පොක්ඛරණීසුත්තං
1. 10. 2.
1. 10. 2.
පොක්ඛරණීසුත්තං
පොක්ඛරණී සූත්රය
215. සාවත්ථියං–
215. සැවැත්නුවර–
සෙය්යථාපි භික්ඛවෙ, පොක්ඛරණී පඤ්ඤාසයොජනානි ආයාමෙන පඤ්ඤාසයොජනානි විත්ථාරෙන පඤ්ඤාසයොජනානි උබ්බෙධෙන පුණ්ණා උදකස්ස සමතිත්තිකා කාකපෙය්යා. තතො පුරිසො කුසග්ගෙන උදකං උද්ධරෙය්ය, තං කිම්මඤ්ඤථ භික්ඛවෙ කතමන්නුඛො බහුතරං යං වා කුසග්ගෙන උදකං උබ්භතං, යං වා පොක්ඛරණියා උදකන්ති?
මහණෙනි, යම් සේ අයමින් පණස්යොදනක් ඇති විතරින් පණස් යොදනක් ඇති ගැඹරින් පණස්යොදනක් ඇති දියෙන් පිරුණු මුවවට සම වූ කවුඩන් විසින් පිය හැකි පොකුණක් වේ ද, පුරුෂයෙක් තෙමේ ඒ පොකුණෙන් කුසතණ අගින් දිය නගන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, කුසතණඅඟින් නගන ලද යම් දියෙක් හෝ පොකුණෙහි වූ යම් දියෙක් හෝ දැ යි?
එතදෙව භන්තෙ බහුතරං යදිදං පොක්ඛරණියා උදකං. අප්පමත්තං කුසග්ගෙන උදකං උබ්භතං. නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, න සතසහස්සිමං කලං උපෙති, පොක්ඛරණියා උදකං උපනිධාය කුසග්ගෙන උදකං උබ්භතන්ති.
වහන්ස, පොකුණෙහි වූ යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. කුසතණ අගින් නගන ලද දිය ඉමඳ ය. පොකුණෙහි දිය හා සැසඳීමෙහි දී කුසතණ අගින් නගන ලද දිය සියවන කලාවටත් නො ම පැමිණෙ යි. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.
එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛීණං පරියාදින්නං, අප්පමත්තකං අවසිට්ඨං. නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, න සතසහස්සිමං කලං උපෙති, පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදිදං සත්තක්ඛත්තුං පරමතා. එවං මහත්ථියො ඛො භික්ඛවෙ, ධම්මාභිසමයො, එවං මහත්ථියො ධම්මචක්ඛුපටිලාභොති.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්මය අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්ය්යශ්රාවක පුද්ගලයා විසින් ක්ෂය කරණ ලද අවසන් කරණ ලද යම් මේ දුකෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ දුක ඉමඳ ය. සත්වරක් ඉපදීම පරම කොට ඇති යම් මේ දුකෙක් වේ ද, එය ක්ෂය කරණ ලද අවසන් කරණ ලද පළමු දුක්රැස හා සැසදීමේ දී සියවැනි කලාවටත් නො ම පැමිණෙයි. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, ධර්මාවබෝධය මෙසේ මහදර්ත්ථයක් නිපදවන්නේ ය. දහම්ඇස පිළිලැබීම මෙසේ මහදර්ත්ථයක් නිපදවන්නේ වේ යි.