යෙදුමෙන් කියවන්න

සම‍්භෙජ‍්ජඋදකසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 10. 3.

1. 10. 3.

සම‍්භෙජ‍්ජඋදකසුත‍්තං

සම්භෙජ්ජඋදක සූත්‍රය

216. සාවත්‍ථියං–

216. සැවැත්නුවර–

සෙය්‍යථාපි භික‍්ඛවෙ, යත්‍ථිමා මහානදියො සංසන්‍දන‍්ති සමෙන‍්ති, සෙය්‍යථිදං: ගඞ‍්ගා යමුනා අචිරවතී සරභූ මහී. තතො පුරිසො ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උද‍්ධරෙය්‍ය. තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ කතමන‍්නු ඛො බහුතරං යානි වා ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ‍්භතානි, යං වා සම‍්භෙජ‍්ජ උදකන‍්ති?

මහණෙනි, යම් සේ යම් තැනෙක්හි මේ මහානදීහු එක් ව ගලා බසිද්ද, එකට මුසු වෙද්ද, ඒ කවර නදීහු ද යත්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු යි. පුරුෂයෙක් තෙමේ එයින් දෙකක් හෝ තුණක් හෝ දියබිඳු නගන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගීවු ද, කිමෙක් ඉබොහෝ ද,නගන ලද යම් දියබිඳු දෙක තුන හෝ ගඞ්ගා එක් වූ තැන යම් දියෙක් හෝ දැ යි?

එතදෙව භන‍්තෙ, බහුතරං යදිදං සම‍්භෙජ‍්ජ උදකං. අප‍්පමත‍්තකානි ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ‍්භතානි. නෙව සතිමං කලං උපෙන‍්ති, න සහස‍්සිමං කලං උපෙන‍්ති, න සතසහස‍්සිමං කලං උපෙන‍්ති, සම‍්භෙජ‍්ජඋදකං උපනිධාය ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ‍්භතානීති. එවමෙව ඛො භික‍්ඛවෙ, -පෙ- මහත්‍ථියො ධම‍්මචක‍්ඛුපටිලාභොති.

වහන්ස, ගඞ්ගා එක් වූ තැන යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. නගන ලද දෙකක් හෝ තුණක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. ගඞ්ගා එක් වූ තැන දිය හා සැසඳීමෙහි දී නගන ලද දෙකක් හෝ තුණක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.

1. 10. 4.

1. 10 .4.

දුතියසම‍්භෙජ‍්ජඋදකසුත‍්තං

දෙවන සම්භෙජ්ජඋදක සූත්‍රය

217. සාවත්‍ථියං–

217. සැවැත්නුවර–

සෙය්‍යථාපි භික‍්ඛවෙ, යත්‍ථිමා මහානදියො සංසන්‍දන‍්ති සමෙන‍්ති, සෙය්‍යථිදං: ගඞ‍්ගා යමුනා අචිරවතී සරභූ මහී. තං උදකං පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය ඨපෙත්‍වා ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි. තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ කතමන‍්නු ඛො බහුතරං යං වා සම‍්භෙජ‍්ජ උදකං පරික‍්ඛීණං පරියාදින‍්නං. යානි වා ද‍්වෙ වා තීණි වා උදකඵුසිකානි අවසිට‍්ඨානීති?

මහණෙනි, යම් සේ යම් තැනෙක මේ මහානදීහු එක් ව ගලා බසිද්ද, එක් වෙද්ද, ඒ කවර නදීහු ද යත්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු යි. දියබිඳු දෙකක් හෝ තුනක් හෝ තබා ඒ දිය ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිහු ද, කිමෙක් ඉතා වැඩි ද, ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන වූ යම් දිය හෝ ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ යම් දියබිඳු හෝ දැ යි?

එතදෙව භන‍්තෙ, බහුතරං සම‍්භෙජ‍්ජ උදකං යදිදං පරික‍්ඛීණං පරියාදින‍්නං. අප‍්පමත‍්තකානි ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට‍්ඨානි. නෙව සතිමං කලං උපෙන‍්ති, න සහස‍්සිමං කලං උපෙන‍්ති, න සතසහස‍්සිමං කලං උපෙන‍්ති, සම‍්භෙජ‍්ජ උදකං පරික‍්ඛීණං පරියාදින‍්නං උපනිධාය ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට‍්ඨානීති. එවමෙව ඛො භික‍්ඛවෙ, -පෙ- මහත්‍ථියො ධම‍්මචක‍්ඛුපටිලාභොති.

වහන්ස, ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන යම් දියෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන වූ දිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, එපරිද්දෙන් ම ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.

1. 10. 5.

1. 10. 5.

පඨවීසුත‍්තං

පඨවි සූත්‍රය

218. සාවත්‍ථියං–

218. සැවැත්නුවර–

සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො මහාපඨවියා සත‍්තකොලට‍්ඨිමත‍්තියො ගුළිකා උපනික‍්ඛිපෙය්‍ය. තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ කතමං නු ඛො බහුතරං යා වා සත‍්තකොලට‍්ඨිමත‍්තියො ගුළිකා උපනික‍්ඛිත‍්තා යා වා මහාපඨවීති?

මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහපොළොවෙන් ඩෙබර ඇට සතක් පමණ වූ මැටි ගුළි ගෙණ තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, කිමෙක් ඉතා බොහෝ ද, ගෙණ තබන ලද ඩෙබර ඇට සතක් පමණ වූ යම් මැටිගුළි හෝ යම් මහපොළොව හෝ දැ යි?

එතදෙව භන‍්තෙ, බහුතරං යදිදං මහාපඨවී. අප‍්පමත‍්තිකා සත‍්තකොලට‍්ඨිමත‍්තියො ගුළිකා උපනික‍්ඛිත‍්තා. නෙව සතිමං කලං උපෙන‍්ති, න සහස‍්සිමං කලං උපෙන‍්ති, න සතසහස‍්සිමං කලං උපෙන‍්ති, මහාපඨවිං උපනිධාය සත‍්තකොලට‍්ඨිමත‍්තියො ගුළිකා උපනික‍්ඛිත‍්තාති. එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ- මහත්‍ථියො ධම‍්මචක‍්ඛුපටිලාභොති.

වහන්ස, යම් මහපොළොව වේ ද, මෙය ම ඉතා බොහෝ ය. තබන ලද ඩෙබර ඇට සතක් පමණ වූ මැටි ගුළි ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී තබන ලද ඩෙබර ඇට සතක් පමණ වූ මැටිගුළි සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, එසෙයින් ම … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.

1. 10. 6.

1. 10. 6.

දුතියපඨවීසුත‍්තං

දෙවන පඨවි සූත්‍රය

219. සාවත්‍ථියං–

219. සැවැත්නුවර–

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාපඨවි පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය ඨපෙත්‍වා සත‍්තකොලට‍්ඨිමත‍්තියො ගුළිකා. තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමන‍්නු ඛො බහුතරං යං වා මහාපඨවියා පරික‍්ඛීණං පරියාදිණ‍්ණං, යා වා සත‍්තකොලට‍්ඨිමත‍්තියො ගුළිකා අවසිට‍්ඨාති?

මහණෙනි, යම් සේ ඩෙබර ඇට සතක් පමණ මැටිගුළි තිබිය දී මහපොළොව ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, මහපොළොවෙහි යම් ගෙවුනු අවසන් වූ කොටස හෝ ඉතිරි වූ ඩෙබර ඇට සතක් පමණ වූ යම් මැටිගුළි හෝ දැයි?

එතදෙව භන‍්තෙ බහුතරං මහාපඨවියා යදිදං පරික‍්ඛීණං පරියාදින‍්නං. අප‍්පමත‍්තිකා සත‍්තකොලට‍්ඨිමත‍්තියො ගුළිකා අවසිට‍්ඨා. නෙව සතිමං කලං උපෙන‍්ති, න සහස‍්සිමං කලං උපෙන‍්ති, න සතසහස‍්සිමං කලං උපෙන‍්ති, මහාපඨවියා පරික‍්ඛීණං පරියාදිණ‍්ණං උපනිධාය සත‍්තකොලට‍්ඨිමත‍්තියො ගුළිකා අවසිට‍්ඨාති. එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ- මහත්‍ථියො ධම‍්මචක‍්ඛුපටිලාභොති.

වහන්ස, මහපොළොවෙහි ගෙවුනු අවසන් වූ යම් කොටසෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ ඩෙබර ඇට සතක් පමණ වූ මැටිගුළි ඉතා මඳ ය. මහාපොළොවෙහි ක්‍ෂය වූ අවසන් වූ කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ ඩෙබරඇට සතක් පමණ වූ මැටිගුළි සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.

1. 10. 7.

1. 10. 7.

සමුද‍්දසුත‍්තං

සමුද්ද සූත්‍රය

220. සාවත්‍ථියං–

220. සැවැත්නුවර–

සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො මහාසමුද‍්දතො ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උද‍්ධරෙය්‍ය. තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං යානි වා ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ‍්භතානි, යං වා මහාසමුද‍්දෙ උදකන‍්ති?

මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහසමුදුරෙන් දියබිඳු දෙකක් හෝ තුනක් හෝ නගා ලන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා බොහෝ ද, නගන ලද යම් දියබිඳු දෙක හෝ තුන හෝ ද, මහසමුදුරෙහි යම් දිය හෝ දැයි?

එතදෙව භන‍්තෙ, බහුතරං යදිදං මහාසමුද‍්දෙ උදකං. අප‍්පමත‍්තාකනි ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ‍්භතානි. නෙව සතිමං කලං උපෙන‍්ති, න සහස‍්සිමං කලං උපෙන‍්ති, න සතසහස‍්සිමං කලං උපෙන‍්ති. මහාසමුද‍්දෙ උදකං උපනිධාය ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ‍්භතානීති. එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ- මහත්‍ථියො ධම‍්මචක‍්ඛුපටිලාභොති.

වහන්ස, යම් මේ මහසමුදුරෙහි දිය වේ ද, මෙය ම ඉතා බොහෝ ය. නගන ලද දියබිඳු දෙක හෝ තුන හෝ ඉතා මඳ ය. මහසමුදුරෙහි දිය හා සැසඳීමෙහි දී නගන ලද දියබිඳු දෙක හෝ තුන හෝ සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.

1. 10. 8.

1. 10. 8.

දුතිය සමුද‍්දසුත‍්තං

දෙවන සමුද්ද සූත්‍රය

221. සාවත්‍ථියං–

221. සැවැත්නුවර–

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාසමුද‍්දො පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය, ඨපෙත්‍වා ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි. තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා මහාසමුද‍්දෙ උදකං පරික‍්ඛීණං පරියාදින‍්නං, යානි වා ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට‍්ඨානීති?

මහණෙනි,යම් සේ දියබිඳු දෙකක් හෝ තුනක් තිබිය දි මහමුහුද ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා වැඩි ද, මහමුහුදෙහි ක්‍ෂය වූ අවසන් වූ යම් දිය හෝ ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ යම් දියබිදඳු හෝ දැ යි?

එතදෙව භන‍්තෙ, බහුතරං මහාසමුද‍්දෙ උදකං යදිදං පරික‍්ඛීණං පරියාදින‍්නං. අප‍්පමත‍්තානි ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට‍්ඨානි. නෙව සතිමං කලං උපෙන‍්ති, න සහස‍්සිමං කලං උපෙන‍්ති, න සතසහස‍්සිමං කලං උපෙන‍්ති, මහාසමුද‍්දෙ උදකං පරික‍්ඛීණං පරියාදින‍්නං උපනිධාය ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට‍්ඨානීති. එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ- ධම‍්මචක‍්ඛුපටිලාභොති.

වහන්ස, මහමුහුදෙහි ක්‍ෂය වූ අවසන් වූ යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉතා වැඩි ය. ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. මහමුහුදෙහි ක්‍ෂය වූ අවසන් වූ දිය හා සැසදීමේහි දී ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදන්නේ වේ යි.

1. 10. 9.

1. 10. 9.

පබ‍්බතූපමසුත‍්තං

පබ්බතුපම සූත්‍රය

222. සාවත්‍ථියං–

222. සැවැත්නුවර–

සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො හිමවතො පබ‍්බතරාජස‍්ස සත‍්ත සාසපමත‍්තියො පාසාණසක‍්ඛරා උපනික‍්ඛිපෙය්‍ය. තං කිංමඤ‍්ඤථ භික‍්ඛවෙ කතමන‍්නුඛො බහුතරං යා වා සත‍්ත සාසපමත‍්තියො පාසාණසක‍්ඛරා උපනික‍්ඛිත‍්තා, යො වා හිමවා පබ‍්බතරාජාති.

මහණෙනි, යම් සේ පුරුෂයෙක් හිමවත් පවුරජුගේ අබඇට සතක් පමණ වූ ගල්කැට පසෙක තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා බොහෝ ද, පසෙක තබන ලද අබැට සතක් පමණ වූ යම් ගල්කැට හෝ යම් හිමවත් පවුරජ හෝ දැ යි?

එතදෙව භන‍්තෙ, බහුතරං යදිදං හිමවා පබ‍්බතරාජා. අප‍්පමත‍්තිකා සත‍්ත සාසපමත‍්තියො පාසාණසක‍්ඛරා උපනික‍්ඛිත‍්තා. නෙව සතිමං කලං උපෙන‍්ති, න සහස‍්සිමං කලං උපෙන‍්ති, න සතසහස‍්සිමං කලං උපෙන‍්ති, හිමවන‍්තං පබ‍්බතරාජානං උපනිධාය සත‍්ත සාසපමත‍්තියො පාසාණසක‍්ඛරා උපනික‍්ඛිත‍්තාති. එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ- ධම‍්මචක‍්ඛුපටිලාභොති.

වහන්ස, යම් මේ හිමවත් පවුරජෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. පසෙක තබන ලද අබැට සතක් පමණ වූ ගල්කැට ඉතා මඳ ය. හිමවත් පවුරජු හා සැසඳීමේ දී පසෙක තබන ලද අබැට සතක් පමණ වූ ගල්කැට සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම දහම් ඇස පිළිලැබීම මහාදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.