සමණබ්රාහ්මණසුත්තං
1. 2. 3.
1. 2. 3.
සමණබ්රාහ්මණසුත්තං
සමණබ්රාහ්මණ සූත්රය
13. සාවත්ථියං–
13. සැවැත්නුවර–
යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං නප්පජානන්ති, ජරාමරණසමුදයං නප්පජානන්ති, ජරාමරණනිරොධං නප්පජානන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති. ජාතිං -පෙ- භවං - උපාදානං - තණ්හං - වෙදනං - ඵස්සං - සළායතනං - නාමරූපං - විඤ්ඤාණං - සඞ්ඛාරෙ නප්පජානන්ති, සඞ්ඛාරසමුදයං නප්පජානන්ති, සඞ්ඛාරනිරොධං නප්පජානන්ති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති. න මෙ තෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා. බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ඔහු තුමූ ජරාමරණ සමුදය නො දනිත්. ජරාමරණනිරෝධය නො දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්රතිපදාව නො දනිත්. ජාතිය ... භවය - උපාදානය - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර නො දනිද් ද, ඔහු සඞ්ඛාරසමුදය නො දනිත්. සඞ්ඛාරනිරෝධය නො දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීපටිපදාව නො දනිත්. මහණෙනි, ඒ මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණසම්මත වූවෝත් බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණසම්මත වූවෝත් නො වෙත්. ඒ ආයුෂ්මත්හු (ආර්ය්යඵල සඞ්ඛ්යාත) ශ්රමණයන් පිළිබඳ අර්ත්ථයත් බමුණන් පිළිබඳ අර්ත්ථයත් මෙ ලෙව්හි දී ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ නො ද වෙසෙති.
යෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං පජානන්ති, ජරාමරණසමුදයං පජානන්ති. ජරාමරණනිරොධං පජානන්ති. ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානන්ති. ජාතිං -පෙ- භවං - උපාදානං - තණ්හං - වෙදනං - ඵස්සං - සළායතනං - නාමරූපං - විඤ්ඤාණං - සඞ්ඛාරෙ පජානන්ති, සඞ්ඛාරසමුදයං පජානන්ති. සඞ්ඛාරනිරොධං පජානන්ති. සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානන්ති. තෙ ඛො මෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා. බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ දනිද් ද, ඔහු ජරාමරණසමුදය දනිත්. ජරාමරණනිරෝධය දනිත්. ජරාමරණනිරෝධගාමිනීපටිපදාව දනිත්, ජාතිය -පෙ- භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයන් දනිද් ද, ඔහු සංස්කාරසමුදය දනිත්. සංස්කාරනිරෝධය දනිත්. සංස්කාරනිරොධගාමිණීප්රතිපත්තිය දනිත්. මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහිත් ශ්රමණ ය යි සම්මතයහ. බ්රාහ්මණයන් කෙරෙහිත් බ්රාහ්මණ ය යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු ද ආර්ය්යඵලසඞ්ඛ්යාත ශ්රමණත්වය පිළිබඳ අර්ත්ථයත් බ්රාහ්මණත්වය පිළිබඳ අර්ත්ථයත් මේ අත්බැව්හි දී ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට (ඊට) පැමිණ වෙසෙත්.