යෙදුමෙන් කියවන්න

දුතියඅවිජ‍්ජාපච‍්චයසුත‍්තං

1. 4. 6.

1. 4. 6.

දුතියඅවිජ‍්ජාපච‍්චයසුත‍්තං

දෙවැනි අවිජ්ජාපච්චය සූත්‍රය

36. සාවත්‍ථියං–

36. සැවැත්නුවර–

තත්‍ර ඛො භගවා -පෙ- අවිජ‍්ජාපච‍්චයා භික‍්ඛවෙ සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

එහි දී භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ යයි වදාළ සේක.

කතමං ජරාමරණං, කස‍්ස ච පනිදං ජරාමරණං ඉති වා භික‍්ඛවෙ, යො වදෙය්‍ය, අඤ‍්ඤං ජරාමරණං අඤ‍්ඤස‍්ස ච පනිදං ජරාමරණං ඉති වා භික‍්ඛවෙ, යො වදෙය්‍ය, උභයමෙතං එකත්‍ථං. බ්‍යඤ‍්ජනමෙව නානං.

මහණෙනි, යමෙක් “ජරාමරණ කවරේ ද, මේ ජරාමරණ කවරකුගේ දැ”යි හෝ කියන්නේ ද, මහණෙනි, යමෙක් “ජරාමරණ අනෙකක, මේ ජරාමරණ අනෙකකුගේ ය”යි හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථය. ව්‍යඤ්ජන ම වෙනස් ය.

තං ජීවං තං සරීරං ඉති වා භික‍්ඛවෙ දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොති. අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං ඉති වා භික‍්ඛවෙ දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොති. එතෙ තෙ භික‍්ඛවෙ උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣෙන තථාගතො ධම‍්මං දෙසෙති: ජාතිපච‍්චයා ජරාමරණන‍්ති -පෙ-

මහණෙනි, “එය ජීවය, එය ශරීර ය”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි (මග්ග) බ්‍රහ්මචරියවාසය නො වේ. මහණෙනි “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ යයි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි ...

කතමා ජාති -පෙ- කතමො භවො -පෙ- කතමං උපාදානං -පෙ- කතමා තණ‍්හා -පෙ- කතමා වෙදනා -පෙ- කතමො ඵස‍්සො -පෙ- කතමං සළායතනං -පෙ- කතමං නාමරූපං -පෙ- කතමං විඤ‍්ඤාණං -පෙ- කතමෙ සඞ‍්ඛාරා, කස‍්ස ච පනිමෙ සඞ‍්ඛාරා ඉති වා භික‍්ඛවෙ යො වදෙය්‍ය, අඤ‍්ඤෙ සඞ‍්ඛාරා, අඤ‍්ඤස‍්ස ච පනිමෙ සඞ‍්ඛාරා ඉති වා භික‍්ඛවෙ යො වදෙය්‍ය, උභයමෙතං එකත්‍ථං බ්‍යඤ‍්ජනමෙව නානං.

ජාතිය කවර ... භවය කවරේ ද ... උපාදාන කවරේ ද ... තෘෂ්ණාව කවර ... වේදනාව කවර ... ස්පර්‍ශය කවරේ ද ... ෂඩායතන කවරේ ද ... නාමරූප කවරේ ද ... විඥානය කවරේද ... මහණෙනි, යමෙක් සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැයි හෝ කියන්නේ ද මහණෙනි, යමෙක් සංස්කාර අනෙකක, මේ සංස්කාර අනෙකකුගේ යයි හෝ කියන්නේ ද මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.

“තං ජීවං තං සරීරං” ඉති වා භික‍්ඛවෙ, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොති. “අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං” ඉති වා භික‍්ඛවෙ දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොති. එතෙ තෙ භික‍්ඛවෙ උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣෙන තථාගතො ධම‍්මං දෙසෙති: අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා. -පෙ-

මහණෙනි, “එය ජීවය, එය ශරීර ය”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණෙනි,“ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි …

අවිජ‍්ජායත්‍වෙව භික‍්ඛවෙ, අසෙසවිරාගනිරොධා යානිස‍්ස තානි විසූකායිතානි විසෙවිතානි විප‍්ඵන්‍දිතානි කානිචි කානිචි. “කතමං ජරාමරණං කස‍්ස ච පනිදං ජරාමරණං ඉති වා, අඤ‍්ඤං ජරාමරණං අඤ‍්ඤස‍්ස ච පනිදං ජරාමරණං ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං ඉති වා.” සබ‍්බානිස‍්ස තානි පහීණානි භවන‍්ති උච‍්ඡින‍්නමූලානි තාලාවත්‍ථුකතානි අනභාවඞ‍්කතානි ආයතිං අනුප‍්පාදධම‍්මානි.

මහණෙනි, අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ඔහුට “ජරාමරණ කවරේ ද, මේ ජරාමරණ කවරකුගේ දැ යි හෝ, ජරාමරණ අනෙකක, මේ ජරාමරණ අනෙකකුගේ ය යි හෝ, එය ජීවය, එය ශරීර ය යි හෝ, ජීවය අනිකක, ශරීරය අනෙකකැ යි” හෝ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති සැලෙන පැවැතුම් ඇති යම් ඒ කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙද් ද ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු ප්‍රහීණ වූවාහු මුලුසුන් කරණ ලද්දාහු හිස් සුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු. මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.

අවිජ‍්ජායත්‍වෙව භික‍්ඛවෙ, අසෙසවිරාගනිරොධා යානිස‍්ස තානි විසූකායිතානි විසෙවිතානි විප‍්ඵන්‍දිතානි කානිචි කානිචි. “කතමා ජාති -පෙ- කතමො භවො -පෙ- කතමං උපාදානං -පෙ- කතමා තණ‍්හා -පෙ- කතමා වෙදනා -පෙ- කතමො ඵස‍්සො -පෙ- කතමං සළායතනං -පෙ- කතමං නාමරූපං -පෙ- කතමං විඤ‍්ඤාණං -පෙ- කතමෙ සඞ‍්ඛාරා, කස‍්ස ච පනිමෙ සඞ‍්ඛාරා ඉති වා, අඤ‍්ඤෙ සඞ‍්ඛාරා, අඤ‍්ඤස‍්ස ච පනිමෙ සඞ‍්ඛාරා ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං ඉති වා” සබ‍්බානිස‍්ස තානි පහීණානි භවන‍්ති උච‍්ඡින‍්නමූලානි තාලාවත්‍ථුකතානි අනභාවඞ‍්කතානි ආයතිං අනුප‍්පාදධම‍්මානීති.

මහණෙනි, අවිද්‍යාවේ ම නිරවශේෂවිරාග නිරෝධයෙන් ඔහුට “ජාතිය කවර ... භවය කවරේ ද ... උපාදාන කවරේ ද ... තෘෂ්ණාව කවර ... වේදනාව කවර ... ස්පර්‍ශය කවරේ ද ... ෂඩායතන කවරේ ද ... නාම රූප කවරේ ද ... විඥානය කවරේ ද ... සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැයි හෝ, සංස්කාර අනෙකක, මේ සංස්කාර අනෙකකුගේ යයි හෝ, එය ජීවය, එය ශරීරය යි හෝ, ජීවය අනෙකක, ශරීරය අනෙකකැ යි” හෝ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති ඔබමොබ සැලෙන පැවතුම් ඇති යම් ඒ කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙත් ද, ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු ප්‍රහීණ වූවාහු මුලසුන් කරණ ලද්දාහු හිස්සුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.