10. අභිසමයවග්ගො අට්ඨකථා
10. අභිසමය වර්ගය
1. නඛසිඛාසුත්තවණ්ණනා
1. නඛසිඛා සූත්‍ර වර්ණනාව
අභිසමයසංයුත්තස්ස පඨමෙ නඛසිඛායන්ති මංසට්ඨානෙන විමුත්තෙ නඛග්ගෙ. නඛසිඛා ච නාම ලොකියානං මහතීපි හොති, සත්ථු පන රත්තුප්පලපත්තකොටි විය සුඛුමා. කථං පනෙත්ථ පංසු පතිට්ඨිතොති? අධිට්ඨානබලෙන. භගවතා හි අත්ථං ඤාපෙතුකාමෙන අධිට්ඨානබලෙන තත්ථ පතිට්ඨාපිතො. සතිමං කලන්ති මහාපථවියා පංසුං සතකොට්ඨාසෙ කත්වා තතො එකකොට්ඨාසං. පරතොපි එසෙව නයො. අභිසමෙතාවිනොති පඤ්ඤාය අරියසච්චානි අභිසමෙත්වා ඨිතස්ස. පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදිණ්ණං උපනිධායාති එතදෙව බහුතරං දුක්ඛං, යදිදං පරික්ඛීණන්ති එවං පඨමං වුත්තං දුක්ඛක්ඛන්ධං උපනිධාය, ඤාණෙන තං තස්ස සන්තිකෙ ඨපෙත්වා උපපරික්ඛියමානෙති අත්ථො. කතමං පනෙත්ථ පුරිමදුක්ඛං නාම? යං පරික්ඛීණං. කතමං පන පරික්ඛීණං? යං පඨමමග්ගස්ස අභාවිතත්තා උප්පජ්ජෙය්ය. කතමං පන උපනිධාය? යං සත්තසු අත්තභාවෙසු අපායෙ අට්ඨමඤ්ච පටිසන්ධිං ආදිං කත්වා යත්ථ කත්ථචි උප්පජ්ජෙය්ය, සබ්බං තං පරික්ඛීණන්ති වෙදිතබ්බං. සත්තක්ඛත්තුන්ති සත්ත වාරෙ, සත්තසු අත්තභාවෙසූති අත්ථො. පරමතාති ඉදමස්ස පරං පමාණන්ති දස්සෙති. මහත්ථියොති මහතො අත්ථස්ස නිප්ඵාදකො.
අභිසමය වර්ගයේ පළමු සූත්‍රයෙහි “නඛසිඛා යං” යනු මස් තිබෙන තැනින් නික්මුණු නිය අග. ලෞකික මිනිසුන්ගේ නිය අග මහත් ය. බුදුවරයන් වහන්සේලාගේ වනාහී රතු උපුල් පියුම් පෙත්තක කෙළවර මෙන් අතිශය සියුම්ය. කෙසේ නම් මෙහි පස් පිහිටා සිටියේද? අධිෂ්ඨාන බලයෙනි. භාග්‍යවතුන් වහන්සේ ධර්ම කාරණය මැනවින් අවබෝධ කරවනු සඳහා අධිෂ්ඨාන බලයෙන් ඒ පස් නිය අග පිහිටවූ සේක. “සතිමංකලං” යනු මහපොළොවේ පස් සිය කොටසකට බෙදා ඉන් එක කොටසකි. සෙසු පදයන්හිද මේ ක්‍රමය ම යෙදේ. “අභිසමෙතාවිතො” ප්‍රඥාවෙන් ආර්ය සත්‍යයන් අවබෝධ කරගෙන සිටි පුද්ගලයාය. “පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදිණ්ණං උපනිධාය” යනු මෙහිදීමය. බොහෝ වූ දුක ක්ෂය කරවන ලදී. මෙලෙස දුක්ඛස්කන්ධය හා සමාන කර බලා ප්‍රථමයෙන් කියන ලදී. ඤාණයෙන් එය, ඒ සමීපයේ තබා පිරික්සා බලමින් යන අර්ථයයි. මෙහි මුල් දුක නම් කුමක්ද? යමක් ක්ෂය කරන ලදද එය දුක නම් වේ. ක්ෂය කරන ලද්දේ කුමක්ද? යමක් පළමු මාර්ගය නොවැඩීමෙන් උපදින්නේ ද එයයි. පිහිටන්නේ කුමක්ද? යමක් සතක් වූ ආත්මභාවයන්හි ද අපාය අටවැනි වූ ප්රතිසන්ධිය මුල්කරගත් යම්තැනක උපදින්නේ නම්, ඒ සියලු ස්ථානවල ඉපදීම ක්ෂය කරන ලදැයි දතයුතුයි. “සත්තක්ඛත්තුං” යනු සත්වාරයක්. සත් භවයක් ඇතුලතදී. “පරමතා” යනු මෙය ඔහුගේ ප්‍රමාණයයි යනුවෙන් ප්‍රමාණය දක්වයි. “මහත්ථියො” යනු මහත් වූ අර්ථයක් නිපදවන්නෙකි.
පඨමං.
පළමු සූත්‍රයයි.
2. පොක්ඛරණීසුත්තවණ්ණනා
2. පොක්ඛරණී සූත්‍ර වර්ණනාව
දුතියෙ පොක්ඛරණීති වාපී. උබ්බෙධෙනාති ගම්භීරතාය. සමතිත්තිකාති මුඛවට්ටිසමා. කාකපෙය්යාති සක්කා හොති තීරෙ ඨිතෙන කාකෙන පකතියාපි මුඛතුණ්ඩිකං ඔතාරෙත්වා පාතුං.
දෙවැනි සූත්‍රයේ - “පොක්ඛරණි” යනු වැවයි. “උබ්බෙධන” යනු ගැඹුරු බැවින්, “සමතිත්තිකා” යනු මුවවිට හා සම වූ. “කාකපෙය්ය” යනු ඉවුරේ සිටි කපුටෙකුට ස්වභාවයෙන්ම කෙටි වූ මුවතුඩ බහා බීමට හැකියාව ඇති.
දුතියං.
දෙවැනි සූත්‍රයයි.
3. සම්භෙජ්ජඋදකසුත්තවණ්ණනා
3. සම්භෙජ්ජඋදක සූත්‍ර වර්ණනාව
තතියෙ යත්ථිමාති යස්මිං සම්භිජ්ජට්ඨානෙ ඉමා. සංසන්දන්තීති සමාගන්ත්වා සන්දන්ති. සමෙන්තීති සමාගච්ඡන්ති. ද්වෙ වා ති වාති ද්වෙ වා තීණි වා. උදකඵුසිතානීති උදකබින්දූනි. සංභෙජ්ජඋදකන්ති අඤ්ඤාහි නදීහි සද්ධිං සම්භින්නට්ඨානෙ උදකං.
තෙවැනි සූත්‍රයේ “යත්ථිමා” යනු යම් බිඳුණු තැනෙක්හි ඇති මේවාය. “සංසන්දනති” යනු සමග ගොස් ගලා බසියි යනුයි. “සමෙන්ති” යනු එකට මිශ්‍රව ගලා බසියි. “දෙව වා ති වා” යනු දෙකක් හෝ තුනක්ය. “උදක ඵුසිතානි” යනු ජල බින්දුය. “සමෙහජ්ජං උදකං” යනු අන්‍ය නදීන් සමඟ මිශ්‍ර වූ තැන්හි ඇති ජලයයි.
තෙවැනි සූත්‍රයයි.
4. දුතියසම්භෙජ්ජඋදකසුත්තවණ්ණනා
4. දෙවන සම්භෙජ්ජඋදක සූත්‍ර වර්ණනාව
චතුත්ථං උත්තානත්ථමෙව.
සිවුවන සූත්‍රයේ අර්ථ ඉතා ප්රකටය.
තතියචතුත්ථානි.
සිවුවන සූත්‍රයයි.
5. පඨවීසුත්තවණ්ණනා
5. පඨවි සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ මහාපථවියාති චක්කවාළබ්භන්තරාය මහාපථවියා උද්ධරිත්වා. කොලට්ඨිමත්තියොති පදරට්ඨිපමාණා. ගුළිකාති මත්තිකගුළිකා. උපනික්ඛිපෙය්යාති එකස්මිං ඨානෙ ඨපෙය්ය.
පස්වන සූත්‍රයේ “මහාපඨවියා” යනු සක්වල අභ්‍යන්තරයෙහි මහපොළවෙත් උදුරා යනුයි. “කොළට්ඨිමත්තියො” යනු ඩෙබර ගෙඩි පමණ වූ. “ගුළිකා” යනු මැටි ගුලිය. “උපනික්ඛිපෙය්ය” යනු එකම තැනක තබන්නේය යනුයි.
පස්වන සූත්‍රයයි.
6-10. දුතියපඨවීසුත්තාදිවණ්ණනා
6-10. දෙවන පඨවි ආදි සූත්‍ර වර්ණනා
ඡට්ඨාදීසු වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො.
සයවන සූත්‍රයේ සිට දසවන සූත්‍රය දක්වා ඉහත කියන පරිදි ම අර්ථ දතයුතුයි.
11. තතියපබ්බතූපමසුත්තවණ්ණනා
11. තෙවන පබ්බතුපම සූත්‍ර වර්ණනාව
පරියොසානෙ පන අඤ්ඤතිත්ථියසමණබ්රාහ්මණපරිබ්බාජකානං අධිගමොති බාහිරකානං සබ්බොපි ගුණාධිගමො පඨමමග්ගෙන අධිගතගුණානං සතභාගම්පි සහස්සභාගම්පි සතසහස්සභාගම්පි න උපගච්ඡතීති. පඤ්චමාදීනි.
අවසාන සූත්‍රයේ “අඤ්ඤතිත්ථිය සමණබ්‍රාහ්මණ පරිබ්බාජකානං අධිගමො” යනු බාහිර ආගමික සම්ප්රදායන්ගේ සියලුම ගුණයන්ගේ අධිගමයයි. ප්‍රථම ආර්ය මාර්ගයෙන් ලබන ලද ගුණ සම්පත්තියෙන් සීයෙන් භාගයක්වත්, දහසින් භාගයක්වත්, ලක්ෂයකින් භාගයක්වත් නොවටියි. සමීපවිය නොහැක.
අභිසමය වර්ගය නිමාවිය.
අභිසමයසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
අභිසමය සංයුත්තය නිමාවට පත්විය.