යෙදුමෙන් කියවන්න

මොළියඵග‍්ගුනසුත‍්තං

1. 2. 2.

1. 2. 2.

මොළියඵග‍්ගුනසුත‍්තං

මොළියඵග්ගුන සූත්‍රය

12. සාවත්‍ථියං–

12. සැවැත්නුවර–

චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ආහාරා භූතානං වා සත‍්තානං ඨිතියා, සම‍්භවෙසීනං වා අනුග‍්ගහාය. කතමෙ චත‍්තාරො? කබළිඞ‍්කාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස‍්සො දුතියො, මනොසඤ‍්චෙතනා තතියා, විඤ‍්ඤාණං චතුත්‍ථං. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ආහාරා භූතානං වා සත‍්තානං ඨිතියා, සම‍්භවෙසීනං වා අනුග‍්ගහායාති.

මහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතරෙකි. කවර සතරෙක් ද? දළ වූ හෝ සියුම් වූ හෝ කබලීකාර ආහාරය ය, ස්පර්‍ශය දෙවැන්න ය, මනෝසඤ්චේතනාව තෙවැන්න ය, විඥානය සිවුවැන්න ය. මහණෙනි, මේ ආහාර සතර උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්‍වයන්ට අනුග්‍රහය පිණිසත් වේ.

එවං වුත‍්තෙ ආයස‍්මා මොළියඵග‍්ගුනො භගවන‍්තං එතදවොච: කො නු ඛො භන‍්තෙ විඤ‍්ඤාණාහාරං ආහාරෙතීති? නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොච: ආහාරෙතීති අහං න වදාමි. ආහාරෙතීති චාහං වදෙය්‍යං, තත්‍රස‍්ස කල‍්ලො පඤ‍්හො ‘කො නු ඛො භන‍්තෙ, ආහාරෙතී’ති. එවඤ‍්චාහං න වදාමි. එවං මං අවදන‍්තං යො එවං පුච‍්ඡෙය්‍ය: ‘කිස‍්ස නු ඛො භන‍්තෙ විඤ‍්ඤාණාහාරො’ති, එස කල‍්ලො පඤ‍්හො. තත්‍ර කල‍්ලං වෙය්‍යාකරණං, විඤ‍්ඤාණාහාරො ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්තියා පච‍්චයො. තස‍්මිං භූතෙ සති සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සොති.

මෙසේ වදාළ කල ආයුෂ්මත් මොළියඑග්ගුන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ “වහන්ස, කවරෙක් විඥානාහාරය අනුභව කෙරේ දැ” යි විචාළේ ය. “ප්‍රශ්නය යුක්ත නො වේ ය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘(පුද්ගලයෙක්) අනුභව කෙරේ ය’යි මම නො කියමි. ඉදින් (පුද්ගලයෙක්) අනුභව කෙරේ ය යි මම කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් අනුභව කෙරේ දැ’යි යන ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො කියමි. එසේ නොකියන මාගෙන් යමෙක් ‘වහන්ස, විඥානය කුමකට ආහාරය (ප්‍රත්‍යය) වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් මේ ප්‍රශ්නය යුක්ත ය. ‘විඥානාහාරය (ප්‍රතිසන්‍ධිය) මතු පුනර්‍භවය (නාම රූප) හටගැණීම පිණිස ප්‍රත්‍යය වෙයි. ඒ පුනබ්භවාභිනිබබ්ත්ති සඞ්ඛ්‍යාත නාමරූප ඇති වු කල්හි ෂඩායතන වෙයි. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ය’ යි එයි ලා විසඳීම සුදුසු ය.

කො නු ඛො භන‍්තෙ, ඵුසතීති. නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොච. ඵුසතීති අහං න වදාමි. ඵුසතීති චාහං වදෙය්‍යං, තත්‍රස‍්ස කල‍්ලො පඤ‍්හො ‘කො නු ඛො භන‍්තෙ, ඵුසතී’ති. එවං චාහං න වදාමි. එවං මං අවදන‍්තං යො එවං පුච‍්ඡෙය්‍ය ‘කිම‍්පච‍්චයා නු ඛො භන‍්තෙ, ඵස‍්සො’ති, එස කල‍්ලො පඤ‍්හො. තත්‍ර කල‍්ලං වෙය්‍යාකරණං ‘සළායතනපච‍්චයා ඵස‍්සො. ඵස‍්සපච‍්චයා වෙදනා’ති.

වහන්ස, කවරෙක් ස්පර්‍ශ කෙරේ ද? මේ ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක (සත්ත්‍වයෙක් හො පුද්ගලයෙක්) ස්පර්‍ශ කෙරේ ය යි මම නො කියමි. ඉදින් ස්පර්‍ශ කෙරේ ය යි මම කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් ස්පර්‍ශ කෙරේ ද?’ යන මේ ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො ම කියමි. එසේ නොකියන මාගෙන් යමෙක් “වහන්ස, කිනම් ප්‍රත්‍යයයකින් ස්පර්‍ශය වේ දැ” යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා “ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය”යි විසඳීම යුක්ත ය.

කො නු ඛො භන‍්තෙ, වෙදියතීති. නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොච. වෙදියතීති අහං න වදාමි. වෙදියතීති චාහං වදෙය්‍යං, තත්‍රස‍්ස කල‍්ලො පඤ‍්හො “කො නු ඛො භන‍්තෙ, වෙදියතී”ති. එවං චාහං න වදාමි. එවං මං අවදන‍්තං යො එවං පුච‍්ඡෙය්‍ය ‘කිම‍්පච‍්චයා නු ඛො භන‍්තෙ වෙදනා’ති, එස කල‍්ලො පඤ‍්හො. තත්‍ර කල‍්ලං වෙය්‍යාකරණං “ඵස‍්සපච‍්චයා වෙදනා. වෙදනාපච‍්චයා තණ‍්හා”ති.

“වහන්ස, කවරෙක් විඳී ද?”. ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. විඳී ය යි මම නො කියමි. ඉදින් විඳී ය යි මම කියන්නෙම් නම්, එහි ලා “වහන්ස, කවරෙක් විඳී ද?” යන මේ ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො ම කියමි. එසේ නො කියන මාගෙන් යමෙක් ‘වහන්ස, කිනම් ප්‍රත්‍යයයෙකින් වේදනාව වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහිලා “ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ය”යි විසඳීම යුක්ත ය.

කො නු ඛො භන‍්තෙ, තණ‍්හීයතීති. නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොච. තණ‍්හීයතීති අහං න වදාමි. තණ‍්හීයතීති චාහං වදෙය්‍යං, තත්‍රස‍්ස කල‍්ලො පඤ‍්හො “කො නු ඛො භන‍්තෙ, තණ‍්හීයතී”ති. එවං චාහං න වදාමි. එවං මං අවදන‍්තං යො එවං පුච‍්ඡෙය්‍ය “කිම‍්පච‍්චයා නු ඛො භන‍්තෙ, තණ‍්හා”ති, එස කල‍්ලො පඤ‍්හො. තත්‍ර කල‍්ලං වෙය්‍යාකරණං “වෙදනාපච‍්චයා තණ‍්හා. තණ‍්හාපච‍්චයා උපාදාන”න‍්ති.

වහන්ස, කවරෙක් තෘෂ්ණාව කෙරේ ද?. ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. තෘෂ්ණාව කෙරේ ය යි මම නො කියමි. ඉදින් මම තෘෂ්ණාව කෙරේ ය යි කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් තෘෂ්ණාව කෙරේ ද?’ යන ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො කියමි. එසේ නො නො කියන මාගෙන් යමෙක් ‘වහන්ස, කිනම් ප්‍රත්‍යයයෙකින් තෘෂ්ණාව වේ දැ’යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා ‘වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය’යි විසඳීම යුක්ත ය.

කො නු ඛො භන‍්තෙ, උපාදියතීති. නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොච. උපාදියතීති අහං න වදාමි. උපාදියතීති චාහං වදෙය්‍යං, තත්‍රස‍්ස කල‍්ලො පඤ‍්හො “කො නු ඛො භන‍්තෙ, උපාදියතී”ති. එවං චාහං න වදාමි. එවං මං අවදන‍්තං යො එවං පුච‍්ඡෙය්‍ය “කිම‍්පච‍්චයා නු ඛො භන‍්තෙ, උපාදාන”න‍්ති එස කල‍්ලො පඤ‍්හො. තත්‍ර කල‍්ලං වෙය්‍යාකරණං “තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.”

වහන්ස, කවරෙක් උපාදානය කෙරේ (දැඩි කොට ගණී) ද?. ප්‍රශ්නය යුක්ත නොවේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. උපාදානය කෙරේ ය යි මම නො කියමි. ඉදින් මම උපාදානය කෙරේ ය යි කියන්නෙම් නම්, එහි ලා “වහන්ස, කවරෙක් උපාදානය කෙරේ ද?” යන ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො කියමි. එසේ නො කියන මාගෙන් යමෙක් ‘වහන්ස, කිනම් ප්‍රත්‍යයයෙකින් උපාදානය වේ දැ’යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා ‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ ය යි විසඳීම යුක්ත ය. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

ඡන‍්නං ත්‍වෙව ඵග‍්ගුන, ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා ඵස‍්සනිරොධො. ඵස‍්සනිරොධා වෙදනානිරොධො. වෙදනානිරොධා තණ‍්හානිරොධො. තණ‍්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා ජාතිනිරොධො. ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.

ඵග්ගුන, ස්පර්‍ශායතන සයෙහි ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වෙදනානිරෝධයෙන් තණ්හානිරෝධය වේ. තණ්හානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණසෝකපරිදේව දුක්ඛදොමනස්සඋපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය යි වදාළ සේක.