9. අන්තරපෙය්යාලො අට්ඨකථා
9. අන්තරපෙය්යාලො
9. අන්තරපෙය්‍යාලය
ඉතො පරං “සත්ථා පරියෙසිතබ්බො”තිආදිනයප්පවත්තා ද්වාදස අන්තරපෙය්යාලවග්ගා නාම හොන්ති. තෙ සබ්බෙපි තථා තථා බුජ්ඣනකානං වෙනෙය්යපුග්ගලානං අජ්ඣාසයවසෙන වුත්තා. තත්ථ සත්ථාති බුද්ධො වා හොතු සාවකො වා, යං නිස්සාය මග්ගඤාණං ලභති, අයං සත්ථා නාම, සො පරියෙසිතබ්බො. සික්ඛා කරණීයාති තිවිධාපි සික්ඛා කාතබ්බා. යොගාදීසු යොගොති පයොගො. ඡන්දොති කත්තුකම්යතාකුසලච්ඡන්දො. උස්සොළ්හීති සබ්බසහං අධිමත්තවීරියං. අප්පටිවානීති අනිවත්තනා. ආතප්පන්ති කිලෙසතාපනවීරියමෙව. සාතච්චන්ති සතතකිරියං. සතීති ජරාමරණාදිවසෙන චතුසච්චපරිග්ගාහිකා සති. සම්පජඤ්ඤන්ති තාදිසමෙව ඤාණං. අප්පමාදොති සච්චභාවනාය අප්පමාදො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
මෙයින් පසුව “සත්ථා පරියෙසිතබ්බො” යනු මේ ආදී වශයෙන් පැවති දොළොස්, “අන්තර පෙය්යාල වර්ගය” නම් වේ. ඒ සියලුම සූත්‍ර ඒ ඒ තැන්වලදී අවබෝධ කරගත්තා වූ හික්මවිය යුතු පුද්ගලයන්ගේ අදහස් වශයෙන් කියන ලදී. එහි “සත්ථා” යනු බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයෙක් හෝ යමක් නිසා මාර්ග ඤාණයක් ලබයි නම් එතුමා “සත්ථා” හෙවත් “ශාස්තෘවරයා” නම් වේ. ඔහු පිළිබඳව සෙවිය යුතුයි. “සික්ඛාකරණියා” ත්‍රිවිධ ශික්ෂාවන් වැඩිය යුතුයි. යෝගාදියෙහි “යොගො” යනු ප්‍රයෝගයයි. යෙදීමයි. “ඡන්දො” යනු කරනු කැමති, කුසලට ඇති කැමැත්ත. “උස්සොළ්හී” යනු සියල්ල ඉවසන අධික මාත්‍ර වූ වීර්යයයි. “අප්පටිවානි” යනු නොනැවතීමයි. “ආතප්පං” යනු කෙලෙස් තවන වීර්යයයි. “විරියං” යනු වීර්යම වේ. “සාතච්චං” යනු නිතරම කරන ක්‍රියාවයි. “සති” යනු ජරාමරණාදී වශයෙන් චතුරාර්ය සත්‍ය මනාව පරිග්‍රහණය කරගත් සිහියයි. “සම්පජඤ්ඤං” යනු එවැනි වූම ඤාණයයි. “අප්පමාදො” යනු සත්‍ය භාවනා වශයෙන් අප්රමාදී වීමයි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය.
අන්තරපෙය්යාලො නවමො.
අන්තර පෙය්යාල වර්ගය නිමාවිය.