යෙදුමෙන් කියවන්න

නඛසිඛාසුත‍්තං

1. 10. 1.

1. 10. 1.

නඛසිඛාසුත‍්තං

නඛසිඛා සූත්‍රය

214. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො භගවා පරිත‍්තං නඛසිඛායං පංසුං ආරොපෙත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: තඞ‍්කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, කතමන‍්නු ඛො බහුතරං යො වායං මයා පරිත‍්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපඨවීති?

214. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බුඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, මා විසින් නියසිළෙහි නගන ලද යම් මේ පස් බුඳ හෝ මේ මහපොළොව හෝ දැ?යි.

එතදෙව භන‍්තෙ බහුතරං යදිදං මහාපඨවි, අප‍්පමත‍්තකො නඛසිඛායං භගවතා පරිත‍්තො පංසු ආරොපිතො. නෙව සතිමං කලං උපෙති, න සහස‍්සිමං කලං උපෙති, න සතසහස‍්සිමං කලං උපෙති, මහාපඨවිං උපනිධාය භගවතා පරිත‍්තො නඛසිඛායං පංසු ආරොපිතොති.

වහන්ස, යම් මේ මහපොළොව වේ ද, මෙය ම ඉබොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බුඳ ඉමඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නිසසිළෙහි නගන ලද පස්බුඳ සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.

එවමෙව ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක‍්ඛං යදිදං පරික‍්ඛීණං පරියාදින‍්නං, අප‍්පමත‍්තකං අවසිට‍්ඨං. නෙව සතිමං කලං උපෙති, න සහස‍්සිමං කලං උපෙති, න සතසහස‍්සිමං කලං උපෙති, පුරිමං දුක‍්ඛක‍්ඛන්‍ධං පරික‍්ඛීණං පරියාදින‍්නං උපනිධාය යදිදං සත‍්තක‍්ඛත‍්තුං පරමතා.

මහණෙනි, එපරිද්දෙන් ම සිවුසස් අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගලයා විසින් යම් මේ දුකෙක් ක්‍ෂය කරණ ලද ද, අවසන් කරණ ලද ද, මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ දුක ඉමඳ ය. සත්වරක් ඉපදීම හිම් කොට ඇති යම් මේ දුකෙක් වේ ද, එය ක්‍ෂය කරණ ලද අවසන් කරණ ලද පළමු දුක්රැස හා සැසඳීමෙහි දී සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස් වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙ යි.

එවං මහත්‍ථියො ඛො භික‍්ඛවෙ ධම‍්මාභිසමයො, එවං මහත්‍ථියො ධම‍්මචක‍්ඛු පටිලාභොති.

මහණෙනි, ධර්‍මාවබෝධය මෙසේ මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ ය, දහම් ඇස (සෝවන්පෙල) පිළිලැබීම මෙසේ මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.