ධාතුනානත‍්තසුත‍්තං
2. 1. 1.
2. 1. 1.
ධාතුනානත‍්තසුත‍්තං
ධාතුනානත්ත සූත්‍රය
225. සාවත්‍ථියං–
225. සැවැත්නුවර–
ධාතුනානත‍්තං වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි, තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං, භගවා එතදවොච.
මහණෙනි, තොපට ධාතුනානාත්‍වය දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි යි ඒ භික්‍ෂූහු “වහන්ස එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
කතමඤ‍්ච භික‍්ඛවෙ ධාතුනානත‍්තං? චක‍්ඛුධාතු රූපධාතු චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, සොතධාතු සද‍්දධාතු සොතවිඤ‍්ඤාණධාතු, ඝානධාතු ගන්‍ධධාතු ඝානවිඤ‍්ඤාණධාතු, ජිව‍්හාධාතු රසධාතු ජිව‍්හාවිඤ‍්ඤාණධාතු, කායධාතු ඵොට‍්ඨබ‍්බධාතු කායවිඤ‍්ඤාණධාතු, මනොධාතු ධම‍්මධාතු මනොවිඤ‍්ඤාණධාතු. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධාතුනානත‍්තන‍්ති.
මහණෙනි, ධාතුනානාත්‍වය කිමෙක යත්: චක්ඛුධාතු ය, රූපධාතු ය, චක්ඛුවිඤ්ඤාණධාතු ය, සෝතධාතු ය, සද්දධාතු ය, සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය, ගන්‍ධධාතු ය, ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය, රසධාතු ය, ජීව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය, ඵොට්ඨබ්බධාතු ය, කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඤ්ඤාණධාතු ය යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ යි.
2. 1. 2.
2. 1. 2.
ඵස‍්සනානත‍්තසුත‍්තං
ඵස්සනානත්ත සූත්‍රය
226. සාවත්‍ථියං–
226. සැවැත්නුවර–
ධාතුනානත‍්තං භික‍්ඛවෙ පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං. කතමඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං? චක‍්ඛුධාතු සොතධාතු ඝානධාතු ජිව‍්හාධාතු කායධාතු මනොධාතු. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධාතුනානත‍්තං.
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: චක්ඛුධාතු ය, සෝතධාතු ය, ඝානධාතු ය, ජිව්හාධාතු ය, කායධාතු ය, මනෝධාතු ය යි. මහණෙනි, මෙය ධාතුනානාත්‍ව ය යි කියනු ලැබේ.
කථඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං? චක‍්ඛුධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුසම‍්ඵස‍්සො. සොතධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති සොතසම‍්ඵස‍්සො, ඝාණධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති ඝානසම‍්ඵස‍්සො, ජිව‍්හාධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති ජිව‍්හාසම‍්ඵස‍්සො, කායධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති කායසම‍්ඵස‍්සො, මනොධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති මනොසම‍්ඵස‍්සො. එවං ඛො භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තන‍්ති.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. සෝතධාතුව නිසා සෝතසම්ඵස්සය උපදී. ඝාණධාතුව නිසා ඝාණසම්ඵස්සය උපදී. ජිව්හාධාතුව නිසා ජිව්හාසම්ඵස්සය උපදී. කායධාතුව නිසා කායසම්ඵස්සය උපදී. මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මහණෙනි, මෙසෙයින් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී යි.
2. 1. 3.
2. 1. 3.
නො ඵස‍්සනානත‍්තසුත‍්තං
නො ඵස්සනානත්ත සූත්‍රය
227. සාවත්‍ථියං–
227. සැවැත්නුවර–
ධාතුනානත‍්තං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං, නො ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ධාතුනානත‍්තං.
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී.
කතමඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං? චක‍්ඛුධාතු -පෙ- මනොධාතු. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධාතුනානත‍්තං.
මහණෙනි, ධාතුනානාත්‍වය කවරේද යත්: චක්ඛුධාතු ය ... මනෝධාතු ය යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
කථඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං, නො ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ධාතුනානත‍්තං? චක‍්ඛුධාතුං භික‍්ඛවෙ පටිච‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුසම‍්ඵස‍්සො, නො චක‍්ඛුසම‍්ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුධාතු -පෙ- මනොධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති මනොසම‍්ඵස‍්සො. නො මනොසම‍්ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති මනොධාතු. එවං ඛො භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං. නො ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ධාතුනානත‍්තන‍්ති.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී ද? ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුධාතුව නූපදී … මනෝ ධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මනෝසම්ඵස්සය නිසා මනෝධාතුව නූපදී. මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී යි.
2. 1. 4.
2. 1. 4.
වෙදනානානත‍්තසුත‍්තං
වේදනා සූත්‍රය
228. සාවත්‍ථියං–
228. සැවැත්නුවර–
ධාතුනානත‍්තං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං. ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති වෙදනානානත‍්තං.
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදි.
කතමඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං? චක‍්ඛුධාතු -පෙ- මනොධාතු ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධාතුනානත‍්තං.
මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: චක්ඛුධාතු ය … මනෝ ධාතු යි මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
කථඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං, ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති වෙදනානානත‍්තං? චක‍්ඛුධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුසම‍්ඵස‍්සො. චක‍්ඛුසම‍්ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- මනොධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති මනොසම‍්ඵස‍්සො. මනොසම‍්ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති මනොසම‍්ඵස‍්සජා වෙදනා. එවං ඛො භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං. ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති වෙදනානානත‍්තන‍්ති.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී ද? ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී … මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මනෝසම්ඵස්සය නිසා මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා උපදී. මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී යි.