යෙදුමෙන් කියවන්න

දුතියසමණබ්‍රාහ‍්මණසුත‍්තං

1. 2. 4.

1. 2. 4.

දුතියසමණබ්‍රාහ‍්මණසුත‍්තං

දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය

14. සාවත්‍ථියං–

14 සැවැත්නුවර–

යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමෙ ධම‍්මෙ නප‍්පජානන‍්ති, ඉමෙසං ධම‍්මානං සමුදයං නප‍්පජානන‍්ති. ඉමෙසං ධම‍්මානං නිරොධං නප‍්පජානන‍්ති. ඉමෙසං ධම‍්මානං නිරොධගාමිනිං පටිපදං නප‍්පජානන‍්ති. කතමෙ ධම‍්මෙ නප‍්පජානන‍්ති? කතමෙසං ධම‍්මානං සමුදයං නප‍්පජානන‍්ති? කතමෙසං ධම‍්මානං නිරොධං නප‍්පජානන‍්ති? කතමෙසං ධම‍්මානං නිරොධගාමිනිං පටිපදං නප‍්පජානන‍්ති? ජරාමරණං නප‍්පජානන‍්ති. ජරාමරණසමුදයං නප‍්පජානන‍්ති. ජරාමරණනිරොධං නප‍්පජානන‍්ති. ජරාමරණනිරොධගාමිනිං පටිපදං නප‍්පජානන‍්ති. ජාතිං -පෙ- භවං - උපාදානං - තණ‍්හං - වෙදනං - ඵස‍්සං - සළායතනං - නාමරූපං - විඤ‍්ඤාණං - සඞ‍්ඛාරෙ නප‍්පජානන‍්ති, සඞ‍්ඛාරසමුදයං නප‍්පජානන‍්ති. සඞ‍්ඛාරනිරොධං නප‍්පජානන‍්ති. සඞ‍්ඛාරනිරොධගාමිනිං පටිපදං නප‍්පජානන‍්ති.

මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ ධර්‍මයන් නො දනිද් ද, ඔහු තුමූ මේ ධර්‍මයන්ගේ සමුදය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපත්තිය නො දනිත්. කවර ධර්‍මයන් නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ සමුදය නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධය නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරොධගාමිණීප්‍රතිපදාව නො දනිද් ද? ජරාමරණ නො දනිත්. ජරාමරණසමුදය නෙ දනිත්. ජරාමරණනිරෝධය නො දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. ජාතිය ... භවය - උපාදාන - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර නො දනිද් ද? සඞ්ඛාරසමුදය නො දනිත්. සඞ්ඛාරනිරෝධය නො දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්.

ඉමෙ ධම‍්මෙ නප‍්පජානන‍්ති, ඉමෙසං ධම‍්මානං සමුදයං නප‍්පජානන‍්ති. ඉමෙසං ධම‍්මානං නිරොධං නප‍්පජානන‍්ති. ඉමෙසං ධම‍්මානං නිරොධගාමිනිං පටිපදං නප‍්පජානන‍්ති. න මෙ තෙ භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු වා සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු වා බ්‍රාහ‍්මණසම‍්මතා. න ච පන තෙ ආයස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වා දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.

(යම් කෙනෙක්) මේ ධර්‍මයන් නො දනිද් ද, (ඔහුතුමූ). මේ ධර්‍මයන්ගේ සමුදය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝත් බ්‍රාහ්මණයෝත් ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණයෝ ය යි සම්මත නො වෙති. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණයෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු ද ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට (ඊට) පැමිණ නො වෙසෙත්.

යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමෙ ධම‍්මෙ පජානන‍්ති, ඉමෙසං ධම‍්මානං සමුදයං පජානන‍්ති, ඉමෙසං ධම‍්මානං නිරොධං පජානන‍්ති, ඉමෙසං ධම‍්මානං නිරොධගාමිනිං පටිපදං පජානන‍්ති. කතමෙ ධම‍්මෙ පජානන‍්ති? කතමෙසං ධම‍්මානං සමුදයං පජානන‍්ති? කතමෙසං ධම‍්මානං නිරොධං පජානන‍්ති? කතමෙසං ධම‍්මානං නිරොධගාමිනිං පටිපදං පජානන‍්ති? ජරාමරණං පජානන‍්ති. ජරාමරණසමුදයං පජානන‍්ති. ජරාමරණනිරොධං පජානන‍්ති. ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානන‍්ති. ජාතිං -පෙ- භවං - උපාදානං - තණ‍්හං - වෙදනං - ඵස‍්සං - සළායතනං - නාමරූපං - විඤ‍්ඤාණං - සඞ‍්ඛාරෙ පජානන‍්ති, සඞ‍්ඛාරසමුදයං පජානන‍්ති. සඞ‍්ඛාරනිරොධං පජානන‍්ති. සඞ‍්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානන‍්ති.

මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ධර්‍මයන් දනිද් ද, ඔහු මේ ධර්‍මයන්ගේ සමුදය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්. කවර ධර්‍මයන් දනිද් ද? කවර ධර්‍මයන්ගේ සමුදය දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධය දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දනිද් ද? ජරාමරණ දනිත්. ජරාමරණසමුදය දනිත්. ජරාමරණනිරෝධය දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්. ජාතිය ... භවය - උපාදාන - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර දනිද් ද, සඞ්ඛාරසමුදය දනිත්. සඞ්ඛාරනිරෝධය දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්.

ඉමෙ ධම‍්මෙ පජානන‍්ති, ඉමෙසං ධම‍්මානං සමුදයං පජානන‍්ති. ඉමෙසං ධම‍්මානං නිරොධං පජානන‍්ති. ඉමෙසං ධම‍්මානං නිරොධගාමිනිං පටිපදං පජානන‍්ති. තෙ ඛොමෙ භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු චෙව සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු ච බ්‍රාහ‍්මණසම‍්මතා. තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

(යම් කෙනෙක්) මේ ධර්‍මයන් දනිද් ද, (ඔහු) මේ ධර්‍මයන්ගේ සමුදය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝත් බ්‍රාහ්මණයෝත් ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණ ය යි සම්මතයහ. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණ ය යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හුත් ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් මේ අත්බව්හි ම විශිෂ්ටඥානයෙන් දැන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙත් ය යි වදාළ සේක.