දුතිය පබ්බතූපමසුත්තං
1. 10. 10.
1. 10. 10.
දුතිය පබ්බතූපමසුත්තං
දෙවන පබ්බතුපම සූත්රය
223. සාවත්ථියං–
223. සැවැත්නුවර–
සෙය්යථාපි භික්ඛවෙ, හිමවා පබ්බතරාජා පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය ඨපෙත්වා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ කතමන්නුඛො බහුතරං, යං වා හිමවතො පබ්බතරාජස්ස පරික්ඛීණං පරියාදින්නං, යා වා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨාති?
මහණෙනි, යම් සේ අබැට සතක් පමණ වූ ගල්කැට තිබිය දී හිමවත් පවුරජ ක්ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිහු ද, කිමෙක් ඉතා වැඩි ද, හිමවත් පවුරජුගේ යම් ක්ෂය වූ අවසන් වූ කොටස හෝ ඉතිරි වූ අබැට සතක් පමණ වූ යම් ගල්කැට හෝ දැ යි?
එතදෙව භන්තෙ, බහුතරං හිමවතො පබ්බතරාජස්ස යදිදං පරික්ඛීණං පරියාදින්නං. අප්පමත්තිකා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨා. නෙව සතිමං කලං උපෙන්ති, න සහස්සිමං කලං උපෙන්ති, න සතසහස්සිමං කලං උපෙන්ති, හිමවතො පබ්බතරාජස්ස පරික්ඛීණං පරියාදින්නං උපනිධාය සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨාති.
වහන්ස, හිමවත් පවුරජුගේ යම් මේ ක්ෂය වූ අවසන් වූ කොටසෙක් වේ ද, මෙය ම ඉතා වැඩි ය. ඉතිරි වූ අබැට සතක් පමණ වූ ගල්කැට ඉතා මඳ ය. හිමවත් පවුරජුගේ ක්ෂය වූ, අවසන් වූ කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ අබැට සතක් පමණ වූ ගල්කැට සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.
එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛීණං පරියාදින්නං, අප්පමත්තකං අවසිට්ඨං. නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, න සතසහස්සිමං කලං උපෙති, පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදිදං සත්තක්ඛත්තුං පරමතා. එවං මහත්ථියො ඛො භික්ඛවෙ ධම්මාභිසමයො, එවං මහත්ථියො ධම්මචක්ඛුපටිලාභොති.
මහණෙනි, එසෙයින් ම දහම් අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්ය්යශ්රාවක පුද්ගලයාගේ ක්ෂය වූ අවසන් වූ යම් මේ දුකෙක් වේ ද, එය ම ඉතා වැඩි ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. ක්ෂය වූ අවසන් වූ පළමු දුක් රැස හා සැසඳීමේ දී සත්වරක් ඉපදීම හිම් කොට ඇති යම් මේ දුකෙක් වේ නම් එය සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, ධර්මාවබෝධය එසේ මහත් වැඩ ඇත්තෙකි. දහම් ඇස පිළිලැබීම එසේ මහත් වැඩ ඇත්තෙකි යි.