. සො ඉමිනා ධම්මෙන දිට්ඨෙන විදිතෙන අකාලිකෙන පත්තෙන පරියොගාළ්හෙන අතීතානාගතෙ නයං නෙති.
මහණෙනි, යම් කලෙක ආර්ය්යශ්රාවක තෙමේ මෙසේ ජරාමරණ දනී ද, මෙසේ ජරාමරණසමුදය දනි ද, මෙසේ ජරාමරණනිරෝධය දනී ද, මෙසේ ජරාමරණනිරෝධගාමිනී ප්රතිපදාව දනී ද, මේ ඔහුගේ (සිවුසස්) දහම්හි නුවණ ය. හෙතෙමේ දක්නා ලද දන්නා ලද කල් නො යවා විපාක දෙන පැමිණෙන ලද බැසගන්නා ලද මේ මාර්ගඥානයෙන් (මතු ඇතිවන ප්රත්යවේක්ෂා ඥානයෙන්) අතීතයෙහිත් අනාගතයෙහිත් දහම් නය පමුණුවයි.
යෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං අබ්භඤ්ඤංසු, ජරාමරණසමුදයං අබ්භඤ්ඤංසු, ජරාමරණනිරොධං අබ්භඤ්ඤංසු, ජරාමරණනිරොධගාමිනිං පටිපදං අබ්භඤ්ඤංසු, සබ්බෙ තෙ එවමෙව අබ්භඤ්ඤංසු, සෙය්යථාපහං එතරහි. යෙපි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං අභිජානිස්සන්ති, ජරාමරණසමුදයං අභිජානිස්සන්ති, ජරාමරණනිරොධං අභිජානිස්සන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං අභිජානිස්සන්ති, සබ්බෙ තෙ එවමෙව අභිජානිස්සන්ති, සෙය්යථාපහං එතරහි. ඉදමස්ස අන්වයෙ ඤාණං.
අතීත කාලයෙහි යම් කිසි ශ්රමණ කෙනෙක් හො බමුණු කෙනෙක් හෝ ජරාමරණ දත්තාහු ද, ජරාමරණසමුදය දත්තාහු ද, ජරාමරණනිරෝධය දත්තාහු ද, ජරාමරණනිරෝධගාමිනී ප්රතිපදාව දත්තාහු ද, ඒ සියල්ලෝ දැන් මම යම් සේ දනිමි නම් එසේ ම දත්තාහු ය. අනාගත කාලයෙහි යම් කිසි ශ්රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ දැන ගන්නාහු ද, ජරාමරණ සමුදයය දැන ගන්නාහු ද, ජරාමරණ නිරෝධය දැන ගන්නාහු ද, ජරාමරණ නිරෝධගාමිනී ප්රතිපදාව දැන ගන්නාහු ද, ඒ සියල්ලෝ දැන් මම යම් සේ දනිමි නම් එසේ ම දැන ගන්නාහු ය. මේ ඔහුගේ අන්වවයෙහි (ධර්මඥානානුගමනයෙහි ප්රත්යවේක්ෂා) ඥාන ය යි.
යතො ඛො භික්ඛවෙ අරියසාවකස්ස ඉමානි ද්වෙ ඤාණානි පරිසුද්ධානි හොන්ති පරියොදාතානි ධම්මෙ ඤාණඤ්ච අන්වයෙ ඤාණඤ්ච. අයං වුච්චති භික්ඛවෙ අරියසාවකො දිට්ඨිසම්පන්නො ඉතිපි, දස්සනසම්පන්නො ඉතිපි, ආගතො ඉමං සද්ධම්මං ඉතිපි, පස්සති ඉමං සද්ධම්මං ඉතිපි, සෙඛෙන ඤාණෙන සමන්නාගතො ඉතිපි, සෙඛාය විජ්ජාය සමන්නාගතො ඉතිපි, ධම්මසොතං සමාපන්නො ඉතිපි, අරියො නිබ්බෙධිකපඤ්ඤො ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති.
මහණෙනි, යම් කලෙක පටන් ආර්ය්යශ්රාවකයාගේ මාර්ගඥානයත් ප්රත්යවේක්ෂාඥානයත් යන මේ දෙනුවණ පිරිසිදු වූයේ ඉතා පිරිසිදු වූයේ වේ ද, මහණෙනි, මේ ආර්ය්යශ්රාවක තෙමේ දෘෂ්ටිසම්පන්න ය යි ද, දර්ශනසම්පන්න ය යි ද, මේ සද්ධර්මයට පැමිණියේ ය යි ද, මේ සද්ධර්මය දකී ය යි ද, ශෛක්ෂඥානයෙන් සමන්වාගත ය යි ද, ශෛක්ෂවිද්යායෙන් සමන්වාගත ය යි ද, ධර්මස්රෝතසට පැමිණියේ ය යි ද, ආර්ය්ය වු නිර්වේධිකප්රඥා ඇත්තේ ය යි ද, අමාදොරට හැපී සිටී ය යි ද කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, ජාති? යා තෙසං තෙසං සත්තානං -පෙ- කතමො ච භික්ඛවෙ, භවො -පෙ- කතමඤ්ච භික්ඛවෙ, උපාදානං -පෙ- කතමා ච භික්ඛවෙ, තණ්හා -පෙ- කතමා ච භික්ඛවෙ, වෙදනා -පෙ- කතමො ච භික්ඛවෙ, ඵස්සො -පෙ- කතමඤ්ච භික්ඛවෙ, සළායතනං -පෙ- කතමඤ්ච භික්ඛවෙ, නාමරූපං -පෙ- කතමඤ්ච භික්ඛවෙ, විඤ්ඤාණං -පෙ- කතමෙ ච භික්ඛවෙ, සඞ්ඛාරා? තයොමෙ භික්ඛවෙ, සඞ්ඛාරා: කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ සඞ්ඛාරා.
මහණෙනි, ජාතිය නම් කවර යත්: ඒ ඒ සත්ත්වයන්ගේ යම් ... මහණෙනි, භවය නම් කවර යත්: ... මහණෙනි, උපාදාන නම් කවර යත්: ... මහණෙනි, තෘෂ්ණා නම් කවර යත්: මහණෙනි, වේදනාව නම් කවර යත්. ... මහණෙනි, ස්පර්ශය නම් කවර යත්: ... මහණෙනි, ෂඩායතන නම් කවර යත්: මහණෙනි, නාමරූප නම් කවර යත්: ... මහණෙනි, විඥානය නම් කවර යත්:... මහණෙනි, සංස්කාර නම් කවර යත්: මහණෙනි, මේ සංස්කාර තුණෙකි. කායසංස්කාර ය, වාක්සංස්කාර ය, චිත්තසංස්කාර ය යි. මහණෙනි, මොහු සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්.
අවිජ්ජාසමුදයා සඞ්ඛාරසමුදයො, අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
අවිද්යාසමුදයෙන් සංස්කාරසමුදයය වේ. අවිද්යානිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ අරිඅටඟිමග ම සංස්කාර නිරෝධගාමිනී ප්රතිපදාව යි එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසම්ධි යි.
යතො ඛො භික්ඛවෙ අරියසාවකො එවං සඞ්ඛාරෙ පජානාති, එවං සඞ්ඛාරසමුදයං පජානාති, එවං සඞ්ඛාරනිරොධං පජානාති, එවං සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානාති, ඉදමස්ස ධම්මෙ ඤාණං. සො ඉමිනා ධම්මෙන දිට්ඨෙන විදිතෙන අකාලිකෙන පත්තෙන පරියොගාළ්හෙන අතීතානාගතෙ නයං නෙති.
මහණෙනි, යම් කලෙක ආර්ය්යශ්රාවක තෙමේ මෙසේ සංස්කාර දනී ද, මෙසේ සංස්කාර සමුදය දනී ද, මෙසේ සංස්කාරනිරෝධය දනී ද, මෙසේ සංස්කාරනිරෝධගාමිනී ප්රතිපදාව දනීද, මේ ඔහුගේ මාර්ගඥාන ය යි. හෙතෙමේ දක්නා ලද දන්නා ලද අකාලික වූ පැමිණෙන ලද බැස ගන්නා ලද මේ මාර්ගඥානයෙන් අතීතයෙහිත් අනාගතයෙහිත් නය පමුණුවයි.
යෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා සඞ්ඛාරෙ අබ්භඤ්ඤංසු, සඞ්ඛාරසමුදයං අබ්භඤ්ඤංසු, සඞ්ඛාරනිරොධං අබ්භඤ්ඤංසු, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං අබ්භඤ්ඤංසු, සබ්බෙ තෙ එවමෙව අබ්භඤ්ඤංසු, සෙය්යථාපහං එතරහි. යෙපි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා සඞ්ඛාරෙ අභිජානිස්සන්ති, සඞ්ඛාරසමුදයං අභිජානිස්සන්ති, සඞ්ඛාරනිරොධං අභිජානිස්සන්ති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං අභිජානිස්සන්ති, සබ්බෙ තෙ එවමෙව අභිජානිස්සන්ති, සෙය්යථාපාහං එතරහි. ඉදමස්ස අන්වයෙ ඤාණං.
මහණෙනි, අතීතකාලයෙහිත් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සංස්කාර දත්තාහු ද සංස්කාර සමුදයය දත්තාහු ද සංස්කාරනිරෝධය දත්තාහු ද සංස්කාරනිරෝධගාමිනීප්රතිපදාව දත්තාහු ද ඒ සියල්ලෝ දැන් මම යම් සේ (දනිම්) ද එ සේ ම දත්තාහු ය. අනාගත කාලයෙහිත් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සංස්කාරයන් දැන්ගන්නාහු ද සංස්කාරසමුදය දැන ගන්නාහු ද සංස්කාරනිරෝධය දැන ගන්නාහු ද සංස්කාරනිරෝධගාමිනී ප්රතිපදාව දැන ගන්නාහු ද, ඒ සියල්ලෝ දැන් මම යම් සේ (දනිම්) ද, එසේ ම දැන ගන්නාහු ය. මේ ඔහුගේ අන්වයෙහි (ප්රත්යවේක්ෂා) ඥාන ය යි.
යතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමානි ද්වෙ ඤාණානි පරිසුද්ධානි හොන්ති පරියොදාතානි ධම්මෙ ඤාණං ච අන්වයෙ ඤාණං ච. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො දිට්ඨිසම්පන්නො ඉතිපි, දස්සනසම්පන්නො ඉතිපි, ආගතො ඉමං සද්ධම්මං ඉතිපි, පස්සති ඉමං සද්ධම්මං ඉතිපි, සෙඛෙන ඤාණෙන සමන්නාගතො ඉතිපි, සෙඛාය විජ්ජාය සමන්නාගතො ඉතිපි, ධම්මසොතං සමාපන්නො ඉතිපි, අරියො නිබ්බෙධිකපඤ්ඤො ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති.
මහණෙනි, යම් කලෙක ආර්ය්ය ශ්රාවකයාගේ මාර්ගඥානයත් ප්රත්යවේක්ෂාඥානයත් මේ දෙනුවන පිරිසිදු වූයේ ඉතා පිරිසිදු වූයේ වේ ද, මහණෙනි, මේ ආර්ය්යශ්රාවක තෙමේ දෘෂ්ටිසම්පන්න ය යි ද, දර්ශනසම්පන්න ය යි ද, මේ සද්ධර්මයට පැමිණියේ ය යි ද, මේ සද්ධර්මය දකී ය යි ද, ශෛක්ෂඥානයෙන් සමන්වාගත ය යි ද, ශෛක්ෂවිද්යාවෙන් සමන්වාගත ය යි ද, ධර්මස්රෝතසට පැමිණියේ ය යි ද, ආර්ය්ය වු නිර්වේධිකප්රඥා ඇත්තේ ය යි ද, අමාදොරට හැපී සිටී ය යි ද කියනු ලැබේ.