තතියපබ්බතූපමසුත්තං
1. 10. 11.
1. 10. 11.
තතියපබ්බතූපමසුත්තං
තෙවන පබ්බතුපම සූත්රය
224. සාවත්ථියං–
224. සැවැත්නුවර–
සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො සිනෙරුස්ස පබ්බතරාජස්ස සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිපෙය්ය. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ කතමං නු ඛො බහුතරං යා වා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා, යො වා සිනෙරු පබ්බතරාජාති.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් සිනේරු පවුරජුගේ මුංඇට සතක් පමණ වූ ගල්කැට පසෙක තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි, හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, පසෙක තබන ලද මුංඇට සතක් පමණ වූ යම් ගල්කැට හෝ යම් සිනේරු පවුරජ හෝ දැ යි?
එතදෙව භන්තෙ, බහුතරං යදිදං සිනෙරු පබ්බතරාජා. අප්පමත්තිකා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා. නෙව සතිමං කලං උපෙන්ති, න සහස්සිමං කලං උපෙන්ති, න සතසහස්සිමං කලං උපෙන්ති, සිනෙරුං පබ්බතරාජානං උපනිධාය සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තාති.
වහන්ස, යම් මේ සිනේරු පවුරජෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. පසෙක තබන ලද මුංඇට සතක් පමණ වූ ගල්කැට ඉමඳ ය. සිනේරු පවුරජු හා සැසඳීමේ දී පසෙක තබනලද මුංඇට සතක් පමණ වූ ගල්කැට සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස් වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ.
එවමෙව ඛො භික්ඛවෙ අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අධිගමං උපනිධාය අඤ්ඤතිත්ථියසමණබ්රාහ්මණපරිබ්බාජකානං අධිගමො නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, න සතසහස්සිමං කලං උපෙති. එවං මහාධිගමො භික්ඛවෙ දිට්ඨිසම්පන්නො පුග්ගලො එවං මහාභිඤ්ඤොති.
මහණෙනි, එසෙයින් ම දෘෂ්ටිසම්පන්න ආර්ය්යශ්රාවක පුද්ගලයාගේ අධිගමය හා සැසඳීමේ දී අන්තොටු මහණ බමුණු පිරිවැජ්ජන්ගේ අධිගමය සිය වන කලාවටත් නො ම පැමිණෙයි. දහස් වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ එසේ මහත් අධිගම ඇත්තෙකි. එසේ මහත් අභිඥා ඇත්තෙකි යි.
අභිසමයවග්ගො දසමො.
අභිසමයවර්ගය දසවැනි යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
නඛසිඛා පොක්ඛරණී චෙව සම්භෙජ්ජ උදකෙ දුවෙ, ද්වෙ පඨවී ද්වෙ සමුද්දා තයො ච පබ්බතූපමාති.
නඛසිඛා පොක්ඛරණී සූත්ර දෙක ය, සම්භෙජ්ජ උදක සූත්ර දෙක ය, පඨවි සූත්ර දෙක ය, සමුද්ද සූත්ර දෙක ය, පබ්බතූපම සූත්ර තුණ යැ යි සූත්ර එකොළොසෙකි යි.
අභිසමය සංයුත්තං සමත්තං.
අභිසමයසංයුත්තය නිමියේ ය.
තත්ර වග්ගුද්දානං:
එහි වර්ගනාමාවලිය:
බුද්ධො ආහාරො දසබලො කළාරො ගහපති පඤ්චමො, දුක්ඛවග්ගො මහාවග්ගො අට්ඨමො සමණබ්රාහ්මණො, නවමො’න්තරපෙය්යාලො දසමො’භිසමයො භවෙති.
බුද්ධ , ආහාර, දසබල, කළාරඛත්තිය යි වර්ග සතරෙකි. ගහපතිවර්ගය පස්වැන්න ය. දුක්ඛවර්ගය, මහාවර්ගය යි දෙකෙකි. සමණබ්රාහ්මණවර්ගය අටවැන්න ය. අන්තර පෙය්යාලවර්ගය නවවැන්න ය. අභිසමයවර්ගය දසවැන්න වෙ යි.